10/29/10

Facebook විරෝධියා

ගිණි අව්වේ මහ වැස්සේ
මග තොට දී මම නුඹ සෙව්වෙමි
මුණ ගැහෙන පසුකරන දහස් දෙනා
අතර ඔය ඇස් දෙක සොය සොයා
වෙහෙසුනෙමි
ඉර හද තරු අතර, මහ සයුරේ රැළි අතර නොව
සැබෑ ලෝකයේ
දුලි අතරේ,නියොන් එළි මැද
නුඔ සෙවිමි
බැරිම තැන
දුකටම නිකමට මෙන්
මූනු පොතේ පිටු පෙරලීමි
යළි යළිත් පෙරලීමි
අහම්බයක අරුමය
මිතුරකුගේ මිතුරකුගේ මිතුරකුගේ මිතුරකුගේ
මිතුරියක දුටුවෙමි
හුරු පුරුදු මුහුණකි
ඒ ඔබය
Relationship :Married
Current city :NY , USA
මම Log out වුනෙමි
එදා සිට මම facebook විරෝධියෙකි.

“ facebookසමාජ අපචාර වලට මග පාදයි“





10/22/10

Sex සහ Magic


(මෙය මීට පෙර කොටස් දෙකකට පලවුන ලිපියකි බොහෝ දෙනාගේ කියවීමේ පහසුව වෙනුවෙන් එක ලිපියක් සේ නැවත පලකරමි)

පොඩිඑකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.“තාත්තේ මල්ලි ආවෙ කොහොමද?“තාත්ත කියනවා“ ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ “ කියලා.පුංචි එකා නවතින්නෙම නෑ“එතකොට නංගි?“ තවත් ගැටලුවක්“නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා“තාත්තා කිව්වා.“එතකොට මම?“තාත්තාට බේරිල්ලක් නෑ.“ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්“පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා.එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා“යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ“ කියලා.

මේක තමයි ඇත්ත තත්වේ.වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්.ඉස්කෝලේ විද්‍යා පාඩමට පජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා.පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා.කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා.කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා,දැං ඔයා ලොකු ළමයෙක් කියලා.එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා.එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන.ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ.කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා.ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ.Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි.හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ.ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා.

Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය.රජවරු අන්තහ්පුර තියාගෙන හිටියා.ගමේ ගම්මුලාදෑනියාට  අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා.(මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා.ඒක වෙනම කතාවක්.)මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව.ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි.තනිකරම  Sex පදනම් කරගත්ත එකක්.(අතීතය ගැන මට තියෙන්නේ වෙනම කියවීමක්.ඒගැන මේ ලිපියේ ඊලග කොටසට ලියන්න පුලුවන්)දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
දැන් කොළඹ ආසන්නයේ Rape cases අඩුයි. ඇයි ඒ?අර ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා.හැබැයි කහටගස්දිගිලියට,මනම්පිටියට,වනාතවිල්ලුවට සහ හම්බෙගමුවට ඔය පහසුකම නෑ.එතකොට අර මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rapeවෙන්න.හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි.ඇයි ඒ කියල හිතල බලන්න ටිකක්.

සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්.ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා  මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ.ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා.මේකයි ඇත්ත.

 අද මහා ශිෂ්ට ජාතියක් විදිහට ලෝකෙන්ම උතුම් ජාතිය විදිහට සමහරු පෙන්නන්න හදනවා. ඒත් අපි පටන් ගන්නෙම අසම්මත ලිංගික කටයුත්තකින්.සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා.එතනින් උපදින සිංහබාහු කුමාරයා රාජ්‍යත්වය හින්දා තාත්තා මරනවා.ඊට පස්සේ තමන්ගෙම නංගි එක්ක සහවාසය කරනවා.එතනින් උපදින කුමාරයා විජය.විජය ලංකාවට එවන්නේ ආදරේට නෙවෙයි,ඉන්දියාවේ තියාගන්න බැරි නිසා මැර ක්‍රියා කරන නිසා.එහෙම ආපු විජය දැක්ක කුවේණිට ඉවසන්න බැරි වුනා.ඒ වෙනකොට ලංකාවේ හිටපු කළු කැත යක්කුන්ට වැඩිය විජය ලස්සනයි.ඒකයි අවුරුදු දහසයක පෙනුමක් මවාගෙන විජය අල්ලගන්නේ.එතන ඇතිවුනේ ලිංගික ආශාවක් නෙවෙයි පරම පිවිතුරු ප්‍රේමයක් කියලා කාටවත් කියන්න බෑ.කුවේණි විජයට ලංකාව පාවල දෙන්නේ sex නිසා.මහාවංශය කියන විදිහට තමුන්ගේ යක්ෂගෝත්‍රිකයෝ මරා දාන ක්‍රමය පවා කුවේණි විජයට කියන්නේ යහනෙදි.

ඊට පස්සේ මොකද වෙන්නේ කුවේණියගේ දරු දෙන්නත් එකට ජීවත් වෙනවා.මේවා අද කියන හැටියට හොදද?තව ඊට පස්සේ උන්මාද චිත්‍රා එක්ටැම් ගෙයක දාලත් තියාගන්න බැරිවුනා.එතනින් ගියාම අනුලා දේවිය,ප්‍රමිලා බිසව,මේ සියලුම තැන්වල තියෙන්නේ sex.රජවරු අන්තප්පුර තියාගෙන හිටියා,ඉසුරුමුණි පෙම් යුවළ ඉන්නේ නන්දා මාලනී අර කියන රාගයෙන් තොර සද එළිය සේ පිවිතුරු ආදරෙන් ද?එතකොට සීගිරි ලලනාවෝ අද අග්‍රගන්‍ය කලා කෘතියක් කියලා කිව්වට ඒ කාලේ Blue films නොතිබුන නිසා කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ ආතල් එකට අන්දවපු ඒවා කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.

එතකොට ඉස්සර අපේ ඉතිහාසය තුළ එකගෙයි කෑම වගේ සංකල්ප තිබුනා.සුද්දෝ ලංකාවට එනකොටත් පැලක් හදාගෙන එක්තැන් වුනා මිසක් නීතියෙන් කඩදාසි වල අත්සන් කරලා අයිති කරගන්න සිරිතක් තිබුනේ නෑ.සුද්දෝ ආවට පස්සේ අපි සුද්දන්ට වැඩිය සුද්දෝ වුනා.අමුඩ සරම් ගලවලා කලිසම ඇදගත්තා,ඒත් සුද්දගේ භාෂාව අල්ල ගත්තේ නෑ.බොරු වික්ටෝරියානු සදාචාරේ හොරකම් කරගත්තා,ඒත් ආකල්පමය විදිහට ශිෂ්ට මිනිස්සු වෙන්න අදටත් බැරිවෙලා තියෙනවා.නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්.ඉතින් මේකයි තත්වේ.අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්.ඒ නිසා ලංකාව තුළ ජන සමාජයේ පැවැත්ම වන සංසර්ගිය ක්‍රියාව රහසින් සිදුකල යුතු ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා.මේක ඛේදවාචකයක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්.




10/10/10

Vehicle culture





ලංකාවේ මහපාරට ටිකක් බැහැල බැලුවම පැහැදිලිව පේන දෙයක් මේක.BMW,JAGUAR,PRADO,BENZ, MONTERO වගේ සැප වාහනවල ඉදිරි අසුනේ යන කාන්තාව සුරූපිනියක්.ඊට පස්සේ තියෙන VIOS,LANCER,CIVIC,COROLLA වගේ වාහනවල ඉදිරි අසුනේ යන කාන්තාව ටිකක් ලස්සනයි.ඒත් SWIFT,MARUTI,වල සිට මෝටර් බයිසිකලය දක්වා  වාහනවල ගමන් ගන්න කාන්තාව අතිශය සාමාන්‍යයි.
 

මේකෙන් කියවෙන්නේ මොකක්ද?මේ සංස්කෘතිය මොකක්ද?මේ ගැන ඔබේ මතය කියන්න.අපි සංවාදයක් පටන් ගමු.Comments වල  ඔබේ අදහස ලියන්න.


10/8/10

කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව


ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නෙවෙයි මම

නාන තොටුපළේ කල් මරන
දිය රෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්‍රීස් යකා නෙවෙයි මම

කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්‍රියට යට ඇඳුම් දඩයමේ යන
උදෑසන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදකින
ස්ත්‍රීවාදියා නෙවෙයි මම

ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම

මාර සේනා තිරය හරස් කර ඇත
දුෂ්කර ක්‍රියා කළද පල නැත
කමටහන් උදුරාගන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත

උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගෙන්ම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මින් මතුවට අපට ලෝකයක් නෑ

-රාවය 18 (2010.10.03)

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

9/25/10

සියඹලාණ්ඩුවේ ලක්ෂිතාට දෙවරක් වෙඩි තැබීම


තහනම් ප්‍රේමයේ වෙලී ලක්ෂිකා සමුගනී
- දිවයින - 2010 සැප්තැම්බර් මස 25 වැනිදා

 සියඹලාණ්ඩුව විද්‍යාලයේ ක්‍රීඩා ගුරු ලක්ෂිකා මුළාවූ ආදරයේ මාරයා ඇය බිලිගත් හැටි 
-ලංකාදීප -2010 සැප්තැම්බර් මස 25 වැනිදා




සියඹලාණ්ඩුව ඉස්කෝලේ ටීච කෙනෙකුට ඇගේ පෙම්වතා පාසැලටම ඇවිත් වෙඩි තියනවා.ඊට පස්සේ ඔහුත් වෙඩිතියාගෙන මැරෙනවා.මේ සිද්ධිය අපේ පත්තර කීපයක් වාර්තා කරල තිබුනේ මේ විදිහට.සිද්ධිය ඛේදවාචකයක් ඒක ඇත්ත.ඒත් ඒක Highlight කරල පෙන්නන්න විදිහ තමයි තිත්ත."තහනම් ප්‍රේමය" "මුලාවූ ආදරය" මේ අර්ථකතන මොනවද?මේකයි ගැටලුව.

මේ වචන හරහා බොහෝ වෙලාවට කරන්නේ පාඨකයාට ආතල් එකක් දීම විතරයි.අනිත් පැත්තෙන් මේ මරණය සාධාරණීකරනය කිරීමක් මෙතනදි වෙනවා."එහෙම නම් ඉතින් මෙහෙම වුනාට කමක් නෑ"කියල ගොඩක් දෙනෙක් කියන්න ගන්නවා.එතකොට තමයි පත්තර විසින් සමාජය පොළඹවලා ලක්ෂිකාට දෙවන වරටත් වෙඩි තියන්නේ.එතනදි ලක්ෂිකාට විතරක් නෙවෙයි ඒ පවුලම වෙඩි ප්‍රහාරවලට ලක්වෙනවා.

ආදරයේ කෙලවර විවාහ වෙන එක අනිවාර්ය කරපු සමාජයක ජීවත් වුන ලක්ෂිකා තමන් කොයිතරම් ආදරය කරත් පෙම්වතා එක්ක විවාහ වෙන්න අවස්ථාව නෑ කියන කාරණාව දැනුනට පස්සේ පෙම්වතාගෙන් ඈත්වෙන්න බලනවා.ඒ ඈත් වීම පෙම්වතාට දරාගන්න බැරුව යනවා.ලක්ෂිතාටත් මේක දරාගන්න බැරිවෙන්න ඇති ඒත් ඇයට වෙන කරන්න දෙයක් නෑ. මේ නිසා සමාජයට වෙඩිතියන්න බැරුව අසරණ වුන පෙම්වතා වෙඩි තියන්නේ ලක්ෂිකාට.එහෙම බැලුවම ඇත්තටම ලක්ෂිකාට වෙඩි තියල තියෙන්නේ සමාජය.ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන සම්මතය නොතිබුනා නම් අද ලක්ෂිකා ජීවතුන් අතර ඉන්නවා.

මිනිස්සුන්ට පුලුවන් නම් තමන් කැමති නායකයෙකුට රට භාරදෙන්න,තමන් කැමති ආගමකට පේ වෙන්න,කැමති විදිහට ගේ දොර හදාගන්න,කැමති ඇදුමක් අදින්න,කැමති කෑමක් කන්න,ඇයි ලක්ෂිතාට බැරි තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න.අර මුලින් කිව්ව දේවල් සියල්ලත් අපේ ජීවිතයේ අතිශය වැදගත් දේවල්.ඒ දේවල් හරහාත් ලැබෙන්නේ තෘප්තියක්.ආදරයෙදි ලැබෙන්නෙත් ඒකමයි.තෘප්තිය.මේ තෘප්තියට සීමා දාන්න පුලුවන් කාටද? මෙ සීමා මායිම් නිර්ණය කරන්නේ කවුද? ඉරට හදට ආදරය කරනවා නම්,සුරතල් සත්තුන්ට ආදරයකරනවා නම්,ගස් වැල් වලට ආදරය කරන්න තහනම් නැත්තං ඇයි මිනිස්සු දෙන්නෙකුට ආදරය කරන්න බැරි.ඒක සමාන ලිංගික හෝ විරුද්ධ ලිංගික වෙන්න පුලුවන්.දෙන්නෙකුට ආදරය බෙදා ගන්න හැගීම් හුවමාරු කරගන්න අයිතියක් තියෙනවා.ඒ අයිතියේ සීමා නිර්ණය කරන්න කාටවත් බෑ.මේක කසාදයෙන් ඉවරවෙන්න ඕන.මෙහෙම වෙන්න ඕන,අරෙහෙම කරන්න බෑ.කියල නීති රීති දාන්න කාටවත් බෑ

සමාජයිය සහ මූලධර්මවාදී සීමා ඇතුලේ හිර කරන්න පුලුවන් හැගීමක් නෙවෙයි ආදරය කියන්නේ.මේක කොළයක ලියල අයිති කරගන්නවට වැඩිය අතිශය මානුෂිය ගණුදෙනුවක්.මේක ඇතුලේ සම්මතයන් තියෙන්න විදිහක් නෑ.මිනිස්සු ඉස්සෙල්ලම අදුනගන්නේ ආදරය.ඊට පස්සේ තමයි සමාජ සම්මතයන්,නීති රීති, මේවා ඉගෙන ගන්නේ.මේ නිසා නීති රීති දාලා,සම්මතයන් හදලා මේ හැගීමට තහංචි දාන්න බෑ.ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්.

9/17/10

 මම...


ගස මුල මම හිදිමි
ගිම්හානය එනතුරු
නෙලාගන්න බැරි
ඔබ
ඇහිදගන්න.........

9/1/10

Love or Sex?


'ඔයා කොහොම ද එහෙම කරන්නේ ?'
'කොහොම ද?'
'නෑ දැන් කිවුවේ ?'
'ආදරේ තියෙන්නේ කරන්න මිසක් තියාගෙන ඉන්න නෙවෙයි නේ'
'හරි මම ඒක දන්නවා'
'එතකොට ඔයා කියන්නේ මම අනිවාර්යෙන් ම එයාව මගේ කරගන්න ඕනේ කියලා ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් මොකට ද ආදරේ කළේ ?'
'ආදරේ කරන්නේ අයිති කරගන්න ම නෙවෙයි'
'එහෙනම් ආදරේ කරන්නේ අතෑරලා දාන්න ද?'
'ආදරේ කියන්නේ අතාරින එක ම තම යි'
'ඒක නම් හරි පුදුම කතාවක්'


'නෑ. ආදරේ කරන කෙනා තමන්ගෙම කරගන්න ඕනෑ කියලා කියනවා නම් එතන ආදරේ තිබිලා නෑ'
'දෙයියනේ, ආදරේ කරන්නේ තමන්ගේ කරගන්න නෙවෙයි නම් අනුන්ට අයිතිවෙනවා බලාගෙන ඉන්න ද?'
'ආත්මාර්ථය ඇතුලේ ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඔයා කියන විදියට ආදරේ කරන කෙනා තමන්ගේ කරගන්නවා කියන්නේ ආත්මාර්ථකාමීකමක්'
'ඔව්. ඒක එහෙම තමයි'
'එහෙනම් දෙන්නෙක් ආදරේ කරලා, කසාද බඳින්නේ ඇයි ?'
'මූලිකම කාරණාව තමයි නිදහස් ලිංගික පැවැත්ම නීත්‍යනුකූල රාමුවක් ඇතුලේ ඉඳගෙන, සීමාවක් හදාගෙන, ඇඳක් උඩ, රෑට රෑට කරන එක'
'නෑ. ඒක ඊට වඩා එහා ගිය දෙයක්'
'මම හිතන්නේ නෑ'
'ඇයි?'
'නිදහස් ලිංගික පැවැත්ම මේ සමාජය අනුමත කළා නම් ඔයා හිතනව ද කිසි කෙනෙක් කසාද බඳින්න ලෑස්තිවෙයි කියලා ?'
'අපි ඉන්නේ පෙරදිග සංස්කෘතිය ඇතුළේ, ඒක ඇතුළේ පවුල තරම් උතුම් දෙයක් තවත් නෑ. තමන්ගේ කෙනා එක්ක මිසක පිට කෙනෙක් එක්ක ලිංගික ව හැසිරෙන එක සමාජ විරෝධී යි'
'මම හිතන්නෙ නෑ මිනිස්සු තමන්ගෙ හැඟීම් කොටු කරලා තියාගෙන ඉන්නවට අවංකව ම කැමති වෙයි කියලා'
'ඒ නිසා තමයි ආදරේ කරන්නේ'
'හැඟීම් කොටුවෙලා තියෙන එකෙයි ආදරයෙයි තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් විතරයි'
'නෑ. එක පවුලක් ඇතුලේ ඉන්නකොට ටික ටික ආදරේ වැඩිවෙනවා මිසක අඩු වෙන්නේ නෑ'
'ආදරේ වැඩිවෙනවා නම් දාලා යන එක දුකක් වෙන්න බෑනේ'
'දාලා යන්නෙ නැත්තේ ආදරේ නිසා'
'නෑ. දාලා යන්නෙ නැත්තේ ආත්මාර්ථය නිසා. වෙන කෙනෙක්ට අයිතිවෙයි කියලා හිතන නිසා. වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න බැරි නිසා'
'ඔයා කියන්නේ පවුලක් එකතුවෙලා තියෙන්නේ ආදරේ නිසා නෙවෙයි කියල ද?'
'ඔයා හිතන්නේ එකට ඉන්න පවුලක් එකට ඉන්නේ කැමැත්තකින් කියල ද?'
'ඔව්. කැමැත්තෙන් තමයි'
'නෑ. කැමැත්ත නිසා නෙවෙයි'
'එහෙනං මොකක් නිසා ද?'
'සමාජයට බය යි, නීතියට බය යි, හිතන්න බය යි, දාලා යන්න බය යි, ගිහින් එන්න බය යි, කොටින්න ම කියනවානම් රාමුවට එළියෙන් හිතන්න ම බය යි'
'නෑ'
'ඔයා හිතන්න දැනට තියෙන විවාහ නීතිය අවලංගු කළා කියලා'
'එහෙම කවදාවත් වෙන්නේ නෑ'
'ඔය විවාහය කියන රාමුව ඇතුලේ තමයි ආදරේ කොටුකරලා තියෙන්නේ. ඒත් ආදරේ කියන්නේ කවදාවත් එහෙම කොටුකරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි.'
'නෑ. ඒ රාමුව නීතියේ රාමුවක් නෙවෙයි. ඒකට කියන්නේ සභ්‍යත්වයේ සීමාව කියලා. ඒ නිසා තමයි කවුරුත් ඒ සීමාව බිඳගෙන යන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඒ තුළ ඉඳගෙන පවුල ඇතුලේ විතරක් සෙක්ස් කරන්නේ. ඒ නිසා තමයි පවුලින් පිට සෙක්ස් කරලා අහු වුණාම මුළු සමාජයම එයාව ප්‍රතික්ෂේප කරන්නේ, ඒ නිසා තමයි පවුල කියන ඒකකය තවමත් ආරක්ෂා වෙලා තියෙන්නේ'
'පවුල ආරක්ෂා වෙලා තියෙනවා. ඒත් ආදරේ ආරක්ෂා වෙලා නෑ'
'ඇයි ආදරේ ආරක්ෂා නොවෙන්නේ ?'
'එකක් සෙක්ස් ඇතුලේ ආදරේට ඉඩක් නැති නිසා. අනික ආදරේ ඇතුලේ සෙක්ස් වලට ඉඩක් නැති නිසා'
'ඔයා හිතන්නේ ආදරේ ඇතුලේ සෙක්ස්වලට ඉඩක් නෑ කියල ද?'
'කවදාකවත් ආදරේ ඇතුලේ සෙක්ස් තියෙන්න විදියක් නෑ කියලයි මම කියන්නේ'
'නෑ. සෙක්ස් කියන්නේ ආදරේ ඇතුළෙම තියෙන දෙයක්. එහෙම නෙවෙයි නම් කොහොමද දෙන්නෙක් එකට එකතු වෙන්නේ ?'
'එතන ආදරේ නැති නිසා'
'සෙක්ස් වලට ආදරේ නැතිව පැවැත්මක් තියෙනවා තමයි. ඒ නිසානේ සල්ලි දීලා කෙනෙක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ එකම කෙනෙක්ට නිතර නිතර සල්ලි නොදෙන්නේ. ඒක නිසානේ ඒ මොහොතෙන් පස්සේ ඒක අමතක කරලා දාන්නේ. ඒත් ආදරේ ඇතුලේ තියෙන සෙක්ස් කියන්නේ පවුල. ඒකයි කෙනෙක්ට පවුල අමතක කරන්න බැරි. ඒකයි සෙක්ස් වලින් පස්සේ ඉපදෙන සත්තවයාට තමන්ගේ නම දීලා දරුවෙක් කර ගන්නේ. එහෙම නැති කෙනෙක්ට දරුවෙක් ලැබුණාම තියෙන තත්ත්වය ගැන ඔයා දන්නවානේ'
'ඔයා මොනවා කිවුවත් සෙක්ස් තියෙනවා නම් එතන ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඇයි ?'
'සෙක්ස් කියන්නේ ආදරේ ප්‍රතිවිරුද්ද පැත්ත. ඒ නිසයි කෙනෙක්ට ලිංගික ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. ඒ නිසයි මිනිහෙක් වෙන ගෑණියෙක් එක්ක වත්, ගෑණියෙක් තව මිනිහෙක් එක්කවත් ඉන්නවට අනෙක් කෙනා කැමති නැත්තේ. ඒ නිසා තමයි කෙල්ලෙක් දිහා වෙන කොල්ලෙක් හැරිලා බැලුවත් යාලුවෙලා ඉන්න එකාට මළ පනින්නේ. කොල්ලා වෙන කෙල්ලක් දිහා බැලුවත් කෙල්ලට නහුතෙට තද වෙන්නේ'
'ඉතිං ඒකනේ ඒ සම්බන්දෙට ආදරේ කියලා නමක් දීලා තියෙන්නේ'
'ආදරේ තියෙනවානම් කොහොමද ඒ විදියට ආත්මාර්ථයක් මතු වෙන්නේ ?'
'ඔයා කියන්නේ ආදරේ කියන්නේ තමන්ගෙ නෙවෙයි වගේ ඉන්නවා කියන් එක ද ?'
'නෑ'
'එහෙනම් මොකද්ද ?'
'ආදරේ කියන්නේ ආත්මාර්ථයෙන් තොර බව'
'තමන්ගේ කරගන්නේ නැත්නම් මොකද්ද එතක තියෙන ආදරේ ?'
'ආදරේ කරන කෙනෙක් කවදාවත් මෙයා මගේ ම වෙන්න ඕනෑ කියලා හිතන්නෙවත් නෑ'
'ඔයා එහෙම ද?'
'ඔව්'
'ඒ කියන්නේ ඔයාගෙ කෙනා වෙන කෙනෙක් එක්ක ගියාට ඔයාට දුකක් නෑ'
'දුකක් දැනෙයි. ඒත් දුක හිතන්නේ නෑ'
'ඔයා එයා ගැන එහෙම හිතන් ඉන්නවා කියලා එයා දන්නව ද?'
'මං ගැන දන්නෙ නැත්නම් මමයි එයයි අතරේ සම්බන්ධයක් ගොඩනැගෙන්නේ කෙහොමද?'
'ඒක එයාට දුකක් කියලා ඔයා හිතන්නේ නැද් ද?'
'දෙන්නෙක් කවදාවත් එකම විදිය වෙන්නේ නෑනේ. හැම දෙනා ම හැම වෙලාවෙම අනිවාර්යෙන් ම එක් කෙනෙක්ට එක් කෙනෙක් වෙනස් වෙනවා. ඒ නිසා මම දුක නොහිතුවට එය දුක නොහිතයි කියන තහවුරුව දෙන්න මට බෑ'
'ඒත් එයා ඉන්නේ දුකින් නම් ?'
'දුකින් නම් මගෙත් එක්ක ඉන්න උවමනාවක් නෑනේ'
'සමහරවිට එයා දුකින් හරි ඔයා ළඟ ඉන්නේ ලොකු කැපකිරීමක් කරලා වෙන්න පුළුවන්'
'ඇයි කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කරන්නේ ?'
'සමහරවිට පවුල් ජීවිතයක් හරියට ගතකරන්න ඒ කැපකිරීම් නැතිව බෑ'
'ඒ කියන්නේ කෙනෙක් කැපකිරීමක් කරන්නේ තමන්ගේ පවුල රැකගන්න ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් කොහොම ද දෙන්නෙක් ඉස්සරහට ජීවත්වෙන්නේ ?'
'ඒ කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් තමන් කැමතිම දෙයක් බිල්ලට දීලා, ඒ වෙනුවට පවුලේ සතුට අපේක‍ෂා කරනවා ?'
'බොහෝ දුරට එහෙමයි'
'ඒත් එක් කෙනෙක් කරන කැපකිරීමට සාධාරණය ඉටුකරන්න අනිත් කෙනාට බැරි වුණොත් ?'
'එතන ගැටුමක් නිර්මාණය වෙනවා'
'ඒ කියන්නේ තමන් කැමති දෙයක් කැප කරලා ඒකට හිලවු වෙන්න තමන් කැමති තවත් දෙයක් නොලැබුණොත් එතන අර්බුදයට යනවා'
'කැපකිරීමට සාධාරණයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ ආදරය කරලා විවාහ වුණත්, යම් යම් කාරණාවලදී මතුවෙන ව්‍යාකූලතාවන් සමනය කරගන්න එක් එක්කෙනා වෙන වෙනම කැපකිරීම් කරලා, ඒවාට සාධාරණයක් වෙයි කියන අපේක‍ෂාවෙන් ඉන්නවා කියන එකයි'
'දෙන්නට ම දෙන්නා ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ'
'ඔයා කියන විදියට නම් මෙන්න මෙහෙමයි. හරියට අපි කඩේකට බනිස් කන්න ගිහින්, කන්න බනිස් තිබුණේ නැති නිසා, ඒ වෙනුවට සල්ලි දීලා ගල් බනිස් කනවා වගේ වැඩක්. හැබැයි අපිට ගල් බනිස් වුණත් බනිස් කියලා හිතාගෙන කන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන්න ඕනෑ. ඕකනේ ඔයා කියන්නේ, එක් කෙනෙක්ගෙ කැපකිරීමට අනිත් කෙනාගෙන් සාධරණය වෙන්න ඕනෑ කියලා ?'
'මම කියන්නේ යහපත්, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය වෙන දේවල්'
'ඒ කියන්නේ කුණු ගෑවුනු ඇඳුමක කුණු අයින්කරනවා වාගේ'
'ඒ කිවුවේ ?'
'කෙනෙක්ට තමන්ගෙ ඇඳුමේ තියෙන කුණු ටික යවා ගන්න ඕනෑ තරම් විකල්ප තියෙනවා. වොෂින් මැෂින් එකෙන් හෝදන්න පුළුවන්, ගලේ ගහලා හෝදන්න පුළුවන්, අතින් අතුල්ල්ලා හෝදන්න පුළුවන්, රින්සෝ දැම්මත්, සර්ෆ් එක්සෙල් දැම්මත්, සන්ලයිට් දැම්මත්, පර්ල්වයිට් දැම්මත් කුණු යනවා නම් එච්චරනේ. ඒකනේ ඔයා කියන්න යන්නේ ?'
'ඔයා ආදරය කරලා බඳිනවටයි පවුල් ජීවිතේටයි කැමති නෑ වගේ'
'මම කියන්නේ එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන්න බෑ කියලා'
'එහෙමම බැරිනම් ඇයි ඔයා ඔයාට කෙනෙක් හොයා ගත්තේ ?'
'ඒක ආදරේ මත ම වත්, සෙක්ස් මත ම වත් තීරණය වෙච්ච දෙයක් නෙවෙයි'
'එහෙනම් ඔයාලා දෙන්නා අතර සම්බන්ධයක් ඇති වුණේ ?'
'හැම සම්බන්ධයක් ම ආදර සම්බන්ධයක් කියලා වටහා ගන්න එකත් වැරදි යි'
'ඒ කියන්නේ ඔයාලා අතරේ තියෙන්නේ ආදර සම්බන්ධයක් නෙවෙයි'
'මම එයාට ආදරේ කරනවා'
'ආදරයක් නැත්නම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ, සම්බන්ධයක් නොතාබුණොත් සෙක්ස් තියෙන්නේ නෑ'
'නෑ, ආදරයයි සම්බන්ධයයි දෙකම නැතිව උණත් සෙක්ස්වලට පැවැත්මක් තියෙනවා'
'ඔයා අදහස් කරන්නේ අමු ම අමු සෙක්ස්'
'සෙක්ස් කිවුවාම ඒක සෙක්ස් ම විතරයි. හැබැයි අපේ ක්‍රමය ඇතුලේ ඒක අමුවට කෙරෙනවා වෙනුවට වහගෙන කරනවා'
'ඒ අනිත් කෙනොට තියෙන ආදරේ නිසා'
'නෑ. තමන් සෙක්ස් කරනවා වෙන කෙනෙක් දකී කියන බයට. හැබැයි කොච්චර වහගෙන කළත් හැමෝම කරන්නේ එකම දේ නේද කියලා කවුරුත් කල්පනා කරන්නේ නෑ'
'ඒක තමයි සභ්‍යත්වයේ සීමාව'
'සෙක්ස්වලටවත් ආදරේටවත් සභ්‍යත්වයේ නෙවෙයි මොනම සීමාවක් වත් දාන්න බෑ'
'නෑ, පුළුවන්, ඒක නිසා තමයි තවත් කෙනෙකුට ආදරේ කරන්නේ. එයාට විතරමක්'
'නෑ. ආදරේට බෑ එක්කෙනෙක් විතරයි, ඒ දෙන්නා කොල්ලයි කෙල්ලයි ම විතරයි කියන සීමාව දාන්න'
'එහෙම නෙවෙයි නම් ඒක අනුමත වෙන්නෙ නෑ'
'අනුමත නොවෙනවා කියලා ආදරේ නොකර ඉන්න බෑ'
'ආදරේ කියලා සභ්‍යත්වයෙන් පිට දේවල් කරන්න බෑ'
'ඒත් මම එක්කෙනෙක්ට කියලා විශේෂයක් කරන්නේ නෑ'
'ඒ කියන්නේ ඔයා හොමෝ සෙක්ස් වලට කැමතියි'
'ඇයි, මට මගේ ම සෙක්ස් එකේ කෙනෙක්ට ආදරේ කරන්න බැරි ද?'
'එහෙමනම් ඔයා හොමෝ සෙක්ෂුවල් වෙන්න ඕනේ'
'මම කියන්නේ ආදරේ කිරීම ගැන. ඒ ආදරේ ඇතුලේ සෙක්ස් නෑ'
'ආදරේ ඇතුලේ සෙක්ස් නැතිව ඒ ආදරේට පැවැත්මක් නෑ. එහෙම සෙක්ස් නැත්නම් අඩුම තරමේ එක් කෙනෙක්ගේ අතක්වත් අනිත් කෙනා අල්ලන්න බෑ'
'එහෙම අල්ලන්නේ ආදරේට නෙවෙයි. ආකර්ශනයට. එතන තමයි සෙක්ස් තියෙන්නේ'
'ඒ කියන්නේ ඔයා මමත් එක්කත් සෙක්ස් කරන්න කැමතියි'
'ඔයා හිතන්නේ මට බැරි වෙයි කියල ද?'
'නෑ, මම ඇහුවේ කැමතියි නේ ද කියලා'
'කෙල්ලෙක් එක්ක කොල්ලෙක්වත්, කොල්ලෙක් එක්ක කෙල්ලක් වත් සෙක්ස් කරන්න අකමැති වෙන්නෙ නෑ'
'ඇයි ?'
'එතන තියෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය. හැබැයි මම ඔයත් එක්ක සෙක්ස් කළා කියන්නේ මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්ත කියන එකත් නෙවෙයි.'
'එහෙනම් ?'
'බැඳීමක් තියෙන්න පුළුවන්'
'ආදරයක් ඇතිවෙන්නේ නැද්ද ?'
'ඔයත් එක්ක සෙක්ස් කළත් නොකළත් මම ඔයාට ආදරේ කරනවා නම්, ඒකට සෙක්ස් අදාළ වෙන්නෙ නෑ'
'එහෙනම් ඒ කියන්නේ පරම පිවිතුරු නිරාමිස ආදරයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ කිසිම බැඳීමක් නැති අදරයක්'
'ආදරයක් නම් බැඳීමක් තියෙනවා මයි'
'නිරාමිස වෙනවා කියන්නේ ආයේ බැඳීමක් තියෙන්න බෑ කියන එක'
'බැඳීමකින් තොර ආදරේට පැවැත්මක් නෑ'
'ආදරෙන් තොර බැඳීමකට දුර යන්න බැරි වුණත්, බැඳීමකින් තොර ආදරයට අනන්තය දක්වාම යන්න පුළුවන්'
'ආදරේ කියන්නෙ ම බැඳීමක්'
'නෑ, හරියට ම ආදරේ කරනවා නම් එතන කිසිම බැඳීමක් තියෙන්න විදියක් ඇත්තෙම නෑ'
'ඒ කියන්නේ ඔයා එයාව ආශ්‍රය කරන්නේ ඔයාගේ සෙක්ස්වලට තියා ගන්න'
'මම මගේ යාළුවන්ට ගොඩාක් ආදරෙයි'
'හෝමෝ සෙක්ෂුවල් අයට විරුද්ධලිංගික ආශාව අඩුයි'
'ආදරේ බයිසෙක්ෂුවල් හරි සෙක්ෂුවල් හරිකියනවට මම මුළුමනින් ම විරුද්ධයි'
'ඔයා කොච්චර ඔයාගේ මතේ ම හිටියත් සමාජය පිළිගන්න දේට අභියෝග කරන්න ඔයාට බෑ'
'මට ඔයාට අභියෝග කරන්න පුළුවන්'
'ඔව්'
'ඒ කියන්නේ මම සමාජයට අභියෝග කරනවා කියන එක ම තමයි'
'නෑ. ඔයා අභියෝග කරන්නේ මාත් එක්ක විතරයි'
'ඔයාට මේ සමාජයෙන් තොර පැවැත්මක් නෑ'
'ඔයාටත් එහෙමයි'
'ඒ නිසා තමයි මම සමාජයට අභියෝග කරනවා වෙන්නේ'
'නෑ'
'නැත්තෙ නෑ. ඔයාටවත්, මටවත් සමාජයෙන් තොර පැවැත්මක් නැත්නම්, ඔයත් මමත් මේ සමාජයේ ම කොටස් දෙකක් නම්, ඔයයි මමයි කරන කියන හැමදේට ම සමාජයීය වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මම අභියෝග කරන්නේ සමස්ත සමාජයත් එක්ක'
'ඒ ඔයා කියන විදියට'
'නෑ. ඒක එහෙම තමයි, හැබැයි ඔයා පිළිගන්න බයයි'
'ඒ මම ඔයාට කැමති නිසා'
'කැමැත්ත කියන්නේ ආදරේ නෙවෙයි නේ'
'ආදරයක ආරම්භය කැමැත්ත වෙන්න පුළුවන්'
'නෑ. ආදරය කරන්න කැමතිවෙන්න ඕනෙම නෑ'
'ඒ කියන්නේ ඔයා මට ආදරෙයි'
'මගේ ආදරේ තියෙන්නේ ඔයාට ගොඩාක් දුරින්'
'කාට ද?'
'ආදරේට'
'ඒ කියන්නේ'
'සොබා දහම වගේ ම'

සඳකැලූම් රසාංජන