7/30/10
වීරයෝ මැරිලා
දේව කථාවල , නිසොල්ලාසවල අන්ධකාරේ
සිනමා පටවල....
පීර පීර මං හෙව්වා - මගේ ලෝකයට වීරයෙක්
මේ හදයාගේ අළුත්ම චිත්‍රපටියේ තේමා ගීතය.(මේක ගැන විචාරයක් ලියන්න නෙවෙයි මේ උත්සාහය) හදයා කියන්නේ ඇත්ත.අද අපිට වීරයෙක් නෑ.මේක තමයි අද තියෙන ප්‍රධානතම අවුල.නමට වීරයෝ ඕන තරම් ඉන්නවා.ලෙමන් පෆ් වීරයෝ,රට ජතිය බේරාගත්තා කියන වීරයෝ අද ඕන තරම් දකින්න පුළුවන්.ඒත් ඒ ඉන්නේ හැබෑ වීරයොද කියන එකයි ප්‍රශ්නේ.කොහොම වුනත් අද අපිට වීරයෝ නෑ.ඒකයි ප්‍රධානතම තර්කය.
ලංකාවේ වීරයෝ ගැන කියද්දි සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කැරළි ගහපු වීර කැප්පෙටිපොල,වීර පුරන් අප්පු වගේ වීරයෝ ගැන අපි කියනවා.ඒ අය කළේ වීර ක්‍රියාවක් ද?කියල මම ඇහුවොත් ඔබ කියාවි "පර සුද්දගෙන් අපේ රට බේරගත්ත එක විර ක්‍රියාවක් නෙවෙයිද?" කියලා.එතකොට ඒකට මම දෙන උත්තරේ තමයි"ඒක වීර ක්‍රියාවක් නෙවෙයි රටට කරපු අපරාධයක්" මෙහෙම කිව්වම ඔබට තරමක් කේන්ති යයි.
එකක් සුද්දා අපේ රට අතෑරියේ මෙහෙ අය කළා කියන අධිරාජ්‍යවිරෝධී අරගල නිසා නෙවෙයි.ඉන්දියාව අල්ලගත්තට පස්සේ සුද්දාට පේනවා ලංකාව හුදකලා දිවයිනක් විම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා.ඒ නිසයි සුද්දා ලංකාව අල්ලගන්නේ.ඊට පස්සේ මෙහෙ පස ඉන්දියාව හා සමාන නිසා වගා කටයුතු පටන් ගන්නවා.පස්සේ ඉන්දියාවෙන් මතුවෙන ප්‍රබල දේශප්‍රේමී අරගල නිසා සුද්දාට සිද්ද වෙනවා ඉන්දියාව අත්හැරල යන්න.ඒ නිසා තවදුරටත් ලංකාවෙන් වැඩක් නැති නිසා සුද්දා ලංකාවත් අත්හැරලා දානවා.මෙහෙ අපි උඩපනිනවා තාමත් අපේ වීරයෝ ජීවිතය කැප කරලා නිදහස දිනා දුන්න කියලා.සුද්දො අපේ රට දාල ගිය එකෙන් අපිට වුනේ අපරාදයක්.ඇයි සුද්දො හිටියනම් අද අපි හැමෝගෙම භාෂාව ඉංග්‍රීසි.එහෙනම් අද වෙනකොට අපි මීට වැඩිය දියුණුයි.
ඒ කියන්නේ අපි වීරයෝ කියල හිතාගෙන හිටිය අය වීරයෝ නෙවෙයි.ඊට පස්සේ ලංකාවේ වීරයෝ කියල කියන්න තරම් බිහිවෙන චරිත ගාන අතෙ ඇගිලි ගානටත් අඩුයි.ඒ වීරයෝ කවුරුත් අද ජීවතුන් අතර නෑ.තිලීපන් කියන්නේ සිංහල බහුතරයකට අනුව ත්‍රස්තවාදියෙක්.ඒත් තිලීපන් වීරයෙක්.තිලීපන් තමයි ස්වයං පාලන අයිතිය ඉල්ලලා මාරාන්තික උපවාසයකින් මියගියේ.කොයිතරම් කෑගැහුවත් අපේ එක දේශප්‍රේමියෙක් වත්උපවාස කරලා මැරුණේ නෑනේ.එතකොට විජේවීර,විජේවීරට තිබුනේ නැද්ද ප්‍රේමදාසත් එක්ක කථාකරල ආයුධ අත්හරින්න.එතකොට ප්‍රභාකරන් ?ලංකාවේ සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න ඕන තරම් අවස්ථාව තියෙද්දි අන්තිම තත්පරය දක්වා සටන් කරනවා.ඔබ අහයි එතකොට SF,MR,ගෝටා,ෂවීන්ද්‍ර වීරයෝ නෙවෙයිද? නෑ ඒ අය හැමෝම කළේ ජොබ් එක.එතකොට මේ ඊයෙ පෙරේදා සිරිකොත ළග ගිණිතියාගෙන මැරුන රියෙන්සි ඒ කළෙත් වීර කමක් නෙවෙයිද?තමන් උදෙසා ජීවත් වෙනවා වෙනවා වෙනුවට ගිණිතියාගෙන මැරෙන්න තරම් පෘතග්ජන මිනිහෙක් හිත හදාගන්නේ කොහොමද?
සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන් ලා
හැරී පොටර් ලා
වීරයෝ වුනා අපේ
( හදයගේ "විදු" චිත්‍රපටයේ තේමා ගීතයේ එන තවත් කොටසක්)
අද ඉන්නේ සුපර් මැන්ලා ස්පයිඩර් මෑන් ල වගේ Media වලින් හදපු වීරයෝ විතරයි.අපිට වීරත්වය ගැන අත්දැකීමක් සහ හැගීමක් නැති නිසා Media වලට පුලුවන් වෙනවා හරි ලස්සනට Readymade වීරයෝ අපේ ඔලු වලට දාන්න.මොකද Media කියන විදිහට පුකහෝදන්න පවා අද සමාජය පුරුදුවෙලා ඉන්න නිසා මේ වැඩේ තවත් ලේසි වෙලා තියෙනවා.ඒකයි රියෙන්සි ගිණි තියාගත්තට වැඩිය විමල්ගේ උපවාසෙ headlines අතරට යන්නේ.වීරයෙක් කියන්නේ පරමාදර්ශයක්.ඒ පරමාදර්ශය සමාජයක් ජීවත් කරවනවා.තව පරම්පරා ගානක් යැපෙන්නේ ඒකෙන්.මේ නිසා අපිට වීරයෝ නැතිකම ප්‍රබල හිස්කමක්.දේශපාලනිකව විතරක් නෙවෙයි අද කලාවෙත් විරයෝ නෑ.කාටද පුළුවන් හිතේ තියෙන දේ කෙලින්ම කියවෙන නිර්මාණයක් කරන්න.සුගතපාල ද සිල්වා,ධර්මසිරි බණ්ඩාරණායක,සයිමන් නවගත්තේගම,වගේ චරිත යළි බිහිවෙන කාලයක් එයි කියල කාටද විශ්වාස කරන්න පුළුවන්.
අද අපි දේශපාලනිකව හුදකලා වෙලා ඉවරයි.ඉන්න නායකයෝ තමන්ගේ ධුර කාලය වැඩිකරගන්නේ කොහොමද කියල කල්පනා කරනවා,ප්‍රධාන විපක්ෂයේ පුටු සටනක්,අනිත් පක්ෂ වල හෙළුව ජනතාවට හෙලිවෙලා ඉවරයි.එහෙම නම් කොහොමද වීරයෙක් බිහිවෙන්නේ.කොතනද වීරයෙකුට මතුවෙන්න ඉඩක් තියෙන්නේ.
(හදගම "විදු" ගීතය අවසන් කරන්නේ මෙහෙම)
දස අත සෙව්වත්-මුණ නොගැසී ගිය
තමන්ගේ ලෝකයේ සැබෑ වීරයා
තමා තුළම හදුනා ගන්න
තමා තුළම හදුනා ගන්න
7/16/10
6/11/10
Page last updated at 16:24 GMT, Wednesday, 9 June 2010 17:24 UK
Sri Lanka police detain young couples for kissing
Sri Lanka has a conservative attitude towards public displays of affection Police in two Sri Lankan towns have detained nearly 200 young couples they accuse of indecent behaviour.
Locals complained the young lovers were kissing, cuddling or simply holding hands, reports say.
In the central town of Kurunegala about 350 youngsters have been detained and reprimanded in the past two weeks.
Police have gone further in another town - Matara in the south - where 22 allegedly offending couples are to appear before a magistrate on Friday.
මේක ලංකාව ගැන බීබීසි එකේ ගිය අළුත්ම News එක.මම මීට කලින් දාපු Blog post එකේ කිව්ව දෙයට ලිඛිත සාක්ෂියක් විදිහට ගන්න පුලුවන්.මේක ලංකාව තලේබාන්කරණය වීමේ පෙර නිමිත්තක්. කොල්ලන්ට කෙල්ලන්ට love කරන්නත් නිදහස නෑ.ඔහොමවත් නිදහසේ ඉන්න උන්ට ඉන්න දෙන්නේ නැත්තම් ඊළගට වෙන්නෙ මොකක්ද?උන් කීයක් හරි හොයාගෙන කාටවත් මාට්ටු නොවෙන්න කොහෙහරි Room එකකට යන එක.මං අර මුල ලිපියේ(sex,magic සහ අපි 1)ලිව්ව ලිංගික කුතුහලය තියෙන උන් එහෙම තැනකට ගියාම මොකද වෙන්නේ.කෙල්ලට වෙනවා තාත්තෙක් නැති දරුවෙක් බිහිකරන්න.ඊට පස්සෙ වෙනවා ඒ දරුවා කුණු ගොඩකට හරි වැසිකිළි වලකට හරි දාල මරල දාන්න.ඊට පස්සේ දරුව මරපු අම්ම හිරගෙට,කෙල්ල Rape කළාට කොල්ලත් හිරගෙට. මේක හරිද?
මේක බොරු සුචරිතවාදීන්ගෙන් පිරිච්ච රටක්.මුන් ඔක්කොම අමුඩේ ඇදගෙන Full suit වලට හූ කියන ජාතියක්.කොල්ලොන්ට කෙල්ලොන්ට හැගීම් ප්‍රකාශ කරන්න,හුවමාරු කරගන්න තහනම්.උන්ට හොදයි කෙල්ලෝ ගෑණු ලිංගිකව සුරාකන්න.බස් එකේදි ජැක් ගහන්න,මගතොටේදි ඇස් වලින් යංතං පේන තැනක් බලල සවයං වින්දනය කරන්න.හොරෙන් හොදයි,එළිපිට නරකයි.පුදුම කාළකන්නි රටක්.
5/30/10
5/24/10
පව්කාරයා යැයි මට මුලින්ම කීවේ ඔබය
එහෙව් පව්කාරයා ගල් ගසා මරා දමන දින
අවසානයටම පැමිණ
අන්තිම ගල් කැටය
අතට ගෙන
එයද නොගසා
බිමහෙලා යන්නී ද
නුඔමය
5/7/10
යාපනය දැන් ගොඩාක් අයගේ සිහින නගරය වෙලා.හමොම හිතන්නේ යාපනයේ යන එක ට්‍රෙන්ඩ් එකක් කියලා.යුද්දෙන් විනාස උන(අපිම විනාස කරපූ)දේවල් බලලා,දකුනේ ඉදලා හුරේ දාපු ගේම් එකේ රිසල්ට් බලලා ආතල් ගන්නයි ගොඩක් අය යන්නේ.
කවුරුත් හිතන්නේ නැ යාපනේ පොලවට මිහිදන් වෙලා තියෙන මිනී ගැන,උතුරේ දෙමල තරුනයින්ගේ ,ලමයින්ගේ හෙට දවස ගැන.
දැන් අවුරුදු 20 ත් 30ත් අතර ඉන්න දෙමල තරුනයාගේ මානසිකත්වය ගැන.
ඉස්සර ප්‍රභාකරන් යුද්ද කරන්න ගන්නේ සිංහල දෙමල සුහදතාවය හොදටම තිබුන කාලෙ.ඒ කාලේ යාපනේ තරුනයා පොත පත කියවන හරි සංවෙදී තරුනයෙක්.(සංවෙදී නයකයො නෙවේ)එහෙම තරුනයා සමාජ අසාදරනයට එරෙහි වීම මෙ තරම් බලපැව නම්,අර ඉපදුන දවසෙ ඉදල යුද්දෙ ගැන විතරක් දන්න,සාහිත්යයක් කියල දෙයක් තබා මලපොතේ අකුරක් නොදන්න දමිල තරුනයා මීලගට ආයුද අතට ගත්තොත් මොන වගෙ තත්වයක් උදා වෙයිද?
ප්‍රශ්නය තියෙන්නෙ එතන,හැබැයි තවමත් ඒ තරුනයින්ගේ ප්‍රශ්නය එතනම්යි.සන්වෙදී නායකයො කවුරුත් තවමත් ඒ තරුනයො දිහා බලලා නැහැ.
ඒක බරපතල තත්වයක්.
දන් යාපනයේ මහවිරු සොහොන් ඩොසර් කරල දාල.දන් තන්ගම්මට තමන්ගෙ පුතා වලලපු තැනක් වත් නැහැ මලක් තියල සිහිකරන්න,ඒක මොනතරම් පාපයක්ද?
කිලිනොච්චියෙ සිවකුමාර් ටකරන් මඩුවක පිච්චි පිච්චි ඉද්දි අපි ඒ සී වාහනවල අව් කන්නාඩි දාල උන්ගෙ කැඩුනු බිදුනු ජීවිත දිහා බලලා ආතල් ගන්න යනවා.ඒක හරිද?
මෙ ආතල් ගැනිල්ලට උන් විරුද්ද වෙන දවස අත ලගයි.හැබයි ඒ විරුද්ද වීම එදාට වැඩිය දරුනු වෙවි.එදාට මෙ ආතල් ඔක්කොම ඉවරයි


