4/6/13

සාදු ! ගමුද පොඩි Thrill එකක්




සිංහලයා කොහොමත් කම්මැලියෙකි.සිංහලයා පැවත එන බව කියැවෙන සිංහයාද අමු කම්මැලි සතෙකි.සිංහධේනුව විසින් දඩයම් කර දෙන අහාර අනුභව කරන සිංහයා දවස පුරාම බුදියයි.එහෙව් ගති ලක්ෂන සිංහලයා තුළද පෙන්නුම් කරන බවට උදාහරණ රැසක් පවතී.

නමුත් ඒ කාරණාව පැහැදිලි කිරීමට වඩා මේ මොහොත තුළ වඩා ඉස්මතුවන අනෙක් කරුණ විමසා බැලිය යුතුය.මන්ද මේ වන විට අන කවර කාලයකටත් වඩා ජාතිමාමකත්වය ඔද වැඩී ගොස් ඇති නිසාය.