ඉස්සර 88 -89 කාලේ අපිට මතකයි ජේවීපී එක තාප්ප ගානේ ලිව්වා “ මව්බිම
නැතිනම් මරණය“ කියලා.මේකට හැමෝම බය වුනා.මේක බලහත්කාරයේන් දේශප්‍රේමය පැටවීමක් බව
දැන දැනත් ගොඩාක් අය දේශප්‍රේමියෝ වුනා මොකද මරණයට බය නිසා.මේ කියමන අද මේ මොහොත
වෙනකොට වෙනස් වෙනවා“රමණය නැත්තම් මරණය “ කියලා.ඒ තරමටම අද ලංකාවේ මරණය තරමට රමණය
භයානකයි.මේ දවස්වල රමණය කේන්ද්‍ර කරගෙන ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.හමුදාවට සම්බන්ද පෙම්වතුන් ඉන්න
පෙම්වතියන් මේ ගැන විශේෂයෙන් හිතමින් ඉන්නවා.තමන්ගේ පෙම්වතාගේ රමණීය වුවමනාවට ඉඩ
නොදුන්නොත් හිමිවෙන්නේ මරණය කියලා මේ පෙම්වතියන් අත් දැකීමෙන් දන්නවා.
තිස්සමහාරාමෙදි කොල්ලා කෙල්ලගේ කටට වෙඩි තියන්නේ,හම්බේගමුවේ මුලු පවුලකටම
වෙඩි තියලා මරලා දාන්නේ,ඒ වගේම කඩිගාවදි තුන්දෙනෙක්ම එකම ගහක එල්ලිලා මැරෙන්නේ මේ
රමණීය වුවමනාවේ ප්‍රතිඵල විදිහට.මේ සිදුවීම් තුන ගත්තම සියලු සිදුවීම් වල
තියෙන්නේ තමා අත්විදි රමණීය සුවය ගැන
හටගත් ලිංගික ඊර්ශ්‍යාව මිසක් අන් කිසිවක් නොවේ.කෙලින්ම ගත්තොත් මේ සියලු මරණයන්ට
හේතු වෙන්නේ ලිංගිකත්වයයි.තමාටම කියා ලිංගික සත්වයෙකු වෙන්කර ගැනීමට හෝ අයිති කර ගැනීමට ඇති තක්කඩි
ආශාවයි.

ආදරේ කියන්නේ මාර අධ්‍යාත්මික බැදීමක් එක එහෙම tool එකක් නෙවෙයි කියල කාට හරි තර්ක කරන්න
පුළුවන්.ඒක ඔහුගේ හෝ ඇයගේ මේ මොහොතේ සිතීම විතරයි.එතකොට අපිට උපකල්පනය කරන්න වෙනවා
එහෙම කියන අය කවුරු හරි කෙනෙක්ව අයිති කර ගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා.හැබැයි
ඔය කියන අධ්‍යාත්මික පෙම්වතා හෝ පෙම්වතිය අතෑරල ගියාට පස්සේ තුවක්කුව අතට ගන්නෙත්
මේ අයම තමයි.

ඔබ හරි...මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරනවනම් අපිට කමෙන්ට් කරන්න ලේසියි..
ReplyDeleteයම් ප්‍රමාණයකට එකගයි!
ReplyDeleteඅපේ එවුන් ලව් කියන්නෙ සෙක්ස් වලට.. ඒකෙ කිසි වෙනසක් නෑ... බොරු වචන ටිකකින් අයිසින් එකක් දානව විතරයි...
ReplyDelete(හිතන් හිටියෙ උඹ ලියන එක නවත්තල කියල... ෆලෝකරන ලිස්ට් එකෙන් මාව එළියට විසික් වුනේ බ්ලොගේ මොකුත් වෙනසක් කලාද? )