12/12/11

රමණය නැත්තම් මරණය


ඉස්සර 88 -89 කාලේ අපිට මතකයි ජේවීපී එක තාප්ප ගානේ ලිව්වා “ මව්බිම නැතිනම් මරණය“ කියලා.මේකට හැමෝම බය වුනා.මේක බලහත්කාරයේන් දේශප්‍රේමය පැටවීමක් බව දැන දැනත් ගොඩාක් අය දේශප්‍රේමියෝ වුනා මොකද මරණයට බය නිසා.මේ කියමන අද මේ මොහොත වෙනකොට වෙනස් වෙනවා“රමණය නැත්තම් මරණය “ කියලා.ඒ තරමටම අද ලංකාවේ මරණය තරමට රමණය භයානකයි.මේ දවස්වල රමණය කේන්ද්‍ර කරගෙන ඝාතන රැල්ලක් ක්‍රියාත්මක  වෙමින් තියෙනවා.හමුදාවට සම්බන්ද පෙම්වතුන් ඉන්න පෙම්වතියන් මේ ගැන විශේෂයෙන් හිතමින් ඉන්නවා.තමන්ගේ පෙම්වතාගේ රමණීය වුවමනාවට ඉඩ නොදුන්නොත් හිමිවෙන්නේ මරණය කියලා මේ පෙම්වතියන් අත් දැකීමෙන් දන්නවා.

තිස්සමහාරාමෙදි කොල්ලා කෙල්ලගේ කටට වෙඩි තියන්නේ,හම්බේගමුවේ මුලු පවුලකටම වෙඩි තියලා මරලා දාන්නේ,ඒ වගේම කඩිගාවදි තුන්දෙනෙක්ම එකම ගහක එල්ලිලා මැරෙන්නේ මේ රමණීය වුවමනාවේ ප්‍රතිඵල විදිහට.මේ සිදුවීම් තුන ගත්තම සියලු සිදුවීම් වල තියෙන්නේ  තමා අත්විදි රමණීය සුවය ගැන හටගත් ලිංගික ඊර්ශ්‍යාව මිසක් අන් කිසිවක් නොවේ.කෙලින්ම ගත්තොත් මේ සියලු මරණයන්ට හේතු වෙන්නේ ලිංගිකත්වයයි.තමාටම කියා ලිංගික සත්වයෙකු  වෙන්කර ගැනීමට හෝ අයිති කර ගැනීමට ඇති තක්කඩි ආශාවයි.

ගෑණු,මිනිස්සු ,සංසර්ගය, කියන මේ දේවල් ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය tools කිහිපයක් මිසක් ජීවිතය නොවෙයි කියලා තේරුම් ගන්න තරම් කියවීමක් අපේ පරම්පරාවට නැතිවීම තමයි මේ හැමදේටම මුල.ඩයනා රට වටේ යනකොට චාල්ස් එයාව වෙඩි තියල මැරුවේ නෑ.ඇයි එයාට කැමිලා කියන Option එක තිබුනා.කොයි තරම් ලස්සන වුනත් චාල්ස් ට ඩයනා ජීවිතේ වුනේ නෑ.තමන්ගේ තත්වේ රැක ගන්න tool එකක් විතරක් වුනා.ඒනිසා ඩයනා මැරුණාට චාල්ස් දුක් වුනේ නෑ.

ආදරේ කියන්නේ මාර අධ්‍යාත්මික බැදීමක් එක එහෙම tool එකක් නෙවෙයි කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.ඒක ඔහුගේ හෝ ඇයගේ මේ මොහොතේ සිතීම විතරයි.එතකොට අපිට උපකල්පනය කරන්න වෙනවා එහෙම කියන අය කවුරු හරි කෙනෙක්ව අයිති කර ගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා.හැබැයි ඔය කියන අධ්‍යාත්මික පෙම්වතා හෝ පෙම්වතිය අතෑරල ගියාට පස්සේ තුවක්කුව අතට ගන්නෙත් මේ අයම තමයි.

ලෝකේ මුලින්ම බිහිවෙන්නේ ආදරය නෙවෙයි SEX.ඊට පස්සේ තමයි මානවයා ආදරය අදුනගන්නේ.පස්සේ පස්සේ SEX කියන වචනෙට බයේ මිනිස්සු ඒකට LOVE කියලා කියන්න ගන්නවා.මෙහෙම ගත්තම ආදරය නිසා මරාගන්නවා කියන එකේ අනිත් අර්ථය SEX නිසා මරාදමනවා කියන එක.ඒ කියන්නේ “රමණය නැතිනම් මරණය “කියන එක.


3 comments:

  1. ඔබ හරි...මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරනවනම් අපිට කමෙන්ට් කරන්න ලේසියි..

    ReplyDelete
  2. යම් ප්‍රමාණයකට එකගයි!

    ReplyDelete
  3. අපේ එවුන් ලව් කියන්නෙ සෙක්ස් වලට.. ඒකෙ කිසි වෙනසක් නෑ... බොරු වචන ටිකකින් අයිසින් එකක් දානව විතරයි...

    (හිතන් හිටියෙ උඹ ලියන එක නවත්තල කියල... ෆලෝකරන ලිස්ට් එකෙන් මාව එළියට විසික් වුනේ බ්ලොගේ මොකුත් වෙනසක් කලාද? )

    ReplyDelete