2/1/11

Condoms , Panties and lankaenews



ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පවත්වාගෙන ගිය කාර්යාලයට පසුගිදා අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තැබුවේය.මෙම ගිණිතැබීම කවුරුන් විසින් සිදු කලේද යන්න පිළිබද නිශ්චිත සාක්ෂි නැත
නමුත් රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පුද්ගලික මාධ්‍ය මෙය වාර්තා කර තිබුනේ ගිණි ගැනීමක් ලෙසිනි.මේ වන විට මේ පිලිබද ජනපති නියමයෙන් පරික්ෂණ පැවැත්වේ.
තත්වය මෙසේ තිබියදී දිනමින පුවත්පත පුහුල් හොරා කරෙන් දැනෙන ආකාරයේ අපුරු ප්‍රවෘත්තියක් පළ කොට තිබේ

“ගිණි ගැනීමට ලක්වු ඊ නිවුස් කාමරයෙන්  පාවිච්චි කළ මත්පැන් බෝතල්,කාන්තා යට ඇදුම්,නිල් චිත්‍රපට සහ උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි“
(පෙබරවාරි 01 දිනමිණ මුල් පිටුව)

මින් ඇගවෙන කරුණු කිහිපයකි. එනම් එවැනි දෑ තිබී සොයාගත්තේ නම් ගින්නෙන් විනාශ වු පරිඝණක පද්ධතිය,වසර විස්සකට වඩා පැරණි පුවත්පත් ඇතුලත් පුස්තකාලය සහ අනිකුත් උපකරණ වලට වඩා මෙම ද්‍රව්‍ය දිණමිණට විශේෂ විමයි.මේවා මැජික් විමයි.
මේ ආකාරයේ පුවත් හරහා ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනිමේ සම්ප්‍රදාය අනුගමනය කරන දිනමිණ දුක Market කිරීමට විපක්ෂයට ඇති අවස්ථාව අවුරා දැමීමට උත්සහ දරයි.අනෙක් පසින් “හොද වැඩේ උන්ට“ 
 'උන්ට ගිණි තිබ්බට පවු නෑ“ යන සංකල්පය දැල්වීමට හෙලුවැලි උත්සහයක යෙදෙයි.

හරි ඒ සියල්ල තිබුණේ යැයි කියමු.මෙහි ඇති ගැටලුව කුමක්ද?ඔවුන් විසින් කුලියට ගත් ස්ථානයක ඒ සියලු දෑ කිරීමට ඔවුන්ට නිදහස නොමැතිද? මතට තිත කියා තිතට මත ක්‍රියාත්මක රටක මේ කුමන විහිලුද?අරක්කු බීම,කොන්ඩම භාවිතය,අකැපද?සංසර්ගය අකැපද?
මේවා හුවා දැක්වීම හරහා පෙනෙන්නේ කුමක්ද?රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන දිනමින මෙවැනි තොරතුරු පළකිරීමෙන් බලාපොරොත්තු වන්නේ අරක්කු බොන,බඩු ගහන උන් ගිණි තබා විනාශ කර දැමුවාට කම් නැත යන අදහස සමාජ ගත කිරීමටද?නැතහොත් වෙනයම් පාර්ශවයක හෙළුව වසා ගැනිමටද?



1/13/11

කොළ සහ නිල්


කොළ සහ නිල් තට්ටු මාරු දේශපාලනය නිසා ලංකාවේ හැඩය පවා අද වෙනස් වෙලා.මේක ගොඩක් දෙනෙක් පිලිගන්න කථාවක්.අද වෙනකොට ජනතා කැමත්ත අරං හිතුවක්කාර විදිහට වැඩකරන්න දේශපාලකයින්ට පුලුවන්.තමන්ගේ වාසියට පරම්පරාවේ උන්නතියට මේ අය ජන වරම පාවිච්චි කරනවා.මේක හැමෝම වගේ දන්නවා.ඒත් නොදන්නවා වගේ ඉන්නවා.ඊළග පාරත් ඡන්දේ දීල ඒ අයම පත්කරගන්නවා.මේක තමයි වෙන්නේ

දැන් අද වෙනකොට ලාංකේය දේශපාලනය තුල මහින්ද ලකුණ ස්ථීරයි තව අවුරුදු ගානක් යනකල්.“මේක හොල්ලන්න බෑ“ එහෙමයි ආණ්ඩුවෙන් කියන්නේ.විපක්ෂයේ ගොඩක් අය කියන්නේ “සජිත් ආවොත් ගොඩ“කියලා.ඉදිරිය ගැන මෙහෙම කයිවාරු ගැහුවට ඇත්ත ඕක නෙවෙයි.
තව අවුරුදු දහයක් විතර ඉස්සරහට බැලුවොත් ලංකාවේ තත්වය මොකක්ද? යූ ඇන් පි යෙන් ඉන්නේ කවුද? සජිත්, දයාසිරි, සුජීව සේනසිංහ,හරීන්, බුද්ධික, ශිරාල් වගේ සෙට් එකක්.එතකොට අනිත් පැත්තෙන් නාමල් , සජින් වාස් , ජයසුරිය , උපේක්ෂා , දුමින්ද සිල්වා මේ අය.අර සෙට් එකට ෆයිට් එකක් දෙන්න මේ සෙට් එකට පුළුවන්ද? ඉදිරි දශකය තුළ නාමල් සහ සජිත් කරළියේ සාධක බවට පත්වෙනවා.
දැන් මේ දෙන්නම ජනාධිපති පුත්තු.මේ දෙන්නගේ භාවිතාව ඉදිරි දශකයට කොයි තරම් ගැලපෙනවද?මේක තමයි ගැටලුව.පේන විදිහට මේ දෙකම ෆොටෝ කොපි.මහින්ද මොඩලයේ බඩු.දෙකම සිංහල ජාතිකවාදයේ බල කණු.සජිත් මහින්ද මොඩලය අල්ලගන්නකොට පරක්කු වැඩියි.මොකද ඒ මොඩල් එකෙන් මහින්ද වීරයා වෙලා ඉවරයි.දැන් සජිත්ට තියෙන්නේ අර්ජුන කමලනාත් වෙන්න.ඒත් විජයට තියෙන පිළිගැනීම නෑ.අර්ජුනට පුලුවන්ද විජය පරද්දන්න?
අනිත් පැත්තෙන් ගත්තම ජාතික නායකත්වයට සජිත්ට තියෙන සුදුසුකම ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් වීම විතරයි.ජාතික තලයේ ප්‍රශ්න ගැන සජිත් කථාකරල තියෙනවද?දැන් කවුරුත් අමතක කරල තියෙන ජාතික ප්‍රශ්නයට සජිත් ලග තියෙන විසදුම මොකක්ද?මේ ආර්ථික අර්බුදයට “ජන සුවයෙන්“ “සසුනට අරුණෙන්“ විසදුම් තියෙනවද?මෙවා තමයි තියෙන ගැටලු.

අනිත් පැත්තෙන් නාමල්. තාරුණ්‍යෙයේ හෙට ගැන සැබෑ අවබෝධයක් තියෙනවද?අද වෙනකොට ලංකාවේ තාරුණ්‍යයයට ජාත්‍යන්තරයට මුහුණ දෙන්න පුලුවන්ද?නාමල් සතුව තියෙන එකම සුදුසුකමත් ජනාධිපති තාත්තා විතරයි.විවෘත කිරිම් කීපයකට සහභාගි වෙනවා ඇරෙන්න මෙරට ජාතික මට්ටමින් දැනට නාමල් දායක වෙලා තියෙන්නේ මොනවටද?වාර්ගික ගැටලුවට විසදුම් ගේන්න තියෙන හැකියාව මොකක්ද?
මේ දෙකම කිරල බැලුවම එක බරයි කියලා විකල්පයක් විදිහට අපිට ජවිපෙ යොදාගන්න පුළුවන්ද?බෑ ජවිපෙත් දැන් සාම්ප්‍රදායික වමක් විතරයි.මුලින් රතු කමිස ඇන්ද ජවිපෙ පස්සේ රතු කොටු වැටුන කමිස ඇන්දා.දැන් අදින්නේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි.ඒ කියන්නේ දැං ජවිපෙට අයිඩෙන්ටියක් නෑ.මහින්දගේ රජය යුද්ධය දිහාට තල්ලු කරපු ජවිපෙ දැන් යාපනේ ජනතාවගේ කදුලු පිහිදාන්න යනවා.

ඒ කියන්නේ ලංකාව දැන් දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙලා.

12/3/10

Wireless LOVE


 අපි දන්න ඉතිහාසය අරගෙන බැලුවම අපිට මුණගැහෙන මුල්ම පෙම් හසුන ලියන්නේ උත්තිය කුමාරයා කැළණිතිස්ස රජ තුමාගේ අග මෙහෙසියට.ඒ කියන්නේ විහාර මහ දේවියගේ අම්මට.ඒ ලියුම රජ බිසවට යවන්නේ සවාමීන් වහන්සේ නමක් අතේ.ඒ තල්පත අහුවුනාට පස්සේ කැළණි තිස්ස රජතුමා ඒ ස්වාමීන් වහන්සේ උණු තෙල් කටාරමක ගිල්වනවා.ඉතිහාසය කියන විදිහට ඊට පස්සේ මුහුද කම්පා වෙනවා .ඒ නිසා විරාමහා දේවිය මුහුදට බිලි වෙනවා.ඔහොම ඔහොම කථාව යනවා.ඊට පස්සේ දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවට පෙම් හසුන් ලියන්න ඇති.තව පස්සේ කාලෙක ඇලපාත මුදලි ගජමන් නෝනට ලියන්න ඇති.තව කාලෙක දම්මි සුගත් පෙම් හසුන් හුවමාරු කරගන්නවා අපිටත් මතකයි.

මෙහෙම කාලෙන් කාලෙට ආපු පෙම් හසුන්වල තිබුනා වෙනම සාහිත්‍යයක්.ඔය කැසට් කෑලි ජනප්‍රිය වෙන්න කලින් පෙම් හසුන් වල ලිව්වේ කවි.ස්වයං නිර්මාණ.ප්‍රේමණිය සිතුවිලි හිතට එක්කොට පෙම්වතුන් ඒවා ගලපල ලස්සනට ලිව්වා.එක ග්‍රාමීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියගේ මුහුන රා මුට්ටියකටත්  සමාන කරපු අවස්ථා තිබුනා.ඒ අවංක හැගීම් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්.ගොඩක් ඒවා වචන විතරක් වුනාට ඒවයේ තිබුන රසය ඒ කාලේ අය දන්නවා.

“මධු මල ලෙස මුදු මගේ පියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි“

මේ 70 දශකයේ පෙම් හසුන් වල වැඩිපුරම ලියවුන ගීය කිව්වොත් නිවැරදියි.මිල්ටන්ලා,ජෝතිපාල ලා හදවත් පසාරු කරගෙන ඇතුලට කිදා බහින්නේ මේ ප්‍රේමණිය අදහස් තාලෙට ගායනා කරල.මේ ගීත අතරින් ගොඩක් ඒවට  අද වගේ Visuals තිබ්බෙ නෑ(චිත්‍රපට ගිත වලට ඇරෙන්න). Visuals හදාගත්තේ ශ්‍රාවකයා.තමන්ට කැමති දර්ශන තලයක,තමා සහ තමන්ගේ පෙම්වතිය දාලා විෂුවල් එක හදාගත්තේ අපිමයි.මේ නිසා මේ සිංදු ජිවිත ඇතුලේ ඇත්තටම ජීවත් වුනා.

මේ පෙම් හසුන් සාහිත්‍යය 90 දශකයටත් එනවා.ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ අතරේ සමහර ටිකක් අකුරු ලස්සන ලියන්න දන්න එකාට වැඩ වැඩියි.අනිත් උන්ට ලියුම් ලියලා දෙන්න තියෙනවා.(ඒ කාලේ මටත් තිබුනා ඔය කරදරේ)ගොඩක් එහෙම ලියවෙන එක්ම ලියුම නම විතරක් වෙනස් කරලා තව එකෙකුට දෙන වෙලාවල් පවා තිබුනා.මේකෙත් තිබුනා හරි අපූරු සාහිත්‍යයක්.

පස්සේ කාලෙක ජංගම දුරකථන තමයි මේ ප්‍රේම සාහිත්‍යයට තිත තියන්නේ.ජංගම දුරකථන අතිශය සාමාන්‍ය වුනාට පස්සේ මේ “ලව් ලෙටර්“ සංස්කෘතිය කෙළවර වෙනවා.

ඊට පස්සේ එන්නේ sms ප්‍රේම සංස්කෘතිය.මේක ඇතුලේ අර ප්‍රේම සාහිත්‍යය නෑ.singlish වලින් තමයි අදටත් ගොඩක් දෙනෙක් ආදර පණිවිඩ යවන්නේ ලංකාවේ.මේ නිසා ඉතා කෙටි වචන මාලාවක් තුල කියන්න ඕන දේ කියන්න වෙනවා.( English වලින් කියනවට වැඩිය   singlish කියන්න ගියාම අකුරු සහ වචන වැඩිපුර ලියන්න වෙනවා)මේ නිසා ඉතා සීමා සහිතව තමයි මේ sms ප්‍රේම සංස්කෘතියෙදි  ආදරය හුවමාරු වෙන්නේ.

gdk aadarei oyata.oya mage Gwithe” මෙහෙම කියනකොට ඒ ආදරය ඒ හැගීම ඒ විදිහටම දැනෙනවද කියන එක ගැටලුවක්.ඒ කොහොම වුනත් දැන් ගොඩක් දෙනෙක් මේ වැඩේට පුරුදු වෙලා.      lv u 2…….”  ”cn u cl me ma swthrt “ මේ විදිහට ඉංග්‍රිසියත් දැන් වෙනස් වෙලා  txt languageඑකක් විදිහට..

කාලෙන් කාලෙට ලෝකෙ වෙනස් වෙන කොට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන ඒක ඇත්ත.භාෂාව ඇදුම් පැලදුම් වගේම ඇතුලේ ඉන්න මිනිහත් වෙනස් වෙන්න ඕන.ආකල්පමය පැත්තෙන් ගල් යුගයටත් එහා ජිවත් වෙන ගමන්  එලියෙන් Wireless වෙලා වැඩක් නෑ. Brand එක පේන්න underwear එක අදින කාලේ ඩෙනිමට යටින් අමුඩ අදින්න එපා.ඒක භයානක වැඩක්.මේ මොඩලය ඇතුලේ රොමියෝ ජුලියට් ල නෑ.දම්මි සුගත් ලා නෑ. තියෙන්නේ බැදිම් නැති සංස්කෘතියක්.ඕන වෙලාවක අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕන. සදාකාලික කිසිදු බැදීමක් නෑ.ඒ කියන්නේ ඇත්තටම අපි Wireless වෙලා.




11/12/10

බඩුකාරයින් කුලප්පු වෙයි


ජීවිත කාලෙම දිනපතා පත්තර අතින් අල්ලන්නේ නැති ගොඩක් අය පහුගිය දවස් වල උදේට උදේට පත්තර බලන්න පුදුම විදිහට උනන්දු වුනා.ඒ අර අසභ්‍ය යැයි කියන වෙබ් අඩවි වල පෙනී ඉන්න අයගේ පින්තූර බලන්න.ඒවා පහුගිය දවසක පත්තර වල දාල තිබුනේ අදුනගන්න.ඒත් ගොඩක් දෙනෙක් ඒකෙන් ආතල් එකක් ගත්තා.ඒ වීඩියෝ හොය හොය බලන්න ගත්තා.දැන් ඒ වීඩියෝ වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්.ඒ කියන්නේ පොලීසිය මේ කරල තියෙන්නේ පොඩි Promotion වැඩක්.
ලක්ෂයකට වැඩිය ගණිකාවෝ ඉන්න රටක  මේ කරන්න හදන්නේ විහිලුවක්. මේ Private video කියල කියන්නේ කෙනෙක් තමන් වෙනුවෙන්  තමන්ගේ කැමැත්ත මත කරන දෙයක්.ඒක හරියට පෞද්ගලික ඡායාරූප ගන්නවා වගේ වැඩක්.කෙනෙක්ගේ private album එකකින් photo එකක් අරං පත්තරේ දාලා ඒ ඉන්න පුද්ගලයට නඩු දාන්න යනවා වගේ  දෙයක් තමයි මේ කරන්නේ. දැන් මේ වීඩියෝ වල ඉන්න අයට නඩු දැම්මම අත් අඩංගුවට ගත්තම සමාජය ඔය කියන යහ පැවැත්මට යොමුවෙයිද?එහෙම නම් දැන් ලංකාව් කුඩු තහනම් ගංජා තහනම් ඒත් මිනිස්සු නොබී ඉන්නවද?මේක මේ  රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දාන මුට්ටියක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

මේ මතවාද හදන  අධිපතිවාදී කුලකයක් වෙනමම ඉන්නවා.ඔවුන් පැය ගනන් සජීවි රූපවාහිනි වැඩසටහන් වල වාඩිවෙලා හම්බන්තොට වරාය ගැන කියනකොට මිනිස්සු පස්සේ දවසේ පාන්දරම අනිත් වැඩ සියල්ල අතෑරලා හම්බන්තොට දුවනවා.ඉහල කොත්මලේ ගැන කිව්වම බඩදරු අම්මලටත් දොළදුකක් එනවා උමග බලන්න යන්න.මේ ගෝත්‍රික අධිපතිවාදීන් ඉස්සර මිනිස්සු කොළඅතු අදින කාලේ හිටිය නම් රෙදි හදුන්වලා දෙනකොට බටහිර බලවේග කියලා Protest කරයි.එහෙම නම් අපි තාම අදින්නේ කොළ අතු.

 
විවෘත ආර්ථික ක්‍රමවේදය එන්න කලින් ලංකාවේ තිබුනේ පුරුෂ මූලික ලිංගික ගණුදෙනුවක්.ඉස්සර කාන්තාව පිරිමියාගේ ලිංගික වුවමනාවන් සපුරගන්න භාවිත කරපු tool එකක් වෙලා තිබුනේ.ඒකනේ පිරිමියා “බඩුකාරයා“ වෙලා කාන්තාව “බඩුව“ වෙන්නේ.මේක පිරිමියාගේ තෘප්තියෙන් විතරක් කෙළවර වෙන ඇද රෙද්ද යට කරපු සෙල්ලමක් විතරයි ඒ කාලේ.ඒත් පස්සෙ කාලෙක ආර්ථිකය විවෘත වෙනකොට  magazine,blue films වගේ දේවල් ලංකාවට එනවා.මේවා බලන 80 දශකයේ අය හොයාගන්නවා අර කලින් කරපු ක්‍රමවලට වැඩිය තෘප්තිමත් වෙන්න තව ක්‍රම දෙවියෝ මවල තියෙනවා කියලා. 

80 පරම්පරාවේ ඉදල තෘප්තියේ නව ක්‍රමවේද සමාජගත වෙනකොට අර “බඩුකාරයින්ට“ පොඩි ඉරිසියාවක් එනවා හිතට “යකෝ මේවා අපිට අහුවුනේ නෑනේ“ කියලා.ඒ එක්ක ඔවුන් කලබල වෙනවා ඇදේදි කාන්තාව බලවත් විම නිසා තමන්ගේ පුරුෂකේන්ද්‍රිය අධිපතිත්වයට කෙළවෙයි කියලා.

මේ නිසාම කකුල් පේන්න,පපුව පේන්න,ටිකක් හිරට කෙල්ලෙක් ඇන්දම අර “බඩුකාරයින්ට“ ඉවසන්න බෑ.මේ නොඉවසිල්ල නිසා තමන්ගේ කැත හිත අනිකට පෙනෙයි කියන බයට සදාචාරය කියන වචනේ මුලට දාගෙන මහා සම්මතයන් හදන්න දගලනවා.මේක නිසා තමයි අර වීඩියෝ වල ඉන්න අය හොයලා අත් අඩංගුවට ගන්න තැනට රට ගෙනියන්න මේ ග්‍රාමීය“බඩුකාරයෝ“ ටික දගලන්නේ.