සිතුවිලි

 "ගිය සතියේ බදුල්ලේ ගිහින් ආවේ හොදටම හිත අවුල් කරගෙන.මම හීනෙකින් වත් හිතුවෙ නෑ මේ තරම් හිත රිදෙයි කියලා.දෝව පන්සල ලග තිබුනේ පුදුමාකාර ශාන්ත බවක්.ඒත් ඒශාන්ත බව මාව හෝදටම අවුල් කළා.,“පොද වැස්සක් වැස්සනම්“ කියල හිත කිව්වා.දෝව පන්සල ලග ඉදල කුඹල්වෙල හන්දියට කොච්චර දුරද වංගු කීයද කියලා එදා දැනුනේ නෑ ඔයත් එක්ක ඇවිදගෙන ගිය නිසා.ඒත් වාහනේ ගිහිල්ලත් මට ඒක මහ දුරක් වගේ දැනුනා.මම දන්නවා ඔයාට බ්ලොග් එකක මෙහෙම ලියවෙනවා කියන එකත් හිතාගන්න අමාරුවෙයි.ඔයාට මේක කියවගන්න බෑ ඒක මම දන්නවා.එත් මට මේ දුක ලියල ඉවර කරගන්න ඕනේ.,
-අරා2012/5/28


  “උඹේ ෆැන්ටසිය ඉවර වෙන්නේ අදද හෙටද අනිද්දාද කියලා මට වැඩක් නෑ.ඒත් මට හිතාගන්න බැරි මේච්චර සිරා තැනකින් ජීවිතේ ගැන හිතන උඹ මේ ෆැන්ටසියට කොටු වුනේ කොහොමද?ඇත්තමයි මේක මට තවත් හිතාගන්න බෑ.මේකද උඹේ Reality එක...“


මගේ ජීවිතේ කාටවත් කොටුවක හිර කරන්න බෑ.මට වගේම ඕන තැනක නවතින කොටුවෙන හෝ නොවෙන ඒ අයිතිය මට වගේම උඹටත් තියෙනවා.එක් කාටවත් කවදාවත් උදුරගන්න බෑ.විවාහය,ආදරය,ලිංගික සබදතා සහ තව බැදීම් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය Tools  කිහිපයක් මිසක් ජීවිතේ නෙවෙයි.“
-අරා 2011/12/01-