9/25/10

සියඹලාණ්ඩුවේ ලක්ෂිතාට දෙවරක් වෙඩි තැබීම


තහනම් ප්‍රේමයේ වෙලී ලක්ෂිකා සමුගනී
- දිවයින - 2010 සැප්තැම්බර් මස 25 වැනිදා

 සියඹලාණ්ඩුව විද්‍යාලයේ ක්‍රීඩා ගුරු ලක්ෂිකා මුළාවූ ආදරයේ මාරයා ඇය බිලිගත් හැටි 
-ලංකාදීප -2010 සැප්තැම්බර් මස 25 වැනිදා




සියඹලාණ්ඩුව ඉස්කෝලේ ටීච කෙනෙකුට ඇගේ පෙම්වතා පාසැලටම ඇවිත් වෙඩි තියනවා.ඊට පස්සේ ඔහුත් වෙඩිතියාගෙන මැරෙනවා.මේ සිද්ධිය අපේ පත්තර කීපයක් වාර්තා කරල තිබුනේ මේ විදිහට.සිද්ධිය ඛේදවාචකයක් ඒක ඇත්ත.ඒත් ඒක Highlight කරල පෙන්නන්න විදිහ තමයි තිත්ත."තහනම් ප්‍රේමය" "මුලාවූ ආදරය" මේ අර්ථකතන මොනවද?මේකයි ගැටලුව.

මේ වචන හරහා බොහෝ වෙලාවට කරන්නේ පාඨකයාට ආතල් එකක් දීම විතරයි.අනිත් පැත්තෙන් මේ මරණය සාධාරණීකරනය කිරීමක් මෙතනදි වෙනවා."එහෙම නම් ඉතින් මෙහෙම වුනාට කමක් නෑ"කියල ගොඩක් දෙනෙක් කියන්න ගන්නවා.එතකොට තමයි පත්තර විසින් සමාජය පොළඹවලා ලක්ෂිකාට දෙවන වරටත් වෙඩි තියන්නේ.එතනදි ලක්ෂිකාට විතරක් නෙවෙයි ඒ පවුලම වෙඩි ප්‍රහාරවලට ලක්වෙනවා.

ආදරයේ කෙලවර විවාහ වෙන එක අනිවාර්ය කරපු සමාජයක ජීවත් වුන ලක්ෂිකා තමන් කොයිතරම් ආදරය කරත් පෙම්වතා එක්ක විවාහ වෙන්න අවස්ථාව නෑ කියන කාරණාව දැනුනට පස්සේ පෙම්වතාගෙන් ඈත්වෙන්න බලනවා.ඒ ඈත් වීම පෙම්වතාට දරාගන්න බැරුව යනවා.ලක්ෂිතාටත් මේක දරාගන්න බැරිවෙන්න ඇති ඒත් ඇයට වෙන කරන්න දෙයක් නෑ. මේ නිසා සමාජයට වෙඩිතියන්න බැරුව අසරණ වුන පෙම්වතා වෙඩි තියන්නේ ලක්ෂිකාට.එහෙම බැලුවම ඇත්තටම ලක්ෂිකාට වෙඩි තියල තියෙන්නේ සමාජය.ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන සම්මතය නොතිබුනා නම් අද ලක්ෂිකා ජීවතුන් අතර ඉන්නවා.

මිනිස්සුන්ට පුලුවන් නම් තමන් කැමති නායකයෙකුට රට භාරදෙන්න,තමන් කැමති ආගමකට පේ වෙන්න,කැමති විදිහට ගේ දොර හදාගන්න,කැමති ඇදුමක් අදින්න,කැමති කෑමක් කන්න,ඇයි ලක්ෂිතාට බැරි තමන් කැමති කෙනෙකුට ආදරය කරන්න.අර මුලින් කිව්ව දේවල් සියල්ලත් අපේ ජීවිතයේ අතිශය වැදගත් දේවල්.ඒ දේවල් හරහාත් ලැබෙන්නේ තෘප්තියක්.ආදරයෙදි ලැබෙන්නෙත් ඒකමයි.තෘප්තිය.මේ තෘප්තියට සීමා දාන්න පුලුවන් කාටද? මෙ සීමා මායිම් නිර්ණය කරන්නේ කවුද? ඉරට හදට ආදරය කරනවා නම්,සුරතල් සත්තුන්ට ආදරයකරනවා නම්,ගස් වැල් වලට ආදරය කරන්න තහනම් නැත්තං ඇයි මිනිස්සු දෙන්නෙකුට ආදරය කරන්න බැරි.ඒක සමාන ලිංගික හෝ විරුද්ධ ලිංගික වෙන්න පුලුවන්.දෙන්නෙකුට ආදරය බෙදා ගන්න හැගීම් හුවමාරු කරගන්න අයිතියක් තියෙනවා.ඒ අයිතියේ සීමා නිර්ණය කරන්න කාටවත් බෑ.මේක කසාදයෙන් ඉවරවෙන්න ඕන.මෙහෙම වෙන්න ඕන,අරෙහෙම කරන්න බෑ.කියල නීති රීති දාන්න කාටවත් බෑ

සමාජයිය සහ මූලධර්මවාදී සීමා ඇතුලේ හිර කරන්න පුලුවන් හැගීමක් නෙවෙයි ආදරය කියන්නේ.මේක කොළයක ලියල අයිති කරගන්නවට වැඩිය අතිශය මානුෂිය ගණුදෙනුවක්.මේක ඇතුලේ සම්මතයන් තියෙන්න විදිහක් නෑ.මිනිස්සු ඉස්සෙල්ලම අදුනගන්නේ ආදරය.ඊට පස්සේ තමයි සමාජ සම්මතයන්,නීති රීති, මේවා ඉගෙන ගන්නේ.මේ නිසා නීති රීති දාලා,සම්මතයන් හදලා මේ හැගීමට තහංචි දාන්න බෑ.ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්.

9 comments:

  1. Maha Raja ge aanduva nisa dennekta nidahase love karannavath bane!! SF janadipathi unanam mehema venne na! MR ta kelavewa.:))

    ReplyDelete
  2. ඔව් මචන් මේවා සමාජයේ වැරදි...

    ReplyDelete
  3. උබේ කතාව ඇත්ත බන්..... (Y)

    ReplyDelete
  4. ඔබතුමා කියන දේ ඇත්ත තමයි. ඒ විදිහට හිතන්නේ කිහිප දෙනයි.. හිතුවත් කියාවි සංස්කෘතියට පටහැනි කියල.. ඒ නිසයි මිනිස්සු අනියම් සබධතා වලට යොමු වෙන්න හේතු වෙලා තියෙන්නේ...එපා එපා කිය කිය හොරෙන් හොරෙන් එපා කියන දේම කරනවා..

    කොහොම වුනත් ජීවිතයක් අපරාදේ...

    ReplyDelete
  5. මා පෞද්ගලිකව දන්නා පරිදි ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මොණරාගල රෝහලට ඇතුළත් කර ශල්‍යාගාරයේ සැත්කමකට භාජනය කරන අතරතුර ඩේලි මිරර් පුවත්පතේ නිවුස් ඇලර්ට් මඟින් ඇය මියගිය බව ප්‍රචාරය කළේය.ඇගේ පණ ගැහෙන සිරුර ශල්‍යාගාරය තුළ දකිමින් ඇයගේ ජීවිතය ගලවාගැනිමට වෙහෙසවන රෝහල් සේවකයන්ගේ ජංගම දුරකථන වලටම මෙම පණිවුඩය ලැබුණි.

    ReplyDelete
  6. Manushika hegim thamai me. minissunge hadawathwala awankawama ethiwena adaraya wage hegim walata vayas beda, jathi beda, kula mala beda valin sima maim panawana eka mama nam kohethma anumatha karanne nehe. hemoma asa adaren jiwath wenna.adare thamai minissunwa jiwath karawanne.mohothak hari.

    ReplyDelete
  7. හොද ලිපියක්. මේ වගේ ලිපි බ්ලොග් අවකාශයෙන් පිටත මුද්රිත මාධ්යනයන් හරහා බහු ජන හිතාය බහු ජන සුඛාය පිනිස යා යුතුයි. මෙ වැනි ලිපි කිය විමෙන් යම් තරමක හෝ චින්තන වෙනසක් සිදුවේවි. ගොඩක්ම මාධ්‍යයන්ගේ මාකට් එක තබා ගැනීමට අකර්ශණිය මාතෘකා යොදන්න ගිහින් තමයි මේ වගේ අපකීර්තිමත් තත්වයන් ඇති වෙන්නේ.

    මේ ලගදී දවසක වාහිනී ප්වෘත්තියක මම දැක්කා ගගක ළමයෙක් ගිලිලා කෝම හරි මිනිස්සු පැනලා ගොඩ ඇරගෙන රෝහල් ගත කරන පුවතක්. ප්වෘත්තියට කිවුවේ ගත් කටටම මව විසින් ගගට අතරහැරදමා ගිහින් ඇති බවක්. කවුද දන්නේ පැහැරගෙන ගිහින් ගගට විසිකරලද ලමයා කාගෙවත් අනුදැනුමකින් තොරව ගගට වැටිලද ඒවා මේවා කිසිත් නැ දැක්කා වගේ කිවුවා අම්මා විසි කරලා කියලා. ඒ ප්රැවෘත්ති කියන්නේත් අඩ අඩා. කදුළු එන්නේ නැති එක විතරයි. නඩුකාර හාමුදුරුවන්ට ඉස්සෙලලා අපේ ජන මාධ්යනමගින් වැරදි කරු පෙන්වා දීලා ඉවරයි. නඩුකාර උන්නාන්සේට කරන්න ජොබක් නැහැ.

    ReplyDelete
  8. සටපික්වලයාOctober 7, 2010 at 11:19 PM

    අර්ථවත් සමජය තුල කතිකාවට භජනය විය යුතු හොඳ මාතෘකාවක්,මමත් පොඩි අදහසක් පල කරන්න කැමති,ආදරය කරනවනම් එය විවාහයකින් කෙලවර විය යුතුයි කියන නරුම සංකල්පයක් ඇති වී තියෙන්නෙ ඇයි කියන්න මට අද වෙනකල් තෙරුම් ගන්න බැරි උන දෙයක් වෙලා තියෙනව...ඇයි ඇදරේ නම් විවාහ විය යුත්තෙ ?? විවාහය කියන එකට තියෙන්නෙ නීතිමය පදනමක් විතරයි,එත් අදරය කියන බැඳීම කොයි තරම් ආත්මයත් එක්ක බද්ද වෙච්ච උතුම් බැඳිමක්ද ? ඇයි ඒක නීතිමය රාමුවකට පාවා දෙන්නෙ ?? අනික ඇදරය කොහොමද වයස වගෙ භෞතික සාදක වලට සීමා කරන්නේ ? තමන් කැමති කෙනෙක්ට අදරය කලම මෙ සමාජය කියනවා ඒක අනියම් ප්‍රේමයක් කියල.... සුද්දගෙන් අරගෙන දැන් සුද්දත් අතඇරපු ගල්යුගයේ සංකල්ප අපේ සමජය තුල කරනම් ගහනව...වඩි කලයක් යන්න කලින් මේ ඇත්ත ඒත් අහන්න අකමැති එලි පිටට ඒවි...

    සංවාදයට විවෘතයි..

    ReplyDelete
  9. ඔව් මචන් මේවා සමාජයේ වැරදි...

    ReplyDelete