11/4/14

පශ්චාත් කොස්ලන්ද හෙවත් මිනී විකුණා අරක්කු බීම



කොස්ලන්ද ඛේදවාචකය සිදුවී හමාරය. මේ වන විට වැළලුනු පිරිස කියදැයි කියා හරියට කියා ගන්නට වත්  රජය අපොහොසත් වී සිටියි. තවමත් පස් කදු පීරමින් මිනි සොයාමින් සිටින්නේ මියගිය ගණන මේ යැයි තහවුරු කර පෙන්විමට මෙනි.

තත්වය එසේ තිබියදී  මෙරට සිදුවු සෑම ඛේදවාචයකදීම සිදු කළ ආකාරයට කොස්ලන්දෙන් ජීවත් වන මාධ්‍යකරුවන්  පිරිසක්ද බිහිව සිටියි.වරෙක ඔවුන් ජීවත් වුයේ වාරියපොළ නංගී ගෙන්ය. තවත් වරෙක් රත්නපුරේ බට්ටී ගෙන්ය. මේ වනවිට ඔවුන් සිය බඩකට පුරවා ගනිමින් සිටින්නේ කොස්ලන්දේ මළ සිරුරු වලින්ය.

දශක තුනකට අධික කාලයක් යුද්ධයක් පැවති රටක ජන මනස ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටින බව හැබෑය. සටන්කාමීන් කොළඹ බෝම්බ පුපුරුවද්දී  ඇතැම් රූපවාහිනී නාලිකා සංස්කරණය නොකළ දර්ශණ පෙන්වමින් මිනී මස් විකිණු හැටි තවම මතකය. අපි ඉතිහාසයේ සිට ම්ලේච්ඡ ජාතියක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. විජය රජු ලංකාවට එනවිට මිනී මස් කමින් සිටි  කුවේණිගේ යක්ෂ පරම්පරාවේ අපි තවමත් අමු මිනී මස් වලට ප්‍රිය ජනකය. ආර් ප්‍රේමදාස ආමර් විදීයේදී කුඩු වී යන විට කිරිබත් උයා කන්නේ එම කුවේණි පරපුරේ අපිමය. එමෙන්ම නන්දිකඩාල් කලපුවේ ලේකැටි සමග ප්‍රභාකරන් වැටී සිටිනු දැක රතිඤ්ඤා දල්වා කැවුම් ඉව්වේද මේ අති උදාර ජාතියම ය. තවදුරටත් වාරියා පොල නංගී බඩුවක් කරන්නේද , රත්නපුර බට්ටී සමග පිරිමි නිදාගන්නට ඇත්තේ කෙසේදැයි සිතමින් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ද මේ ජාතියම ය.

8/20/14

වාරියපොල නංගී වීරවරියක්




වාරියපොල දී තරුණියක් තරුණයෙකුට කම්මුල් පාරක් දීම මේ දිනවල රටේ ජාතික මාතෘකාව වී තිබේ.මෙතුවක් කාලයක් හලාල් වලට එරෙහි වන්නට හම්බයින් පතුරු ගහන්නට වෙන්වී තිබු ෆේස් බුක් ඉඩකඩ වාරියපොල නංගී බඩුවක් කිරීම සදහා  නොමසුරුව වෙන් කර ඇත. 

මෙම සිද්ධිය  මගින් රටේ පුරුෂ ප්‍රාණින්ට පුරුෂ භාවය මතක් කර දෙන්නට වාරියපොල නංගී දක්ෂ වී ඇත.එපමණක් නොව මෙම සිදුවීම ටීවී නාලිකාවලට පත්තර වලට වෙබ් වලට කෝටි ගණන් හම්බකරගන්නට සහ  ඒ මුදල් වලින් එවායේ හිමිකරුවන්ට තමන් කැමති ස්ත්‍රියක් මත සිය ආශාවන් පහ කරන්නට අවස්ථාවක් ද වාරියපොල නංගී ලබාදී  තිබේ.

6/25/14

“ අපි මොන වැරැද්දක් කළාට ද? “


 “ මොනා කරන්නද මාත්තයා ජීවිත කාලේ අම්බ කරපු ඔක්කොම ඉවරයි.කවුද ඉතුවේ මේම දෙයක් කරයි කියලා. අපි හරිම ෂාමාකාමී මිනිස්සු මාත්තයා.අපි මේ අලුත්ගම සිංහල මුස්ලිම් කට්ටි ඔක්කොම එකට හිටියේ, කාටත් වෙනසක් තිබ්බේ නෑ ඒ නිසා අපි හීනෙකින්වත් ඉතුවේ නෑ මේම දෙයක් වෙයි කියලා“
අළුත්ගම නගරය ආසන්නයේ වඩේ විකුණන කඩයක් අසල හිදගෙන සිටි වයස්ගත පුද්ගලයෙකු එලෙස පැවසුවේය. ඔහු නිනව්වක් නැතුව ඈත බලාගෙන තවත් කතා කරයි.

“ යුද්දේ ඉවර වුණාම අපි හරි ෂතුටින් හිටියේ මාත්තයා. බෝම්බ පුපුරන්නේ නැති  රටක නිදහසේ අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි ඉතුවේ බය ඉවරයි කියලා“

 මග දෙපස යුද හමුදා සෙබලුන් තුවක්කු රුවාගෙන බලා සිටියි.ඒ අසලින්  දුඹුරු පැහැ බෆල් රථයක් ගමන් ගත්තේය.

“බලන්න මාත්තයා මේක දැන් උතුර වගේ. ඔය තුවක්කු අපි පුරුදු නෑ . ළමයින්ට යන්න ඉස්කෝල හෙට අරිනවලු. ඒත් උන්ගේ පොත් පත් ඇදුම් ඔක්කොම පිච්චිලා ඉවරයි. අපි මොන වැරැද්දක් කළාටද මහත්තයා මේ ?“

2/7/14

මං උඹව හොයනවා












මං තවමත් ඔයාව හොයනවා
බොන වයින් වීදුරුවක් ගානේ
ගෑණියෙක් එක්ක ඇදකට යන වාරයක් ගානේ
උරන උරන සිගරට් එකක් ගානේ
මං තාම උඹව හොයනවා

පත්තර පිටු ගානේ මං උඹේ නම හොයනයවා
පාරේ යන එන වාරයක් ගානේ මං හොයනවා

උඹ මට ආයෙ කවද හරි කොහේ හරි ඉදලා කථාකරයි කියලා
උඹම එදා කිව්ව “ අයිඩියා කන්ද “ බලාගෙන ඉන්නවා .පුළුවන්  නම් කථා කරන්න මගේ පරණ නොම්මරේ වෙනස්  කරලා නෑ



1/27/14

ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?


ගයේෂා, ජින්ජර්, නදීෂා, මල්ෂා, රුවන්ති, හිරුණිකා...මේ  නම් කීපය ගැන තමයි  මේ දවස් වල වැඩි පුරම කථා කරන්නේ. මේ වෙනකොට ලංකාවේ තියෙන හොදම සමීක්ෂණ නියැදිය වන ෆේස් බුක් එක බැලුවහම මෙයාලා ඡන්දේ ඉල්ලන එක හොදයි කියලා එක post එකක් වත් නෑ. ඒ කියන්නේ රටේම තියෙන්නේ පට්ට විරෝධයක්. බිකිනි පිංතූර අඩ නිරුවත් පිංතූර එක්ක පක්ෂ පාට ලාංඡන දාලා විවිධ නිර්මාණ ශීලි දේවල් මේ දවස් වල අම්බානක Share වෙනවා.

 මේ ගැන ඇහුවම ගොඩාක් අය අහන්නේ “ මුං මොනාද Politics ගැන දන්නේ “කියලා.හරි ඒක එහෙමෙනම් අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් පළාත් සභාවට ඉදිරිපත් කරල ඉන්න,කරන්න යන, (නිළියන් නොවන) අනික් මැති ඇමති පුතාලා, සහෝදරයෝ මුන් ඔක්කොම  Politics දන්නවද කියලා.එහෙම බැලුවම ඒ ප්‍රශ්නය තාර්කික නෑ.“ පළාත් සභාව කියන්නේ ඇමති පුතාලගේ මොන්ටිසෝරිය“ මෙහෙම කිව්වේ ටිල්වින් සිල්වා.ඒක ඇත්ත පහුගිය වයඹ මධ්‍යම ඇතුළු සමස්ත පළාත් සභා මැතිවරණ වලදී ඇමති පුත්තු, සහෝදරයෝ කොයි තරම් පළාත් සභාවට රිංගුවද තාත්තගේ, අයියගේ මල්ලිගේ බලේ පෙන්නලා .ඔවුන් එහෙම ප්‍රවේණිය හොයාගෙන යනව නම්  පළාත් සභාව කියන්නේ අම්මගේ අප්පාගේ බුදලයක් නෙවෙයි කියල පෙන්නන්න  නිළියෝ ටිකක් රිංගුවාම තියෙන වැරැද්ද මොකක්ද? 


10/28/13

ගයේෂා..උඹ ගැන ආඩම්බරයි

 සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිලෙන මාළුවෝ “චිත්‍රපටිය තහනම් කළාට මේ වෙනකොට ඒක ලංකාවෙන් භාගයක් විතර බලල ඉවරයි.ඕක එලියට දැම්මනම් ඒ තරම් පිරිසක් ඕක බලන එකක් නෑ ඒක හොදටම ෂුවර්.එත් අර තහනම් කරපු නිසා, තහනම් කලේ ගයේෂාට ගහන සීන් එකක් තියෙන බව කියලා කනින් කොනින් ආරංචි වුන නිසා ගොඩාක් උන් මේක පෙරලගෙන බැලුවා.

මට මේ film එක ආවේ  අපේ ඔෆිස් එකේ  තේ හදන කොල්ලගෙන්. ඕක ඒ වෙලාවේ  copy කරගත්තට ඇත්තටම බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඒත් මේ ළගදි දවසක කම්මැලිකම නිසාම ඕක බැලුවා..

10/15/13

දෙදරු මව කීනවලදී කෝච්චියට තල්ලු කරලා

රනිල්, කටුනායක අධිවේගී පාර,  CHOGM එක, TNA එකේ අවුල මේ වගේ හරිම boring දවස් කීපයක් ගතවෙමින් තියෙද්දි එකපාරටම පට්ට feel වෙන සිද්ධියක් වුණා වේයන්ගොඩදී.ඒ පෙර පාසැල් ගුරුවරියක් වුණ අම්ම කෙනෙක් දරු දෙන්නත් එක්ක කෝච්චියට පණිනවා.මේ සිද්ධිය අහපු  දැකපු ගොඩාක් අය කිව්වේ මෙහෙම

“මහ කාලකන්ණි ගෑණියක්“
“යකො අර කිරි සප්පයො දෙන්න මොන වරදක් කලාටද“
“මැරෙන්න ඕනෙම නම් තනියම මැරෙන්න තිබුණනේ“
“පිස්සු ගෑණියෙක්“

අර ජීවත්වෙන්න වාසානාව ලැබුන පුංචි එකා කියන විදිහට මේක හරියට අර ෆිල්ම් එකක කතාවක් වගේ  අම්මා අතේ  ලියුමක් තියෙනවා “මුසල රෑක“ කියලා පටන් ගත්ත, අම්ම දරු දෙන්න එක්ක එනවා ඇවිල්ලා දරුවන්ට කඩෙන් කන්න බොන්න අරං දෙනවා, බස් එකේ එනවා , කෝච්වියේ එනවා, සෙනග අඩු කීනවලදී බහිනවා, ලොකු දුවට පනිමු කියනවා ලොකු දුව බෑ කියනවා,  කෝච්චි 3කටම පනින්න try කරලා හතරවෙනි එකටද කෙහෙද පනිනවා. ලොකු දරුවා අත අතෑරල දුවල පණ බේර ගන්නවා.

4/6/13

සාදු ! ගමුද පොඩි Thrill එකක්




සිංහලයා කොහොමත් කම්මැලියෙකි.සිංහලයා පැවත එන බව කියැවෙන සිංහයාද අමු කම්මැලි සතෙකි.සිංහධේනුව විසින් දඩයම් කර දෙන අහාර අනුභව කරන සිංහයා දවස පුරාම බුදියයි.එහෙව් ගති ලක්ෂන සිංහලයා තුළද පෙන්නුම් කරන බවට උදාහරණ රැසක් පවතී.

නමුත් ඒ කාරණාව පැහැදිලි කිරීමට වඩා මේ මොහොත තුළ වඩා ඉස්මතුවන අනෙක් කරුණ විමසා බැලිය යුතුය.මන්ද මේ වන විට අන කවර කාලයකටත් වඩා ජාතිමාමකත්වය ඔද වැඩී ගොස් ඇති නිසාය.

1/3/13

ඇයි ශිරාණි විතරද සියඹලා ගෙනාවේ?



එක් පුද්ගලයෙකු සියඹලා ගෝණියක දමා වෙළදපලට ගෙනයන්නේ අලවි කිරීම සදහාය.නමුත් කපටි වෙළෙන්දා එම සියඹලා ගෝනිය කිරා බලා මෙසේ කියයි “මේ සියඹලාවල බර කිලෝ දෙකක් වුණාට මේකේ ඇටවල බර කිලෝ එකකටත් වැඩියි උන්නැහේ.ඊට පස්සේ මේ ගෝනියේ බරට අඩුකළාම ඔහෙට මේ ගානවත් දෙන්න විදිහක් නෑ.ඒ වුනාට කමක් නෑ හිස් අතින් යවන්න බෑනේ ඔන්න ඔහේ මේක තියාගන්නවා “ යැයි කියා සුළු මුදලක් ගෙවියා අත තබයි.මෙය ඇසූ ගොවියා “ඇටවලට කිලෝවයි ඉතුරු ටික ගෝනියට එතකොට මං සියඹලා ගෙනල්ලම නැද්ද?“යනුවෙන් අසයි

11/9/12

ආගමික ත්‍රස්තවාදය



ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක් වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම සුරැකීමේ සටනට එලැඹ සිටීයි.

10/7/12

තරගය වෙනස් කළ “ම“ යන්න



  පහුගිය අවුරුදු 5 තුල සිව්වන වරටත් ලෝක ශුරයින් වීමට ලද අවස්ථාවක් ගිලිහී ගියේය. මෙම තරගය පිළිබදව තීරණාත්මක “ම“ අකුරු කීපයක්  තිබේ.එක්කෙනෙක් මහින්දය.අනික් “ම“ යනු අතර මහේල ,මාලිංග සහ මාලන් සැමුවෙල්ස් වෙයි.මේ “ම“ යනු අතරින් වැඩි දෙනෙක් බනින්නේ මහින්දටය.පිටියේ ක්‍රීඩා කලවුන්ට වඩා පරාජයට වග කිව යුත්තේ මහින්ද ද? මහින්ද තරගය නරඹන දර්ශනය රූපවාහිනියේ නොපෙන්නුවේ නම් මේ සියලු චෝදනා මහේල හෝ මාලිංග වෙත එල්ලවෙයි.

9/28/12

“අහෝ මාලිනී“


 “අහෝ මාලිනී“ - මාලනී ෆෝන්සේකා රගපෑ නවතම චිත්‍රපටයයි.අධ්‍යක්ෂවරයා හෙළි දරව් කිරීමට අපහසු මෙම චිත්‍රපටයේ රූගත කිරීම් තවම සිදුවෙමින් පවතී.මාලනී මීට පෙර රගපෑ අනෙකුත් සියලු චිත්‍රපට වලට වඩා මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙහි රූගත කරන ජවනිකාවෙන් ජවනිකාව තිරගත වීමයි.

9/23/12

මහා පොත් මංකොල්ලය


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට පැමිණි විදේශීය මාධ්‍ය මිතුරන් කිහිප එක්ක නිදහස් චතුරස්‍රයට ගොස් බෞද්ධාලෝක මාවත දෙසට එන අතර  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආශ්‍රිතව සිටින සෙනග දුටු විදේශීය මිතුරන් ඒ ගැන විමසීය.

9/18/12

විල්සන්ගේ බටහිර සෙක්ස්



 ස්වාසිලන්තයේ රජු පිලිබදව උපන් ඊර්ශ්‍යාෙවන් පෙළුණු මුළු මහත් ධර්මද්වීපයටම පසුගියදා සිය ප්‍රමෝදය දේශීයකරණය කරගන්නට අවස්ථාවක් උදාවිය.ඒ අගනා අවස්ථාව උදාකර දුන්නේ මහළු නිතිඥයෙකි.මාස කීපයක් තරුණියක් සමග සහවාසය කරමින් අවසානයේ මරණය උරුම කරගත් මෙම  නිතිඥයා

8/17/12

සුගත්ට miss වුන ධම්මිගේ Feelings

“දම්මි සුගත්ව ඇන්දෙව්වා“
 “පවු සුගත්“
“ගෑනු ඔහොමම තමයි“

මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න Comments.මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම

8/6/12

Human Business එක

නිමල් ලක්ෂපතිආරච්චි ගැන මාර දේවල් මේ දවස්වල ලියවෙනවා.නිමල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුව පතුරු ගහපු පලු පැලෙන්න බැනපු උන් පවා නිමල් ගැන දෙන්නේ පට්ට ටෝක්ස්.නිමල්ට වෙලා තියෙන්නෙත් ජෝතිපාලට වුන දේ මැරුණට පස්සේ තමයි ජීවත් කරවන්න හදන්නේ.

7/19/12

කවුද Real Star?

රණවිරු රියල් ස්ටාර් තරගයෙන් අයෝමි නදීෂා දිනුවා.පට්ටයි මාර දක්ෂයි.කෙල්ල මරුවට  sing කලා වගේ කථා ඇහුණා. මේ අතරේ වව්නියාව බන්ධනාගාරේ හිටපු එල් ටී ටී ඊ රැදවියෙක් වුන නිමල රූබන් කොළඹට ගෙනෙද්දි හදිසියේ මැරෙණවා.

6/13/12

සියුමැළි කළුගල් සහ පාල අන්කල්

“මේ තරම් සියුමැලිද කළුගල්“  යන ගීය මා අසා තිබුනේ නැත.නමුත් පුවත්පතක එම ගීය පිලිබද ලියවුන සටහනක් අහම්බයකින් කියවන්නට ලැබුණී.පසුව  youtube පීරා ගීතය සොයා ඇසුවෙමි.

6/10/12

සංස්කෘතිය කකුල් දෙක මැද


Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ  “මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ දෙන්නෙක් කථා කරනවා

“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“
ya why not අර දුමින්දගේ එකක්ලු නේද ?“
“ඔව් ඔව් ඒකේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන් මචං..අයියෝ..එක විකාරයක්“
“ඒක මචං දැන් trend එකක්නේ  එක  channel එකක අදිනවට වැඩිය කොටට තව channel එකක අදිනවා ඊට වැඩිය පෙන්නලා තව එකක අදිනවා.“
“ඒ කියන්නේ පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“
yaa මචං සිරාවට“

4/19/12

හිරුණිකාගේ arrears එක


"ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට සාධාරණයක් ඉටුවෙනකංඑහෙම නැතිවුණොත් මේ ඔක්කොම කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."

මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අධිකරණ භූමියේදී ඡායාරූප පෙන්වමින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.මේ ප්‍රකාශය ගැන වඩාත්ම ප්‍රමෝදයට පත්වන්නන් අතර බහුතරයක් ඉන්නේ භාරත හිතවාදීන්ට වඩා මහින්ද විරෝධීන්ය.ඒ අය හිරුණිකාව අගය  කරන්නේ භාරතට ඇති ලෙන්ගතුකම නිසා නොව මහින්දට විරෝධය පෑ යුතු නිසාය.මෙම තත්වය තවම හිරුණිකාට වැටහී නැත්ද නැතිනම් වැටහුනේ නැති ගාණට සිටින්නේ දැයි යන්න වෙනම කාරණයකි.කෙසේ වෙතත් විමර්ශනාත්මකව ගත් විට හිරුණිකාට ඇත්තේ arrears එකක් cover කරගැනීමේ අරමුණයි.ඒ තම පියා මැරූ පළීය ගැනීමේ නොතිත් වුවමනාවයි.