9/29/11

ඇයි සුදු මේ...?


ඇන්ගෝලාවේ ලෙයිලා ලෝප්ස් Miss universe වුනා කියල කිව්වම ලංකාවේ ගොඩක් ගෑනුන්ගේ heart beat වැඩිවුනා.“යකෝ කළු කෙල්ලෙක් කොහොමද Miss universe වුනේ කියලා.මොකද ලංකාවේ සම්මතයක් තියෙනවා සුදුයි නම් ලස්සනයි කියලා.

මේ නිසා ලංකාවේ ගෑණු සුදු වෙන්න නොකරන දෙයක් නෑ.ඇත්ත ලස්සනට ඉන්න ඕන ඒක හරි.ඒත් මේ හම පැහැපත් කරගත්තම විතරක් හරිද.කළු හම තියෙන අපිට සුදු හම ෆැන්ටසියක් තමයි.මුලින්ම ආවේ Fair and lovely .ඒ කාලේ එවා ගාපු අයටත් හිනාවෙන අය හිටියා.සමහරු හොරෙන් ගෑවේ.පස්සේ වැඩේ නැගල ගියා TV එකේ පෙන්නුවා එක තත්පරයට සුදු වෙන විදිහ.

ඉතින් අපේ කට්ට කළු හම්වල තට්ටුගණන් ගෑවා මේක.සුදු වෙනවට වඩා සුදුයි වගේ පෙනුනා.හැමෝම ගෑවා.වැඩේ පත්තුවුනා තව තව ගොඩක් ජාති දැන් ඇවිල්ලා.සුද වෙන්න ගාන ක්‍රීම් , සබන්,පෙති කරල් නැති දෙයක් නෑ.මේවයේ සුදු වෙන්න තියෙන කාලය නැත්තම් සුදු වීමේ වේගය.ඉක්මනටම සුදු වෙන එක ගණන් වැඩියි.පොඩි පොඩි ගණන් නෙවෙයි.හම පැහැපත් කරන Treatment එකක් 15000/- යි කියලා  නුගේගොඩ පැත්තේ තැනක දැක්කා ලගදී.මේ අතරේ සෞඛ්‍ය ඇමති තුමා කියනවා කොළඹ මන්දපෝෂණය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් ලු මේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය වලට යන වියදම.බලාගෙන යනකොට ඒක ඇත්තක්.

සුදු වුණාම ලස්සනයි කියන සම්මතය අපිට එන්නේ අපිට සුදු කියන්නේ ෆැන්ටසියක් නිසා.මේ ෆැන්ටසියේ දැන් කරවටක් ගිලිලා ඉවරයි.මේ ළගදි කවුද සුප්‍රකට TV සංඝයා වහන්සේ නමක් ලගින් ආශ්‍රය කරන හිතවතෙක් පොඩි සෙට් වීමකදි කිව්වා ඒ ස්වාමීන් වහන්සේත් මිල අධිකතම Fairness cream එකක් පාවිච්චි කරනවා කියලා. ( මේවා ඉස්සරහට පිරිකරටත් පූජා කරන්න වෙයි වගේ) 
මොකද උපාසක අම්මලා වැඩිපුර එන්නේ සුදු ලස්සන හාමුදුරුවරුන්ගේ බණ අහන්න. ඒ හාමුදුරුවන්ගේ මූණ හරිම “පිං පාටයි“ කිය කියා තමයි මෙහෙම යන්නේ.

දැන් කෙහොම හරි වැඩේ පත්තු වෙලා ඉවරයි.ලංකාවේ ලස්සන කියන්නේ සුදු වීම විතරයි.මේ නිසා ගන්න ආදායම වගේ තුන් හතර ගුණයක් දීලා සුදු වෙන්නම වෙනවා යහතින් ඉන්න නම්.වියදම් කරන්න සල්ලි නැත්තම් ඉඩ කඩම් විකුණලා හරි සුදු වෙන්න වෙනවා.ඒකයි තත්වේ.මෙතන අවුල තියෙන්නේ සුදු වීම නෙවෙයි.මුණ විතරක් සුදු වීම.

8/4/11

Slutwalk එකක් යමුද?



 
ලොකේ පුරා අළුතෙන් ව්‍යාප්ත වෙන කාන්තා නැගිටීම තමයි Slutwalk  කියන්නේ.මේකේ Slut කියන වචනේ තේරුම Oxford Dictionary එකේ තියෙන්නේ Slut (Noun) , a woman who has many sexual partners , a woman who is very untidy or lazy  කියලා. ඒ කියන්නේ ලංකාවෙ බහුතරයකට අනුව ඕක සිංහලට ගත්තොත් “බඩුව“ “නැත්තං “වේසගෑණි“ වෙනවා.එතකොට Slutwalk කියන්නේ වේස ගෑණුන්ගේ ගමන ද?

මේ Slutwalk පටංගන්නේ කැනඩාවෙන්.මේකට පාදක වෙන්නේ කැනඩාවේ York University එකේදි Michael Sanguinetti  කියන පොලිස් නිලධාරියා කරපු කථාවක්.ඔහු කිව්වා “කාන්තාවන් ගේ ඇදුම් විලාසිතා rape වෙන්න හේතු වෙනවා. ඒ නිසා Sluts ල විදිහට අදින එක නවත්වන්න කියලා“ කියලා.මේ ප්‍රකාශයත් එක්ක කැනඩාව කැළඹිමට පත් වෙනවා.කැනඩාවේ කාන්තාවෝ දහස් ගාණක් එකතුවෙනවා ටොරන්ටෝ වල ක්වීන්ස් චතුරස්‍රයට.මේ කාන්තාවෝ එන්නේ අර එපා කියල කිව්ව විදිහට ඇදගෙන.විවිධකාරයේ විරෝධතා පුවරු උස්සගෙන ආව කාන්තාවෝ 3000ක් විතර ටොරන්ටෝ පොලිස් මුලස්ථානය වටකරලා අර නිලධාරියාගේ ප්‍රකාශයට විරෝධය පල කරනවා.කොහොම හරි අන්තිමේදි  Michael Sanguinetti  තමන්ගේ කථාව ගැන සමාව ගන්නවා.ඒත් මේ Slutwalk රැල්ල මෙතනින් නවතින්නේ නෑ ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, වගේ රටවල් බර ගාණක කාන්තාවෝ තම තමන්ගේ රටවල මේ Slutwalk එක කළා.අපේ අසල්වැසි ඉන්දියාවෙත් මේ Slutwalk එක පැවැත්වුනා.

නමුත් සදාචාරත්මක ප්‍රශ්නේ Slutwalk නෙවෙයි. කාන්තාව ගේ ඇදුම් පැළදුම් ගැන නීතිරීති දාන්න පිරිමියාට ඇති අයිතිය මොකක්ද? කාන්තාව තම කැමැත්ත මරා දමා පිරිමියාගේ රුචි අරුචිකම් මත ඇදිය පැළදිය යුතුද?මෙහෙම ගත්තම සමහර රූපවාහිනි නාලිකාවල පැය ගණන් දෙසන ගෑණිගෙන් විතරක් සංස්කෘතිය රකින්න හදන මහත්තුරුන්ට එරෙහිව ලංකාවෙත් Slutwalk  එකක් කරන්න ඕන කාලය ඇවිත් කියල කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්.



 පියංකාරගේ බන්දුල ජයවීර කාලෙකට ඉස්සල්ලා රාවයට ලිව්වා මෙහෙම කවියක්

 
“කන්තෝරුවට එනවිට වැදගත් විදිහට එන්න ද්නන් නැද්ද ?සාය කෑලි ,ගවුම් කෑලි,හැට්ට, කොන්ඩේ කඩාගෙන මෙහි එන්නට ලැජ්ජා නැද්ද?“
“මින් මතුවට සාරිය හැද,කොණ්ඩය බැද,පිළිවෙලකට ආ යුතු“

ගැහැණු කමට ගැහැණු රුවට බය
ලොක්කන්ගේ හිත කැත කුණු වසාගන්න
ගැහැණුන්ගේ රෙදි කොණ්ඩ වලින් අදින
තලේබාන් පොලිසියකි කන්තෝරුව
 

කකුල පේනකොට, බුරිය පේනකොට,පපුව පේනකොට බහුතරයක් පිරිමි බයයි තමන් අමාරුවෙන් හංගගෙන ඉන්න හදන වනචාරියා එලියට පනියි කියලා ඒ නිසා නීති දානවා.අරක පේනවා මේක පේනවා කියලා.මොකක් පෙනුනත් කලබල නොවී හිටියනම් ඉවරයිනේ.මේකට හරි ලස්සන ආවරණයක් තියෙනවා සංස්කෘතිය සභ්‍යත්වය කියලා.ඔය කියන සංස්කෘතිය රකින්න ඕන කාන්තාව විතරද?මෙහෙම කියන්නේ ගෑණි රට ගියාම තමන්ගේ දුවත් එක්ක සංසර්ගයේ යෙදෙන ලාංකේය පිරිමියා. ඔවුන් තමන්ගේ හෙළුව පෙනෙයි කියන බයට ගෑණුන්ගේ හෙළුව වහන්න දගලනවා.ඒකයි ඇත්ත ප්‍රශ්නේ.

 

7/29/11

බලය කුණුහරපයක් ද?


බලය කියන වචනය ගැන කියන කොට  එකපාරම අපිට මතක් වෙන්නේ ලංකාවේ කුණු කුජීත වෙච්ච පක්ෂ දේශපාලනේ.හැබැයි බලය කියන දේ ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා.දවසක් කොල්ලුපිටියෙදි හදිස්සියේ සෙට් වුන බැචෙක් එක්ක පෙට්ටි කඩයක් ලග ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් ගගහ ඉන්නකොට  සුදු පාට  Toyota Axio  එකක් අරූට Horn පාරක් ගහගෙන ගියා.“උඹ දන්නවද ඒ ගියෙ කවුද කියලා?“ ඌ අහුවම මම නෑ කිව්වා.මතක නැද්ද බං අර “වැද්දි“ අපිට පල්ලෙහා Batch එකේ.මට “ඈ????“ කියවුනා.එහෙම වුනේ කොහොමද බං?කියල මම අහන්නත් කලිං ඌ කියනවා “හිලේ බලේ තමයි බන්“ කියලා.


මේ ප්‍රකාශය සරල කතන්දරයක් නෙවෙයි.දිගට හිතාගෙන ගියාම ඇත්තටම ලංකාවේ බලය තියෙන්නේ ස්ත්‍රියගේ කකුල් දෙක අතරද?කියන ප්‍රකාශයේ ප්‍රශ්නාර්ථය ඉබේම ඉවත් වෙලා යනවා.අද ලංකාවේ ඕනෑම ආයතනයක පළපුරුදු අති දක්ෂ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉහලට යන්න හරිම ලේසියි.නිවාඩු ගන්න ලේසියි.Short leave ගන්න හරිම ලේසියි.තව promotions ,increments , office cars මේවා ඒ හැටි දේවල් නෙවෙයි.වැරදිලාවත් ටිකක් ඇහැට කණට පේන කෙල්ලෙකුට හිසේ ඇම්මක් හැදුනත් ලොක්කගේ ඉදලා ඔක්කොම පැනඩෝල් හොයන්න office එක වටේ දුවනවා.තව අමාරුනම් ලොක්කම car එකේ දාගෙන doctor කෙනෙක් ළගට අරං යනවා. හවසට කෝච්චියට පිරිමි පොරකන තරම් බලන්න හැබැයි පස්සේ බැලුවම වැඩිපුරම වාඩිවෙලා ඉන්නේ ගෑණු. Campus එකේ Batch top වෙන එක කෙල්ලන්ට Easy.සර්ට ඔය ෂර්ට් එක ඇන්දම ලස්සනයි කියල කෙල්ලෙක් කිව්වම ලෙචා ඇදගන්නවා.අර ෂර්ට් එකම පට්ට ගහනවා.කොණ්ඩේ කපන්නෙත් අර කෙල්ල කියන විදිහට.තව ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගම අතේ තියෙන මල්ල හරි පොත් ටික හරි ගන්න ඉස්සල්ලම ඉදිරිපත් වෙන්නේ පිරිමි.තනියම යනකොට Car එකක් මග නැවතිලා නම් කී දෙනෙක් නවත්තලා උදව් කරන්න හදනවද?මහ පාරෙදි කෙල්ලෙක්ගේ phone එක නැතිවුනාම වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ පිරිමි. තව Marketing වලදි ඉක්මනටම targets cover කරන්නේ කාන්තාවන් කියන එක Marketing කරන අය දන්න දෙයක්.



මේක පුරුෂවාදී ප්‍රකාශයක් නෙවෙයි.ටිකක් හිතල බැලුවොත් පේන්න තියෙන දෙයක්.ගොඩක් වෙලාවට මෙහෙම ඉදිරිපත් වෙන පිරිමින් ගෙන් බහුතරයක් කවදහරි දවසක අර කාන්තාව එක්ක සංසර්ගයේ යෙදීමේ සිහිනයකින් පසුවෙනවා.මේ නිසා ඒකට අවශ්‍ය පසුබිම හදනවා.හැබැයි අවසානයේ සමහරු අපේක්ෂා ඉටුකරගන්නවා.බෙහොම අතලොස්සක් විතරක්.බහුතරයක් අද දෙයි හෙට දෙයි අනිද්දා, ඉන් අනිද්දා,මේ weekend එකේ කියල හිතාගෙන බලන් ඉන්නවා.මේ බලා ඉදීම ඇතුලේ දෙන්න වගේ ඉදලා බොහෝ දේවල් කරගන්න අර කාන්තාවට පුළුවන් වෙනවා.බොස් ගෙ උදව්වෙන් promotion එකක් ගන්නවා. Office car එකක් හම්බවෙනවා.තව තව ගොඩක් දේවල් ගන්නවා.අන්තිමේ ඒ ඒ ආයතන වල තීරණ ගැනීමේ කාර්යයේ ප්‍රධාන කොටස්කාරියක් වෙනවා.ඊට පස්සේ ඒ ආයතනවල හෙට දවස???(ඒක වෙනම ඛේදවාචකයක්)

මේක කාන්තාවගේ වැරැද්ද නෙවෙයි මේ System එකේ වැරැද්ද.නැත්තම් සදාචාරයේ වැරැද්ද.සදාචාරෙට සංස්කෘතියට බයේ අවුරුදු ගාණක් තමන්ගේ හැගීම් මරාගෙන ජීවත් වෙන සුචරිතවත් පිරිමියා අතට බලය ලැබුනම ටයි කෝට් ඉරාගෙන ගෝත්‍රික පිරිමියා මතුවෙනවා. ඒ මතුවීම ඇතුලේ බලය කියන කාරණය  ගණිකා වෘත්තියේ යොදවලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න අර ගෝත්‍රිකයා මෙහොතක් වත් පසුබට වෙන්නේ නෑ.මේවගේ තත්වයක් ඇතුලේ ඇත්තටම  බලය තියෙන්නේ කොහෙද?දැන් අර මුලින් ප්‍රශ්ණාර්ථයකින් අවසන් වුන වාක්‍යයේ ප්‍රශ්ණාර්ථය ඉවත් කිරීම ගැන තීරණයක් ගන්න පුළුවන් කම ලැබෙනවා.

7/13/11

මෙගා ටෙලි බඩු

The Mirihana Police cracked down on a 'prostitute ring' operated by teledrama actresses playing 'lead roles' inside Colombo hotels this week where four teledrama actresses were caught in 'action',police said.The government has ordered a crackdown on vice and crime and the police have been directed  to carry out continued raids on brothels and hotels.
Early this week, officers from the Mirihana Police special unit apprehended two teledrama actresses using decoys at a hotel in Battaramulla.
Another two actresses were caught in 'action' today at the same venue following a tip off.
Investigations reveal that a ring of  young teledrama actresses are involved in the 'well paid' operation run by  certain 'agents' in Colombo using men from outstations as 'managers'.
Police, according to well informed sources,have now come across a list of names of teledrama actresses involved in this prostituting ring serving an 'influential' clientele at exorbitant rates.
(Colombo Lankapuvath) Thursday, 14 July 2011 07:42


ප්‍රබුද්ධ යැයි කියාගන්නා පොරවල් මිලා සරා පබා ආදි මෙගා ටෙලි  දෙකයි පණහට දමා කථා කරන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.මෙගා බලන පරපුර පෝය දාට අදබාලයින් ගානට දාන ලංකාවේ රූපවාහිනී නාලිකා එදිනම රාත්‍රියේ මෙගා පෙන්වයි.දැනට අප අත් විදිමින් සිටින සාමාන්‍ය තත්වය මෙයයි.කවුරු කොහොම මොනවා කිවිවත් මෙගා ටෙලියක එන ෆැන්ටසිය තුළ ජීවත් වීම අද ලංකාවේ දහසක් ප්‍රශ්න මැද ජිවත් වෙන අති බහුතරයකගේ දවසේ ප්‍රීතිමත්ම මොහොත වී තිබේ.


මේ අතරට මෙගා තරම්ම හිට් අළුත්ම Trend එක  වෙන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන ටෙලි නිළියන් අත් අඩංගුවට ගැනීමයි.විශේෂ Publicity එකක් මේකට ලැබෙනවා මීඩියා වල .ඒ නිලිය මෙගා ටෙලියක තත්පර ගානක හරි පෙනී ඉන්න නිළියක් නම් මේ News එක ගියාම අර ටෙලියටත් full publicity. නොබලන වුන් හොය හොය බලනවා අර නිළියගේ සීන් එකක් තියෙනවද කියලා.වෙන මොකටවත් නෙවෙයි තමන්ට ආතල් එකක් ගන්න.නිවුස් එක ආපු ගමන් ගොඩක් උන්  youtubeඑක පෙරළ පෙරල හොයනවා අඩුම ගානේ කවුද කියලා මුනවත් බලාගන්න කියලා.


 දැන් ලංකාවේ ගණිකාවෝ ඉන්නේ මේ මෙගා නිළියන් විතරද?ඇයි මරදානේ,බොරැල්ලේ,නුගේගොඩ,කොල්ලුපිටියේ බඩු නැද්ද?ඒක ගණිකා වෘත්තිය නෙවෙයිද?ප්‍රශ්නේ මේකයි ඒ අය කොයිතරම් ඇල්ලුවත් ඒකේ News value එක අඩුයි.මේ නිසා මෙගා නිළියගේ කථාව පත්තුවෙලා යනවා.ශුද්ධවන්තයින් පවා ආතල් එකක් පිණිස මේවා අහනවා බලනවා.


එහෙම කෙනෙකුට ඇග විකුනන්න අයිතියක් නැද්ද?තමුන් කැමතිනම් සහ තමුන්ව මිලදී ගන්න කෙනා ඒ මුදලට මිලට ගන්න කැමති නම් ප්‍රශ්නේ මොකක්ද?ගණිකා වෘත්තිය තහනම් කිරීමේ මූලධර්මවාදී රීතියෙන් අද වැඩක් තියෙනවාද?බලවතුන්ගේ වුවමනා මත තරු පහේ මට්ටමින් මේ වැඩේ ජයට කෙරෙනවා.ඉතින් මෙගා ටෙලියක නැගී එන නිළියකට සුපිරි නිළියක් වගේ ඉන්න තමන්ගේ රූපලාවන්‍ය උපකරණ ටික ගන්න,මිලඅධික ඇදුම් පැළදුම් අදින්න අවශ්‍ය කරන මුදල් අර ටෙලි කෑල්ලෙන් එන්නේ නෑ.මේ නිසා අමතර ආදායම් මාර්ග වලට පෙළඹෙනවා.


මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වලින් රටේ සල්ලි ගසා කන්න හොදයි නම්,පොලිසියට අල්ලස් ගන්න හොදයි නම්, සුනාමි ආධාර හොරා කනව නම්,කෝටි ගණන් වලට පක්ෂ මාරු කරනව නම්.කවුරුහරි කෙනෙක් තමන්ගේ ඇග විකුණල කීයක් හරි හොයා ගන්න එක විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද?මේක විතරක් සදාචාර විරෝධි වෙන්නේ කොහොමද?අනිත් සියල්ල සංස්කෘතියට අනුකූලද?වේටර් ටිප් එක ගන්නවා වගේ ,කොන්දොස්තර ඉතුරු සල්ලි දෙන් නෑ වගේ මේ අයටත් අමතර ආදායමක් ඕන නැද්ද?ඒක අනුන්ගෙන් හොරකම් නොකර තමුන්ට තියෙන දේ විකුණල හරි හම්බ කර ගත්තම ඇති ප්‍රශ්නේ මොකක්ද?




7/2/11

Facebook යකා


ඉස්සර සිත්තර පත්තරේ තියෙන මිතුරු හමුව හරි ජනප්‍රිය අංගයක් ෆොටෝ එකයි ඇඩ්‍රස් එකයි දාලා විනෝදාංශ වලට මිතුරු ඇසුර කියලා දැම්මම ලියුම් ගොඩක් ලැබෙනවා.ඊට පස්සේ ඒවගෙන් පෙම්වතුන් වෙලා කසාද බැදපු අය සහ නොබැදපු අය ඕන තරම් ඉන්නවා.තව ඉස්සර වන්දනාවක් යනකොට ඇඩ්‍රස් දැමිල්ල හරියට කෙරෙන වැඩක්.අපිට මතක සීමාවේ මේ විදිහට අදුනගන්න යාළුවෝ පෑනේ මිතුරෝ කියල කිව්වේ. 

මේ  pen pals ල හොයල දෙන සමාගම් පවා පස්සේ කාලෙක වෙනම බිහිවෙන්න ගත්තේ මේ මිතුරු ඇසුර කියන එක පුදුමාකාර විදිහට සමාජගත වුන නිසා.මේ අතරේ වාසි හොයාගෙන සල්ලි ගරාගත්ත අයත් හිටියා.එයාලා විවිධ උපක්‍රම භාවිත කළා.මිතුරු සේවා කියල පවත්වාගෙන ගිය මේවගේ මිතුරියන් අදුනගන්න මුදල් ගෙවන්න ඕන.එතකොට තමයි මිතුරියගේ ලිපිනය ලැබෙන්නේ එහෙම ලියුම් ගාණක් ලිවිවට පස්සේ ඒ මිතුරිය මුණ ගැහෙන්න නම් අර ආයතනයට ආයෙත් සල්ලි ගෙවන්න වුනා.ඊට පස්සේ තමයි මුණගැහෙන තැන සහ දිනය වෙලාව අර ආයතනයෙන් ලැබෙන්නේ.ගොඩක් වෙලාවට එහෙම ගිය අය සුද්ද වෙලා ආවේ ඇදිවත විතරක් බේරගෙන. එදා අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා මේ බොරුව කරගෙන යන්න ලේසි වුනා.මේ අතරේ  Radio,TV  ආවා.

TV එක ආපු මුල් දවස්වලත් ඒක යකාගෙ පෙට්ටිය කියලයි හදුන්වලා තියෙන්නේ.ඒ තරමට සමාජයට වින කරන දෙයක් විදිහට තමයි TV එක හදුනාගත්තේ.ඒත් අද වෙනකොට  TV එකට කවුරුත් යකාගේ පෙට්ටිය කියන්නේ නෑ මොකද ඒක ඒ තරමටම සමාජගත වෙලා නිසා.  අදටත්  සමහර TV විරෝධියෝ බැන බැන බලනවා.කොහොම වුනත්  අද බහුතරයක් දෙනාගේ පුර්වාදර්ශය වෙලා තියෙන්නෙත් TV එක.
 
අන්තර්ජාලය ගැනත් මිට අවුරුදු හතර පහකට කලින්  මේ වගේ භීතිකාවක් තිබුනා.ඒත් අන්තර් ජාලය යකෙක් රකුසෙක් නෙවෙයි කියලා දැන් දැන් කවුරුත් තේරුම් ගනිමින් ඉන්නවා.මේ අතරේ මේ සමාජ ජාලකරණය හෙවත්  Social networkingකියන කාරණාවෙදි අන්තර්ජාලය සම්බන්ධයෙන් තහංචි පැනවෙමින් තියෙනවා මේ වෙනකොට. facebook , twitter වලින් ලෝකේ ආණ්ඩු පෙරළනකොට මෙහෙ තහංචි වැටකොටු දාලා ඒවා වහන්න හදනවා. අද වෙනකොට ලංකාවේ ගොඩක් සමාගම්වල  face book Access වෙන්න බෑ   block කරල තියෙන්නේ.ඇයි මේ?

             ලෝකේ ඉස්සරහට යනකොට අපි පස්සට යනවා කියන්නේ මේකට.මෙහෙම කරන අය කියන්නේ face book වලින් සමහරු ගහන්න බඩු හොයාගන්නවලු.ඉතින් ඒකේ වරදක් නෑනේ? Social networking වලට ඔය හැම එකක්ම අයිතියි.එහෙම වුවමනාව තියෙන උන්ගේ කැමැත්ත අනුව එහෙම කරගන්නවා.එහෙම නැතුව ඇත්තටම දුර ඉන්න තමන්ගේ යාළුවෝ ආශ්‍රය කරන්න කැමති අය තමන්ගේ facebook account එකට limited access දාලා use කරනවා.

 ඇත්තටම ගත්තොත් මේ social networking කියන්නේ එක office එකේ මේ  tableඑකේ ඉදලා එහා table එකේ ඉන්න යාලුවට status update කරන එක නෙවෙයි.වෙනම sujbect එකක්.මුලධර්මවාදි අතීත කාමීන්ට නොතේරෙන ඇත්තක් මේක ඇතුලේ තියෙනවා.කාලයක් එකට හිටපු අදවෙනකොට  contact නැති යාළුවො හොයාගන්න එයාලගේ අළුත් තොරතුරු දැනගන්න, අළුත් යාලුවෝ හොයාගන්න,දැනුම අදහස් බෙදාගන්න තියෙන හොදම තැන.කාර්යබහුලත්වයත් එක්ක ලෝකේ තම තමන්ගේ පරාස ඇතුලේ  හුදකලාව ගොඩනැගෙන්න උත්සහදරමින් ඉන්න මිනිස්සුන්ට මේක නියම අස්වැසිල්ලක්.අද මේක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ග්‍රාමිය වැඩක්.ලෝකෙම එකම network එකක එකතු වෙන්න යනකොට අපි හුදකලා වෙන්න හදනවා.