11/9/12

ආගමික ත්‍රස්තවාදය



ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක් වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම සුරැකීමේ සටනට එලැඹ සිටීයි.

10/7/12

තරගය වෙනස් කළ “ම“ යන්න



  පහුගිය අවුරුදු 5 තුල සිව්වන වරටත් ලෝක ශුරයින් වීමට ලද අවස්ථාවක් ගිලිහී ගියේය. මෙම තරගය පිළිබදව තීරණාත්මක “ම“ අකුරු කීපයක්  තිබේ.එක්කෙනෙක් මහින්දය.අනික් “ම“ යනු අතර මහේල ,මාලිංග සහ මාලන් සැමුවෙල්ස් වෙයි.මේ “ම“ යනු අතරින් වැඩි දෙනෙක් බනින්නේ මහින්දටය.පිටියේ ක්‍රීඩා කලවුන්ට වඩා පරාජයට වග කිව යුත්තේ මහින්ද ද? මහින්ද තරගය නරඹන දර්ශනය රූපවාහිනියේ නොපෙන්නුවේ නම් මේ සියලු චෝදනා මහේල හෝ මාලිංග වෙත එල්ලවෙයි.

9/28/12

“අහෝ මාලිනී“


 “අහෝ මාලිනී“ - මාලනී ෆෝන්සේකා රගපෑ නවතම චිත්‍රපටයයි.අධ්‍යක්ෂවරයා හෙළි දරව් කිරීමට අපහසු මෙම චිත්‍රපටයේ රූගත කිරීම් තවම සිදුවෙමින් පවතී.මාලනී මීට පෙර රගපෑ අනෙකුත් සියලු චිත්‍රපට වලට වඩා මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙහි රූගත කරන ජවනිකාවෙන් ජවනිකාව තිරගත වීමයි.

9/23/12

මහා පොත් මංකොල්ලය


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට පැමිණි විදේශීය මාධ්‍ය මිතුරන් කිහිප එක්ක නිදහස් චතුරස්‍රයට ගොස් බෞද්ධාලෝක මාවත දෙසට එන අතර  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආශ්‍රිතව සිටින සෙනග දුටු විදේශීය මිතුරන් ඒ ගැන විමසීය.

9/18/12

විල්සන්ගේ බටහිර සෙක්ස්



 ස්වාසිලන්තයේ රජු පිලිබදව උපන් ඊර්ශ්‍යාෙවන් පෙළුණු මුළු මහත් ධර්මද්වීපයටම පසුගියදා සිය ප්‍රමෝදය දේශීයකරණය කරගන්නට අවස්ථාවක් උදාවිය.ඒ අගනා අවස්ථාව උදාකර දුන්නේ මහළු නිතිඥයෙකි.මාස කීපයක් තරුණියක් සමග සහවාසය කරමින් අවසානයේ මරණය උරුම කරගත් මෙම  නිතිඥයා

8/17/12

සුගත්ට miss වුන ධම්මිගේ Feelings

“දම්මි සුගත්ව ඇන්දෙව්වා“
 “පවු සුගත්“
“ගෑනු ඔහොමම තමයි“

මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න Comments.මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම

8/6/12

Human Business එක

නිමල් ලක්ෂපතිආරච්චි ගැන මාර දේවල් මේ දවස්වල ලියවෙනවා.නිමල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුව පතුරු ගහපු පලු පැලෙන්න බැනපු උන් පවා නිමල් ගැන දෙන්නේ පට්ට ටෝක්ස්.නිමල්ට වෙලා තියෙන්නෙත් ජෝතිපාලට වුන දේ මැරුණට පස්සේ තමයි ජීවත් කරවන්න හදන්නේ.

7/19/12

කවුද Real Star?

රණවිරු රියල් ස්ටාර් තරගයෙන් අයෝමි නදීෂා දිනුවා.පට්ටයි මාර දක්ෂයි.කෙල්ල මරුවට  sing කලා වගේ කථා ඇහුණා. මේ අතරේ වව්නියාව බන්ධනාගාරේ හිටපු එල් ටී ටී ඊ රැදවියෙක් වුන නිමල රූබන් කොළඹට ගෙනෙද්දි හදිසියේ මැරෙණවා.

6/13/12

සියුමැළි කළුගල් සහ පාල අන්කල්

“මේ තරම් සියුමැලිද කළුගල්“  යන ගීය මා අසා තිබුනේ නැත.නමුත් පුවත්පතක එම ගීය පිලිබද ලියවුන සටහනක් අහම්බයකින් කියවන්නට ලැබුණී.පසුව  youtube පීරා ගීතය සොයා ඇසුවෙමි.

6/10/12

සංස්කෘතිය කකුල් දෙක මැද


Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ  “මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ දෙන්නෙක් කථා කරනවා

“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“
ya why not අර දුමින්දගේ එකක්ලු නේද ?“
“ඔව් ඔව් ඒකේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන් මචං..අයියෝ..එක විකාරයක්“
“ඒක මචං දැන් trend එකක්නේ  එක  channel එකක අදිනවට වැඩිය කොටට තව channel එකක අදිනවා ඊට වැඩිය පෙන්නලා තව එකක අදිනවා.“
“ඒ කියන්නේ පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“
yaa මචං සිරාවට“

4/19/12

හිරුණිකාගේ arrears එක


"ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට සාධාරණයක් ඉටුවෙනකංඑහෙම නැතිවුණොත් මේ ඔක්කොම කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."

මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අධිකරණ භූමියේදී ඡායාරූප පෙන්වමින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.මේ ප්‍රකාශය ගැන වඩාත්ම ප්‍රමෝදයට පත්වන්නන් අතර බහුතරයක් ඉන්නේ භාරත හිතවාදීන්ට වඩා මහින්ද විරෝධීන්ය.ඒ අය හිරුණිකාව අගය  කරන්නේ භාරතට ඇති ලෙන්ගතුකම නිසා නොව මහින්දට විරෝධය පෑ යුතු නිසාය.මෙම තත්වය තවම හිරුණිකාට වැටහී නැත්ද නැතිනම් වැටහුනේ නැති ගාණට සිටින්නේ දැයි යන්න වෙනම කාරණයකි.කෙසේ වෙතත් විමර්ශනාත්මකව ගත් විට හිරුණිකාට ඇත්තේ arrears එකක් cover කරගැනීමේ අරමුණයි.ඒ තම පියා මැරූ පළීය ගැනීමේ නොතිත් වුවමනාවයි.

4/11/12

අළුත් අවුරුද්ද ගොඩ යන්න



අවුරුද්ද ඇවිල්ලා පුරුදු TV කේන්දර කාරයො ටික ආයෙත් පලාඵල කියන්න අරං.අපලයි සුබයි මිශ්‍ර ඵල යි නොයෙකුත් දේවල්.එක එකා එක එක විදිහට කියනවා.අර චැනෙල් එකේ හොදයි කියන ලග්නෙට මේ චැනෙල් එකේ හොද නෑ.

එක එක පාට රෙදි පෙරවගෙන ලැප්ටොප් අරං ටක් ගාල සොෆ්ට්වෙයාර් එකෙන් පලාඵල කියන මිනිස්සු වැහි වැහැලා.මේ ගැන වරක් තස්ලිමා නස්රීන් ලිව්වා.අව සංවර්ධිත රටවල මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය හීන වෙනෙකොට විවිධ අන්ධ විශ්වාසයන් හරි පහසුවෙන් ඔලු ඇතුලට රිංගනවා කියලා.ඇත්ත මෙතන තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි ආත්ම විශ්වාසයක් නැතිකම.තමන්ගේ ඊලග තත්පරය ගැන තමන්ට බයයි.අභියෝග වලට බයයි.මේකයි ඇත්ත.මෙච්චර වටින ජිවිතයක් ඔලුවක් ලැබිලත් අපි ඊළග මිනිත්තුවට ලෑස්ති නෑ.

2/16/12

ඇන්තනි,රොෂේන් සහ රාගම කිඹුලා



රාගම මහ කිඹුලා මිනිස්සු එකතුවෙලා මරලා දැම්මා.වරද මිනී කෑම.මෙතන දි ප්‍රශ්නේ තියෙන්නේ කිඹුලා කාගෙවත් ගෙදරකට බලහත්කාරයෙන් කඩා වැදිලා මිනිහෙක්ව අල්ලගෙන කෑවේ නෑ.ඌ එදිනෙදා ජීවත්වෙන කෑම සපයාගන්නා පරිසරයට ගිය මිනිහෙක්ව තමයි කිඹුලා තමන්ගේ කුසගින්න නිවා ගන්න  යොදාගන්නේ.

කොහොම වුනත් මිනී කෑමේ වරදට සාහසික විදිහට මරලා දැම්ම රාගම කිඹුලාගේ දිග අඩි 19 (ලෝකේ ඉන්න දිගම කිඹුලාගේ දිග අඩි 21 යි) එතකොට රාගම කිඹුලගේ බර කිලෝ 900 යි (ලෝකේ ඉන්න ලොකුම කිඹුලගේ බරත් කිලෝ 1000 යි) ඉතිං ඒ තරම් සද්දන්තයෙක් මරලා දාන්න හේතුව මිනී මරපු එක.


එහෙම ඒ විදිහට අරගෙන බැලුවම ඊයේ හලාවත ධීවර විරෝධතාවයෙදි  අමු අමුවෙම වෙඩි තියල ඇන්තනිව මරලා දැම්මා.මීට කලින් කටුනායකදි රෝෂේන් චානුකව මරලා දැම්මා.මේ දෙන්නම මැරුනේ අර කිඹුලාට බිලිවුන මිනිහා වගේ කිඹුලාගේ පරිසරයට ගිහිල්ලා නෙවෙයි.අසාධාරණයට එරෙහිව හඩ නගන්න ගිහිල්ලා.

2/13/12

වැලන්ටයින් පරක්කුයි


ඊයේ එන්න හිටියේ
බස් තිබුනේ නැති  නිසා
එන්න විදිහක් තිබිල නෑ
අද එයිද දන්නේ නෑ
මොකද වෙන් කරපු Budget එකට
වැඩිවුන බස් ගාස්තුව දරන්න බෑලු

මලා..
වැලන්ටයින් එනකල් හිටියොත්
මෙදා පාරත් වෙන එකෙක් මට කලින් මලක් දෙයි

එත් දැන් Natural මලක් කීයද?
‍පෙට්‍රල් ලීටර් කීයක්ද?

2/3/12

නපුංසක නිදහස


ඇත්තටම අපි නිදහස්ද? 64 වන ජාතික නිදහස් දිනය මහ ඉහළින් සැමරෙන මේ මොහොතේ මේ ගැන තවත් වරක් සිතාබැලිය යුතුව පවතී.අද අපි නිදහස දිනාගත් බව කියමින් උදම් අනමින් සිටිමු.සැබැ ලෙසම නිදහස දිනා ගැනීම සදහා සටන් කළෝ කවරහුද?එංගලන්තයේ ඉගෙනගෙන කළු සුද්දන්ගේ පරම්පරාවේ උන් බලයට කෑදරකමින් මෙරට නිදහස වෙනුවෙන් පෙනී සිටියා පමණි.අප දිනාගත් නිදහසක් නැත.සුද්දා අපිව නිදහස් කළේද නැත.අතහැර දැමුවේය.

අපිට නිදහස ලැබෙන්නේ 1948 දීය.නමුත් ඉන්දියාව අපට වසරකට පෙර එනම් 1947 දී සියලු ජාතීන් එක්වු සැබැ පොදු ජන අරගලයකින් නිදහස දිනා ගත්තේය.ඉන්දියාව අහිමි වූ පසු ලංකාවෙන් වැඩක් නැති බව සිතූ සුද්දා අපිව අතහැර දැමුවේය.සුද්දාට අවශ්‍ය වුයේ තම ඉන්දිය බලයට බලපෑම් එල්ලවිය ඇකි එකම අවස්ථාව වලක්වා ගැනීමටයි.එම නිසා සුද්දාට ඉන්දියාව අහිමි වූ පසු ශ්‍රීලංකාවෙන් ගත යුතු කජ්ජක් නොවීය.මෙරට වැවු තේ කුරුදු කෝපි වලින් ලද ආදායම මෙන් සියක් ගුණයක ආදායමක් ඉන්දියාවෙන් සුද්දා ලැබීය.

සියල්ල අවසානයේදී සුද්දා මෙරට අත්හැර දැමුවේ සරුසාරව වැවු තේ වගාවන්,දුම්රිය මාර්ග,කදුකර මාර්ග ආදී සියල්ලද සමගිනි.සුද්දා නොවන්නට අපි තවමත් උඩරට දුම්රිය මාර්ගය හදමින් සිටිමු.එසේ නම් කුමන් හෝ චීන සමාගමකට එම කොන්ත්‍රාත්තුවද පවරා,කොහෙන් හෝ ණය ගෙන එහි කොමිස් මුදල ගෙන සුපිරි දිවියක් ගතකරන පිරිසක්ද මෙරට බිහිවීම වැලැක්විය නොහැකිය.චීන්නුන් ගෙන් ණයට ගන්නා මුදල් වලින් කෙරෙන ඉදිකරීම් වලට ලැජ්ජා නැතිව නම දමාගන්නා නායකයෝ මෙරට සිටින බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

රටේ අධ්‍යාපනය කඩා වැටී තිබේ.ණයට කකා බිබි ජොලි කරනවා ඇරෙන්නට ලබන ආදායමක් නැත.බන්ධනාගාර තුලදී සිරකරුවන්ට වෙඩි තබති.කටක් ඇරියොත් සුදු වෑන් රථවලින් පැහැරගෙන යති.සිරගත කරති.සිය දහසක් ජනයා උතුරේ ටකරන් මඩු වල ජීවත් වන අතර කොළඹ නෙළුම් පොකුණු,නෙළුම් කුළුණු  හැදෙති.

කෙසේ හෝ මේ වන විට අපට නිදහස ලැබී ඇති බව කියවේ.හමේ පැහැයෙන් පමණක් වෙනස් එක් පෙළැන්තියක් සිය හිතමිතුරන් සමග සම්පත් සූරාකමින් කමින බොමින් ප්‍රීති වෙමින් සිටිති.හිතෙන හිතෙන ගෑණු සමග සම්භෝගයේ යෙදෙමින්,හිතෙන හිතෙන දේ පවරා ගනිමින්,තමන්ට කැමති දේවල් කරමින් අත්නෝමතික ලෙස මෙම පාර්ශවය සිය ජීවිත ගත කරති.

දැන් අප ජීවත් විය යුත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදිය.බැලිය යුත්තේ චින්තනයට අනුකූල චිත්‍රපට පමණි.කෑ යුත්තේ අල බතල පමණි.සාටකය පළදින්නේ නම් වඩා හොදය.මේ ආකාරයට මෙරට බහුතරයකගේ අයිතීන් උදුරාගනිමින් පවතින මේ මෙහොතේ සැබෑ නිදහසක් පිලිබද උදම් ඇනිය හැකිද?තවත් දෙයක් තිබේ එනම් සියලු ජාතීන් එකම ජාතියක් සේ සලකමු යනුවෙන් කෑ මොර දුන්නද ජාතික කොඩියෙන්ම අප වෙන්කර තිබේ.මේ දෙමළ ය මේ මුස්ලිම්ය මේ මහ ජාතියය යනුවෙන් ජාතික කොඩියම වෙන් කර දී තිබේ.මෙය සැබවින්ම නපුංසක නිදහසකි.එය ජාතික කොඩියෙන් වඩා පැහැදිලි වෙයි.අප උඩදමාගෙන  දගලන ජාතික කොඩියේ සිංහයාගේ පුරුෂ නිමිත්ත නැත.එසේනම් අපේ සිංහයාද නපුංසකයෙකි.

1/5/12

වරක් බර්ටෝල් බ්‍රෙට්ස් තම ‛පැන්ස තුනේ කතාව’ තුළ මෙවැන්නක් සදහන් කලේය.
යම් කෙනෙකු ඕනෑවට වඩා සතුට පසු පස පන්නාගෙන ගිය හොත් යම් මෙහොතකට පසු සතුට ඒ කෙනාට පසු පසින් ගමන් කිරීමට පටන් ගනී. එවිට සතුට පසුපස පැන්නූ කෙනා බිය වෙයි
.
අද කාලයේ සියථ දෙනා සතුට පමණක් සොයා ගෙන යන මුත් ඔවුන් නොසිතන්නේ සතුට හමු වූඅයට ඉන් පසුව සිදු වන්නේ කුමක් ද යන්නය. එබැවින් අප සිතනවාට වඩා කෙනෙකුට සතුට හමුවිම බිය ජනක අත් දැකීමකි. සතුට හමුවීම ප්‍රිය ජනක නම් අද දවසේ සංගීතා වීරරත්න,හෝ සබීතා පෙරේරා සිටිය යුත්තේ නට නටාය.
මේ නිසා සතුටෙන් නටන මෙම ජනප්‍රිය පවුලගැන සිතිය යුත්තේ කෙසේද? අපි ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන් මේ තරම් සතුටින් නැටීමට පොළඹන මිත්‍යාව කුමක්ද කියාය. අපි සොයාගත යුත්තේ මෙම පවුලේ න්‍යෂ්ඨියේ ඇති ඒකාකාරී ශෝඛයයි.එනම් මොවුන් මෙතරම් සතුටෙන් නටන්නේ කුමන ශෝඛය මගහරින්නද යන්නයි…

 උපුටා ගැනීම : 3mana.com

1/3/12

2012






වෙන ගෑණියෙක් අවා විතරයි
කාමරේට
ඒ ඇරෙන්න වෙනසක් නෑ කිසි
වෙනදා දකින ලේ පොදක් නැති මූණු,
කුහක කමින් පිරි කදවල්
අළුත් ඇදුම් පෙරවාගෙන
බොරු හිනා තවරගෙන
කියයි
“සුභ අළුත් අවුරුද්දක්“