අනුන්ගේ දේ







මගේ කවි ලේ වල රක්ත වර්ණය ගනීවා

කරුණාව පවිත්‍රත්වය සංකේතවත් කළ

ලිලී මල් පොහොට්ටුවේ ශ්වේත වර්ණය ගනීවා

අපරිමිත අපේක්ෂාවේ සහ සාමයේ නීල වර්ණය ගනීවා

වසන්ත සමයේ හරිත වර්ණය ගනීවා

පැසුණු තිරිගු කරලේ පීත වර්ණය ගනීවා

මා උපන් පසෙහි දුඹුරු වර්ණය ගනිත්වා


මගේ කවි දීප්තිමත් වර්ණයෙන් ආලෝකවත් වෙයි

හැබැයි ඒ එක් දිනක් වත් නෙරදන දේදුන්නේ දීප්තිමත් වර්ණ නම් නොවේ



-ස්ඩාර්කොට් කිසයොව් (බල්ගේරියාව) -






සමහර ගැහැණු අයට අයියා හරි තාත්තා හරි නැතුව ‍‍ගෙදරින් එළියට යන එකත් නොගැලපෙන වැඩක්. තව සමහර ගැහැනු අයට බඩේ බෝම්බයක් බැඳගෙන ගිහින් සෙනඟ මැද්දේ පුපුරුවා ගන්න එක ජීවිතයේ අනිවාර්යයක්.
 http://ahasganga.blogspot.com/


“ගෘෂා බලාගෙනයි
කුමාරයාගේ ඇගේ දුවන්නේ
අබෂ්විල්ලි රජතුමාගේ ‍ලේ“






''සාමාන්‍ය ව්‍යවහාරයේදී හිස්ටීරියාව පුද්ගලයෙකුට බලපාන රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වූවත් මනෝ විශ්ලේෂණයට අනුව හිස්ටීරියාව කියන්නේ එක් අයෙකුගෙන් අනෙකා මත බලපවත්නා අපත්තිදායක තත්ත්වයකට කියන නමක්. - ෆ්‍රොයිඩ්ට අනුව ලිංගික තෘප්තිය ප්‍රතික්ෂේප කරන අයෙක් වෙන කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නුවත් හිස්ටීරියානු රෝගියෙක් ලෙස හඳුනාගන්න පුළුවන්- ලැකාන්ට අනුව ''අතෘප්තිය'' කියන්නේ හිස්ටීරියාවේ ආවේණික ලක්ෂණය''
(London)






“මම
කවි ලියන අතර
නීරෝ මා පසෙක හිද


වීණාව වාදනය කරයි
ඔබ
කවි කියවන අතර
රෝමය ගිණිගනියි“

-ජනක මහබෙල්ලන  “රුයිත දහය “ -





ගෙම්බාගේ නිවේදනය
මලක් පිපුනා හැර වෙනස්වීමක් නැත
එහෙත් මගෙ ලිපිනය
“වල“ නෙවෙයි දැං “විල“

-තුසිත ආනන්දශීල නමින් ‘ලංකාදීප‘ පුවත්පතේ පළවකර තිබූනු කවියකි



රොබට් නොක්ස්ට බණ්ඩාරෙකොස්වත්තේ හීන්නෝනා ගෙන්.....
සුදු හමට,රැළි ගැහුණු කොණ්ඩෙට ආස කළා නම් නෙවෙයි මයෙ දෙයියෝ
හතරවරිගයක් තීන්දුකොරාපු ඇවැස්ස මස්සිනා පොඩ්ඩටවත් හිත් පොජ්ජ වෑව්වෙ නෑ
පතාගෙන ආව හැටි වෙන්ට ඇති කියා
සමනල කන්ද තරමට හීන මැව්වත්,
එකෝමත් එක දවසක
නොකියාම ගියේ ඇයි මය දෙයියෝ
යහතින් මහවැලි ගග එගොඩහිද?
රැකවල් වැටී යළි යදමින් බැදුනාද?
තිස් තුන් කෝටියක් දෙවියන් රැක්කාද?
සිත් සන්තොසින් නැව් නැග නුඹ යනවාද?

-          ෂමිලා වීරතුංග ජයලත් නමින්   2000/09/ 01 රැජිණ පුවත්පතේ පළ කර  තිබූ කවියකි-



එළිය යනු අදුරමය
සීතල ම උණුසුම ය
එබැවින් ජීවිතයම වේ මරණය
-නොමියෙමි-
මහගමසේකර

වැඩියෙන්ම හිනාවෙන්නෙ විහිලු කරන්නේ හිත ඇතුලෙන් ගොඩාක් අඩන අය
 -අම්මා-
මැක්සිම් ගොර්කි



මගේ ජීවිතේ මම තොරගත්ත එකක් නෙවෙයි.ඒත් මනුසසයෙක් විදිහට මම ජීවත්වෙනවා.ඒ ජීවිතේ කියන්නේ පවැත්ම සදහාම වගකියන එක්තරා විකාරයක්.මම කියල කියන්නේ අන්න ඒ විකාරයට.


අනුන්ගේ ලේ
සිමොන් ද බොවා



"අව සංවර්ධිත රටවල නිදහස් දෘශ්ටිය වෙනුවට ආගම ආදේශ කරන උත්සහයක් තියෙන්නේ.ඒ නිසා අපෙක්ෂාබංග මං මුලාවු අන්ද විශ්වාසයන්ගෙන් විමුක්තියක් අපෙක්ෂා කරනවා"

තස්ලිමා නසරින්
පුවත්පත් සාකච්චාවකදී