7/19/12
6/13/12
6/10/12
සංස්කෘතිය කකුල් දෙක මැද
Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ
“මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා
අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ
දෙන්නෙක් කථා කරනවා
“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“
“ya why not අර දුමින්දගේ එකක්ලු නේද
?“
“ඔව් ඔව් ඒකේ
කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන්
මචං..අයියෝ..එක විකාරයක්“
“ඒක මචං දැන් trend එකක්නේ එක channel එකක අදිනවට වැඩිය කොටට තව
channel එකක අදිනවා ඊට වැඩිය
පෙන්නලා තව එකක අදිනවා.“
“ඒ කියන්නේ
පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“
“yaa මචං සිරාවට“
4/19/12
හිරුණිකාගේ arrears එක
"ඡායාරූපවල
ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය
යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ
නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ
නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත්
පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට
සාධාරණයක් ඉටුවෙනකං…එහෙම
නැතිවුණොත් මේ ඔක්කොම
කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."
මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අධිකරණ භූමියේදී ඡායාරූප
පෙන්වමින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.මේ ප්‍රකාශය ගැන වඩාත්ම ප්‍රමෝදයට පත්වන්නන්
අතර බහුතරයක් ඉන්නේ භාරත හිතවාදීන්ට වඩා මහින්ද විරෝධීන්ය.ඒ අය හිරුණිකාව අගය කරන්නේ භාරතට ඇති ලෙන්ගතුකම නිසා නොව මහින්දට
විරෝධය පෑ යුතු නිසාය.මෙම තත්වය තවම හිරුණිකාට වැටහී නැත්ද නැතිනම් වැටහුනේ නැති
ගාණට සිටින්නේ දැයි යන්න වෙනම කාරණයකි.කෙසේ වෙතත් විමර්ශනාත්මකව ගත් විට හිරුණිකාට
ඇත්තේ arrears එකක් cover කරගැනීමේ අරමුණයි.ඒ තම පියා මැරූ පළීය ගැනීමේ නොතිත් වුවමනාවයි.
4/11/12
අළුත් අවුරුද්ද ගොඩ යන්න
අවුරුද්ද ඇවිල්ලා පුරුදු TV කේන්දර කාරයො ටික ආයෙත්
පලාඵල කියන්න අරං.අපලයි සුබයි මිශ්‍ර ඵල යි නොයෙකුත් දේවල්.එක එකා එක එක විදිහට කියනවා.අර
චැනෙල් එකේ හොදයි කියන ලග්නෙට මේ චැනෙල් එකේ හොද නෑ.
එක එක පාට රෙදි පෙරවගෙන ලැප්ටොප් අරං ටක් ගාල
සොෆ්ට්වෙයාර් එකෙන් පලාඵල කියන මිනිස්සු වැහි වැහැලා.මේ ගැන වරක් තස්ලිමා නස්රීන්
ලිව්වා.අව සංවර්ධිත රටවල මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය හීන වෙනෙකොට විවිධ අන්ධ
විශ්වාසයන් හරි පහසුවෙන් ඔලු ඇතුලට රිංගනවා කියලා.ඇත්ත මෙතන තියෙන්නේ වෙන දෙයක්
නෙවෙයි ආත්ම විශ්වාසයක් නැතිකම.තමන්ගේ ඊලග තත්පරය ගැන තමන්ට බයයි.අභියෝග වලට
බයයි.මේකයි ඇත්ත.මෙච්චර වටින ජිවිතයක් ඔලුවක් ලැබිලත් අපි ඊළග මිනිත්තුවට ලෑස්ති
නෑ.
2/16/12
ඇන්තනි,රොෂේන් සහ රාගම කිඹුලා
රාගම මහ කිඹුලා මිනිස්සු
එකතුවෙලා මරලා දැම්මා.වරද මිනී කෑම.මෙතන දි ප්‍රශ්නේ තියෙන්නේ කිඹුලා කාගෙවත්
ගෙදරකට බලහත්කාරයෙන් කඩා වැදිලා මිනිහෙක්ව අල්ලගෙන කෑවේ නෑ.ඌ එදිනෙදා ජීවත්වෙන කෑම
සපයාගන්නා පරිසරයට ගිය මිනිහෙක්ව තමයි කිඹුලා තමන්ගේ කුසගින්න නිවා ගන්න යොදාගන්නේ.
කොහොම වුනත් මිනී කෑමේ වරදට සාහසික
විදිහට මරලා දැම්ම රාගම කිඹුලාගේ දිග අඩි 19 (ලෝකේ ඉන්න දිගම කිඹුලාගේ දිග අඩි 21
යි) එතකොට රාගම කිඹුලගේ බර කිලෝ 900 යි (ලෝකේ ඉන්න ලොකුම කිඹුලගේ බරත් කිලෝ 1000
යි) ඉතිං ඒ තරම් සද්දන්තයෙක් මරලා දාන්න හේතුව මිනී මරපු එක.
එහෙම ඒ විදිහට අරගෙන
බැලුවම ඊයේ හලාවත ධීවර විරෝධතාවයෙදි අමු
අමුවෙම වෙඩි තියල ඇන්තනිව මරලා දැම්මා.මීට කලින් කටුනායකදි රෝෂේන් චානුකව මරලා දැම්මා.මේ
දෙන්නම මැරුනේ අර කිඹුලාට බිලිවුන මිනිහා වගේ කිඹුලාගේ පරිසරයට ගිහිල්ලා
නෙවෙයි.අසාධාරණයට එරෙහිව හඩ නගන්න ගිහිල්ලා.
2/13/12
Subscribe to:
Posts (Atom)





