2/3/12

නපුංසක නිදහස


ඇත්තටම අපි නිදහස්ද? 64 වන ජාතික නිදහස් දිනය මහ ඉහළින් සැමරෙන මේ මොහොතේ මේ ගැන තවත් වරක් සිතාබැලිය යුතුව පවතී.අද අපි නිදහස දිනාගත් බව කියමින් උදම් අනමින් සිටිමු.සැබැ ලෙසම නිදහස දිනා ගැනීම සදහා සටන් කළෝ කවරහුද?එංගලන්තයේ ඉගෙනගෙන කළු සුද්දන්ගේ පරම්පරාවේ උන් බලයට කෑදරකමින් මෙරට නිදහස වෙනුවෙන් පෙනී සිටියා පමණි.අප දිනාගත් නිදහසක් නැත.සුද්දා අපිව නිදහස් කළේද නැත.අතහැර දැමුවේය.

අපිට නිදහස ලැබෙන්නේ 1948 දීය.නමුත් ඉන්දියාව අපට වසරකට පෙර එනම් 1947 දී සියලු ජාතීන් එක්වු සැබැ පොදු ජන අරගලයකින් නිදහස දිනා ගත්තේය.ඉන්දියාව අහිමි වූ පසු ලංකාවෙන් වැඩක් නැති බව සිතූ සුද්දා අපිව අතහැර දැමුවේය.සුද්දාට අවශ්‍ය වුයේ තම ඉන්දිය බලයට බලපෑම් එල්ලවිය ඇකි එකම අවස්ථාව වලක්වා ගැනීමටයි.එම නිසා සුද්දාට ඉන්දියාව අහිමි වූ පසු ශ්‍රීලංකාවෙන් ගත යුතු කජ්ජක් නොවීය.මෙරට වැවු තේ කුරුදු කෝපි වලින් ලද ආදායම මෙන් සියක් ගුණයක ආදායමක් ඉන්දියාවෙන් සුද්දා ලැබීය.

සියල්ල අවසානයේදී සුද්දා මෙරට අත්හැර දැමුවේ සරුසාරව වැවු තේ වගාවන්,දුම්රිය මාර්ග,කදුකර මාර්ග ආදී සියල්ලද සමගිනි.සුද්දා නොවන්නට අපි තවමත් උඩරට දුම්රිය මාර්ගය හදමින් සිටිමු.එසේ නම් කුමන් හෝ චීන සමාගමකට එම කොන්ත්‍රාත්තුවද පවරා,කොහෙන් හෝ ණය ගෙන එහි කොමිස් මුදල ගෙන සුපිරි දිවියක් ගතකරන පිරිසක්ද මෙරට බිහිවීම වැලැක්විය නොහැකිය.චීන්නුන් ගෙන් ණයට ගන්නා මුදල් වලින් කෙරෙන ඉදිකරීම් වලට ලැජ්ජා නැතිව නම දමාගන්නා නායකයෝ මෙරට සිටින බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

රටේ අධ්‍යාපනය කඩා වැටී තිබේ.ණයට කකා බිබි ජොලි කරනවා ඇරෙන්නට ලබන ආදායමක් නැත.බන්ධනාගාර තුලදී සිරකරුවන්ට වෙඩි තබති.කටක් ඇරියොත් සුදු වෑන් රථවලින් පැහැරගෙන යති.සිරගත කරති.සිය දහසක් ජනයා උතුරේ ටකරන් මඩු වල ජීවත් වන අතර කොළඹ නෙළුම් පොකුණු,නෙළුම් කුළුණු  හැදෙති.

කෙසේ හෝ මේ වන විට අපට නිදහස ලැබී ඇති බව කියවේ.හමේ පැහැයෙන් පමණක් වෙනස් එක් පෙළැන්තියක් සිය හිතමිතුරන් සමග සම්පත් සූරාකමින් කමින බොමින් ප්‍රීති වෙමින් සිටිති.හිතෙන හිතෙන ගෑණු සමග සම්භෝගයේ යෙදෙමින්,හිතෙන හිතෙන දේ පවරා ගනිමින්,තමන්ට කැමති දේවල් කරමින් අත්නෝමතික ලෙස මෙම පාර්ශවය සිය ජීවිත ගත කරති.

දැන් අප ජීවත් විය යුත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදිය.බැලිය යුත්තේ චින්තනයට අනුකූල චිත්‍රපට පමණි.කෑ යුත්තේ අල බතල පමණි.සාටකය පළදින්නේ නම් වඩා හොදය.මේ ආකාරයට මෙරට බහුතරයකගේ අයිතීන් උදුරාගනිමින් පවතින මේ මෙහොතේ සැබෑ නිදහසක් පිලිබද උදම් ඇනිය හැකිද?තවත් දෙයක් තිබේ එනම් සියලු ජාතීන් එකම ජාතියක් සේ සලකමු යනුවෙන් කෑ මොර දුන්නද ජාතික කොඩියෙන්ම අප වෙන්කර තිබේ.මේ දෙමළ ය මේ මුස්ලිම්ය මේ මහ ජාතියය යනුවෙන් ජාතික කොඩියම වෙන් කර දී තිබේ.මෙය සැබවින්ම නපුංසක නිදහසකි.එය ජාතික කොඩියෙන් වඩා පැහැදිලි වෙයි.අප උඩදමාගෙන  දගලන ජාතික කොඩියේ සිංහයාගේ පුරුෂ නිමිත්ත නැත.එසේනම් අපේ සිංහයාද නපුංසකයෙකි.

1/5/12

වරක් බර්ටෝල් බ්‍රෙට්ස් තම ‛පැන්ස තුනේ කතාව’ තුළ මෙවැන්නක් සදහන් කලේය.
යම් කෙනෙකු ඕනෑවට වඩා සතුට පසු පස පන්නාගෙන ගිය හොත් යම් මෙහොතකට පසු සතුට ඒ කෙනාට පසු පසින් ගමන් කිරීමට පටන් ගනී. එවිට සතුට පසුපස පැන්නූ කෙනා බිය වෙයි
.
අද කාලයේ සියථ දෙනා සතුට පමණක් සොයා ගෙන යන මුත් ඔවුන් නොසිතන්නේ සතුට හමු වූඅයට ඉන් පසුව සිදු වන්නේ කුමක් ද යන්නය. එබැවින් අප සිතනවාට වඩා කෙනෙකුට සතුට හමුවිම බිය ජනක අත් දැකීමකි. සතුට හමුවීම ප්‍රිය ජනක නම් අද දවසේ සංගීතා වීරරත්න,හෝ සබීතා පෙරේරා සිටිය යුත්තේ නට නටාය.
මේ නිසා සතුටෙන් නටන මෙම ජනප්‍රිය පවුලගැන සිතිය යුත්තේ කෙසේද? අපි ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන් මේ තරම් සතුටින් නැටීමට පොළඹන මිත්‍යාව කුමක්ද කියාය. අපි සොයාගත යුත්තේ මෙම පවුලේ න්‍යෂ්ඨියේ ඇති ඒකාකාරී ශෝඛයයි.එනම් මොවුන් මෙතරම් සතුටෙන් නටන්නේ කුමන ශෝඛය මගහරින්නද යන්නයි…

 උපුටා ගැනීම : 3mana.com

1/3/12

2012






වෙන ගෑණියෙක් අවා විතරයි
කාමරේට
ඒ ඇරෙන්න වෙනසක් නෑ කිසි
වෙනදා දකින ලේ පොදක් නැති මූණු,
කුහක කමින් පිරි කදවල්
අළුත් ඇදුම් පෙරවාගෙන
බොරු හිනා තවරගෙන
කියයි
“සුභ අළුත් අවුරුද්දක්“

12/12/11

රමණය නැත්තම් මරණය


ඉස්සර 88 -89 කාලේ අපිට මතකයි ජේවීපී එක තාප්ප ගානේ ලිව්වා “ මව්බිම නැතිනම් මරණය“ කියලා.මේකට හැමෝම බය වුනා.මේක බලහත්කාරයේන් දේශප්‍රේමය පැටවීමක් බව දැන දැනත් ගොඩාක් අය දේශප්‍රේමියෝ වුනා මොකද මරණයට බය නිසා.මේ කියමන අද මේ මොහොත වෙනකොට වෙනස් වෙනවා“රමණය නැත්තම් මරණය “ කියලා.ඒ තරමටම අද ලංකාවේ මරණය තරමට රමණය භයානකයි.මේ දවස්වල රමණය කේන්ද්‍ර කරගෙන ඝාතන රැල්ලක් ක්‍රියාත්මක  වෙමින් තියෙනවා.හමුදාවට සම්බන්ද පෙම්වතුන් ඉන්න පෙම්වතියන් මේ ගැන විශේෂයෙන් හිතමින් ඉන්නවා.තමන්ගේ පෙම්වතාගේ රමණීය වුවමනාවට ඉඩ නොදුන්නොත් හිමිවෙන්නේ මරණය කියලා මේ පෙම්වතියන් අත් දැකීමෙන් දන්නවා.

තිස්සමහාරාමෙදි කොල්ලා කෙල්ලගේ කටට වෙඩි තියන්නේ,හම්බේගමුවේ මුලු පවුලකටම වෙඩි තියලා මරලා දාන්නේ,ඒ වගේම කඩිගාවදි තුන්දෙනෙක්ම එකම ගහක එල්ලිලා මැරෙන්නේ මේ රමණීය වුවමනාවේ ප්‍රතිඵල විදිහට.මේ සිදුවීම් තුන ගත්තම සියලු සිදුවීම් වල තියෙන්නේ  තමා අත්විදි රමණීය සුවය ගැන හටගත් ලිංගික ඊර්ශ්‍යාව මිසක් අන් කිසිවක් නොවේ.කෙලින්ම ගත්තොත් මේ සියලු මරණයන්ට හේතු වෙන්නේ ලිංගිකත්වයයි.තමාටම කියා ලිංගික සත්වයෙකු  වෙන්කර ගැනීමට හෝ අයිති කර ගැනීමට ඇති තක්කඩි ආශාවයි.

ගෑණු,මිනිස්සු ,සංසර්ගය, කියන මේ දේවල් ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය tools කිහිපයක් මිසක් ජීවිතය නොවෙයි කියලා තේරුම් ගන්න තරම් කියවීමක් අපේ පරම්පරාවට නැතිවීම තමයි මේ හැමදේටම මුල.ඩයනා රට වටේ යනකොට චාල්ස් එයාව වෙඩි තියල මැරුවේ නෑ.ඇයි එයාට කැමිලා කියන Option එක තිබුනා.කොයි තරම් ලස්සන වුනත් චාල්ස් ට ඩයනා ජීවිතේ වුනේ නෑ.තමන්ගේ තත්වේ රැක ගන්න tool එකක් විතරක් වුනා.ඒනිසා ඩයනා මැරුණාට චාල්ස් දුක් වුනේ නෑ.

ආදරේ කියන්නේ මාර අධ්‍යාත්මික බැදීමක් එක එහෙම tool එකක් නෙවෙයි කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.ඒක ඔහුගේ හෝ ඇයගේ මේ මොහොතේ සිතීම විතරයි.එතකොට අපිට උපකල්පනය කරන්න වෙනවා එහෙම කියන අය කවුරු හරි කෙනෙක්ව අයිති කර ගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා.හැබැයි ඔය කියන අධ්‍යාත්මික පෙම්වතා හෝ පෙම්වතිය අතෑරල ගියාට පස්සේ තුවක්කුව අතට ගන්නෙත් මේ අයම තමයි.

ලෝකේ මුලින්ම බිහිවෙන්නේ ආදරය නෙවෙයි SEX.ඊට පස්සේ තමයි මානවයා ආදරය අදුනගන්නේ.පස්සේ පස්සේ SEX කියන වචනෙට බයේ මිනිස්සු ඒකට LOVE කියලා කියන්න ගන්නවා.මෙහෙම ගත්තම ආදරය නිසා මරාගන්නවා කියන එකේ අනිත් අර්ථය SEX නිසා මරාදමනවා කියන එක.ඒ කියන්නේ “රමණය නැතිනම් මරණය “කියන එක.


11/27/11

පිරිමින් දූෂණය කරන සිමිබාබ්වේ ගැහැණු


Rape කරනවා නැත්තම් Rape වෙනවා කියන කාරණාවෙදි වෙන්නේ කෙනෙක් තමන්ගේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සදහා අනෙකා යොදාගැනීමයි.ඇත්තටම මෙහිදී වෙන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්.පිරිමි අතින් ගැහැණු දූෂණය වීම ගැන  අපිට අනන්තව අහන්න ලැබෙනවා.මේක දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙලා.මේකට හේතු හොයන කෙනෙකුට කියන්න පුළුවන් ඒ පුරුෂාධිපත්‍යය ක්‍රියාත්මක වෙන නිසා කියලා.එහෙම නම් ඇයි කාන්තාවකට බැරි තමන්ගේ ආශාව වෙනුවෙන් බලහත්කාරයෙන් පිරිමියෙක් යොදාගන්න. මේක අහන ඔබ කලබල වෙන්න පුළුවන්.කාන්තාව පිරිමියා දූෂණය කරන්න....?

ඔවි ඒක එහෙම වෙන්න පුළුවන්.අනෙක් හැමදේටම වඩා තමාව ප්‍රමුඛ වෙන පශ්චාත් නූතනවාදී  සමාජයේ එය අරුමයක් නොවේ.නමුත් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වෙන්නේ ඊට වැඩයි වෙනස් පුවතක්.පිරිමියෙක් දූෂණය කිරීමේ චෝදනාවට එරට කාන්තාවන් 3 දෙනෙක් පසුගියදා බන්ධනාගාර ගත කෙරුණා.මෙම කාන්තාවන් මෝටර් රථයකින් පිරිමියෙක් පැහැරගෙන ගොස් දූෂණය කර මහමග දමාගොස් තිබුණා.අවුරුදු  24 – 26 ත් අතර වන මෙම කාන්තාවන් තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් පිරිමසා ගැනිම සදහා පිරිමින් දූෂණය කලේ නම් මේ ගැන ඉහත පැහැදිලි කිරීමට අනුව සාධාරණ ලෙස සිතන්නට පුළුවන්.නමුත් මෙතනදි සිදුව තිබෙන්නේ  ශුක්‍රාණු මංකොල්ල කෑමකි.මෙම කාන්තාවන් ගමන් කරමින් සිටි මෝටර් රියේ තිබි භාවිත කළ කොන්ඩම් 33ක් සොයාගෙන තිබෙනවා.

නිරුවතින් මහමග දමාගොස් සිටියදී හමුවූ පුද්ගලයා හෙළිකර ඇති පරිදි ඔහු බලහත් කාරයෙන් මොටර් රථයට දමාගත් තරුණියෝ තිදෙනා ගිනී අවි පෙන්වා තර්ජනය කර අවස්ථා කිහිපයකදී කොන්ඩම් භාවිත කර  ඔහු දූෂණය කර තිබෙනවා.පොලිසිය පවසන ආකාරයට මෙම තරුණියන් විසින් පුද්ගලයන් 17 දෙනෙක් පමණ දූෂණය කර තිබෙනවා.මෙලෙස දූෂනයට ලක් වුවන් සිටීනම් ඉදිරිපත් වන ලෙස පොලීසිය සිමිබාබ්වේ ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
වසර දෙකක් තිස්සේ මෙම කාන්තාවන් මෙලෙස පුද්ගලයින් දූෂණය කර ශුක්‍රාණු එක්රැස් කර ඇති බවට තොරතුරු වාර්ථාවී තිබෙනවා.bbc පුවත් සේවය අණාවරණය කර ඇත්තේ ව්‍යාපාර සාර්ථක වීම සදහා කෙරෙන ශාන්තිකර්ම සදහා ශුක්‍රාණු හාවිත කෙරෙන බැවින් ඒ සදහා අලවි කිරිමට මෙම කාන්තාවන් පුරුෂයින්ගේ ශුක්‍රාණු කොල්ලකා ඇති බවයි.
 
මෙහි විස්තර සදහා පහත links  මගින් පිවිසෙන්න


11/16/11

Facebook මෙහෙට f....kbook


(මෙම ලිපිය  www.3mana.com  වෙතින් උපුටා ගැනුනකි.)
ලංකාවේ තරුණ තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රිය ෆේස් බුක් වෙබ් අඩවිය යනු සීමා මායිම් නොතකා හරිනු ලැබිය හැකි කිසිදු තහංචියකට යටත් නොවූ කැමති අයෙකුට කැමති දෙයක් කරණු ලැබිය හැකි පාරාදීසයක් යැයි බොහෝ උදවිය සිතා සිටියි.
මේ නිසා සෘජු ලිංගික සබදතා සදහා මේ අඩවිය තුල පැහැදිලි ආරාධනාවන් කල හැකි යැයි සිතන බොහෝ තරුණයන් කාන්තාවකගේ පොරොෆයිල් එකක් දුටු සැනින් චැට් කරමින් තමන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නට එන්න යැයි ආරාධනා කිරීම සුලභ දෙයක් බවට පත්ව තිබේ. මේ පෞද්ගලික චැටි කිරීම් වෙනත් කිසිවෙකුටත් දැක ගත නොහැකි වන නිසා බොහෝ අය හිතුමතයේ මේ චැට් වලින් තරුණියන්ට සරල බාසාවෙන් කියන්නේ නම් තිත්ත කුණුහරුප කියමින් තම සෙක්ස් එරියර්ස් පිරිමසා ගන්නට උත්සහා කරයි.
අපට අනුව නම් මේ ෆේස් බුක් මනමාලයන් යනු ඇත්තටම සෙක්ස් කරන්නට බය සෙක්ස් කියන්නේ කුණුහරුප යැයි සිතා සිටින අඳ බාලයන් පිරිසකි. ලිංගික සම්බන්ධතා යනු ඇත්තටම නොපවතින මනසින් පමණක් විදිය හැකි ශරීර දෙකක එකතුවක් යැයි කියන්නේ මේ නිසයි.
ෆේස් බුක් ලාංකිකයාගේ චින්තනයට අනුව සෙට් වෙන ඕනෑම ගැහැනියක් යනු තමන්ට සෙක්ස් කරන්නට යොදා ගත හැකි ශරීරයන්ය. මේ නිසා මෙලෙස දකින දකින ගැහැනුන්ට සෙක්ස් කරන්නට ආරාධනා කරණ මහත්වරුන්ගේ රෙදි ගලවන්නට ෆේස් බුක් හිතවතියක්ම උත්සහා ගත් ආකාරය අප සොයා ගන්නට හැකි වුනා. ෆේස් බුක් යනු අත්ශයින්ම පෞද්ගලිකත්වය සුරකින දෙයයක් යැයි සිතා ගෙන සිටි උදවිය දැන් කලබල විය යුතුමය. 
 ෆේස් බුක් එකේ Ama Chathurani යන නමින් සිටින තරුණියක් සමහරක් විට තරුණයෙක් වන්නටද පුලුවන. තමන් සමග චැට් කළ බොහෝ පිරිමින්ගේ නම් ගම් සහිතව කල කී සියල්ලම ඔවුන්ගේම පොරොෆයිල් වලට ටැග් කර ඇත. දැන් ඔවුන් කිසිවක් නොදන්නවා යැයි සිතා කලකී සියල්ල හෙළිවී හමාරය. එම පලවු සංවාදයන් අපගේ වෙබි අඩවියේ පලකල නොහැකි තරම් ආචාරධාර්මික නොවන නිසා ඒ ගැන දැන ගන්නට අවශ්‍ය අය පහත දැක්වෙන පොරොෆයිල් එකට ගොඩවී බලන්න.

(මෙම ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලීමට ඔබගේ ෆේස්බුක් ගිණුමට ඇතුල්වීය යුතුය.)
LINK http://www.facebook.com/profile.php?id=100001360370474&sk=photos

11/7/11

හෙළුවෙන් මගුල් කෑම


මගුල යන වචනය අද සාමාන්‍ය ව්‍යවහාරයේදී විවිධ අර්ථ ගෙන දෙන ආකාරයට යොදා ගැනේ.“මල මගුල“ , “ඕන මගුලක්“ , “මගුලක් කරනවද? “ යන වචන එදිනෙදා ව්‍යවහාරයේදී අසන්නට ලැබේ.නමුත් අද මගුලක් කිරීම යනු ලොවට තම තත්වය පෙන්වීමට තිබෙන කදිම අවස්ථාවක් වී තිබේ. මෙ නිසා සල්ලි ණයට අරං හෝ පොලියට අරං හැකි ඉහළම ආකාරයට දන්නා ලොකුම හෝටලයේ ලොකුවට මගුල් කෑමට බොහෝදෙනා තුල දැඩි උනන්දුවක් පවතී.මෙලෙස ලොකුවට ලොකු මගුලක් කෑම සදහා මුළු ජීවිත කාලයම ඇපයට තබන ෆැන්ටසි පරම්පරාවේ උන් කඩේ යවන වැඩසටහනක් රූපවාහිනි නාලිකාවක දක්නට ලැබින.

මෙහිදී විවාහ අපේක්ෂක යුවල තරග කරු සහ තරගකාරිය වන අතර ඔවුන් වෙත පැවරෙන ක්‍රියාදාමයන් නියමිත කාලයට පෙර නිම කරමින් තම විවාහ මංගල්‍යය ඉහළ පෙලේ හෝටලයක සුපිරි මට්ටමින් කර ගැනීමට වාසනාව උදා කර ගනිති.මෙහිදී සමහර තරුණ තරුණීයෝ මහපාර දිගේ දුවති , දර පළති,වතුර අදිති,මේ ආදී වශයෙන් අනේකවිධ බැල මෙහෙවර කම් කර අවසානයේදී ජයග්‍රහණය කරති.පසුව එම විවාහ උත්සවයඑකී රූපවාහිනී නාලිකාව මගින් රටට පෙන්නන්නේ මනාලයාගේ සහ මනාලියගේ යට ඇදුමේ සිට අනුග්‍රහය දැක්වූ පාර්ශව වල වෙළද දැන්වීම් සමගිනි.(දැනට නොපෙන්වන්නේ sex කරන ටික පමණකි)

එසේ ගත්කල රටම දකින්නේ පිනට ලබාදුන් සිල්ල සමග ජයට මංගල්‍යය ගන්නා යුවළකි.මෙම යුවළ ලක්ෂ ගණන් වටිනා සළුපිළියෙන් සැරසී සිටියද රට හමුවේ සිය අංගජාත ප්‍රදර්ශණය කරමින් නිරුවතින් සිටිති.මන්ද යට ඇදුමේ සිට සියල්ල සපයා ඇත්තේ නොමිලේ බැවිනි.
 අද රට යන මාවත දෙස විමර්ශනය කිරීමේදි බරපතල ගැටලුව වී ඇත්තේද මෙයයි.කිසිදු දේශපාලනික සංවිඥාන භාවකින් තොර ෆැන්ටසිකරණය වු හිස් ඔළු ගොඩක් පමණක් අද ඉතිරි වී තිබේ.වර්ථමානය වනවිට චීනය වැනි ලොව සීඝ්‍රෙයන් ඉහළට පැමිණෙන රටවල් මෙම රියැලිටි වැඩසටහන් තහනම් කරමින් සිටියි(මෙම යෝජනාව අපිද චීනය අනුගමනය කළ යුතුයි යන්න නොවේ) සාධාරණ වුවද අසාධාරණ වුවද චීන රජය කියා ඇත්තේ මෙම වැඩසටහන් නැරඹීමට චීන ජනයා කැප කරන කාලය අපතේ හැරීමක් ලෙස සලකන බවයි.

ඕනෑම ඌණ සංවර්ධීත රටක Reality සහ Fantasy අතර පරතරයට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි.ඉන් කළ දුටු කළ වල ඉහගන්නා මාධ්‍ය මනුෂ්‍ය ආශාවේ ප්‍රෙමෝදයට මිලක් නියම කරන බව මෙම පශ්චාත් නුතනවාදී යුගයේ මහා අරුමයක් නෙවේ.යථාර්ථයේන් ජනතාව ඈත් කරමින් සිහින අලවි කරන මාධ්‍ය සංස්කෘතිය  ඌණ සංවර්ධිත මානසිකත්වයන් බහුල රටවලටද විශ්මයක් ‍නොවේ.නමුත් ගැටලුව ඇත්තේ එතැන නොවේ කෙසේ හෝ ජයට මගුලක් කා රටට තම ෆැන්ටසිය පෙන්නන්නට ගොස් නිරුවතින් මගුල් කෑමයි.මෙලෙස මිනිස් හැගීම් තුට්ටුවට දෙකට හූරා කමින් තම බඩ වඩාගන්නා මාධ්‍ය සංස් කෘතිය විනාශ කර්මින් සිටින්නේ රටේ ප්‍රගතිශීලි හෙට දවස බව කාටත් පසක් වන විට අශ්වයා පැනගොස් තිබෙන්නට පුළුවන.