
11/9/12
ආගමික ත්‍රස්තවාදය

10/7/12
තරගය වෙනස් කළ “ම“ යන්න
9/28/12
9/23/12
9/18/12
8/17/12
8/6/12
7/19/12
6/13/12
6/10/12
සංස්කෘතිය කකුල් දෙක මැද
Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ
“මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා
අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ
දෙන්නෙක් කථා කරනවා
“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“
“ya why not අර දුමින්දගේ එකක්ලු නේද
?“
“ඔව් ඔව් ඒකේ
කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන්
මචං..අයියෝ..එක විකාරයක්“
“ඒක මචං දැන් trend එකක්නේ එක channel එකක අදිනවට වැඩිය කොටට තව
channel එකක අදිනවා ඊට වැඩිය
පෙන්නලා තව එකක අදිනවා.“
“ඒ කියන්නේ
පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“
“yaa මචං සිරාවට“
4/19/12
හිරුණිකාගේ arrears එක
"ඡායාරූපවල
ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය
යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ
නිලධාරීන් මේ සම්බන්ධ ප්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ
නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත්
පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට
සාධාරණයක් ඉටුවෙනකං…එහෙම
නැතිවුණොත් මේ ඔක්කොම
කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."
මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අධිකරණ භූමියේදී ඡායාරූප
පෙන්වමින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.මේ ප්‍රකාශය ගැන වඩාත්ම ප්රමෝදයට පත්වන්නන්
අතර බහුතරයක් ඉන්නේ භාරත හිතවාදීන්ට වඩා මහින්ද විරෝධීන්ය.ඒ අය හිරුණිකාව අගය කරන්නේ භාරතට ඇති ලෙන්ගතුකම නිසා නොව මහින්දට
විරෝධය පෑ යුතු නිසාය.මෙම තත්වය තවම හිරුණිකාට වැටහී නැත්ද නැතිනම් වැටහුනේ නැති
ගාණට සිටින්නේ දැයි යන්න වෙනම කාරණයකි.කෙසේ වෙතත් විමර්ශනාත්මකව ගත් විට හිරුණිකාට
ඇත්තේ arrears එකක් cover කරගැනීමේ අරමුණයි.ඒ තම පියා මැරූ පළීය ගැනීමේ නොතිත් වුවමනාවයි.
4/11/12
අළුත් අවුරුද්ද ගොඩ යන්න
අවුරුද්ද ඇවිල්ලා පුරුදු TV කේන්දර කාරයො ටික ආයෙත්
පලාඵල කියන්න අරං.අපලයි සුබයි මිශ්‍ර ඵල යි නොයෙකුත් දේවල්.එක එකා එක එක විදිහට කියනවා.අර
චැනෙල් එකේ හොදයි කියන ලග්නෙට මේ චැනෙල් එකේ හොද නෑ.
එක එක පාට රෙදි පෙරවගෙන ලැප්ටොප් අරං ටක් ගාල
සොෆ්ට්වෙයාර් එකෙන් පලාඵල කියන මිනිස්සු වැහි වැහැලා.මේ ගැන වරක් තස්ලිමා නස්රීන්
ලිව්වා.අව සංවර්ධිත රටවල මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය හීන වෙනෙකොට විවිධ අන්ධ
විශ්වාසයන් හරි පහසුවෙන් ඔලු ඇතුලට රිංගනවා කියලා.ඇත්ත මෙතන තියෙන්නේ වෙන දෙයක්
නෙවෙයි ආත්ම විශ්වාසයක් නැතිකම.තමන්ගේ ඊලග තත්පරය ගැන තමන්ට බයයි.අභියෝග වලට
බයයි.මේකයි ඇත්ත.මෙච්චර වටින ජිවිතයක් ඔලුවක් ලැබිලත් අපි ඊළග මිනිත්තුවට ලෑස්ති
නෑ.
2/16/12
ඇන්තනි,රොෂේන් සහ රාගම කිඹුලා
රාගම මහ කිඹුලා මිනිස්සු
එකතුවෙලා මරලා දැම්මා.වරද මිනී කෑම.මෙතන දි ප්‍රශ්නේ තියෙන්නේ කිඹුලා කාගෙවත්
ගෙදරකට බලහත්කාරයෙන් කඩා වැදිලා මිනිහෙක්ව අල්ලගෙන කෑවේ නෑ.ඌ එදිනෙදා ජීවත්වෙන කෑම
සපයාගන්නා පරිසරයට ගිය මිනිහෙක්ව තමයි කිඹුලා තමන්ගේ කුසගින්න නිවා ගන්න යොදාගන්නේ.
කොහොම වුනත් මිනී කෑමේ වරදට සාහසික
විදිහට මරලා දැම්ම රාගම කිඹුලාගේ දිග අඩි 19 (ලෝකේ ඉන්න දිගම කිඹුලාගේ දිග අඩි 21
යි) එතකොට රාගම කිඹුලගේ බර කිලෝ 900 යි (ලෝකේ ඉන්න ලොකුම කිඹුලගේ බරත් කිලෝ 1000
යි) ඉතිං ඒ තරම් සද්දන්තයෙක් මරලා දාන්න හේතුව මිනී මරපු එක.
එහෙම ඒ විදිහට අරගෙන
බැලුවම ඊයේ හලාවත ධීවර විරෝධතාවයෙදි අමු
අමුවෙම වෙඩි තියල ඇන්තනිව මරලා දැම්මා.මීට කලින් කටුනායකදි රෝෂේන් චානුකව මරලා දැම්මා.මේ
දෙන්නම මැරුනේ අර කිඹුලාට බිලිවුන මිනිහා වගේ කිඹුලාගේ පරිසරයට ගිහිල්ලා
නෙවෙයි.අසාධාරණයට එරෙහිව හඩ නගන්න ගිහිල්ලා.
2/13/12
2/3/12
නපුංසක නිදහස
ඇත්තටම අපි නිදහස්ද? 64 වන ජාතික නිදහස්
දිනය මහ ඉහළින් සැමරෙන මේ මොහොතේ මේ ගැන තවත් වරක් සිතාබැලිය යුතුව පවතී.අද අපි
නිදහස දිනාගත් බව කියමින් උදම් අනමින් සිටිමු.සැබැ ලෙසම නිදහස දිනා ගැනීම සදහා
සටන් කළෝ කවරහුද?එංගලන්තයේ ඉගෙනගෙන කළු සුද්දන්ගේ පරම්පරාවේ උන් බලයට කෑදරකමින්
මෙරට නිදහස වෙනුවෙන් පෙනී සිටියා පමණි.අප දිනාගත් නිදහසක් නැත.සුද්දා අපිව නිදහස්
කළේද නැත.අතහැර දැමුවේය.
අපිට නිදහස ලැබෙන්නේ 1948 දීය.නමුත් ඉන්දියාව අපට වසරකට පෙර එනම් 1947
දී සියලු ජාතීන් එක්වු සැබැ පොදු ජන අරගලයකින් නිදහස දිනා ගත්තේය.ඉන්දියාව
අහිමි වූ පසු ලංකාවෙන් වැඩක් නැති බව සිතූ සුද්දා අපිව අතහැර දැමුවේය.සුද්දාට අවශ්‍ය
වුයේ තම ඉන්දිය බලයට බලපෑම් එල්ලවිය ඇකි එකම අවස්ථාව වලක්වා ගැනීමටයි.එම නිසා
සුද්දාට ඉන්දියාව අහිමි වූ පසු ශ්‍රීලංකාවෙන් ගත යුතු කජ්ජක් නොවීය.මෙරට වැවු තේ
කුරුදු කෝපි වලින් ලද ආදායම මෙන් සියක් ගුණයක ආදායමක් ඉන්දියාවෙන් සුද්දා ලැබීය.
සියල්ල අවසානයේදී සුද්දා මෙරට අත්හැර දැමුවේ සරුසාරව වැවු තේ
වගාවන්,දුම්රිය මාර්ග,කදුකර මාර්ග ආදී සියල්ලද සමගිනි.සුද්දා නොවන්නට අපි තවමත්
උඩරට දුම්රිය මාර්ගය හදමින් සිටිමු.එසේ නම් කුමන් හෝ චීන සමාගමකට එම කොන්ත්රාත්තුවද
පවරා,කොහෙන් හෝ ණය ගෙන එහි කොමිස් මුදල ගෙන සුපිරි දිවියක් ගතකරන පිරිසක්ද මෙරට
බිහිවීම වැලැක්විය නොහැකිය.චීන්නුන් ගෙන් ණයට ගන්නා මුදල් වලින් කෙරෙන ඉදිකරීම්
වලට ලැජ්ජා නැතිව නම දමාගන්නා නායකයෝ මෙරට සිටින බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
රටේ අධ්‍යාපනය කඩා වැටී තිබේ.ණයට කකා බිබි ජොලි කරනවා ඇරෙන්නට ලබන ආදායමක්
නැත.බන්ධනාගාර තුලදී සිරකරුවන්ට වෙඩි තබති.කටක් ඇරියොත් සුදු වෑන් රථවලින්
පැහැරගෙන යති.සිරගත කරති.සිය දහසක් ජනයා උතුරේ ටකරන් මඩු වල ජීවත් වන අතර කොළඹ
නෙළුම් පොකුණු,නෙළුම් කුළුණු හැදෙති.
කෙසේ හෝ මේ වන විට අපට නිදහස ලැබී ඇති බව කියවේ.හමේ පැහැයෙන් පමණක් වෙනස්
එක් පෙළැන්තියක් සිය හිතමිතුරන් සමග සම්පත් සූරාකමින් කමින බොමින් ප්‍රීති වෙමින්
සිටිති.හිතෙන හිතෙන ගෑණු සමග සම්භෝගයේ යෙදෙමින්,හිතෙන හිතෙන දේ පවරා ගනිමින්,තමන්ට
කැමති දේවල් කරමින් අත්නෝමතික ලෙස මෙම පාර්ශවය සිය ජීවිත ගත කරති.
දැන් අප ජීවත් විය යුත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදිය.බැලිය යුත්තේ චින්තනයට
අනුකූල චිත්‍රපට පමණි.කෑ යුත්තේ අල බතල පමණි.සාටකය පළදින්නේ නම් වඩා හොදය.මේ
ආකාරයට මෙරට බහුතරයකගේ අයිතීන් උදුරාගනිමින් පවතින මේ මෙහොතේ සැබෑ නිදහසක් පිලිබද
උදම් ඇනිය හැකිද?තවත් දෙයක් තිබේ එනම් සියලු ජාතීන් එකම ජාතියක් සේ සලකමු යනුවෙන්
කෑ මොර දුන්නද ජාතික කොඩියෙන්ම අප වෙන්කර තිබේ.මේ දෙමළ ය මේ මුස්ලිම්ය මේ මහ
ජාතියය යනුවෙන් ජාතික කොඩියම වෙන් කර දී තිබේ.මෙය සැබවින්ම නපුංසක නිදහසකි.එය
ජාතික කොඩියෙන් වඩා පැහැදිලි වෙයි.අප උඩදමාගෙන
දගලන ජාතික කොඩියේ සිංහයාගේ පුරුෂ නිමිත්ත නැත.එසේනම් අපේ සිංහයාද
නපුංසකයෙකි.
1/5/12
වරක් බර්ටෝල් බ්‍රෙට්ස් තම ‛පැන්ස තුනේ කතාව’ තුළ මෙවැන්නක් සදහන් කලේය.
යම් කෙනෙකු ඕනෑවට වඩා සතුට පසු පස පන්නාගෙන ගිය හොත් යම් මෙහොතකට පසු සතුට ඒ කෙනාට පසු පසින් ගමන් කිරීමට පටන් ගනී. එවිට සතුට පසුපස පැන්නූ කෙනා බිය වෙයි
.
අද කාලයේ සියථ දෙනා සතුට පමණක් සොයා ගෙන යන මුත් ඔවුන් නොසිතන්නේ සතුට හමු වූඅයට ඉන් පසුව සිදු වන්නේ කුමක් ද යන්නය. එබැවින් අප සිතනවාට වඩා කෙනෙකුට සතුට හමුවිම බිය ජනක අත් දැකීමකි. සතුට හමුවීම ප්‍රිය ජනක නම් අද දවසේ සංගීතා වීරරත්න,හෝ සබීතා පෙරේරා සිටිය යුත්තේ නට නටාය.
මේ නිසා සතුටෙන් නටන මෙම ජනප්‍රිය පවුලගැන සිතිය යුත්තේ කෙසේද? අපි ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන් මේ තරම් සතුටින් නැටීමට පොළඹන මිත්‍යාව කුමක්ද කියාය. අපි සොයාගත යුත්තේ මෙම පවුලේ න්‍යෂ්ඨියේ ඇති ඒකාකාරී ශෝඛයයි.එනම් මොවුන් මෙතරම් සතුටෙන් නටන්නේ කුමන ශෝඛය මගහරින්නද යන්නයි…
උපුටා ගැනීම : 3mana.com
යම් කෙනෙකු ඕනෑවට වඩා සතුට පසු පස පන්නාගෙන ගිය හොත් යම් මෙහොතකට පසු සතුට ඒ කෙනාට පසු පසින් ගමන් කිරීමට පටන් ගනී. එවිට සතුට පසුපස පැන්නූ කෙනා බිය වෙයි
.
අද කාලයේ සියථ දෙනා සතුට පමණක් සොයා ගෙන යන මුත් ඔවුන් නොසිතන්නේ සතුට හමු වූඅයට ඉන් පසුව සිදු වන්නේ කුමක් ද යන්නය. එබැවින් අප සිතනවාට වඩා කෙනෙකුට සතුට හමුවිම බිය ජනක අත් දැකීමකි. සතුට හමුවීම ප්‍රිය ජනක නම් අද දවසේ සංගීතා වීරරත්න,හෝ සබීතා පෙරේරා සිටිය යුත්තේ නට නටාය.
මේ නිසා සතුටෙන් නටන මෙම ජනප්‍රිය පවුලගැන සිතිය යුත්තේ කෙසේද? අපි ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඔවුන් මේ තරම් සතුටින් නැටීමට පොළඹන මිත්‍යාව කුමක්ද කියාය. අපි සොයාගත යුත්තේ මෙම පවුලේ න්‍යෂ්ඨියේ ඇති ඒකාකාරී ශෝඛයයි.එනම් මොවුන් මෙතරම් සතුටෙන් නටන්නේ කුමන ශෝඛය මගහරින්නද යන්නයි…
උපුටා ගැනීම : 3mana.com
1/3/12
Subscribe to:
Posts (Atom)