9/25/10

සියඹලාණ්ඩුවේ ලක්ෂිතාට දෙවරක් වෙඩි තැබීම


තහනම් ප්‍රේමයේ වෙලී ලක්ෂිකා සමුගනී
- දිවයින - 2010 සැප්තැම්බර් මස 25 වැනිදා

 සියඹලාණ්ඩුව විද්‍යාලයේ ක්‍රීඩා ගුරු ලක්ෂිකා මුළාවූ ආදරයේ මාරයා ඇය බිලිගත් හැටි 
-ලංකාදීප -2010 සැප්තැම්බර් මස 25 වැනිදා




සියඹලාණ්ඩුව ඉස්කෝලේ ටීච කෙනෙකුට ඇගේ පෙම්වතා පාසැලටම ඇවිත් වෙඩි තියනවා.ඊට පස්සේ ඔහුත් වෙඩිතියාගෙන මැරෙනවා.මේ සිද්ධිය අපේ පත්තර කීපයක් වාර්තා කරල තිබුනේ මේ විදිහට.සිද්ධිය ඛේදවාචකයක් ඒක ඇත්ත.ඒත් ඒක Highlight කරල පෙන්නන්න විදිහ තමයි තිත්ත."තහනම් ප්‍රේමය" "මුලාවූ ආදරය" මේ අර්ථකතන මොනවද?මේකයි ගැටලුව.

මේ වචන හරහා බොහෝ වෙලාවට කරන්නේ පාඨකයාට ආතල් එකක් දීම විතරයි.අනිත් පැත්තෙන් මේ මරණය සාධාරණීකරනය කිරීමක් මෙතනදි වෙනවා."එහෙම නම් ඉතින් මෙහෙම වුනාට කමක් නෑ"කියල ගොඩක් දෙනෙක් කියන්න ගන්නවා.එතකොට තමයි පත්තර විසින් සමාජය පොළඹවලා ලක්ෂිකාට දෙවන වරටත් වෙඩි තියන්නේ.එතනදි ලක්ෂිකාට විතරක් නෙවෙයි ඒ පවුලම වෙඩි ප්‍රහාරවලට ලක්වෙනවා.

ආදරයේ කෙලවර විවාහ වෙන එක අනිවාර්ය කරපු සමාජයක ජීවත් වුන ලක්ෂිකා තමන් කොයිතරම් ආදරය කරත් පෙම්වතා එක්ක විවාහ වෙන්න අවස්ථාව නෑ කියන කාරණාව දැනුනට පස්සේ පෙම්වතාගෙන් ඈත්වෙන්න බලනවා.ඒ ඈත් වීම පෙම්වතාට දරාගන්න බැරුව යනවා.ලක්ෂිතාටත් මේක දරාගන්න බැරිවෙන්න ඇති ඒත් ඇයට වෙන කරන්න දෙයක් නෑ. මේ නිසා සමාජයට වෙඩිතියන්න බැරුව අසරණ වුන පෙම්වතා වෙඩි තියන්නේ ලක්ෂිකාට.එහෙම බැලුවම ඇත්තටම ලක්ෂිකාට වෙඩි තියල තියෙන්නේ සමාජය.ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන සම්මතය නොතිබුනා නම් අද ලක්ෂිකා ජීවතුන් අතර ඉන්නවා.

මිනිස්සුන්ට පුලුවන් නම් තමන් කැමති නායකයෙකුට රට භාරදෙන්න,තමන් කැමති ආගමකට පේ වෙන්න,කැමති විදිහට ගේ දොර හදාගන්න,කැමති ඇදුමක් අදින්න,කැමති කෑමක් කන්න,ඇයි ලක්ෂිතාට බැරි තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න.අර මුලින් කිව්ව දේවල් සියල්ලත් අපේ ජීවිතයේ අතිශය වැදගත් දේවල්.ඒ දේවල් හරහාත් ලැබෙන්නේ තෘප්තියක්.ආදරයෙදි ලැබෙන්නෙත් ඒකමයි.තෘප්තිය.මේ තෘප්තියට සීමා දාන්න පුලුවන් කාටද? මෙ සීමා මායිම් නිර්ණය කරන්නේ කවුද? ඉරට හදට ආදරය කරනවා නම්,සුරතල් සත්තුන්ට ආදරයකරනවා නම්,ගස් වැල් වලට ආදරය කරන්න තහනම් නැත්තං ඇයි මිනිස්සු දෙන්නෙකුට ආදරය කරන්න බැරි.ඒක සමාන ලිංගික හෝ විරුද්ධ ලිංගික වෙන්න පුලුවන්.දෙන්නෙකුට ආදරය බෙදා ගන්න හැගීම් හුවමාරු කරගන්න අයිතියක් තියෙනවා.ඒ අයිතියේ සීමා නිර්ණය කරන්න කාටවත් බෑ.මේක කසාදයෙන් ඉවරවෙන්න ඕන.මෙහෙම වෙන්න ඕන,අරෙහෙම කරන්න බෑ.කියල නීති රීති දාන්න කාටවත් බෑ

සමාජයිය සහ මූලධර්මවාදී සීමා ඇතුලේ හිර කරන්න පුලුවන් හැගීමක් නෙවෙයි ආදරය කියන්නේ.මේක කොළයක ලියල අයිති කරගන්නවට වැඩිය අතිශය මානුෂිය ගණුදෙනුවක්.මේක ඇතුලේ සම්මතයන් තියෙන්න විදිහක් නෑ.මිනිස්සු ඉස්සෙල්ලම අදුනගන්නේ ආදරය.ඊට පස්සේ තමයි සමාජ සම්මතයන්,නීති රීති, මේවා ඉගෙන ගන්නේ.මේ නිසා නීති රීති දාලා,සම්මතයන් හදලා මේ හැගීමට තහංචි දාන්න බෑ.ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්.

9/17/10

 මම...


ගස මුල මම හිදිමි
ගිම්හානය එනතුරු
නෙලාගන්න බැරි
ඔබ
ඇහිදගන්න.........

9/1/10

Love or Sex?


'ඔයා කොහොම ද එහෙම කරන්නේ ?'
'කොහොම ද?'
'නෑ දැන් කිවුවේ ?'
'ආදරේ තියෙන්නේ කරන්න මිසක් තියාගෙන ඉන්න නෙවෙයි නේ'
'හරි මම ඒක දන්නවා'
'එතකොට ඔයා කියන්නේ මම අනිවාර්යෙන් ම එයාව මගේ කරගන්න ඕනේ කියලා ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් මොකට ද ආදරේ කළේ ?'
'ආදරේ කරන්නේ අයිති කරගන්න ම නෙවෙයි'
'එහෙනම් ආදරේ කරන්නේ අතෑරලා දාන්න ද?'
'ආදරේ කියන්නේ අතාරින එක ම තම යි'
'ඒක නම් හරි පුදුම කතාවක්'


'නෑ. ආදරේ කරන කෙනා තමන්ගෙම කරගන්න ඕනෑ කියලා කියනවා නම් එතන ආදරේ තිබිලා නෑ'
'දෙයියනේ, ආදරේ කරන්නේ තමන්ගේ කරගන්න නෙවෙයි නම් අනුන්ට අයිතිවෙනවා බලාගෙන ඉන්න ද?'
'ආත්මාර්ථය ඇතුලේ ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඔයා කියන විදියට ආදරේ කරන කෙනා තමන්ගේ කරගන්නවා කියන්නේ ආත්මාර්ථකාමීකමක්'
'ඔව්. ඒක එහෙම තමයි'
'එහෙනම් දෙන්නෙක් ආදරේ කරලා, කසාද බඳින්නේ ඇයි ?'
'මූලිකම කාරණාව තමයි නිදහස් ලිංගික පැවැත්ම නීත්‍යනුකූල රාමුවක් ඇතුලේ ඉඳගෙන, සීමාවක් හදාගෙන, ඇඳක් උඩ, රෑට රෑට කරන එක'
'නෑ. ඒක ඊට වඩා එහා ගිය දෙයක්'
'මම හිතන්නේ නෑ'
'ඇයි?'
'නිදහස් ලිංගික පැවැත්ම මේ සමාජය අනුමත කළා නම් ඔයා හිතනව ද කිසි කෙනෙක් කසාද බඳින්න ලෑස්තිවෙයි කියලා ?'
'අපි ඉන්නේ පෙරදිග සංස්කෘතිය ඇතුළේ, ඒක ඇතුළේ පවුල තරම් උතුම් දෙයක් තවත් නෑ. තමන්ගේ කෙනා එක්ක මිසක පිට කෙනෙක් එක්ක ලිංගික ව හැසිරෙන එක සමාජ විරෝධී යි'
'මම හිතන්නෙ නෑ මිනිස්සු තමන්ගෙ හැඟීම් කොටු කරලා තියාගෙන ඉන්නවට අවංකව ම කැමති වෙයි කියලා'
'ඒ නිසා තමයි ආදරේ කරන්නේ'
'හැඟීම් කොටුවෙලා තියෙන එකෙයි ආදරයෙයි තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් විතරයි'
'නෑ. එක පවුලක් ඇතුලේ ඉන්නකොට ටික ටික ආදරේ වැඩිවෙනවා මිසක අඩු වෙන්නේ නෑ'
'ආදරේ වැඩිවෙනවා නම් දාලා යන එක දුකක් වෙන්න බෑනේ'
'දාලා යන්නෙ නැත්තේ ආදරේ නිසා'
'නෑ. දාලා යන්නෙ නැත්තේ ආත්මාර්ථය නිසා. වෙන කෙනෙක්ට අයිතිවෙයි කියලා හිතන නිසා. වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න බැරි නිසා'
'ඔයා කියන්නේ පවුලක් එකතුවෙලා තියෙන්නේ ආදරේ නිසා නෙවෙයි කියල ද?'
'ඔයා හිතන්නේ එකට ඉන්න පවුලක් එකට ඉන්නේ කැමැත්තකින් කියල ද?'
'ඔව්. කැමැත්තෙන් තමයි'
'නෑ. කැමැත්ත නිසා නෙවෙයි'
'එහෙනං මොකක් නිසා ද?'
'සමාජයට බය යි, නීතියට බය යි, හිතන්න බය යි, දාලා යන්න බය යි, ගිහින් එන්න බය යි, කොටින්න ම කියනවානම් රාමුවට එළියෙන් හිතන්න ම බය යි'
'නෑ'
'ඔයා හිතන්න දැනට තියෙන විවාහ නීතිය අවලංගු කළා කියලා'
'එහෙම කවදාවත් වෙන්නේ නෑ'
'ඔය විවාහය කියන රාමුව ඇතුලේ තමයි ආදරේ කොටුකරලා තියෙන්නේ. ඒත් ආදරේ කියන්නේ කවදාවත් එහෙම කොටුකරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි.'
'නෑ. ඒ රාමුව නීතියේ රාමුවක් නෙවෙයි. ඒකට කියන්නේ සභ්‍යත්වයේ සීමාව කියලා. ඒ නිසා තමයි කවුරුත් ඒ සීමාව බිඳගෙන යන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඒ තුළ ඉඳගෙන පවුල ඇතුලේ විතරක් සෙක්ස් කරන්නේ. ඒ නිසා තමයි පවුලින් පිට සෙක්ස් කරලා අහු වුණාම මුළු සමාජයම එයාව ප්‍රතික්ෂේප කරන්නේ, ඒ නිසා තමයි පවුල කියන ඒකකය තවමත් ආරක්ෂා වෙලා තියෙන්නේ'
'පවුල ආරක්ෂා වෙලා තියෙනවා. ඒත් ආදරේ ආරක්ෂා වෙලා නෑ'
'ඇයි ආදරේ ආරක්ෂා නොවෙන්නේ ?'
'එකක් සෙක්ස් ඇතුලේ ආදරේට ඉඩක් නැති නිසා. අනික ආදරේ ඇතුලේ සෙක්ස් වලට ඉඩක් නැති නිසා'
'ඔයා හිතන්නේ ආදරේ ඇතුලේ සෙක්ස්වලට ඉඩක් නෑ කියල ද?'
'කවදාකවත් ආදරේ ඇතුලේ සෙක්ස් තියෙන්න විදියක් නෑ කියලයි මම කියන්නේ'
'නෑ. සෙක්ස් කියන්නේ ආදරේ ඇතුළෙම තියෙන දෙයක්. එහෙම නෙවෙයි නම් කොහොමද දෙන්නෙක් එකට එකතු වෙන්නේ ?'
'එතන ආදරේ නැති නිසා'
'සෙක්ස් වලට ආදරේ නැතිව පැවැත්මක් තියෙනවා තමයි. ඒ නිසානේ සල්ලි දීලා කෙනෙක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ එකම කෙනෙක්ට නිතර නිතර සල්ලි නොදෙන්නේ. ඒක නිසානේ ඒ මොහොතෙන් පස්සේ ඒක අමතක කරලා දාන්නේ. ඒත් ආදරේ ඇතුලේ තියෙන සෙක්ස් කියන්නේ පවුල. ඒකයි කෙනෙක්ට පවුල අමතක කරන්න බැරි. ඒකයි සෙක්ස් වලින් පස්සේ ඉපදෙන සත්තවයාට තමන්ගේ නම දීලා දරුවෙක් කර ගන්නේ. එහෙම නැති කෙනෙක්ට දරුවෙක් ලැබුණාම තියෙන තත්ත්වය ගැන ඔයා දන්නවානේ'
'ඔයා මොනවා කිවුවත් සෙක්ස් තියෙනවා නම් එතන ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඇයි ?'
'සෙක්ස් කියන්නේ ආදරේ ප්‍රතිවිරුද්ද පැත්ත. ඒ නිසයි කෙනෙක්ට ලිංගික ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. ඒ නිසයි මිනිහෙක් වෙන ගෑණියෙක් එක්ක වත්, ගෑණියෙක් තව මිනිහෙක් එක්කවත් ඉන්නවට අනෙක් කෙනා කැමති නැත්තේ. ඒ නිසා තමයි කෙල්ලෙක් දිහා වෙන කොල්ලෙක් හැරිලා බැලුවත් යාලුවෙලා ඉන්න එකාට මළ පනින්නේ. කොල්ලා වෙන කෙල්ලක් දිහා බැලුවත් කෙල්ලට නහුතෙට තද වෙන්නේ'
'ඉතිං ඒකනේ ඒ සම්බන්දෙට ආදරේ කියලා නමක් දීලා තියෙන්නේ'
'ආදරේ තියෙනවානම් කොහොමද ඒ විදියට ආත්මාර්ථයක් මතු වෙන්නේ ?'
'ඔයා කියන්නේ ආදරේ කියන්නේ තමන්ගෙ නෙවෙයි වගේ ඉන්නවා කියන් එක ද ?'
'නෑ'
'එහෙනම් මොකද්ද ?'
'ආදරේ කියන්නේ ආත්මාර්ථයෙන් තොර බව'
'තමන්ගේ කරගන්නේ නැත්නම් මොකද්ද එතක තියෙන ආදරේ ?'
'ආදරේ කරන කෙනෙක් කවදාවත් මෙයා මගේ ම වෙන්න ඕනෑ කියලා හිතන්නෙවත් නෑ'
'ඔයා එහෙම ද?'
'ඔව්'
'ඒ කියන්නේ ඔයාගෙ කෙනා වෙන කෙනෙක් එක්ක ගියාට ඔයාට දුකක් නෑ'
'දුකක් දැනෙයි. ඒත් දුක හිතන්නේ නෑ'
'ඔයා එයා ගැන එහෙම හිතන් ඉන්නවා කියලා එයා දන්නව ද?'
'මං ගැන දන්නෙ නැත්නම් මමයි එයයි අතරේ සම්බන්ධයක් ගොඩනැගෙන්නේ කෙහොමද?'
'ඒක එයාට දුකක් කියලා ඔයා හිතන්නේ නැද් ද?'
'දෙන්නෙක් කවදාවත් එකම විදිය වෙන්නේ නෑනේ. හැම දෙනා ම හැම වෙලාවෙම අනිවාර්යෙන් ම එක් කෙනෙක්ට එක් කෙනෙක් වෙනස් වෙනවා. ඒ නිසා මම දුක නොහිතුවට එය දුක නොහිතයි කියන තහවුරුව දෙන්න මට බෑ'
'ඒත් එයා ඉන්නේ දුකින් නම් ?'
'දුකින් නම් මගෙත් එක්ක ඉන්න උවමනාවක් නෑනේ'
'සමහරවිට එයා දුකින් හරි ඔයා ළඟ ඉන්නේ ලොකු කැපකිරීමක් කරලා වෙන්න පුළුවන්'
'ඇයි කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කරන්නේ ?'
'සමහරවිට පවුල් ජීවිතයක් හරියට ගතකරන්න ඒ කැපකිරීම් නැතිව බෑ'
'ඒ කියන්නේ කෙනෙක් කැපකිරීමක් කරන්නේ තමන්ගේ පවුල රැකගන්න ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් කොහොම ද දෙන්නෙක් ඉස්සරහට ජීවත්වෙන්නේ ?'
'ඒ කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් තමන් කැමතිම දෙයක් බිල්ලට දීලා, ඒ වෙනුවට පවුලේ සතුට අපේක‍ෂා කරනවා ?'
'බොහෝ දුරට එහෙමයි'
'ඒත් එක් කෙනෙක් කරන කැපකිරීමට සාධාරණය ඉටුකරන්න අනිත් කෙනාට බැරි වුණොත් ?'
'එතන ගැටුමක් නිර්මාණය වෙනවා'
'ඒ කියන්නේ තමන් කැමති දෙයක් කැප කරලා ඒකට හිලවු වෙන්න තමන් කැමති තවත් දෙයක් නොලැබුණොත් එතන අර්බුදයට යනවා'
'කැපකිරීමට සාධාරණයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ ආදරය කරලා විවාහ වුණත්, යම් යම් කාරණාවලදී මතුවෙන ව්‍යාකූලතාවන් සමනය කරගන්න එක් එක්කෙනා වෙන වෙනම කැපකිරීම් කරලා, ඒවාට සාධාරණයක් වෙයි කියන අපේක‍ෂාවෙන් ඉන්නවා කියන එකයි'
'දෙන්නට ම දෙන්නා ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ'
'ඔයා කියන විදියට නම් මෙන්න මෙහෙමයි. හරියට අපි කඩේකට බනිස් කන්න ගිහින්, කන්න බනිස් තිබුණේ නැති නිසා, ඒ වෙනුවට සල්ලි දීලා ගල් බනිස් කනවා වගේ වැඩක්. හැබැයි අපිට ගල් බනිස් වුණත් බනිස් කියලා හිතාගෙන කන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන්න ඕනෑ. ඕකනේ ඔයා කියන්නේ, එක් කෙනෙක්ගෙ කැපකිරීමට අනිත් කෙනාගෙන් සාධරණය වෙන්න ඕනෑ කියලා ?'
'මම කියන්නේ යහපත්, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය වෙන දේවල්'
'ඒ කියන්නේ කුණු ගෑවුනු ඇඳුමක කුණු අයින්කරනවා වාගේ'
'ඒ කිවුවේ ?'
'කෙනෙක්ට තමන්ගෙ ඇඳුමේ තියෙන කුණු ටික යවා ගන්න ඕනෑ තරම් විකල්ප තියෙනවා. වොෂින් මැෂින් එකෙන් හෝදන්න පුළුවන්, ගලේ ගහලා හෝදන්න පුළුවන්, අතින් අතුල්ල්ලා හෝදන්න පුළුවන්, රින්සෝ දැම්මත්, සර්ෆ් එක්සෙල් දැම්මත්, සන්ලයිට් දැම්මත්, පර්ල්වයිට් දැම්මත් කුණු යනවා නම් එච්චරනේ. ඒකනේ ඔයා කියන්න යන්නේ ?'
'ඔයා ආදරය කරලා බඳිනවටයි පවුල් ජීවිතේටයි කැමති නෑ වගේ'
'මම කියන්නේ එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන්න බෑ කියලා'
'එහෙමම බැරිනම් ඇයි ඔයා ඔයාට කෙනෙක් හොයා ගත්තේ ?'
'ඒක ආදරේ මත ම වත්, සෙක්ස් මත ම වත් තීරණය වෙච්ච දෙයක් නෙවෙයි'
'එහෙනම් ඔයාලා දෙන්නා අතර සම්බන්ධයක් ඇති වුණේ ?'
'හැම සම්බන්ධයක් ම ආදර සම්බන්ධයක් කියලා වටහා ගන්න එකත් වැරදි යි'
'ඒ කියන්නේ ඔයාලා අතරේ තියෙන්නේ ආදර සම්බන්ධයක් නෙවෙයි'
'මම එයාට ආදරේ කරනවා'
'ආදරයක් නැත්නම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ, සම්බන්ධයක් නොතාබුණොත් සෙක්ස් තියෙන්නේ නෑ'
'නෑ, ආදරයයි සම්බන්ධයයි දෙකම නැතිව උණත් සෙක්ස්වලට පැවැත්මක් තියෙනවා'
'ඔයා අදහස් කරන්නේ අමු ම අමු සෙක්ස්'
'සෙක්ස් කිවුවාම ඒක සෙක්ස් ම විතරයි. හැබැයි අපේ ක්‍රමය ඇතුලේ ඒක අමුවට කෙරෙනවා වෙනුවට වහගෙන කරනවා'
'ඒ අනිත් කෙනොට තියෙන ආදරේ නිසා'
'නෑ. තමන් සෙක්ස් කරනවා වෙන කෙනෙක් දකී කියන බයට. හැබැයි කොච්චර වහගෙන කළත් හැමෝම කරන්නේ එකම දේ නේද කියලා කවුරුත් කල්පනා කරන්නේ නෑ'
'ඒක තමයි සභ්‍යත්වයේ සීමාව'
'සෙක්ස්වලටවත් ආදරේටවත් සභ්‍යත්වයේ නෙවෙයි මොනම සීමාවක් වත් දාන්න බෑ'
'නෑ, පුළුවන්, ඒක නිසා තමයි තවත් කෙනෙකුට ආදරේ කරන්නේ. එයාට විතරමක්'
'නෑ. ආදරේට බෑ එක්කෙනෙක් විතරයි, ඒ දෙන්නා කොල්ලයි කෙල්ලයි ම විතරයි කියන සීමාව දාන්න'
'එහෙම නෙවෙයි නම් ඒක අනුමත වෙන්නෙ නෑ'
'අනුමත නොවෙනවා කියලා ආදරේ නොකර ඉන්න බෑ'
'ආදරේ කියලා සභ්‍යත්වයෙන් පිට දේවල් කරන්න බෑ'
'ඒත් මම එක්කෙනෙක්ට කියලා විශේෂයක් කරන්නේ නෑ'
'ඒ කියන්නේ ඔයා හොමෝ සෙක්ස් වලට කැමතියි'
'ඇයි, මට මගේ ම සෙක්ස් එකේ කෙනෙක්ට ආදරේ කරන්න බැරි ද?'
'එහෙමනම් ඔයා හොමෝ සෙක්ෂුවල් වෙන්න ඕනේ'
'මම කියන්නේ ආදරේ කිරීම ගැන. ඒ ආදරේ ඇතුලේ සෙක්ස් නෑ'
'ආදරේ ඇතුලේ සෙක්ස් නැතිව ඒ ආදරේට පැවැත්මක් නෑ. එහෙම සෙක්ස් නැත්නම් අඩුම තරමේ එක් කෙනෙක්ගේ අතක්වත් අනිත් කෙනා අල්ලන්න බෑ'
'එහෙම අල්ලන්නේ ආදරේට නෙවෙයි. ආකර්ශනයට. එතන තමයි සෙක්ස් තියෙන්නේ'
'ඒ කියන්නේ ඔයා මමත් එක්කත් සෙක්ස් කරන්න කැමතියි'
'ඔයා හිතන්නේ මට බැරි වෙයි කියල ද?'
'නෑ, මම ඇහුවේ කැමතියි නේ ද කියලා'
'කෙල්ලෙක් එක්ක කොල්ලෙක්වත්, කොල්ලෙක් එක්ක කෙල්ලක් වත් සෙක්ස් කරන්න අකමැති වෙන්නෙ නෑ'
'ඇයි ?'
'එතන තියෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය. හැබැයි මම ඔයත් එක්ක සෙක්ස් කළා කියන්නේ මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්ත කියන එකත් නෙවෙයි.'
'එහෙනම් ?'
'බැඳීමක් තියෙන්න පුළුවන්'
'ආදරයක් ඇතිවෙන්නේ නැද්ද ?'
'ඔයත් එක්ක සෙක්ස් කළත් නොකළත් මම ඔයාට ආදරේ කරනවා නම්, ඒකට සෙක්ස් අදාළ වෙන්නෙ නෑ'
'එහෙනම් ඒ කියන්නේ පරම පිවිතුරු නිරාමිස ආදරයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ කිසිම බැඳීමක් නැති අදරයක්'
'ආදරයක් නම් බැඳීමක් තියෙනවා මයි'
'නිරාමිස වෙනවා කියන්නේ ආයේ බැඳීමක් තියෙන්න බෑ කියන එක'
'බැඳීමකින් තොර ආදරේට පැවැත්මක් නෑ'
'ආදරෙන් තොර බැඳීමකට දුර යන්න බැරි වුණත්, බැඳීමකින් තොර ආදරයට අනන්තය දක්වාම යන්න පුළුවන්'
'ආදරේ කියන්නෙ ම බැඳීමක්'
'නෑ, හරියට ම ආදරේ කරනවා නම් එතන කිසිම බැඳීමක් තියෙන්න විදියක් ඇත්තෙම නෑ'
'ඒ කියන්නේ ඔයා එයාව ආශ්‍රය කරන්නේ ඔයාගේ සෙක්ස්වලට තියා ගන්න'
'මම මගේ යාළුවන්ට ගොඩාක් ආදරෙයි'
'හෝමෝ සෙක්ෂුවල් අයට විරුද්ධලිංගික ආශාව අඩුයි'
'ආදරේ බයිසෙක්ෂුවල් හරි සෙක්ෂුවල් හරිකියනවට මම මුළුමනින් ම විරුද්ධයි'
'ඔයා කොච්චර ඔයාගේ මතේ ම හිටියත් සමාජය පිළිගන්න දේට අභියෝග කරන්න ඔයාට බෑ'
'මට ඔයාට අභියෝග කරන්න පුළුවන්'
'ඔව්'
'ඒ කියන්නේ මම සමාජයට අභියෝග කරනවා කියන එක ම තමයි'
'නෑ. ඔයා අභියෝග කරන්නේ මාත් එක්ක විතරයි'
'ඔයාට මේ සමාජයෙන් තොර පැවැත්මක් නෑ'
'ඔයාටත් එහෙමයි'
'ඒ නිසා තමයි මම සමාජයට අභියෝග කරනවා වෙන්නේ'
'නෑ'
'නැත්තෙ නෑ. ඔයාටවත්, මටවත් සමාජයෙන් තොර පැවැත්මක් නැත්නම්, ඔයත් මමත් මේ සමාජයේ ම කොටස් දෙකක් නම්, ඔයයි මමයි කරන කියන හැමදේට ම සමාජයීය වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මම අභියෝග කරන්නේ සමස්ත සමාජයත් එක්ක'
'ඒ ඔයා කියන විදියට'
'නෑ. ඒක එහෙම තමයි, හැබැයි ඔයා පිළිගන්න බයයි'
'ඒ මම ඔයාට කැමති නිසා'
'කැමැත්ත කියන්නේ ආදරේ නෙවෙයි නේ'
'ආදරයක ආරම්භය කැමැත්ත වෙන්න පුළුවන්'
'නෑ. ආදරය කරන්න කැමතිවෙන්න ඕනෙම නෑ'
'ඒ කියන්නේ ඔයා මට ආදරෙයි'
'මගේ ආදරේ තියෙන්නේ ඔයාට ගොඩාක් දුරින්'
'කාට ද?'
'ආදරේට'
'ඒ කියන්නේ'
'සොබා දහම වගේ ම'

සඳකැලූම් රසාංජන

8/6/10

අසල්වැසියාට පේ‍්‍රම කිරීම වෙනුවට අනුකම්පා කිරීම

සාමිනාදන් විමල්
(කවියෙකු, භාෂා පරිවර්තකයෙකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු සහ  යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි)

යුද්ධයෙන් පීඩිත උතුරුකරයේ දෙමළ ජනතාව වෙත සානුකම්පිත දෘෂ්ඨියකින් බැලීම යුගයේ අවශ්‍යතාව යැයි පවසන බොහෝ දෙනෙකු මානව හිතවාදින් ලෙස ඇඟයීමට ලක්වෙති. දෙමළ ජනතාවගේ ”දුක්ගැනවිළිවලට” විසඳුම් ලබා දිය යුතුයැයි කියන්නන්ද මේ ගණයටම වැටෙති. ඇත්තෙන්ම මෙය බරපතල මංමුලාවක ප‍්‍රතිඵලයකි. අනුකම්පාව ඇගයිය යුතු දෙයක් බව සත්‍යයකි. නමුත් එය කිසිසේත්ම උදුරාගෙන ඇති අයිතීන් වලට ආදේශකයක් නොවෙයි.
අනුකම්පාව කි‍්‍රයාත්මක වන්නේ එයට ලක්වන්නා දුර්වල තත්ත්වයක
සිටින සහ තමන්ට වඩා අනුකම්පාවට ලක්වන්නා පහළ මට්ටමකසිටිනතාක් පමණි. මානසික වශයෙන් ගත්කළ යමෙක් කෙරෙහි අනුකම්පාවක් උපදවා ගැනීමද ඒ අනුව අදාළ පුද්ගලයාට යම් උපකාරයක් කිරීමද එතරම් අසීරු කටයුත්තක් නොවෙයි. නමුත් අනෙකාද තමා මෙන්ම සමාන තැනැත්තෙක් ලෙසත් තමන්ට හිමි අයිතීන් ඔහුට හෝ ඇයටත් ඒ අයුරින්ම හිමි විය යුතුය යනුවෙන් පිළිගැනීම ශිෂ්ටාචාරයකට ලක්නොවූ සමාජයක ඉතාමත් අසීරු කරුණක් බව අත්දකින සත්‍යයයි. එවන් තත්ත්වයක් තුළ අනෙකාගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම යනු ඉතාමත් සීමිත පිරිසකට පමණක් ප‍්‍රහේළිකාවක් නොවන්නකි. උතුරුකරයට පැමිණෙන අති බහුතරයකින් සුළුතරයක් වූ පෑරුණු හෘදය සාක්‍ෂියක් සහිත පිරිස් සමඟ දොඩමළුවීමෙන් දැන ගන්නට ලැබුණු ආකල්ප මෙවන් අටුවාවක අවශ්‍යතාව ඇති කිරීමට සමත්විය.
දකුණින් පැමිණෙන සිංහල ජනතාව වෙනුවෙන්වූ ප‍්‍රදර්ශනාත්මක වස්තුවක් බවට තමන් පත්වි ඇත යන සිතුවිල්ල බොහෝ දෙමළ ජනතාව තුළ ජනිත කිරීමට සමත්ව ඇත. දෙන දෙයක් ලබා ගන්නවා මිස අයිතියක් ලෙස කිසිවක් ඉල්ලා නොසිටිය යුතුය යන්නද ගොවිතැනින් ලැබෙන අස්වැන්නෙන් කැඩී බිදී ගිය ගේදොර හදා ගතයුතුය යන්නද අවධාරණය කෙරෙන තත්ත්වයක් තුළ එය ආශ්චර්යයට පත් විය යුතු කරුණක්ද නොවෙයි. වන්නියේ වසන යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ගැන අනුකම්පා කරන්නන් එම ජනතාවට ද්‍රව්‍යමය වශයෙන් යම් ආධාරයක් කිරීම යන මට්ටමට මානවවාදී වුවද යාපනයෙහි දක්නට ලැබෙන සාපේක්‍ෂකව සංවර්ධනාත්මක තත්ත්වය සැළකිල්ලට ගෙන ‘දෙමළ අයට ඇති ප‍්‍රශ්නය කුමක්ද?’ යන ප‍්‍රශ්නය වෙනත් වචනවලින් අසති. යම් යම් ව්‍යතිරේඛයන් පැවැතියද ජාතිවාදය හමුවේ ධනවත් පොහොසත් භේදය එතරම් වැදගත් නොවන බව දෙමළ ජනතාව ඉගෙන ගත්තේ 1983 කළු ජූලියේදී පමණක් නොවෙයි. ඊට පෙර මෙන්ම පසුවද එය යථාර්ථයක් විය.
අනෙක් අතට දෙමළ ජනතාවගේ ජාතික පීඩනය හුදෙක් බෙදුම්වාදී කුමන්ත‍්‍රණයක් ලෙසට වරදවා තේරුම් කරදුන් වාමාංශික ලෙස හඳුන්වාගත් දේශපාලන ධාරාවන්ද අනුකම්පාව නම් සීමාවෙන් එහාට යෑමට සමත්වූවේ නැත. සමාජවාදී පාලනයත් සඳහා වූ ගමනේදී ජය ගතයුතු අභියෝගයක් ලෙස සලකා දෙමළ ජනතාවගේ ජාතික පීඩනයට විසඳුමක් සොයාගන්නවා වෙනුවට එය විදෙස් කුමන්ත‍්‍රණයක් ලෙස සලකා ප‍්‍රතිචාර දැක්වූ දකුණේ ග‍්‍රාමීය තරුණ දේශපාලනයද අවසානයේ දෙමළ ජන සංහාරයකට අපුලකින් තොරව දායකත්වය දැක්විම තේරුම් ගතයුත්තේ අනුකම්පාව මිස අයිතිය පිළිගැනීමට සමත් සාරවත් දේශපාලන සංස්කෘතියක් නොමැතිකමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
ගෝලීයකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් ජාතික පීඩනය නැතිවී යනු ඇතැයි සිහින දකින්නන්ද සිටිති. ගොඩගැසෙන භාණ්ඩ සහ සේවා විසින් ස්වාර්ථකාමියෙකු බිහි කෙරෙනු ඇතැයිද ඔහු තමා වෙනුවෙන් මිස අනෙකා වෙනුවෙන් සටන් නොකරයි යැයිද යන දෘඪ විශ්වාසය මේ අය තුළ පවති. දෙමළ ජනතාවගේ ජාතික පීඩනය යුද්ධයක් දක්වා වර්ධනය වූ බව පිළිගැනීමට අකමැති මෙකී කොටස් නැවැත එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට දෙමළ ජනතාව අවශෝෂණය කර ගැනීමයි යන සිතුවිල්ලෙන් යුක්තව කටයුතු කරති.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් යන්න කර්ණ කටුක වචන බවට පත්ව ඇත්නම් සුළුතරයේ අයිතිවාසිකම් යන වචන හෝ භාවිතා කිරීමට දෙමළ දේශපාලනය ප‍්‍රඥාගෝචර විය යුතුය.
ජාතික පීඩනය භාණ්ඩ සහ සේවාවන්ගේ සැඩ ප‍්‍රහාරයකින් අතුගා දැමිය හැකි යැයි සිතන්නේ නම් එය භයානක රෝගයක බාහිර සලකුණකි.

7/30/10

වීරයෝ මැරිලා




දේව කථාවල , නිසොල්ලාසවල අන්ධකාරේ

සිනමා පටවල....

පීර පීර මං හෙව්වා - මගේ ලෝකයට වීරයෙක්

මේ හදයාගේ අළුත්ම චිත්‍රපටියේ තේමා ගීතය.(මේක ගැන විචාරයක් ලියන්න නෙවෙයි මේ උත්සාහය) හදයා කියන්නේ ඇත්ත.අද අපිට වීරයෙක් නෑ.මේක තමයි අද තියෙන ප්‍රධානතම අවුල.නමට වීරයෝ ඕන තරම් ඉන්නවා.ලෙමන් පෆ් වීරයෝ,රට ජතිය බේරාගත්තා කියන වීරයෝ අද ඕන තරම් දකින්න පුළුවන්.ඒත් ඒ ඉන්නේ හැබෑ වීරයොද කියන එකයි ප්‍රශ්නේ.කොහොම වුනත් අද අපිට වීරයෝ නෑ.ඒකයි ප්‍රධානතම තර්කය.

ලංකාවේ වීරයෝ ගැන කියද්දි සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කැරළි ගහපු වීර කැප්පෙටිපොල,වීර පුරන් අප්පු වගේ වීරයෝ ගැන අපි කියනවා.ඒ අය කළේ වීර ක්‍රියාවක් ද?කියල මම ඇහුවොත් ඔබ කියාවි "පර සුද්දගෙන් අපේ රට බේරගත්ත එක විර ක්‍රියාවක් නෙවෙයිද?" කියලා.එතකොට ඒකට මම දෙන උත්තරේ තමයි"ඒක වීර ක්‍රියාවක් නෙවෙයි රටට කරපු අපරාධයක්" මෙහෙම කිව්වම ඔබට තරමක් කේන්ති යයි.

එකක් සුද්දා අපේ රට අතෑරියේ මෙහෙ අය කළා කියන අධිරාජ්‍යවිරෝධී අරගල නිසා නෙවෙයි.ඉන්දියාව අල්ලගත්තට පස්සේ සුද්දාට පේනවා ලංකාව හුදකලා දිවයිනක් විම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා.ඒ නිසයි සුද්දා ලංකාව අල්ලගන්නේ.ඊට පස්සේ මෙහෙ පස ඉන්දියාව හා සමාන නිසා වගා කටයුතු පටන් ගන්නවා.පස්සේ ඉන්දියාවෙන් මතුවෙන ප්‍රබල දේශප්‍රේමී අරගල නිසා සුද්දාට සිද්ද වෙනවා ඉන්දියාව අත්හැරල යන්න.ඒ නිසා තවදුරටත් ලංකාවෙන් වැඩක් නැති නිසා සුද්දා ලංකාවත් අත්හැරලා දානවා.මෙහෙ අපි උඩපනිනවා තාමත් අපේ වීරයෝ ජීවිතය කැප කරලා නිදහස දිනා දුන්න කියලා.සුද්දො අපේ රට දාල ගිය එකෙන් අපිට වුනේ අපරාදයක්.ඇයි සුද්දො හිටියනම් අද අපි හැමෝගෙම භාෂාව ඉංග්‍රීසි.එහෙනම් අද වෙනකොට අපි මීට වැඩිය දියුණුයි.

ඒ කියන්නේ අපි වීරයෝ කියල හිතාගෙන හිටිය අය වීරයෝ නෙවෙයි.ඊට පස්සේ ලංකාවේ වීරයෝ කියල කියන්න තරම් බිහිවෙන චරිත ගාන අතෙ ඇගිලි ගානටත් අඩුයි.ඒ වීරයෝ කවුරුත් අද ජීවතුන් අතර නෑ.තිලීපන් කියන්නේ සිංහල බහුතරයකට අනුව ත්‍රස්තවාදියෙක්.ඒත් තිලීපන් වීරයෙක්.තිලීපන් තමයි ස්වයං පාලන අයිතිය ඉල්ලලා මාරාන්තික උපවාසයකින් මියගියේ.කොයිතරම් කෑගැහුවත් අපේ එක දේශප්‍රේමියෙක් වත්උපවාස කරලා මැරුණේ නෑනේ.එතකොට විජේවීර,විජේවීරට තිබුනේ නැද්ද ප්‍රේමදාසත් එක්ක කථාකරල ආයුධ අත්හරින්න.එතකොට ප්‍රභාකරන් ?ලංකාවේ සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න ඕන තරම් අවස්ථාව තියෙද්දි අන්තිම තත්පරය දක්වා සටන් කරනවා.ඔබ අහයි එතකොට SF,MR,ගෝටා,ෂවීන්ද්‍ර වීරයෝ නෙවෙයිද? නෑ ඒ අය හැමෝම කළේ ජොබ් එක.එතකොට මේ ඊයෙ පෙරේදා සිරිකොත ළග ගිණිතියාගෙන මැරුන රියෙන්සි ඒ කළෙත් වීර කමක් නෙවෙයිද?තමන් උදෙසා ජීවත් වෙනවා වෙනවා වෙනුවට ගිණිතියාගෙන මැරෙන්න තරම් පෘතග්ජන මිනිහෙක් හිත හදාගන්නේ කොහොමද?

සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන් ලා

හැරී පොටර් ලා

වීරයෝ වුනා අපේ

( හදයගේ "විදු" චිත්‍රපටයේ තේමා ගීතයේ එන තවත් කොටසක්)

අද ඉන්නේ සුපර් මැන්ලා ස්පයිඩර් මෑන් ල වගේ Media වලින් හදපු වීරයෝ විතරයි.අපිට වීරත්වය ගැන අත්දැකීමක් සහ හැගීමක් නැති නිසා Media වලට පුලුවන් වෙනවා හරි ලස්සනට Readymade වීරයෝ අපේ ඔලු වලට දාන්න.මොකද Media කියන විදිහට පුකහෝදන්න පවා අද සමාජය පුරුදුවෙලා ඉන්න නිසා මේ වැඩේ තවත් ලේසි වෙලා තියෙනවා.ඒකයි රියෙන්සි ගිණි තියාගත්තට වැඩිය විමල්ගේ උපවාසෙ headlines අතරට යන්නේ.වීරයෙක් කියන්නේ පරමාදර්ශයක්.ඒ පරමාදර්ශය සමාජයක් ජීවත් කරවනවා.තව පරම්පරා ගානක් යැපෙන්නේ ඒකෙන්.මේ නිසා අපිට වීරයෝ නැතිකම ප්‍රබල හිස්කමක්.දේශපාලනිකව විතරක් නෙවෙයි අද කලාවෙත් විරයෝ නෑ.කාටද පුළුවන් හිතේ තියෙන දේ කෙලින්ම කියවෙන නිර්මාණයක් කරන්න.සුගතපාල ද සිල්වා,ධර්මසිරි බණ්ඩාරණායක,සයිමන් නවගත්තේගම,වගේ චරිත යළි බිහිවෙන කාලයක් එයි කියල කාටද විශ්වාස කරන්න පුළුවන්.

අද අපි දේශපාලනිකව හුදකලා වෙලා ඉවරයි.ඉන්න නායකයෝ තමන්ගේ ධුර කාලය වැඩිකරගන්නේ කොහොමද කියල කල්පනා කරනවා,ප්‍රධාන විපක්ෂයේ පුටු සටනක්,අනිත් පක්ෂ වල හෙළුව ජනතාවට හෙලිවෙලා ඉවරයි.එහෙම නම් කොහොමද වීරයෙක් බිහිවෙන්නේ.කොතනද වීරයෙකුට මතුවෙන්න ඉඩක් තියෙන්නේ.

(හදගම "විදු" ගීතය අවසන් කරන්නේ මෙහෙම)

දස අත සෙව්වත්-මුණ නොගැසී ගිය

තමන්ගේ ලෝකයේ සැබෑ වීරයා

තමා තුළම හදුනා ගන්න

තමා තුළම හදුනා ගන්න


 


 


 

7/16/10

යසෝදරා







සිද්ධාර්ථ නික්ම ගියේය
යසෝදරා තනිවිය
හොදවැඩේ යසෝදරා උඹට
මාව අමතක කරලා
රජ සැප හොයාගෙන ගියාට

6/11/10


Page last updated at 16:24 GMT, Wednesday, 9 June 2010 17:24 UK

Sri Lanka police detain young couples for kissing

Sri Lanka has a conservative attitude towards public displays of affection Police in two Sri Lankan towns have detained nearly 200 young couples they accuse of indecent behaviour.

Locals complained the young lovers were kissing, cuddling or simply holding hands, reports say.

In the central town of Kurunegala about 350 youngsters have been detained and reprimanded in the past two weeks.

Police have gone further in another town - Matara in the south - where 22 allegedly offending couples are to appear before a magistrate on Friday.

මේක ලංකාව ගැන බීබීසි එකේ ගිය අළුත්ම News එක.මම මීට කලින් දාපු Blog post එකේ කිව්ව දෙයට ලිඛිත සාක්ෂියක් විදිහට ගන්න පුලුවන්.මේක ලංකාව තලේබාන්කරණය වීමේ පෙර නිමිත්තක්. කොල්ලන්ට කෙල්ලන්ට love කරන්නත් නිදහස නෑ.ඔහොමවත් නිදහසේ ඉන්න උන්ට ඉන්න දෙන්නේ නැත්තම් ඊළගට වෙන්නෙ මොකක්ද?උන් කීයක් හරි හොයාගෙන කාටවත් මාට්ටු නොවෙන්න කොහෙහරි Room එකකට යන එක.මං අර මුල ලිපියේ(sex,magic සහ අපි 1)ලිව්ව ලිංගික කුතුහලය තියෙන උන් එහෙම තැනකට ගියාම මොකද වෙන්නේ.කෙල්ලට වෙනවා තාත්තෙක් නැති දරුවෙක් බිහිකරන්න.ඊට පස්සෙ වෙනවා ඒ දරුවා කුණු ගොඩකට හරි වැසිකිළි වලකට හරි දාල මරල දාන්න.ඊට පස්සේ දරුව මරපු අම්ම හිරගෙට,කෙල්ල Rape කළාට කොල්ලත් හිරගෙට. මේක හරිද?

මේක බොරු සුචරිතවාදීන්ගෙන් පිරිච්ච රටක්.මුන් ඔක්කොම අමුඩේ ඇදගෙන Full suit වලට හූ කියන ජාතියක්.කොල්ලොන්ට කෙල්ලොන්ට හැගීම් ප්‍රකාශ කරන්න,හුවමාරු කරගන්න තහනම්.උන්ට හොදයි කෙල්ලෝ ගෑණු ලිංගිකව සුරාකන්න.බස් එකේදි ජැක් ගහන්න,මගතොටේදි ඇස් වලින් යංතං පේන තැනක් බලල සවයං වින්දනය කරන්න.හොරෙන් හොදයි,එළිපිට නරකයි.පුදුම කාළකන්නි රටක්.