4/9/11

“පොර“ ගේ “බඩු“ ගැහිල්ල



ඉදලා ඉදලා මටත් මාර මරාල කඩාගෙන වැටෙනවා.මට කිසිම දෙයක් හිතාගන්න දරාගන්න බැරුව යනවා.ඔළුව හැරුණු අතේ ගිහිං නැතිවෙන්න හිතෙනවා.මීඩියා වල පොරක් කියලා හිතාගෙන බුවෙක් ළගදි දවසක රෑ තවත් සෙට් එකක් එක්ක අඩියක් ගහනකොට මාර නයා පාරක් ඇරලා.ඌ ඇරපු නයා පාරේ මාත් කොණක චරිතයක් වෙලා.සුද්ද සිංහලෙන්ම කිව්වොත් මමත් උන්ගේ පාටියේ මධුවිත අතරේ බයිට් එකක් වෙලා.මෙවා අරුම පුදුම අද ඊයේ වුන සිද්ධී නෙවෙයි.සමහර පිරිමි තමන් මාර පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“ “උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි පොරවල් වෙන්නේ.
සමහර විට ඒ තැන් වලදි  කියවෙන සමහර කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත් කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින් ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම ගෙදර බත් කන්නේ“
ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත් පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට් වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“
පිරිමියා “පොර “වීමේත්  ගැහැනිය “බඩුව“ වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක් ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට දෙයක් ඇත.

උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ බඩුවකි
උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි
නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි
උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ ඒ බඩුවයි
රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත රකින්නේ ඒ වේසියයි

සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත් උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට කෑල්ල වේසිය බඩුව වන හෙයිනි.
-රමේෂා -

4/5/11

උඹ ඉදිරියේ මම



මාව ටිකින් ටික හිස් වෙනකොට උඹ මාව පිරෙව්වා.මගේ ඇස් වලින් කදුළු බේරෙන්න බේරෙන්න උඹ මට හිනාවෙන්න ඉගැන්නුවා.මං වියරු වැටෙනකොට උඹ ඇවිත් කිව්වා වියරුව යනකල් උඹව කපලා කපලා දාන්න කියලා.නිල් පාටයි කොළ පාටයි අදුරගන්න බැරිවෙලා මාව අවුල් වෙනකොට උඹ මාව මුද ළගට ගෙනිහිල්ලා ඇහුවා මුද නිල් පාටද කොළ පාටද කියලා.මට උත්තර දිගන්න බැරි වෙනකොට උඹ කිව්වා ඒකට උත්තර හොයන්න එපා මුදටවත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියලා.හිතට රොමැන්ටික් වෙන්න හිතුනම උඹ හිස් පිටුවක් වෙලා මට කිව්වා ඇති වෙනකල් කවි ලියපං කියලා.අද උඹයි උඹයි උඹයි උඹයි උඹයි නැතුව මාව හිස් වෙලා.කදුළු වලින් මාව වැහිලා.වියරුවෙන් ගැහෙනවා.නිල් පාටයි කොළ පාටයි තියා මට මාව අදුරගන්නත් බැරි වෙලා.රොමැන්ටික් මාව අත්හැරල ගිහිං.පෑන තරහවෙලා.ඇත්තටම මම කවුද?ඒ කියන්නේ මා හිස් වුනේ උඹට පුරවන්න.මම ඇඩුවේ උඹට මට හිනාවෙන්න උගන්නන්න.මම වියරු වැටුනේ උඹට මගේ සැනසීම වෙන්න.මම අවුල් වුනේ උඹට මට කියලා දෙන්න.මම රොමැන්ටික් වුනේ උඹේ හිස් පිටු කවියෙන් පුරවන්න.මම ජිවත් වෙලා තිබුනේ උඹේ හිස්තැන් පුරවන්න.අන්තිමේදි බලනකොට මම උඹේ ගැලවුම වෙලා.

-රමේෂා-

4/1/11

තවමත් අපි හෙළුවෙන්


ලංකාවේ ගොඩක් දෙනෙක් මැච් බලන්නේ අපි දිනනව බලන්න.එහෙම  ක්‍රිකට් බලල වැඩක් නෑ.ඒක හරි දූපත්වාසී සිතුවිල්ලක්.එදා ශ්‍රිලංකා නවසිලන්ත මැච් එකේදි ඩිල්ශාන් හය හතර ගහනකොට අත්පුඩි ගහපු නවසීලන්ත කාරයෝ හිටියා.මාලිංගයි මෙන්ඩිසුයි විකට් ගනිද්දිත් ඔවුන් අත්පුඩි ගැහුවා.ඒත් ස්ටයිරිස් හාෆ් සෙන්චරිය දාල මුලු ක්‍රිඩාගාරයට බැට් එක උස්සලා ආචාර කළා. කවුරුත් අත්පුඩි ගැහුවේ නෑ.මේක ආසියානු රටවල පොදු තත්වයක්.මේක හරි ගෝත්‍රික තත්වයක්.අපි වනචාරී යුගයේ ප්‍රතිවාදියා මැරෙන තුරු පහර දෙනවා.නමුත් දැන් එහෙම නෑ.ඒ සිතුවිලි සහ ආකල්ප වලින් මිනිසා දියුණු නිසා.එතකොට ස්ටයිරිස්ට අත්පුඩි නොගහ ශ්‍රීලාංකිකයෝ කේන්තියෙන් ඉන්න අතරේ නවසීලන්ත කාරයෝ ඩිල්ෂාන්ට අත්පුඩි ගහනවා.

මේ ජීවිතේ ඇතුලේ කිසිම ගේමක් සදාකාලික නෑ.මීට වැඩිය ගේම් කාරයෝ අද ලංකාවේ ජනතාව අන්දගෙන ඉන්නේ.ජාතිවාදි,දැඩි ත්‍රස්ත විරෝධී ආන්ඩුවක ඇමති වරයෙක් වෙන්න,ඒ ආන්ඩුවේ ප්‍රබලයෙක් වෙන්න ත්‍රස්ත කල්ලියක සන්නද්ධ ප්‍රධානියෙක් වෙලා හිටපු කෙනෙකුට පුළුවන් නම්,හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අය පවා මරාදාපු කල්ලිවල ප්‍රධාන පෙලේ සාමාජිකයන්ට ඒ අත්වලින්ම රණවිරුවන්ට මානෙල් මල් පළන්දන්න පුළුවන් නම්,එදා මානව හිමිකම් වෙනුවෙන් දාඩිය දාගෙන උගුර ලේ රහ වෙනකල් කෑගහපු නායකයින්ට අද මානව හිමිකම් අමතක වෙලා නම් ඇයි අපි තවත් ඇන්දිලා ඉන්නේ.

එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන දියුණු මිනිස්සු විදිහට යථාර්තය පිළීගන්න.වාසි වුනත් අවාසි වුනත් ඒකට අවනත වෙන්න.දෝනි මුරලිට හයක් ගහන කොට අත්පුඩි ගහන්න.ටෙන්ඩුල්කාර් ෆිෆ්ටි අප් කරනකොට චියර් කරන්න.ක්‍රිඩාවේ ජය පරාජය සම සිතින් පිලිගන්න පුළුවන් ආකල්ප අතින් දියුණූ මිනිස්සුන්ට විතරයි.ක්‍රිකට් කියන්නේ තරගයක් මේ තරගෙදි එකම එක තත්පරයක් ඇති තරගෙම වෙනස් කරන්න.දිනන්නේ සාපේක්ෂව ඒ වෙලාවේ දස්කම් දකවන කණ්ඩායම විතරයි.අපි තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි.කවුරු කප් එක ගත්තත් අපිට බලන්න අවශ්‍ය වෙන්නේ හොද තරගයක් විතරයි.