
පොඩිඑකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.“තාත්තේ මල්ලි ආවෙ කොහොමද?“තාත්ත කියනවා“ ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ “ කියලා.පුංචි එකා නවතින්නෙම නෑ“එතකොට නංගි?“ තවත් ගැටලුවක්“නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා“තාත්තා කිව්වා.“එතකොට මම?“තාත්තාට බේරිල්ලක් නෑ.“ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්“පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා.එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා“යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ“ කියලා.
මේක තමයි ඇත්ත තත්වේ.වැඩිහිටියෝ කොළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්.ඉස්කෝලේ විද්‍යා පාඩමට පජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා.පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා.කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා.කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා,දැං ඔයා ලොකු ළමයෙක් කියලා.එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා.එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන.ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ.කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා.ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ.Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි.හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ.ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා.
Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය.රජවරු අන්තහ්පුර තියාගෙන හිටියා.ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා.(මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා.ඒක වෙනම කතාවක්.)මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව.ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි.තනිකරම Sex පදනම් කරගත්ත එකක්.(අතීතය ගැන මට තියෙන්නේ වෙනම කියවීමක්.ඒගැන මේ ලිපියේ ඊලග කොටසට ලියන්න පුලුවන්)දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්.ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ.ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා.මේකයි ඇත්ත.
අද මහා ශිෂ්ට ජාතියක් විදිහට ලෝකෙන්ම උතුම් ජාතිය විදිහට සමහරු පෙන්නන්න හදනවා. ඒත් අපි පටන් ගන්නෙම අසම්මත ලිංගික කටයුත්තකින්.සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා.එතනින් උපදින සිංහබාහු කුමාරයා රාජ්‍යත්වය හින්දා තාත්තා මරනවා.ඊට පස්සේ තමන්ගෙම නංගි එක්ක සහවාසය කරනවා.එතනින් උපදින කුමාරයා විජය.විජය ලංකාවට එවන්නේ ආදරේට නෙවෙයි,ඉන්දියාවේ තියාගන්න බැරි නිසා මැර ක්‍රියා කරන නිසා.එහෙම ආපු විජය දැක්ක කුවේණිට ඉවසන්න බැරි වුනා.ඒ වෙනකොට ලංකාවේ හිටපු කළු කැත යක්කුන්ට වැඩිය විජය ලස්සනයි.ඒකයි අවුරුදු දහසයක පෙනුමක් මවාගෙන විජය අල්ලගන්නේ.එතන ඇතිවුනේ ලිංගික ආශාවක් නෙවෙයි පරම පිවිතුරු ප්‍රේමයක් කියලා කාටවත් කියන්න බෑ.කුවේණි විජයට ලංකාව පාවල දෙන්නේ sex නිසා.මහාවංශය කියන විදිහට තමුන්ගේ යක්ෂගෝත්‍රිකයෝ මරා දාන ක්‍රමය පවා කුවේණි විජයට කියන්නේ යහනෙදි.
ඊට පස්සේ මොකද වෙන්නේ කුවේණියගේ දරු දෙන්නත් එකට ජීවත් වෙනවා.මේවා අද කියන හැටියට හොදද?තව ඊට පස්සේ උන්මාද චිත්‍රා එක්ටැම් ගෙයක දාලත් තියාගන්න බැරිවුනා.එතනින් ගියාම අනුලා දේවිය,ප්‍රමිලා බිසව,මේ සියලුම තැන්වල තියෙන්නේ sex.රජවරු අන්තප්පුර තියාගෙන හිටියා,ඉසුරුමුණි පෙම් යුවළ ඉන්නේ නන්දා මාලනී අර කියන රාගයෙන් තොර සද එළිය සේ පිවිතුරු ආදරෙන් ද?එතකොට සීගිරි ලලනාවෝ අද අග්‍රගන්‍ය කලා කෘතියක් කියලා කිව්වට ඒ කාලේ Blue films නොතිබුන නිසා කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ ආතල් එකට අන්දවපු ඒවා කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.
එතකොට ඉස්සර අපේ ඉතිහාසය තුළ එකගෙයි කෑම වගේ සංකල්ප තිබුනා.සුද්දෝ ලංකාවට එනකොටත් පැලක් හදාගෙන එක්තැන් වුනා මිසක් නීතියෙන් කඩදාසි වල අත්සන් කරලා අයිති කරගන්න සිරිතක් තිබුනේ නෑ.සුද්දෝ ආවට පස්සේ අපි සුද්දන්ට වැඩිය සුද්දෝ වුනා.අමුඩ සරම් ගලවලා කලිසම ඇදගත්තා,ඒත් සුද්දගේ භාෂාව අල්ල ගත්තේ නෑ.බොරු වික්ටෝරියානු සදාචාරේ හොරකම් කරගත්තා,ඒත් ආකල්පමය විදිහට ශිෂ්ට මිනිස්සු වෙන්න අදටත් බැරිවෙලා තියෙනවා.නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්.ඉතින් මේකයි තත්වේ.අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්.ඒ නිසා ලංකාව තුළ ජන සමාජයේ පැවැත්ම වන සංසර්ගිය ක්‍රියාව රහසින් සිදුකල යුතු ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා.මේක ඛේදවාචකයක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්.
පට්ට ලියුම එල එල ඔහොම යං.....!!!!!!
ReplyDeleteකියල වැඩක් නෑ
ReplyDeleteමං මේ discovery channel එකෙන් හදපු program එකක් බල බල හිටියෙ. කවුරුත් දන්නවනෙ discovery එකෙන් පෙන්නන්නෙ ළමයින්ට ගැලපෙන අධ්‍යාපනික දේවල් කියල.
1 - http://www.youtube.com/watch?v=zyDRmhWOsWM
2 - http://www.youtube.com/watch?v=nA2NmnWBXvU
3 - http://www.youtube.com/watch?v=sX7b_tQniBA
4 - http://www.youtube.com/watch?v=aMfH7hLa_-E
නමුත් මේක අපේ රටේ channel එකකක දැම්මොත් කොහොමට හිටීද? අපේ සංස්කෘතියට ගැලපෙන්නෑ කියල ඒ channel එක තහනම් කරයි ! මොකද අත්‍යාවශ්‍ය ලිංගික අධ්‍යාපනය කියන්නෙ අපේ කට්ටියට මැජික් !!
i agree with u..
ReplyDeleteදැන් ඉතින් තව තවත් වැඩ කඩොළු ඉදිවෙනවා... පෙම්වතුන්ට යන්න එන්න තැනක් නැති වෙනව...
ReplyDeleteඅනේ මන්ද ..
ශීෂ්ඨ වෙන්න කියල මේ හැම දේම කරන්න එපා කීවම හරිද? තව තව වැටකඩොලු බදිනව කියන්නේ තව තවත් අසහනයට යන ඒක නේද?
කථාව ඇත්ත නමුත් ලංකාව තුලත් පූර්ණ ලිංගික නිදහස ඇතිලොත් දූෂණ තත්වයන් අඩුවෙයිද කියන එක ප්රවෂ්ණයක් නේද. බලන්න ඉංදියාව එහි ලිංගික නිදහස ඕනා තරම් තියෙනවා. සමලිංගික විවාහ නීතිගතයි. නමුත් ලිංගික දුෂණයන් අඩු වෙලා තියේද? මෙහිදී විය යුත්තේ නිවැරදි ලිංගික අධ්යාිපනයත් සමග සමාජයේ ආකල්පීය වෙනසක් ඇති කිරීමයි. උදාහරනයක් ලෙස කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලිංගික හෝ ප්රේ්ම සම්බන්ධයක් නොවන අතිශය කිට්ටු මිතුරු ඇසුරක් නැතිනම් අඹයහළු සම්බන්ධයක් දෙස වැරදි විදිහට දකින තත්වයන් නැති වන තැනට ආකල්පීය වෙනසක් ඇතිකල යුතුයි. සමලිංගික නිදහස ගත්තොත් පොඩි කොලුපැටියන්ට බයක් හැකක් නැතිව පාසල් යවන්න පුළුවන් තත්වයක් ඇතිවන නිදහසක් වියයුතුයි. ඒවා එහෙම වන්න නම් එවැනි නිදහසට පෙර ආකල්ප වෙනස් කල යුතුයි. ඒවා ඉතිං කවදා කොහොම ඇති වෙයිද කියන එක තමා ප්රවශ්ණය. හැබැයි “සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා” කියන තර්කය මෙම ලිපියට කොයි තරම් දුරකට තාර්කිකද කියන එක ප්‍රශ්ණයක් නේද? මම හිතන්නේ නැහැ මේක ඇත්ත සිදුවීමක් කියලා. මම හිතන්නේ මේක සාහිත්යැමය පබැදුමක් විනා මේ වගේ අසම්මතයන් විද්යාිත්මකයි කියලා.
ReplyDeleteකාලීන වැදගත්කමක් තියෙන දෙයක් ගැන කතා කිරීම ගැන අගය කළ යුතුයි.
ReplyDeleteඔබ විසින් ආරම්භයේදී දක්ව ඇති පොඩි එක සහ තාත්තා අතර සංවාදය ගැන මුලින්ම යමක් කියන්නම්. කිසියම් ආකාරයක පුද්ගලයෙකුට යමක් කිව යුත්තේ, එම පුද්ගලයාගේ වයස, තරාතිරම, බුද්ධි මට්ටම, පසුබිම ආදී විවිධ කරුණු ගැනත් අවධානය යොමු කරමිනුයි. පොඩි එකා සම්බන්ධයෙන්ද තත්වය එයයි. අපි දන්නවා, අවුරුදු 7, 8 හෝ ඊට වඩා වයසක, ලිංගික පරිණතභාවයක් තබ ශාරීරික හා මානසික වශයෙන් එතරම් වැඩී නොමැති ළමයෙකුට, ලිංගිකත්වය හා ප්‍රජනනය ගැන ලොකු වචන යොදා ගෙන කරන පැහැදිලි කිරීමක් ගෝචර නොවන වග. නමුත්, ඔබ අදහස් කරන්නේ නව යොවුන් වියේ, ඊට ආසන්න වයසේ හෝ ඊට වඩා වැඩුණු කෙනෙකු ගැන නම්, එවැනි පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යයි.
ඔබ 2වන ඡේදයේ සඳහන් කරන අන්දමට, ලිංගිකත්වය ලංකාවේ මැජික් එකක් බවට පත්වී තිබීම බෙහෙවින් කණගාටුදායක තත්වයක්. එසේම, එහි ආරම්භය හා වර්ධනය ඔබ මෙම ලිපියේ ඒ ගැන සඳහන් කර ඇතිවාක් මෙන් සැහැල්ලුවෙන් කියා අවසන් කළ හැකිවක් නොවන වග අවධාරණය කරනු කැමැත්තෙමි. වැඩිවිය පත්වූ විට ගැහැණු ළමයින් කොටු කර තැබීම සම්බන්ධයෙන් වත්මනෙහි තත්වය කෙසේ වුවද, එහිදී කිසියම් පණිවිඩයක් සමාජයට හා වැඩිවියපත් ළමයාට දීම අරමුණු වුනා විය හැකියි. නමුත් මා ඉහතදී කී ආකාරයට වත්මනෙහි ආකාර, ලිංගිකතවය හා එම අධ්‍යාපනය සම්බන්ධව සාමාජීය හා පුද්ගලීය වශයෙන් වර්ධනය වී ඇති සංවෘතභාවය නිසා, 2වන ඡේදයේ පසුභාගයේ ඔබ සඳහන් කරන අන්දමේ තත්වයක් ඇති වී තිබෙනවා.
"අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය."
සමස්ත ලිපියෙහිම ඔබ බස හසුරුවා ඇති ආකාරයද සැලකිල්ලට ගත් කල, ඉහත ප්‍රකාශය ඔබ විසින් අවඥාවෙන් යුතුව කළේදැයි සැක මතුවේ. එකගෙයි කෑම, යුද්ධාදී අවස්තාවකදී එක පුරුෂයෙකුගේ වියෝවීම නිසා, ගැහැණිය වැන්දඹු වීම වළක්වා ගැනීමේ අරමුණිනින් වූ වග මගේ දැනීමයි. දශක 2කට අධික කාලයක් මුළුල්ලේ, යුද්ධය පිළිබඳ ඉතා විශාල අත්දැකීම් සම්භාරයක් ඇති පුරවැසියන් වශයෙන් එදා සහ අද තත්වය විමසා බැලීමට ඔබට යෝජනා කරනු කැමැත්තෙමි. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සමඟ වූ යුද්ධය උදෙසා තම දිවි පුද කළ, රණවිරුවන්ගේ භාර්යාවන් පිළිබඳ අපි දනිමු. ආර්ථික වශයෙන්,තම සැමියාගේ වියෝවෙන් පමණක් නොව තවත් අතිශය වැදගත් කරුණක් නිසා ඔවුහු අසරණ වූවෝ වෙති. එනම්, ඔවුන්ට අහිමිවූ ලිංගික ජීවිතයයි. විශේෂයෙන්, මෙම වැන්දඹුවන් බොහෝ දෙනෙකු තරුණ වියේ පසුවන්නෝ වෙති. ලිංගිකත්වය යනු අවශ්‍යතාවයකි. අනෙකුත් සෑම කෙනෙකුම සතු එම අයිතිවාසිකම අසරණවූ මෙවැනි කාන්තාවන්ටද ඇති බව අමතක නොකළ යුතුය. දැන් ඔබ මගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසනු ඇත. එනම්, විසඳුමක් වශයෙන් එක ගෙයි කෑම යළි ස්ථාපිත කළ යුතුද යන්නයි. මම අදහස් කළේ එවැන්නක් නොවන වග කිව යුතුය. මිය ගිය රණවිරුවන්ගේ බිරියන් පිළිබඳ නිදසුන් මෙහි දැක්වූයේ, ඔබ විසින් එක ගෙයි කෑම ගැන සඳහන් කර තිබූ නිසාවෙනි. යුද්ධය නිසා මිය ගිය රණවිරුවන්ගේ වැන්දඹු වූ බිරියන්ට, යළි විවාහ වීමේදී එතෙක් ඔවුන් ලැබූ විශ්‍රාම වැටුප් නොනවත්වා අඛණ්ඩව ලබා දීමට යන කටයුතු කරන බවට සඳහන් ප්‍රවෘත්තියක් මෑතකදී කියව්වූවෙමි. මෙහි, විශ්‍රාම වැටුප මෙන්ම යළි විවාහ වීම ගැනද, එකගෙයි කෑම ගැනද විමසා බලන මෙන් කියමි. ඒක භාර්යා/ඒක පුරුෂ විවාහය දැඩි වූ, යුදෙව් ක්‍රිස්තියානි හා වික්ටෝරියනු ශිෂ්ටත්වයේ කෝණයෙන් බැලු කල, මෙවැනි දෑ අශිෂ්ට සමාජයක තිබු දෑ ලෙස පෙනී යා හැකිය. ශාරීරික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවස්තා බහුල නිසා, කොළඹ අවට Rape cases අඩු බවක් ඔබ කියා ඇත. මෙම අවස්තා බහුල වීමේ ආකාර ශිෂ්ට සම්පන්නදැයි අසනු කැමැත්තෙමි.
මගේ පෙර අදහස් හා සම්බන්ධ වේ.
ReplyDelete"අද මහා ශිෂ්ට ජාතියක් විදිහට ලෝකෙන්ම උතුම් ජාතිය විදිහට සමහරු පෙන්නන්න හදනවා. ඒත් අපි පටන් ගන්නෙම අසම්මත ලිංගික කටයුත්තකින්.සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා..."
ඉතිහාසය කියවීමේදී සිහි තබා ගත යුතු කරුණක් නම්, ඇතැම්විට අතිශයෝක්ති සහ අලංකාරදී උපක්‍රම භාවිත කරනු ලැබ ඇති බවයි. සිංහයෙකුට දාව, මිනිස් කතකගේ කුසින් දරුවකු බිහි නොවේ. එසේම, සිංහයෙකු සමඟ සංසර්ගයේ යෙදීමේ කතාවේ වෙනත් අරුතක් ඇත. එනම්, සිංහයන් ලාණය (මරා දැමූ) සිංහබාහු සමඟ සංසර්ගයේ යෙදීම වැනි එකකි. එම කතාව හරියාකාරව දැන් මගේ මතකයේ නැත.අවධාරණය කළ යුතු තවත් කරුණක් මෙහි වෙයි. අපගේ ඉතිහාසය ආරම්භ වන්නේ, විජය, කුවේණි සංයෝගෙයෙන් බවට යුත් පූර්ව නිගමනයද සහිතව ඔබ ලිපිය ඇත. නමුත් එය සත්‍යය නොවේ. ඉතිහාසය ඊට වඩා බොහෝ දුර අතීතය කර දිව යයි. ඔබ විසින් මෙය අවඥාවෙන් බැහැර කළ හැකි වුවද, 1950 ආදී කාල වල සිට 70, 80, 90 ආදී දශක තුළින් වර්ථමානය වන විට, බටහිර රටවල බුද්ධිමතුන් විසින් එම ඉතිහාසය, ලෝක ඉතිහාසය හා සම්බන්ධ වන ආකාර හෙළි කර ගනිමින් පවතී. මහවංශයෙන් එපිටට අතීතයක් නොමැති, යටත්විජිතවාදී පුරාවිද්‍යාත්මක මනසින් හා, සෙනෙරත් පරණවිතාන මහතාගෙන් මෙපිට ලංකාවේ පුරා විද්‍යාඥයින්ගේ වැනි පටු කෝණයකින් බැලූ කල එම ඉතිහාසය සරදමක් පමණක් වනු ඇත. එහෙත් සත්‍යය නම්, මොහෙන්දජාරෝ හරප්පා, මායා ආදී ශිෂ්ටාචාර පිළිබඳ කරුණු මතුවීමත් සමඟම එම ඉතිහාසයේ සත්‍යතාවය විමසා බැලීමට හැකි වීමයි. එම යුගයේ සිදුවී ඇති න්‍යෂ්ටික යුද්ධාදිය පිළිබඳ වත්මෙනෙහි තරුණයෙකුට පැවසුවහොත් (මමද 23වියේ පසු වන්නෙක්මි), අවඥාවෙන් සිනහ වෙනු ඇත. නමුත්, එවැනි දේ පිළිබඳ කරුණු සොයා ගෙන ඇත. වික්ටෝරියානු ශිෂ්ටත්වයට හැඩ ගැසී ඇති අපට, සීගිරියේ උඩු කය නිරුවත් සිතුවම් දකින විට විවිධ අදහස් පහළ වීමෙහි පුදුමයක් නැත. යටත් විජිතවාදීන් ආදීන පැමිණීමට පෙර, ලංකාවේ කතුන් උඩු කයට විශේෂයෙන් ඇඳුම් අන්දවා නැත. සමකය ආසන්නයේ පිහිටි රටක් වන ලංකාවේ දේශගුණය පිළිබඳ සැළකීමේදී වුවද ඒ පිළිබඳ සිතා ගත හැකිය. වික්ටෝරියනු ශිෂ්ටත්වයට හුරුවූ අපට, එකල මිනිසුන් මෙවැනි කරුණු නිසා "වල්" ලෙස පෙනී යා හැකිය.
"බොරු වික්ටෝරියානු සදාචාරේ හොරකම් කරගත්තා,ඒත් ආකල්පමය විදිහට ශිෂ්ට මිනිස්සු වෙන්න අදටත් බැරිවෙලා තියෙනවා.නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්.ඉතින් මේකයි තත්වේ.අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්..."
හොරකම් කිරීමක් නොව එය අප තුළට එබ්බවීමක් මුලින් කරන ලදී. යටත්-විජිතවාදීන් විසින්(විශේෂයෙන් බ්‍රිතාන්‍යයන් වැන්නන්), ඊනියා-නිදහස ලබා දීමේදී, සූක්ෂ්ම ලෙසින් අපේ වැනි රටවල් තුළ ප්‍රශ්න ඉතිරි කර තබා යන ලදි. වික්ටෝරියානු සදාචාරයද එහිම කොටසකි. ඔවුන් බිහි කරන ලද කළු සුද්දන් විසින්, ඔවුන්ටත් වඩා හොඳින් ඒ කටයුතු ඉදිරියට ගෙන යන ලදි. ප්‍රතිපලය නම්, තෝරා බේරා ගැනීමට දුෂ්කර ලෙස අප එවැනි දී සමඟ මුසු වීමයි.
මගේ පෙර අදහස් හා සම්බන්ධයි.
ReplyDelete"නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්.ඉතින් මේකයි තත්වේ.අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්."
ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ හා එකඟ වෙමි. අද කෙල්ලක බසයක යෑම, අප අසා ඇති, මනාව සැරසුණු රුසිරු කතකට, දෙවුන්දරතුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පයින් යා හැකිව තිබූ බව කියැවෙන් කියමන හා සසඳා බැලීම වටී. කාන්තාවන් උඩු කයට නොඇඳීම සාමාන්‍යය කරුණක් වූ එකල තත්වය, අද යළිත් ඇති කිරීමට මම යෝජනා කරන්නේ යැයි වරදවා නොසිතිය යුතුය. ප්රශ්නය ඇත්තේ, ගැහැණුන් උඩු කය ඇඳීම හෝ නොඇඳීම හෝ නොව, ඔබ අවසන කියා ඇති පරිදි ආකල්පමය වශයෙන් අප වෙනස් විය යුතුව ඇති බවයි. අද යනු එදා නොවේ. අපේ සභ්‍යත්වය වෙනුවෙන් යැයි කියා ගන්නා කෙනෙකු, වත්මන කාන්තාවක් සිරුර නිරාවරණය වන ලෙසින් කොට ඇඳුම් ඇඳ මග ගමන් කිරීම විවේචනය කළ විට, සභ්‍යත්වය ගැන කතා කරන ඔහු එද තත්වයට පටහැනිව යළි කතා කරන්නේ මන්දැයි ඇසීම සාධාරණ නොවේ. හේතුව එදා මෙන් නොව, අද මෙම නිදහසයි කියා ගන්නා දේ, ඇතැම්විට ඊනියා ආකාරයෙන් අපයෝජනය කිරීමයි. අවශ්‍ය වන්නේ වැරදි ලෙස යොදා ගන්න එවැනි ආකාරයේ නිදහසක්, විවෘත භාවයක් නොව, යහපත් ආකල්පමය වෙනසක් සමඟ බැඳුනු විවෘතභාවයකි. අවසන් වශයෙන් කිව යුත්තේ, අතිශයින් සංකීර්ණ වූ මෙවැනි කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීම මෙන්ම, එසේ සාකච්ඡා කිරීමේදී වගකීමෙන් යුතුව කටයුතු කිරීමටද අප සියලු දෙනාටම වගකීමක් ඇති බවයි.
Here's an interesting clip:
ReplyDeletehttp://www.youtube.com/watch?v=XiHz9iK_HZg
Kiyanna thiyena deee kelinma kiyalaa thiyenawaa..... Nice thread bro
ReplyDeletesanwaadayats hondamaathrukaawak.........oyakiya agodak dewal walata ekangai yaluwa...
ReplyDeleteමසුරං වටිනා අදහස් ටික.. බොරු සදාචාරේ තමා අනාචාරේට මුල..
ReplyDeletewow
ReplyDeletewow
wow
respect brother respect!!!!!!!!!!!!!!!!
niyamai..menna wedagatah topics!
kiyanna deyak itiri wela nethi tharam..........
sampurnayenma ekagai!
rep *1000000 times!
දෙයි හාමුදුරුවනේ මන් මේක ඔක්කෝම කියෙව්වේ දැන්
ReplyDeleteකවුද කියපන් මේක උඹට දුන්න එකා මේක මේල්වලින් එන එකක්නම් මන් දන්නවා මේකෙ උල්පත කොහෙද කියලා උඹ මචා උඹ බෞද්ධයෙක්නම් වෙන්න බෑ මේක අනුමත කරනවනම් මේ කෙලින්ම පහර ගහල තියෙන්නේ අ පේ සිංහල බෞද්ධ කමට
පාසල් සිසුන්ට දෙන ලිංගික අධ්යාමපනය සම්බන්ධව නම් යම් තර්ක තියෙනවා තේරුණාද උඹට නමුත් මේක ලියපුකෙනා බෞද්ධයෙක් වෙන්න නම් බෑ
මේ බුදු දහම ලංකාවෙන් අතුගා දමන්න උත්සහ කරන පාහර මිශනාරීන් ගේ මතය මන් කියලා දෙන්නම් ඒක
මේ තියෙන්නේ උන්ගේ වචන සෙට් එකමයි
".......අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍ය තා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා...."
මන් එකින් එක අරන් කියා දෙන්නම් මේ පාහර ලිපිය ගැන
(1) Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.
සෙක්ස් කියන එක අතිශය සරළ ගනදෙනුවක් වෙන්නේ බටහිර අශ්ශීලයන්ටයි අපේ තියෙන්නේ සැබෑ ආදරය සෙනෙහස පදනම් උන පවුල් ක්‍රරමයක් කොළඹ ගණිකාමඩම් තියෙන නිසා ස්ත්‍රී දූෂණ අඩුලු නොදකින් මෙහෙම ගොබ්බ කතා : අමරිකාවෙ දවසට ගෑණු කීයක් දූෂණය කරනවද බලපන් ගූගල් සර්ච් එකක් දීලා දැම්මා ගැහුවා හරි සිම්පල් කියලා සෙක්ස් එකක් තියෙන්නේ ලංකාවෙ නෙමේ අමච්රිකාවෙ වැඩි දුර විස්තර ඕන්නම් එහෙ ඉන්න එකෙක් ගෙන්ම අහල බලපන් එහෙම හැසිරෙන එකද සැප කියලා ලංකාවෙ ජීවිතේට වැඩිය අද බැන්දා හෙට දික්කසාද සංස්කෘතිය මේ බුදුන් වැඩි බිමේ ඇතිකරන්න බෞද්ධ අපි ඉඩ දෙන්නෑ
(2) රජවරු අන්තඃපුර තියාගෙන හිටියා
ඒක හරි ඉතින් දැන් මොනවද උඹ කියන්නේ උඹටත් ඕනෙද අඩුතරමේ ගෑණු දෙන්නෙක් කවුරුවත් කැමතිද තමන්ගෙ තාත්තා අන්තඃපුරයක් ගන්නවට උඹ කැමතිනම් කියහන් නෑ නේද අනික උඹ උඹේ කෑල්ලගෙන් අහන් මන් තව එක කෑල්ලක් ගන්නද කමක් නෑ නේද කියලා යතාර්තයේ ඉදන් කතා කරපන්
(3) ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
මොකක්ද මේ කතාව ආ මේ තර්කෙ දාන ක්රිපස්තියානි පාදිලි හැතිකරේට ඔය කතා ඔප්පු කරන්න සාධක නෑ යදකෝ මේක වසර දාස් ගණනක ලිඛිත තොරතුරු තියෙන සංස්කෘතියක් එහෙව් රටක් මේක ඉතිං කෝ එක සාධකයක් ඕවා ඔප්පු කරන්න තියේනම් කියහන් බලන්න අර රොබට් නොක්ස් කියන ක්රිකස්තියානි පර සුද්දා ලංකාව ගැන කියාගෙන ලියපු මහ ලොකු පොතෙන් තමා ඔය ඔක්කොම අරන් තියෙන්නෙ දැනගන් ඌ අපේ රටේ හිරකාරයෙක් වෙලා අවුරුදු දහනවයක් කටු කෑවා එහෙව් එකා ලියපු පොත තමා පාදිලියොන්ගෙ මූලාස්‍රෙ පුහ්ඃ ඌ හරි ආදරෙන් ඇත්තම ලියයි මේක ගැන මඩ පොතක් නොලියා මොනවද තව කතා
This comment has been removed by the author.
ReplyDelete(4) ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
ReplyDeleteමේක උඹට දුන්නා කියන සෑම් කියන හු**ගෙ පුතාගෙන් අහන්න මේ තොරතුරු උගෙ අම්මගෙ හු**න් ඇදල ගත්තද කියලා ".... ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි...." බලහංකො මුගෙ කතාව ඒකට කියපන් මේකෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතියක් බව අනිවා ඒකා ක්‍රි ස්තියාන් බල්ලෙක් වෙන්න ඇති නමින්ම පේනව ඒක මොන සාධකයක් මතද අහං ඌ මේක කිව්වේ මොන ඵෙතිහාසික මූලාශ්රෙයෙන්ද අහං ඒකට කරුණු ගත්තෙ මේක බොරු වලින් පිරුණු ඒකක් පුස්සක්බව ඕනි කෙනෙක්ට තේරෙනවා
(5) දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
අනේ යකෝ පර සුද්දා වැද්දා කාලෙනේ ලංකාවෙ එවුන් සළු පිලි ඇන්දෙ ඒක නොදන්නවා වගේ ලියලා තියෙන හැටි
(6)මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rape වෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි
ඔය මහ ලොකු කතාවක් කියලා විස්තර කරල තියෙන්නේ සුළු කාරණයක් ඊකේ එකේ ඉන්න ඕන පිරිමියෙක් දන්නව හොදට ඔයගැන මන් කියන්නේ පිරිමි මේක ලියපු පොන්සියා ගැන නෙමේ කෙලින්ම අපේ කොල්ලන්ගෙ භාෂාවෙන්ම කියනව නම් මෝල තියෙන ඒ කියන්නේ අහවල් එක නලලේ තියෙන උන් ගැනයි ඔය කියන්නේ හොදට මතක තියාගන්න ඔහොම නොවෙන කෙල්ලො 100 ක් ඇතුලේ තමා ඉන්නේ මෝල තියෙන උන් 5ක් 6ක්
ජන්මෙන් එන දේවලට අපි මක්කරන්න ද ?
(7) සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍ය යක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්රිකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත
මොනවද මේ ලියලා තියෙන්නේ මේක ලියුව එකා පොඩි එකෙක් නම් ඌ ඇවිත් තරුණ මදයෙන් ලියුවා වෙන්නත් පුළුවනි ඒත් මේකේ සමස්ථය ගත්තම තේරෙනවා ඒක එහෙම නොවෙන බව මේක ලිවීමේ පරමාර්ථය
දන්න අය දන්නවා මූන් කියන විදිහට කරන්න ගියොත් යසට තියේවි ලංකාවෙ සංස්කෘතිය විකෘති කරන්න අපේ කම නැතිකරන්න ලියපු එකක් මේක හෙණ ගහන වැඩ මේවා මේවගේ ඒවා ලියලා උඹලා වගේ නොදරුවො අතරෙ පතුරල යවන්නෙ නිකම් නෙමේ මේවගේ පාහර ඒවට දෙන්න උත්තර තව ඕනෙතරම් ඇති මං තාම ඉස්කෝලෙ යනවා මීටත් වඩා හොදටම දන්න කෙනෙක් උනානම් මීටත් වඩා හොද උත්තරයක් දෙන්න තිබුණා
බුදු සරණයි !
ජා.ති බේද ඈගම බේද දැන් අපේ රටේ නෑ සහෝ .. ඒ හැද දෙයක්ම පැත්තකින් තියල එකා වගේ සටන කරපු නිසා තමයි අද අපිට නිදහසේ ඉන්න ලැබුනේ... මේක ලියල තියෙන් නේ කිසිම අගම් බේදයකින් නෙවම් ... මෙකෙන් ගන්න තියෙන දේ හරියට ගන්න ...... නඈතව ආගම් බේදයක් කියල විසික රල දාන්න නෙමේ ....
ReplyDeleteyea, in USA there are more rape cases and abortions than Sri Lanka because of few reasons, some are
ReplyDelete- their culture
- they have a huge population
But as a Buddhist country, Sri Lanka's rape and abortion cases are not less. Its increasing a lot. I heard that in SL, about 800+ abortions doing a day.
When I was In SL I saw many school girls and boys going to rented rooms for .... )))
And what some of my friends did to their gfs is terrible according to SL culture. I also did something to a girl and she is a gf of someone else now, but that man doesn't know anything.
සංසර්ගය ගැන කිව්ව විතරය් හෙල සංස්කෘතික කාරයො ටිකකට මල පැනල. උන්ට ගෑනියෙකුය් පිරිමියෙකුය් සංසර්ගයෙ යෙදෙනව කියන්නෙත් අසාමාන්‍යය අසැබි දෙයක්. වෙන මොකවත් නෙමෙය් ඉරිසියාව, උන්ට ගෑනියෙක් එක්ක සංසර්ගයෙ යෙදෙන්න තාම බැරි වෙලා නිසා ඒ තරහ පිට කරන්නෙ සංස්කෘති බයිල වලින්. තව ටික කාලෙකින් කියය්ද දන්නෙ නැහැ හෙල බොදු සංස්කෘතිය ආරක්ශා කරගන්න ලංකාවෙ හැමෝම අහවල් එක කපා ගනිල්ල කියල. ඔය වගේ සංස්කෘතික පොරවල් වලට තමය් කෙල්ලෙක් දනහිසට අඟලක් උඩින් ඇන්දන් ගියත් ක්ශනික මෝචනය හැදෙන්නෙ.
ReplyDeletekawru liwwath..liyapu kena niyametama liyala tiyenawa...
ReplyDeleteattha seen eka..thanx again brother !
ugath kama kiyanne pothe denuma witharak newei..ratak wardhanaya,ratak dhiunu wenawa kiyanne minusunge samaajeeya denuma wardhanayak weema!
ape miusunta sex kiyana topic eka aheddith duwanawa..hebei okkoma boruwa karanne
උබට මෙක ප්රවසිද්දියෙම කරන්න ඔනිද ? යකෝ අපිට ලැඡ්ඡා බය තියනවා නමුත් තිරිසනුන්ට එක නැ එකයි උන් දැක්ක දැක්ක තැන පුට්ටුව දාගන්නේ
ReplyDeleteකැමතිනම් උබ තිරිසන් ක්රනරෙමට කරපන් අනේ මන්දා මොන මානසිකත්වයෙන් ලිවුවාද උබ මෙක
එකග නෑ කොල්ල මේ ලියුමට , ගොඩක් වැරදි තියෙනව, සමහර එක් එක් සිදුවීම සමජය පොදු කොට දක්වල තියෙන්නේ, ඒක වැරදියි. එකගෙයි කෑම වගේ සංකල්ප තිබ්බේ ආර්ථික කාරණා එක්ක, එහෙම උනා කියල ඉස්සර තිබ්බ ලාංකීය සමජය වල්මත් වෙලා හිටියෙ නෑ, ලිංගිකත්වය මැජික් වෙන්නෑ , මොකද ඒක ජානවලින් ස්වාභාවයෙන් සත්වයාට උරුම වෙනව , ඒවට අවශ්යක කාලය ආවාම හුරුවෙනව, කැලේ ජීවත් වන කිසිදු සතෙකුට ලිංගික ක්රියයාකාරකම් උගන්වන්න උවමනා නෑනෙ, මිනිස්සුන්ටත් එහෙමයි , ඒත් මිනිස්සුන්ට සංස්කෘතියක් තියෙනව , අන්න ඒකයි රැකගන්න අවශ්යු. බටහිරයන්ට වඩා ලංකාව ඒක බොහෝදුරට රැකගෙන තියෙනව.
ReplyDeleteමේකෙන් කෙලින්ම අපේ සංස්කෘතික සමාජ ප්‍ර තිපත්තියට පහර ගැසීමක කරලයි තියෙන්නේ. විරුද්ධයි
kawru liwwath..liyapu kena niyametama liyala tiyenawa...
ReplyDeleteattha seen eka..thanx again brother !
ugath kama kiyanne pothe denuma witharak newei..ratak wardhanaya,ratak dhiunu wenawa kiyanne minusunge samaajeeya denuma wardhanayak weema!
ape miusunta sex kiyana topic eka aheddith duwanawa..hebei okkoma boruwa karanne...
මේ දවස්වල ලංකාවේ අපේ සංස්කෘතිය ,සබ්යත්වය ගැන හිතල ,පොඩි අවුන් නරක වෙඉ කියල එකසිය ගානට නීති ගෙනවනී ,ඉතින් මටත් හිතුන අපේ පෙරනි මිනිස්සු මොන වගේ සදාචාරාත්මක ජීවිතයක්ද ගත කාරී කියල හොයන්න .මන් හොයාගත්තු දේවල ගෙන හිතුවම නම් අගේ හිරිගඩු පිපෙනවා .එත් අපේ සිංහල මිනිහ කොඉ තරම් නිදහස් මනසකින් ලිංගික ජීවිතය ගෙන හිතුවද කියලත් හිතෙනවා .මට හිතුන මන් දෙන ගත්තු දේවල් ඔය ගොල්ලන් එක්ක බෙදා ගන්න .කොහොම උනත් මන් මේක ලියන්නේ අපි අපිටම මද ගහ ගන්න නෙවෙඉ ,අපි මේ සුද්දගේ විච්ටෝරියන් සංස්කෘතිය බදාගෙන අපෙය් කියල එක රේක ගන්න කරන මෝඩ උත්සාහය මෝඩ වෙඩක් කියල පෙන්නන්න අනික වේදගත්ම දී මේ නීති අපිට දන මහා හේත්ත මේ වෙරදී මහා විදියටම කරන ගමන් පොඩි එඋන්ට එපා කියන නිසා
ReplyDeleteනවතෙන් හිරය
තම සමාන ව හෝ ඉහල කෙනෙක් නිවසේ නතර උ විට ඔහුට බත බුලත සමග රාත්‍රිය ගත කිරීමට කාන්තාවක් සේපය්ම ,මේ සදහා තමාගේ බිරිද ,නෙගනිය ,දියණිය හෝ වෙනත් කාන්තාවක් සේපය්ම
එක ගෙඉ කෙම
දේපල බෙදීයාම වේලක් වීමට සහෝදරයන් අතර එක බිරිදක් පමණක් සරණපාවා ගෙනීම
බහු බරය සේවනය
එක පිරිමියෙකුට එක ගනු කෙනෙක් උවත් එක ගනු කෙනෙකුට බොහෝ පිරිමින් සිටීම සමන්න දෙයක් වීම
සමලිංගික සේවනය
මෙය පන්සලේ සෙල්ලම ලෙස හැදින්වීම
රුකුලේ පෙදීම
වෙදිවියට පෙමිනිමට පෙර කුඩා ගනු ළමුන් සමග හෙසිරිම මේ නමින් හැදින් වී
මේ මන් හොයා ගත්තු සමහර දීවල්
මේවා හොයා ගත්තී සී .ඒ. ප්‍රේමචන්ද්‍ර මහත්තයගේ පොත්වලින් කියලත් ලියන්නම ඕනේ
ඉතින් දැන් මොකද්ද කරන්න ඕනි...
ReplyDeleteඅදහස තෙරුම් ගන්නනෙ කිව්වේ...?
මටනම් තෙරුනේ ඒ කාලෙත් ඒ දේවල් උනානම් අද කාලෙත් එහෙම උනාට ඔයාට ප්‍රශ්නයක් නෑ වගෙයි....
ඉතින් ඔයාගෙ ගෙදරට කවුරු හරි ආවොත් ඔයා කාවද දෙන්නේ...?
බිරිඳවද, සහෝදරියවද නැත්තන් අම්මවද...?
මෙන්න මේක තමයි සමහරුන්ට වෙලා තියෙන්නේ....මහ ලොකුවට පොරවල් වෙන්න සෙක්ස් ගැන කතා කරනවා....
අන්තිමට කරන්න ගියාම ලොවෙත් නෑ...
මන් කිව්වෙ කවුරු හරි ගෙදරට අවම මගෙ කවුරුවත් දෙනවා කියලා නෙවෙයි සහොදරයා ,අපි එ කාලෙ ලින්ගික කට යුතු වලදි මොනතරම් නිදහස් මනසකින් කටයුතු කරාද කියලා පෙන්වන්න
ReplyDeleteතම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............
ReplyDeleteමේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......
මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........
ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........
මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......
ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......
කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........
දැං මං මේ කකා කරන්නේ කෙලිං.............
මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........
ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........
ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........
ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?
හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?
මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........
ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....
මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........
ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............
විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............
ඕනම ජාතියකට ගරු කරන්න...........
ඕනම ආගමකට ගරු කරන්න...........
තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........
ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............
මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....
සෙක්ස් වලට කලිං.............
ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............
තරහ වෙන්න එපා............
ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........
හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......
අඳුරෙන් එලියට එන්න සහෝ.......
ඔන්න සාමාන්‍යය සංස්කෘතික කාරයන්ගේ පිලිතුර, "උඹෙ අම්ම දෙනවද, උඹෙ අක්ක දෙනවද", ඔච්චරම විතරය්, තර්කයක් නගා ගන්න තරම් වත් බුද්ධියක් නැහැ. තාර්කික කරුනු මගහැරල තර්කය ගොඩ නගන්නාගේ emotional buttons ඔබන්න හදනව. බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව. ලිංගික අසහනයෙන් පෙලෙන සංස්කෘතික කාරයො හිතන්නෙ ලිංගිකත්වයය් ගනිකා වෘත්තියය් එකය් කියල. ලිංගිකත්වය කියන්නෙ හැඟීම් සහ ආදරය එක්ක බැඳිච්ච දෙයක්, ඒක නිසා අම්ම හෝ අක්ක හෝ කියල විශේශයක් නැහැ සමාජයේ ගැහැනියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්නෙ හේතුවක් ඇතුව, ජීවිතේට ලිංගිකව එකතු වෙලා නැති සංස්කෘතික කාරයොන්ට ඕව magic නිසා උන් හිතන්නෙ ගෙවල් වලින් ගෑනු ඉල්ලන් ගියාම හම්බෙය් කියල, උන් හිතන් ඉන්නෙ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන හැමෝම රෙද්ද උස්සන් සන්සර්ගයේ යෙදෙන්න බලන් ඉන්නව කියල, මානසික අසහනයක තරම.
ReplyDeleteReply With Quote
සෙක්ස් කියන දේ අපිට මැජික් කියලා කියන්නේ මේක ලියපු කෙනා නේද...?
ReplyDeleteපෞද්ගලිකව ඒක ඔයාට මැජික් එකක්ද..?
මමනම් තාම සෙක්ස් කරලා නෑ...
අවංකවම මමත් ආසයි කරන්න...හැබැයි මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනත් එක්ක විතරයි...
සෙක්ස් කියන දේ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ...
ඒක කාලයත් එක්ක ස්වභාවිකවම තෙරුම් යන දෙයක්...
ඕනිම සමාජයක සෙක්ස් නිසා ජීවිත විනාස වෙන, විනාස කරන, විනාස කර ගන්නා පිරිස් ඉන්නවා...
ලංකාවෙ එහෙම වෙන්නේ අපි මේ හිතන විදියෙ ප්‍රශ්නයක් නිසා කියලානෙ ඔය නොකියා කියන්න හදන්නේ....
ඒත් ඒක නෙමෙයි ඇත්ත...
ලංකාවෙ පවුල කියන සංකල්පය අදටත් ඉතිරි වෙලා තියෙන්නේ අපිට පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තියෙන හැඟීම් පාලනය නිසා...
එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය දෙන වෙන බටහිර රටවල වගේ අපිට dating, living together වගේ සංකල්ප නැහැ....
ලංකාවෙ එහෙම නැත්තේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදිය නිසා...අන්න ඒ අපි හිතන ක්‍රමයට තමයි මේ පහර ගහන්නේ....
අපේ නිදහස නෑ, අරුන්ගේ තමයි නිදහස තියෙන්නේ කියලා උඩ බලාගෙන කෙළ ගහගන්නවා...
ඒ මදිවට වික්ටොරියන් සදාචාරයක් ගැනත් කියනවා...
niyameta kiyala thiyenawa...
ReplyDeletemeka godak aya balanna ona lipiyak
මචන් මහ පාරේ බල්ලෝ වගේ sex කරන්න ඕනි කියල නෙමේ කියන්නේ..අපේ රටේ ලිංගික අසහනත්වය කොච්චර වැඩිද කියල උබල දන්නවනේ...ඕනිම දෙයක් market කරන්න මොකද්ද අද යොදාගන්නේ කියල බලපාන...අලුත් සින්දුවක් out කරත් කොට ගවුමක් නේ දාන්නේ..වැඩිය ඕනි නැ පහු ගිය කාලේ... පබාල අනර්කලී දැම්මල දේශපාලනෙත් sex වලින් මර්කෙට් කරානේ
ReplyDeletecolombo උබ කියන තරම් ඕව අඩු නෑ..colombo වල අය මේ ගැන දන්නවා වැඩි...ඒ පිළිබද ඉගෙන ගන්න හොයා ගන්න පුළුවන්....ඒ නිසා ඕන තරම් sex කරනවා වැරදි විදියට..අහුවෙන්නේ නැතිව...ඕන තරම් ඉන්ටෙර්නෙට් වල ඕව තියෙනවනේ...ලංකාවේ උබ කියන ඔය දුෂ්කර පළාත් වල මේ පහසුකම් adui ...ඒ නිසා නොදැනුවත්කම මේ ප්‍රශ්නවලට මුල කියල මම දන්නේ මොකද මමත් අම්පාර පැත්තේ හිටිය නිසා...
ReplyDeletehabai colombo වල ඉන්න නෝනා මහත්වරුන්ට වඩා ඒ මිනිස්සුන්ගේ හිත නම් awankai ...
ඉතින් මචෝ හොදම දේ තම අපේ adyapana රටාව ඒ වයසට ගැලපෙන විදියට හරියට හදන එක...
ලිංගිකත්වය පිලිබදව හරි දැනුමක් ඒ වයසේදී දරුවන්ට දුන්නහම හරියටම හරි...කෙල්ලන්ට wenamai කොල්ලන්ට wenamai උගන්නන්න ඕනි නෑ..
ලිංගිකත්වය කියන එකේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි අපේ සදාචාරයත් ekka ..මිස suddane පාරෙත් කරන system එක එක්ක නොවෙයි ... කියල නම් අපි ඔක්කොම දන ගන්න ඕනි...
මොකද අපිට අපේ කියල තියෙන්නේ මේ rata විතරයි හන්ද...
kellekta bus eke yanna na... aduru watunama paraka yanna ba , thaththa duwawa aduranne na.. me kiyana okkotama mula uba kiyapau kole wahala gahana seen ekayi... hama minisek thulama aklpamaya wenasak athi wiyayuthuyi.. nathnam me widhihata digatama giyoth api nohithana akarayaka winashayak sidda wenawa...
ReplyDeletemeke theruma adiyen adiya badu spot danna kiyana eka neme.. meka diha pululwa balanna kiyala anith sahodara sahodarayanth aradana karanawa..
5% ක ඇත්තකින් 95% බොරුව වහගන්න කරපු උත්සහයක්. ඒ උනාට අසාර්ථකයි. ලියපු කෙනා සහ උල්පන්දම් අල්ලන අයගෙන් බහුතරය අන්තවාදී ක්‍රිස්තියානි කාරයෝ ටිකක් කියලනම් පේනවා.
ReplyDeletegodak ratawala lingika illuma sapuralanna ganika madam thiyanawa. eyala eyalage warsika sanganana walata sthri duusana adui kiyala daanawa. ape rateth oya widihata ganika madu thibunanam yam tharamakata ho palanaya wenawa
ReplyDeleteReply With Quote
පිලිගන්න බැහැ......
ReplyDeleteඔබතුමා කාම සංසර්ගය ගැන කියන්න ගිහින් ලෝකයෙන් සදහටම අතුගාලා දාන්න හදන සිංහල ජාතියට මහා නිගාවක් කලා.
අර පොඩි එකා උගෙ තාත්තගෙන් ඇහුවාය කියන ප්‍රශ්ණ වගෙම සුප්ප දේවි සිංහයා එක්ක බුදියව්ව කියන කතාවත් ඔප්පුවෙලා නැහැ.
ඒ උනාට කැප්පෙටිපොල ලා වගේ වීරයෝ,කොබ්බෑකඩුවලා,හසලක ගාමිනීලා හිටියා.....
එහෙම මිනිසුන් හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන්...
තමන්ගෙ රට,ජාතිය වෙනුවෙන් දිවි දුන්න ලක්ෂ ගානක් නන්නාදුනන මිනිස්සු හිටිය රටක් මේ.
මම මේටික කීවම ලැබෙන රිප්ලයි ගැන මම දන්නවා.what ever
කොළඹ රේප් කේස් නැත්තෙ ගනිකා නිවාස තියෙන නිසාලු.....
එහෙනම් රට පුරාම ගනිකා නිවාස පිහිටවලා වනාතවිල්ලු,කහටගස්දිගිලිය දිහා රේප් කේස් නවත්වන්න හැකිනේ.
තරහාවෙන්න එපා මේක දඹුලු ගිහින් තලගොයා මරන ප්ලෑන් එකක්.
ඩයනා අල් ෆයිඩ් එක්ක බුදියපුවා,සාර් දේවිය රස්පුටින් එක්ක බුදියපුවා මතක් වෙන්නෙ නැත්තෙ
උන් සුදු හින්දද?
හොදට හිතලා බැලුවොත්...ඔයාගේ "කෙලින්" අදහස මොකක්ද කියලා තේරෙනවා.
pzxsry
ReplyDeleteHey, that's the gretaset! So with ll this brain power AWHFY?
Egypt
kauda da me pissa meka liwa muta pixuuuuuuuuuu mol karayek hikzzzzzzzzz
sathya malli
copy paste article ekak ne meka.. mewata usawi yannath puluwan.. http://piyambanna.blogspot.com/2010/05/sex-magic-1.html http://piyambanna.blogspot.com/2010/10/sex-magic.html
NM
sex කියන්නේ එළිපිට කරන්න ඕන දෙයක් කියලද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ...? එහෙනම් ඒක වැරදියි..මිනිස්සුන් තුල තියෙන්නේ ඕනේ සදාචාරයක්...පාරේ යන බල්ලෝ බළල්ලු වගේ sex කරන්න ගියොත් නම් ලංකාව තවත් එංගලන්තයක් හරි ඉතාලියක් හරි වෙයි... sex කියන්නේ දකින දකින ගෑනු එක්කයි මිනිස්සු එකක්කයි නිදාගන්න එක නෙවෙයි.
හිරුට අයිති ලොව
කියන්න ඒනෙ දේ හරියටම කියලා තියෙනවා. තව තවත් ලියන්න
මලීෂ
Niyamai aa niyamai
Randy orton
e kiyanne sansargaya elipita karanna one kiyalada hanganne nethiwa... anna e wage podi then tikak edit wenna one...
PRI
කියන්න හදන අදහස නිවෙරදියි නමුත් පොඩි පොඩි සංස්කරණ කරන්න වෙනවා
jatikaya
ඉතිහාසය ගැන මොනම දෙයක් වත් දන්නේ නැති පාටයි.
චේ
pissek
pp
Kiyana katha nam aththa.wiplawakari thamai.
Niro
kathava sampurana atta
cj
kiyana katawe atthak natthema naha.namuth minisun sadachara sampannava jeevathviyauthi.
kk
Tarkayak Goda naganda puluwan hoda head akak....... At Kriyawata Naganda giyama Tama Hira Wenne?
SM
very goods...
nu
good advice for everybody
lucky
Me kiyana kathawa 100% k nathath 90% k ma hari.. ithihasaya sex uda padanam una kiyana eka man pili ganne naa.. namuth Sex kiyana eka ape ithi hase loku issue ekak neme.. Sudda awith ape oluwata dapu wada wasam akalpa ape sanskruthiya kiyala godak aya waraddawagena inne... samajayak kiyanne kramikawa wikashanaya wenna one ekak.. eka sudda nawattuwa.. dan ape oluwata wada kada mahath wela.. thamange girl friend kotata adina kota sadde dana kollo wena kellange kakul balanawa.. oka thamai aththa... e api pitathin wada wasam.. athulen ape eka bidinna hadanawa..
KaluAjith
kisima awlak na bokkata wadinna ma sex gana kiyala thiyanawa
මම වැඩිය බ්ලොග් වලට comment කරන එක්කෙනෙක් නෙවෙයි. හැබැයි මේකට comment නොකර බෑ. මුලින්ම කියන්න ඕනෙ මම මේ ලිපියටයි, ඒකෙ කරුණු වලටයි, විශේෂයෙන්ම ඒකෙ අරමුණටයි එක හෙළාම විරුද්ධයි. දෙවැනි කාරණේ, මේ ලිපියේ අරමුණ මොකක් වුණත්, මේ ප්‍ර ස්තුතය හරිම හිස්. මේකට මෙච්චර comments එන්න හේතුවත් ඒ හිස් බව හඳුනා නොගැනීම. මේ ප්ර්ස්තුතයට එළැඹෙත්දීම බොහෝ දෙනා පූර්ව කල්පිතයක ඉන්නවා අපේ රටේ දියුණුව කියන්නෙ අපේ රට ඇමෙරිකාවක් හරි අඩුම තරමේ සිංගප්පූරුවක් හරි කළාම කියල. ඒ නිසා තමයි ඒ රටවල තියෙන ඇතැම් සංස්කෘතික අංගයි අතැම් ලිහිල් භාවයනුයි අපිටත් තියෙන්න ඕනි කියල තර්ක කරන්නෙ. ඒ තර්කයේ නං ඇත්තක් තියෙනව. අපේ රටේ මූල්යු විනය ඇමරිකාව වගේ කරන්න නං සමාජයේ විනයත් එහෙම කරන්න වෙනවා.
ReplyDeleteඅද වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ මූල්යක විනය අනුකරණය කරන්නත් කලිං එහෙ තියෙන අනික් කෑලි ටික අනුකරණය කිරීම. ඇත්තටම මේ විනය මෙහෙ පතුරවන්නෙ පිටරට වෙළෙඳ භාණ්ඩ මෙහෙ උංගෙ ිකඇඟේ ගහන්න හදන වෙළෙන්දො. ඔය එක්කම ක්රිතස්තියානි හෝ වෙනත් ආක්ර මණශීලී බලවේගත් ගජරාමෙට ක්රිනයාත්මක වෙනව. අපේ රටේ ගබ්සා අඩු කරන්න නං, රේප් කේසස් අඩු කරන්නනං මුලින්ම ලංකාව ඇමරිකාවක් කරන්න බෑ කියන එකයි ලංකාව ඇමරිකාවක් කරන්න ඕනි නෑ කියන එකයි ලංකාව ලංකාවක්ම කරන්න ඕනි කියන එකයි අපේ පොඩි උංගෙ ඔලුවලට දාන්න ඕනි. ඒක කරන විදිය අපි වෙනම කථා කරමු.
මේ ලිපිය පුරාවට මහ උජාරුවට ඉතිහාසයක් කියල එකක් උපුටා දක්වල කට්ටිය නොමග යවන්න හදල තියෙනව. ඒවට උත්තරත් ලබා දීල තියෙන එක ගැන සතුටුයි.
මටත් පොඩි අදහස් ටිකක් තියෙනව...
විජයගෙ අම්ම තාත්ත ගැන, කුවේණිගෙ දරුවො ගැන කියල පුරාණ ලංකාවේ sexual independence ගැන කියන්න හදනව. මහාවංසය කියන්නෙ ධාතුසේන රජ කාලෙ ලියන්න පටං ගත්ත එකක්. විජයාවතරණය කියන්නෙ ඊට ශතවර්ෂ ගණනාවකට කලින් වෙච්ච සිද්ධියක්. මහාවංසයෙ මේ සිද්ධිය කියවෙන්නෙ ජනවහරේ එන පුරාවෘත්ත ඇසුරෙන්. විජයාවතරණය ගැන සමකාලීන සාක්ෂි නැහැ. නමුත් ප්රඑබල භාෂාමය සාක්ෂි තියෙනව. කුවේණි ආලයෙන් මත් වෙලා විජයට රට පාවා දුන්න කථාව ඇත්ත වෙන්න පුළුවන්. ඇය මත්වී සිටියේ හුදු රාගයෙන් පමණක්නම් අර කිව්ව විදියට "අතිශය සාමාන්ය් සරල හැගීම් ගණුදෙනුවක" නාමයෙන් සොට් එක අරං ෂේප් වෙන්න තිබ්බ (ඇමෙරිකාවෙ වගේ). රොබට් නොක්ස්ගෙ පොතේ වුණත් තියෙන්නෙ අනියම් සැමියන්ට "පෙම්" කළ ගෑණු ගැන මිසක්, මෝල කර වුණාම ගිහිං සොට් එක ඉල්ලන ගෑණු ගැන නෙමෙයි. හැබැයි වෛශ්‍යා වො ඉඳල තියෙනව. ඒක ඉතිං පරණම රස්සාවනෙ.
විජය කියන නම එන්නෙ "විදේශික" කියන තේරුමෙන්. විජය පස්සෙ මදුරාපුරයෙන් ගෙන්න ගත්ත කෑල්ලගෙ නම "විජායී" වීමෙන් ඒක ඔප්පු වෙනව. ඉතිං ඒක හරියට ලේඛනගත නොවෙච්ච ආක්රමමණයක්. ආක්රලමණයකට හෝ යුද්ධයකට පස්සෙ රටක හෝ සමාජයක ඉතිහාසය අලුතින් ලියවෙනව. ඒක ලියන්නෙ හෝ පතුරවන්නෙ ජයග්රාහහකය. අපි ඒක දැනුත් අත්විඳිනව. ඉතිං ඉතිහාසය අපි තෝරල බේරල ගන්න ඕනි. ඉතිං කුවේණිගෙ ළමයි ගැන මොනව නොකියවෙයි ද.
සුප්පා දේවිය සිංහයෙක් එක්ක නිදාගත්ත කියන කතාව ගෙඩිය පිටින් ගන්නෙ මෝඩයොයි අවස්ථාවාදියොයි. කථාවෙන් පැහැදිලියි සුප්පා දේවිය කියන්නෙ මුරණ්ඩු හැබැයි හෙණ ගටක් තිබ්බ ගෑනියෙක් කියන එක. ඈ "ප්රේයමය" වෙනුවෙන් වනගත ප්රණදේශයක (නැත්නම් සතුරු රටක) ශක්තිමත් නායක පුරුෂයෙක් එක්ක ජීවත් වෙන්න තමන්ගෙ මව්පියන්ට පිටු පෑව. එහෙම නැතුව ඇය (ඇමරිකන් කාරයො වගේ) කැලේට ගිහිං සොට් එක අරං ආවෙ නෑ! එහෙම චරිතයකට ඉතිහාසය තුළ පවතින්න මේ රටේ සභ්යේත්වය ඉඩ දෙන්නෙත් නෑ. හැබැයි අගේ "පිවිතුරු ප්රේාමය" පහත් කොට නොසලකන්න අපේ ඉතිහාසය වග බලාගෙන තියෙනව. මම මේ සුදුහුණු ගෑවෙ මමම "විදෙස්" රජෙක් කියපු විජයගෙ ආච්චිට. හැබැයි ඇය අපේ රටේ සංස්කෘතියෙ කොටසක්. ඇගේ චරිතය හැඩගැසෙන්නෙ අපේ ඉතිහාසය තුළ. ඉතින් ඇගේ චරිතය නිවැරදිව දැකීම වැදගත්.
ඊළඟට සිංහබාහු-සිංහසීවලී හා ජීවහත්ත-දිසාලා (කුවේණියගේ දරුවෝ) සොයුරු සොයුරියන්ගේ සංවාසය ගැන අවුරුදු 2500ක් පැරණි ඉතිහාසය තුළ නොමැකි තිබීම තලගොයා කරගන්න හදන වෑයම හරිම නිෂ්ඵලයි. ලේ පිරිසිදුකම, ලේ පරම්පරාවේ පැවැත්ම වගේ හේතු නිසා ඒ වගේ සිද්ධි වුණා වෙන්න බැරිකමක් නෑ. නැතුව සිංහබාහුට ඉවසං ඉන්න බැරුවට සිංහසීවලීත් එක්ක එව්ව මෙව්ව කළා නෙවෙයි. ලිංගික සංසර්ගය පුරාණ ශිෂ්ටාචාරවල පූජිත ක්රිනයාවක්. ලංකාවෙ ඉතිහාසය මේ වගේ කරුණු කාරණා සහ තවත් ගැඹුරු කරුණු මත මේ ඉතිහාසය ඉවසුවා විතරක් නෙවෙයි ඒක රැකගත්ත. හැබැයි ඒ ප්රායඥයො හිතන්න නැතුව ඇති යමක් විනිවිද දකින්න බැරි මෝඩයෝ මේවා කියවයි කියල. ඒ එක්කම මතක් කරන්න ඕනෙ මහානාම හිමියො මහා වංසෙ ලියන කාලෙ බටහිර රටවල "වානරයො" අම්ම තාත්ත කව්ද කියල දන්නෙවත් නැතුව sex කරන්න ඇත්තෙ magic කියල නෙවෙයි "අතිශය සාමාන්යත සරල හැගීම් ගණුදෙනුවක්" කියල වෙන්න ඇති. හරියට බලු පූට්ටු වගේ. තහනං ගහේ ගෙඩි ගෙඩිය පිටිං කාල අම්මල පුතාල ජනගහනය බිහි කරපු පුරාජේරුව ගහන බටහිර දර්ශනය, අද තමංගෙ විලි වහගන්න අනුංගෙ නැති කුණු හොයනව.
ReplyDeleteකාමෙසු මිච්චාචාරා...ආදී සිල් පදවලින් හරි වැරැද්ද උදේ හවස අපට මතක් කරල දෙන සංස්කෘතියක ලිංගිකත්වය කියන්නෙ බොහොම පූජනීය, වග කිවයුතු දෙයක්. මීට වසර 50කට කලින් කොන්ඩම්, ගබ්සා මධ්යිස්ථාන නැතුවත් බස් ස්ටෑන්ඩ්වල, ගස් යට දරුවො ඉපදුන්නැත්තෙ ඒ සංයමය නිසා. අද ඒ සංයමය නැතිවෙලා තියෙන්නෙ අපේ සංස්කෘතියෙ වික්ටෝරියානු ලක්ෂණ අඩුවෙලා අපේ පැරණි ශ්රීන විභූතිය මතුවීම නිසා නොවෙයි. මේ වගේ බ්ලොග් කාරයොයි, වෙළෙන්දොයි, අන්යාුගමිකරණය කරගෙන යන පාදිලියොයි ඇමරිකන් පදයට අපේ පොඩි උංව නටවන නිසයි.
ප.ලි. අපි මේ දාගෙන මේවට comment කරාට, මේව දාන්නෙ මහ ලොකු දර්ශනයක් ඇතුව නෙවෙයි. තමංගෙ බ්ලොග් එකේ ඕන කුණුහරපයක් දාල views සහ comments බලං ඉඳල ආතල් ගන්න බ්ලොග් කාරයො සෑයහන්ට ඉන්නව!
Appa me grosaraya okkoma anagena.Umbe ithihaasaya gana danuma nam maru.aththatama umba kohomada mechchara danum sambaarayak labu ne habaata?umba me kiyala thiyana widihe background ekak thama umbe family ekata thiyenne wage.kamak ne kamak ne.loke eka eka jaathiye minissu innawa.samaharu honda param para.samaharu saamanya param para.thawa samaharu waradila gahapu shot wala prathi pala.waradi shot walata history ekak nathi unama ithin ke gahanawa.Ayiyo Salli Kiwwalu
ReplyDeleteඋඹ මේ ලිපිය පුරාම කියන්න උත්සාහ අරගෙන තියෙන්නෙ "අපිට ඉස්සර ඉඳලම තිබුණෙ විශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි, අපි දැන් වික්ටෝරියානු සදාචාරය සුද්දන්ගෙන් හොරකම් කරගෙන ඒකට අනුව අපේ සමාජය හැඩගස්සන්න හදනවා" කියන එක. නමුත් ඇත්තටම උඹ මෙහිදී කරල තියෙන්නෙ මතුපිටින් පෙනෙන කරුණු කිහිපයක් අමුවෙන් අරගෙන කිසිම තර්කානුකූල විචාරයකින් තොරව ඒවා උඹේ වාසියට හරවාගෙන ඉදිරිපත් කිරීම. මේ ලිපිය පුරාවටම උඹ ප්‍රදර්ශනය කරන්නෙ අපේ රටේ ඉතිහාසය, හර පද්ධතිය ගැන උඹේ තියන නොදැනුවත්කම. කණගාටුයි කියන්න, ඒත් මේ වගේ මාතෘකාවක් ලියන්න කලින් ටිකක් පොත පත කියවලා වරෙන්.
ReplyDeleteවිජය-කුවේණි කතාව ගැන උඹ බලං හිටියා වගේ කියන්නෙ අඩු ගානෙ මහාවංසය කියවලා නෙවෙයි, එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල් වලින්. ගම්මුලාදෑනියට පවුල් දෙක තුනක් හිටියා කියන්නෙ ටෙලි නාට්‍යයක් දෙකක් බලලා මිසක් තත්කාලීන යුගය ගැන ලියවීච්ච විචාරයක් කියවලා නෙවෙයි. "සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදුනා" කියන්න ගිහිල්ල උඹ නාගෙන තියන හැටි දැක්කම අපිට හිනා යන්නෙ උඹේ නොදියුණු විචාර බුද්ධිය දැකල. ජන සාහිත්‍යයේ තියන දේවල් අපි නම් කියවන්නෙ රසවිඳින්න, නැත්තම් තත්කාලීන සමාජය ගැන දළ අවබෝධයක් ගන්න මිසක් ඒ කරුණු ඒ ආකාරයෙන්ම පිළිඅරගෙන ඒ ඇසුරින් නිගමන වලට එළඹෙන්න නෙවෙයි. චිත්‍ර ශිල්පියෙක් ගෑණියෙක් හෙළුවෙන් ඉන්න චිත්‍රයක් ඇන්දා කියල ඒකෙන් ඌ ඉන්න සමාජයේ ගෑණු ඉන්නෙ හෙළුවෙන් කියල කියන්න බෑ. අද කාලෙ වුණත් නිරුවත කියන්නෙ සාහිත්‍යයේ, චිත්‍ර ශිල්පයේ සහ සමස්ත සෞන්දර්ය කලාවේම ප්‍රබල ආයුදයක්. ඒත් උඹල වගේ හඳෙන් කඩාපාත් වෙච්ච එවුන් එහෙම එකක් දැකල කියනවා "ඔන්න අපේ අතීතය, අපිට කොහෙද යකෝ ශිෂ්ට සංස්කෘතියක් තිබ්බෙ" කියලා... විවේචනාත්මක ඇසකින් බලන කෙනෙකුට උඹලගෙ චින්තනය විහිලුවක්.
රටේ සමාජ යථාර්ථයෙන් බැහැරව ගිහිල්ල උඹල උත්සාහ කරනවා ලෝකෙ කොතනකවත් නොතිබුණ, පරිපූර්ණ ලිංගික නිදහසක් ගැන කතාකරන්න. සමහර විට උඹ හිතනවා ඇති උඹ හරිම රැඩිකල් පොරක් කියල. ඒත් උඹට නොතේරෙන දේ තමයි උඹ ඔය ලෝකෙට ප්‍රදර්ශනය කරන්නෙ උඹේම හෙළුව කියන එක. උඹ හිතන් ඉන්න විදියෙ පරිපූර්ණ ලිංගික නිදහසක් ඇතිවෙච්ච දවසට ලෝකයේ අවසානය තමයි සිද්ධ වෙන්නෙ. මානව සමාජය රැකිල තියෙන්නෙ එහි තියන යම් හර පද්ධතියක් නිසා. ඒක නැතිවෙච්ච දවසට මිනිහයි සතෙකුයි අතර වෙනසක් නෑ. උඹේ තර්කයට අනුව ලිංගික නිදහස උපරිම වෙච්ච තැන ලිංගික අතවර, ස්ත්‍රී දූෂණ ඇතිවෙන්නෙ නෑ. ලිංගික නිදහස සාපේක්ෂව ඉහළ තැන් වල (කොළඹ වගේ) රේප් කේස් අඩුයි(ලු!). ස්ත්‍රී දූෂණ වැඩිපුරම වෙන්නෙ ලිංගික නිදහස අවම වුණ "කහටගස්දිගිලිය, මනම්පිටිය, වනාතවිල්ලුව සහ හම්බෙගමුව" කියන ප්‍රදේශ වල(ලු!). ඒ උඹ දන්න තරම තමා. කිසිම දත්තයක් ඉදිරිපත් කරන්නෙ නැතුව උඹ හිතාගෙන ඉන්න අරමුණට ගැළපෙන විදියට කරුණු සකස් කරලා ඇත්ත වගේ කිව්වම ලෝකය පිළිගනියි කියල හිතාගෙන ඉන්නව නම් ඒ තමන්ගෙම මෝඩකම කියල තේරුම්ගතොත් හොඳයි.
මේ සටහනේ මම දැකපු තවත් විශේෂම ලක්ෂණයක් තමයි ගෑණු ළමයින් දූෂණයට ලක්වෙන්නෙ ස්ව-කැමැත්තෙන් කියල පෙන්නන්න දරල තියන බලවත් උත්සාහය. උඹ කියන විදියට අපේ රටේ තියන ලිංගික අවස්ථා හිඟකම නිසා තමයි ගෑණු ළමයින් විහින් කරගන්න උත්සාහ කරන්නෙ. ඒ විතරක් නොවෙයි, ගෑණු ළමයි ඔක්කොම බ්ලූ ෆිල්ම් බලන්න කැමතිලු. උඹ හරියට කෙල්ලෙක් වගෙනෙ කියන්නෙ. මේ තියරි ඔක්කොම උඹේ මනෝ ලෝකයේ හදාගත්ත ඒවා කියල උඹට නිකමට වත් හිතෙන්නෙ නැද්ද? අපේ රටේ සැබෑ සංස්කෘතිය තුළ ඔය වගේ දේවල් දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. උඹ බලන ෆිල්ම් වල ඕවා තිබ්බා කියල ඒව එහෙම්මම රටේ වෙනව කියල හිතන එක මෝඩකමක්.
උඹේ චින්තනයෙ තියන හිස්බව පෙන්වන හොඳම කොටස මේකයි: "සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්.ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ.ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා". උඹ දන්න කියන ලෝකයේ තියෙන්නෙ නිරුවත, සෙක්ස් විතරක් වුණාට හැමෝගෙම එහෙමයි කියල හිතන්න එපා. ඕන කෙනෙක් දන්නවා, තමන් ඇඳන් ඉන්න ඇඳුම් ටික උණා දැම්මම තමා නිරුවත් වන බව. ඒ බව පිළිගන්න සූදානම් නැත්තෙ කවුද? ඒත් හැම කෙනාම, තව කෙනෙක් පාරේ යන විට ඔහුගේ නිරුවත් සිරුර සිතින් මවාගන්න උත්සාහ කරන්නෙ නෑ උඹ වගේ. මොකද ඒක මානසික රෝගයක ලක්ෂණයක්.
මේ ලිපිය පුරාවටම උඹ උත්සාහ කරල තියෙන්නෙ පවතින සමාජ ක්‍රමය ගැන උඹ ගොඩනගාගත්ත තියරි ටිකක් කොහෙන් හෝ අමුණාගත්ත කරුණු ටිකක් ඇසුරින් ඉදිරිපත් කරන්න. ඒ තුළ කිසිම විචාරාත්මක වටිනාකමක්, හරයක් ඇත්තේ නෑ.
ලිපිය කියවන ඔනම කෙනෙක්ට තෙරෙනව මොකද්ද මෙයා කියන්න try කරන්නෙ කියලා! මොකද්ද මෙයාගෙ අරමුණ කියල!
ReplyDeleteඑතකොට එයා කියන්නෙ වික්ටොරියානු සංස්කෘතිය තමයි ශිෂ්ට.
ReplyDeleteඔය දේවල් ගැන කතා කරන අය පොරවල් වෙන්න තෝරගන්න පාරවල් දෙකක් තියනවා. 1. අපේ සංස්කෘතිය පට්ට සිරා කියන එක. 2. එක කුණු ගොඩක් කියන එක. මේ දෙකම කරන්න හරිම ලෙසියි. විශේෂයෙන්ම දෙවෙනි එක. මොකද, ඒ කාලෙ සංස්කෘතිය අපි දැන් බදාගෙන ඉන්න එක ඇතුලෙන් බලද්දි එහෙම පේන හින්ද. මම හිතන්නෙ නෑ ඒක හරියට විෂ්ලේෂනය කරන්න පුලුවන් කෙනෙක් තාම ඉදිරිපත් වෙලා ඉන්නව කියල. ඒ නිසා ඔය වගෙ බොරු සෝබන දෙඩවිලි ගනන්ගන්න ඕනෙ නෑ.
එතකොට එයා කියන්නෙ වික්ටොරියානු සංස්කෘතිය තමයි ශිෂ්ට.
ReplyDeleteඔය දේවල් ගැන කතා කරන අය පොරවල් වෙන්න තෝරගන්න පාරවල් දෙකක් තියනවා. 1. අපේ සංස්කෘතිය පට්ට සිරා කියන එක. 2. එක කුණු ගොඩක් කියන එක. මේ දෙකම කරන්න හරිම ලෙසියි. විශේෂයෙන්ම දෙවෙනි එක. මොකද, ඒ කාලෙ සංස්කෘතිය අපි දැන් බදාගෙන ඉන්න එක ඇතුලෙන් බලද්දි එහෙම පේන හින්ද. මම හිතන්නෙ නෑ ඒක හරියට විෂ්ලේෂනය කරන්න පුලුවන් කෙනෙක් තාම ඉදිරිපත් වෙලා ඉන්නව කියල. ඒ නිසා ඔය වගෙ බොරු සෝබන දෙඩවිලි ගනන්ගන්න ඕනෙ නෑ.
මේක කියවන කෙනෙක් අවබෝදෙන් කියෙඋවොත් මේක තනිකර නුතන බටහිර ඊනියා කිරිස්තියානි කමට ලදී කෙනෙක් ලිපු ලිපියක් කියල තේරෙනවා ඔහු තනිකර බටහිර ගෙත්තෙක් මිට වැඩ මෙවෙනි ලිපියක් ලියන විට අවබෝදය අවශ්යි මොහු බටහිරට කඩේ ගියපු කෙනෙක් පමණක් නොව ලංකාව බටහිර කරණය කරන්න උත්සහ කරන කෙනෙක්
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteපලකට නැති හිස් වචන මාලාවක් පමණයි මේ ලිපිය.අඩංගු කාරණා සම්බන්ධයෙන් ඇති තරම් පිළිතුරු ලැබී තිබෙන නිසා ඒ ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් නෑ..
ReplyDeleteමචන් මේ පොස්ට් එක මට ඊ මේල් එකක් ආව ඒත් එකේ කතෘ සදහන් වෙලා තිබ්බේ නෑ... රසබර දේවල් තනියම කාල පුරුදු නැති නිසා මම
ReplyDeleteබෙදාහදාගෙන කෑව...:D
http://gunegethippola.blogspot.com/2011/07/sex-magic_12.html
පිටස්තරයා දාපු කොමෙන්ට් එකකින් තමයි ඔරිජිනල් කතෘ හොයාගත්තේ... ඔන්න මම ඔයාගේ කතෘබාගේ ඉහලින්ම රැක්ක... වරදක් උනා නම් සමාවෙන්න ඕන...
තීර්ථ යාත්‍රිකයා ගේ කාතාවට මාත් එකගයි.
ReplyDeleteපලකට නැති හිස් වචන මාලාවක් පමණයි මේ ලිපිය.අඩංගු කාරණා සම්බන්ධයෙන් ඇති තරම් පිළිතුරු ලැබී තිබෙන නිසා ඒ ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් නෑ..
ReplyDeleteමමත් එකගයි....
තලේබාන් ස්ටයිල් එකේ සිංහල කට්ටියක් කොමෙන්ට් කරලා තියෙනවා මේකට. ඔය කොහොම කෑ ගැහුවත් ලංකාවේ මිනිස්සු බහුතරයක් දැඩි ලිංගික පීඩනයකින් සිටින බව නම් කිව යුතුයි. අපි සදාචාරේ ගැන කතා කරනවා. ඇමරිකාවට බනිනවා. මචන්ලා ඉඩ හසර තිබිල නොකර ඉන්න එකයි, තමන්ට කරගන්න අවස්තාවක් නැතුව නොකර ඉන්න එකයි අහසට පොලොව වගේ වෙනස් දෙයක්. කැම්පස් යන උන් දන්නවා ඇතිනේ... හිතපල්ලා, තමන්ගේ කෙල්ලත් එක්ක ලෝකේ කාටවත් නොන්ඩි වෙන්නේ නැහැ කියල 100% විශ්වාසයකුත් එක්ක තනි වුනොත් මොනවා නොවෙයිද. නිකන් බයිලා ගහන්නේ නැතුව ඉඳපල්ලා. - සහන්
ReplyDeleteඋඹ ලිංගිකත්වය ගැන කියවන් ගිහින් සිංහල මිනිස්සුන්ට උන්ගෙ ඉතිහාසයට පහරගහපු විදියෙන්ම මට තේරැනා උඹ මොකෙද්ද කියල . මම මගෙ ආගමෙ කියන විදිහට ජීවත්වෙන සිංහල ජතිකවාදය ගැන විස්වාස කරන එකෙක්. උබ එක්කො සමලිංගික සේවනයට ඇර්බබැහි වෙලා අසහනය හින්දා මෙව කරකර පුකේ ඇරගන්න එකෙක් (උඹ ඒක ගැන වචනයක්වත් කිවුවෙ නැතිවුනත් ) එහෙමත් නැත්තන් එන් ජී ර්ඹ එකකින් එවුව නපුන්සක අවජාතනායක් ඔය මොකෙක් නොවුනත් උඹ අපේ ජාතියට වෛර කරන අපතයෙක්.මට ලිංගික නිදහස ගැන කිසි ප්‍රශ්ණයක් නැහැ.! මුස්ලිම් රටවල ගැහැණු අයට විෂශෂයෙන්ම මෙ ගැන කිසිම නිදහසක් නෑ. උන් ඒක හින්දම පිරිමි උන්ගෙ ලිංගික අවශ්‍යතාව ඉටුකරන objects විදිහටයි හැසිරෙන්නෙ නිතිරීති දාල මිනිස්සුව පාලනය කරන්න පුළුවන් නර්‍ම ඒ රටවල්වලට ඔය තරමක් ප්‍රශ්ණ කොහෙන්ද.අපේ සිංහල ඉතිහාසයෙ මිනිස්සුන්ගෙ ඔළුව පාවිචර්චි කරන්න උගන්නව මිසක් උන්ව නීති දාල පාලනය කරපු එකක් නෙවෙයි.. ඒත් ඒක උඹ කියන විදිහෙ උඹගෙ හිතේ ඇතිවුන ෆැන්ටසි එක වගේ ලර්බබක් නෙවි.තොට ඔර්නිමනං ගෑනු ගොඩක් එක්ක අන්තප්පුරයක් දාගං උඹෙ අර්මමත් ඒකට ගනිං මට ප්‍රශ්ණයක් නෙමෙයි . හැබැයි මෙ බලු වැඩෙ නවත්තල හිටු !
ReplyDeletekiyanna wadan na ayya...
ReplyDelete