ලොකේ පුරා අළුතෙන් ව්‍යාප්ත වෙන කාන්තා නැගිටීම තමයි Slutwalk
කියන්නේ.මේකේ Slut කියන වචනේ තේරුම Oxford Dictionary එකේ තියෙන්නේ Slut (Noun) , a woman who has many sexual partners , a woman who is very untidy or lazy කියලා. ඒ කියන්නේ ලංකාවෙ
බහුතරයකට අනුව ඕක සිංහලට ගත්තොත් “බඩුව“ “නැත්තං “වේසගෑණි“ වෙනවා.එතකොට Slutwalk කියන්නේ වේස ගෑණුන්ගේ
ගමන ද?
මේ Slutwalk පටංගන්නේ කැනඩාවෙන්.මේකට
පාදක වෙන්නේ කැනඩාවේ York
University එකේදි Michael Sanguinetti කියන
පොලිස් නිලධාරියා කරපු කථාවක්.ඔහු කිව්වා “කාන්තාවන් ගේ ඇදුම් විලාසිතා rape වෙන්න හේතු වෙනවා. ඒ නිසා Sluts ල විදිහට අදින එක නවත්වන්න කියලා“ කියලා.මේ ප්‍රකාශයත්
එක්ක කැනඩාව කැළඹිමට පත් වෙනවා.කැනඩාවේ කාන්තාවෝ දහස් ගාණක් එකතුවෙනවා ටොරන්ටෝ වල
ක්වීන්ස් චතුරස්‍රයට.මේ කාන්තාවෝ එන්නේ අර එපා කියල කිව්ව විදිහට ඇදගෙන.විවිධකාරයේ
විරෝධතා පුවරු උස්සගෙන ආව කාන්තාවෝ 3000ක් විතර ටොරන්ටෝ පොලිස් මුලස්ථානය වටකරලා
අර නිලධාරියාගේ ප්‍රකාශයට විරෝධය පල කරනවා.කොහොම හරි අන්තිමේදි Michael Sanguinetti තමන්ගේ කථාව ගැන සමාව ගන්නවා.ඒත් මේ Slutwalk රැල්ල මෙතනින් නවතින්නේ
නෑ ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, වගේ රටවල් බර ගාණක කාන්තාවෝ තම තමන්ගේ රටවල මේ Slutwalk එක කළා.අපේ අසල්වැසි
ඉන්දියාවෙත් මේ Slutwalk එක පැවැත්වුනා.
නමුත් සදාචාරත්මක ප්‍රශ්නේ Slutwalk නෙවෙයි. කාන්තාව
ගේ ඇදුම් පැළදුම් ගැන නීතිරීති දාන්න පිරිමියාට ඇති අයිතිය මොකක්ද? කාන්තාව තම
කැමැත්ත මරා දමා පිරිමියාගේ රුචි අරුචිකම් මත ඇදිය පැළදිය යුතුද?මෙහෙම ගත්තම සමහර
රූපවාහිනි නාලිකාවල පැය ගණන් දෙසන ගෑණිගෙන් විතරක් සංස්කෘතිය රකින්න හදන
මහත්තුරුන්ට එරෙහිව ලංකාවෙත් Slutwalk එකක් කරන්න ඕන කාලය ඇවිත් කියල කෙනෙකුට යෝජනා
කරන්න පුළුවන්.
පියංකාරගේ බන්දුල ජයවීර කාලෙකට ඉස්සල්ලා රාවයට
ලිව්වා මෙහෙම කවියක්
“කන්තෝරුවට එනවිට වැදගත් විදිහට එන්න ද්නන් නැද්ද ?සාය කෑලි ,ගවුම්
කෑලි,හැට්ට, කොන්ඩේ කඩාගෙන මෙහි එන්නට ලැජ්ජා නැද්ද?“
“මින් මතුවට සාරිය හැද,කොණ්ඩය බැද,පිළිවෙලකට ආ යුතු“
ගැහැණු කමට ගැහැණු රුවට බය
ලොක්කන්ගේ හිත කැත කුණු වසාගන්න
ගැහැණුන්ගේ රෙදි කොණ්ඩ වලින් අදින
තලේබාන් පොලිසියකි කන්තෝරුව
ගෑණු සරීරයට පිරිමි මෙච්චර බය ඇයි ? මොකද ඔන් ලයින් පේන්න නැත්තේ.කලකින් කතා කරන්න බැරි වුනා අරා...
ReplyDeleteOW MEKA SLUTWALK EKAKATA HONDA KAALYAKA.JAURUTH MULA PUARNNE NAHANE OYA WADETA
ReplyDeleteඅනේ අප්පො අතිතයේ ගෙයි මුල්ලේ හිටපු ගැනුන්ට ගිය කල ....
ReplyDeleteWord verification is enbile pless diseble
ගෑනු දවසක් වෙන් කරගෙන නෙමේ, හැමදාම වගේ යන්නෙ "ස්ලට් වෝල්ක්" නෙ. මගෙ නං කිසිම විරුද්ධත්වයක් නැහැ ඒකට. සොභා සවුන්දර්යය ප්‍රදර්ශනය කිරීමත්, එය නැරඹීමත් වරදක්ද? නරඹල සන්තෝෂ නොවී, කලබල වෙන එක නං වරදිය් කියල හිතෙනව.
ReplyDeleteමේ පැත්තෙ ආවට කොමෙන්ට් එකක් දාන්න කම්මැලි හිතෙනව, වර්ඩ් වෙරිෆිකේෂන් භාධකය නිසා. මේකෙ කොමෙන්ට් පබ්ලිෂ් කොරන්නෙ ඇපෘවල් එකෙන් පස්සෙ නිසා මග භාධක දාන්නේ ඇය්?
ReplyDelete