4/6/13

සාදු ! ගමුද පොඩි Thrill එකක්




සිංහලයා කොහොමත් කම්මැලියෙකි.සිංහලයා පැවත එන බව කියැවෙන සිංහයාද අමු කම්මැලි සතෙකි.සිංහධේනුව විසින් දඩයම් කර දෙන අහාර අනුභව කරන සිංහයා දවස පුරාම බුදියයි.එහෙව් ගති ලක්ෂන සිංහලයා තුළද පෙන්නුම් කරන බවට උදාහරණ රැසක් පවතී.

නමුත් ඒ කාරණාව පැහැදිලි කිරීමට වඩා මේ මොහොත තුළ වඩා ඉස්මතුවන අනෙක් කරුණ විමසා බැලිය යුතුය.මන්ද මේ වන විට අන කවර කාලයකටත් වඩා ජාතිමාමකත්වය ඔද වැඩී ගොස් ඇති නිසාය.

වර්ෂ 1948 අපිට නිදහස ලැබුණි.අද එය දිනාගත් දෙයක් ලෙස අප සැමරුවද මෙරට සිදුකෙරුනු නිදහස් සටනක් නැත.නිදහස් සටන සිදුකෙරුණේ ඉන්දියාවේය.ඉන්දියාවේ පිනෙන් අපද නිදහස ලැබුවෙමු.මන්ද සුද්දාට අපට වඩා වැදගත් වුයේ ඉන්දියාවයි.යම් දවසක සතුරක් උපායමාර්ගික මර්මස්ථානයක් ලෙස ශ්‍රිලංකාව භාවිත කරනු ඇතැයි යන බිය නිසා සුද්දා ලංකාවද අල්ලා ගත්තේය.නමුත් 1947 සුද්දාට ඉන්දියාව අහිමි වුයේ ඉන්දියාවේ සියලු ජනවර්ග එක්ව සැබෑ නිදහස් සටනක් කල නිසාය.පසුව 1948 සුද්දා අපිවද අතහැර දැමුවේ පලක් නැති හෙයිනි.


එලෙස පිනට ලැබුන නිදහස අද අපි මහත් ජාති ආලයෙන් යුතුව සමරමින් සිටිමු.එය අපේ දින දසුනේ Thrill event එකක් වී තිබේ.මන්ද අපි දැන් දැයට කිරුළ කියා නිදහස් සැණකෙළියක්ද පවත්වන නිසාය.දැන් එම Thrill එක දිවයින පුරා ජනතාවට විදින්නට අවස්ථාව ලැබී ඇත්තේ වසරින් වසර දිවයිනේ පලාතෙන් පලාතට මෙම නිදහස් Thrill එක රජය විසින් බෙදන නිසාය.


මෙලෙස Thrill ගැනීම අපට නුහුරු දෙයක් නොවේ.83 මෙලෙස හදිසියේ මතුවු ජාතිමාමකත්වය නිසා ගත් Thrill එකේ වන්දිය වසර 30 ක් පුරා ගෙවන්නට සිදුවිය.යුද්ධය දරුනු වන විට 83 දෙමළුන්ට ගැසු උන් ස්වේච්ඡාවෙන් යුධ පිටියට ගියේ නැත.එහිදී රස්සාවක් නැති කම නිසා හමුදාවට ගිය  දහස් සංඛ්‍යාත තරුණ සම්පත වැනසෙද්දී ඒ දේශප්‍රේමීන් හිටියේ කොහේද?


අදාල දේ තිබියදී නිරන්තරයෙන් අදාල නොවන දේට අතගසන මහා සංඝරත්නය ගොස් මාවිල්ආරු සොරොව්ව ඇර තවත් Thrill එකක් ගත්හ.මාවිල්ආරු සොරොව්ව  අරින්න ගිය ජාතිමාමක සංඝරත්නය යුද්ධය අවුලුවා කොළඹට පැන්නා මිසක බෝම්බ බැදගෙන ගොස්  කොටිකදවුරකට පැන්නේ නැත.එලෙස ඉදිරිපත් වුයේද නැත.අද කෑගසන “සේනා“ එදා සිටියේ නම් මෙරටට හමුදාව අවශ්‍ය වන්නේ නැත.


අපි කොහොමත් Thrill එකට කැමති ජාතියකි.යුද්ධය කාලයේ බෝම්බ පිපිරුණ අවස්ථාවල සංස්කරණය නොකළ දර්ශන දැක බලා අපි Thrill ගත්තෙමු.සෝම හාමුදුරුවන් මියයන විට මරා දැමු බව කියා ගත් Thrill එක නතර වුයේ පාර්ලිමේන්තුවෙනි.(අද උන්වහන්සේලා කිව් ධර්ම රාජ්‍යය බිහිවී හමාරය)


මේ අතර බෝම්බ මස් වැදලි නැති නිසා Thrillඑකක් නැත.කම්මැලි සිංහලයා රටගිය කාන්තාවන් එවන් මුදලින් කා බී කාන්සියෙන් සිටියේය.මේ අතර සිහලයා අවදි කිරීමට බොදු බල සේනා ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වලට පහර දීම් කීපයක් කළද ප්‍රමාණවත් පරිදි  සුරතාන්තයට පත්වීමට නොහැකි විය.නැවත සිංහලයා කාන්සියට වැටෙන්නට යනවිට  වසර ගණනක් පුරා පැවති හලාල් මතක් විය.උපරිම Thrill එකක් ගත්තේය.හලාල් යනු වස විස යැයි සිතන තරමටම ජනතාව ඇන්දුවේය.පන්සිල් පද පහ රකින ජන සමාජයක් හදනු වෙනුවට ඥානසාරලා වීථි බැස “හලාල්“ විරෝධි ජන සමාජයක් නිර්මාණය කලේය.එයින් උද්දාමයට පත් තවත් ජාති මාමක බලවේග හදිසි දේශප්‍රේමීන් බවට පත්ව විවිධ නම් වලින් “සේනා“ හදාගෙන මාතෘකා සොය සොයා මේ වන විටත් පහර දෙමින් සිටියි.


නමුත් මේ දේශප්‍රේමීන් නොදන්නා එක දෙයක් තිබේ.ඔවුන්ගේ කුසගින්න නිවෙන්නේද අපේ කාන්තාවන්ට මුස්ලිම් රටවලින් ගෙවන වැටුප් වලින් බවයි.මන්ද අපනයන ආදායමක් නැති අපිට විනිමය ලැබෙන එකම මාර්ගය වන්නේ එය බැවිනි.


මේ මොහොතේ  ලංකාවේ මතුව ඇති දැඩි ප්‍රශ්නය ආගම හෝ ජාතිය බේරා ගැනීම නොව නිෂ්පාදනය දියුණු කිරීමයි.මන්ද අද වන විට අපිට ආදායම් ලැබෙන ක්‍රමයක් නැත.චීනාගෙන් ණයට කමින් අපි ජාතිය වෙනුවෙන් සටන් කරමින් සිටිමු.මේ සියලු දේශ ප්‍රේමීන් තුළ සැබෑ ජාතිමාමකත්වයක් තිබේ නම් මේ සියලු “සේනා“ වලට රටේ නිශ්පාදනයට හවුල් විය හැකිය.සේනා පිටින් ගොස් පුරන් කුඹුරු අස්වද්දා සහල් නිෂ්පාදනය කළ නොහැකිද?


එසේ රටේ ඇත්ත ප්‍රශ්න තේරුම් නොගෙන අදාල නොවන ප්‍රශ්න අල්ලා ගෙන ගන්නා  මේ Thrill එකේ කෙළවර කුමක්ද?

8 comments:

  1. 100% එකඟයි

    ReplyDelete
  2. good article. our guys dnt fight against curruption dnt say a word abt thugs who hv becm our ppliticians. nt a word abt rising cost of livin die tp th mishandling th economy.me bein a sinalese i would agree wit u 100% we r th laziest of all

    ReplyDelete
  3. ammapa 100% eththa..oya BBS ewunta sathiyak kanna nodi thibbahama hari..yakoo api bauddayo wela ipadila, mun wagee maanasika leddunta benala paw purawaganta tharam kaalakanni unane.. :(

    ReplyDelete
  4. හේතුවා....May 1, 2013 at 10:29 AM

    100% ක් එකඟ වන කට්ටියම කවුරුන්දැයි සිතා ගත හැකිය... එහෙත් කරන දේ කවුරු කළත් ඔබද කරන්නේ ජාති විරෝදී ක්‍රියාවක් නොවන්නේද ආගමික නායකයෙකු එසේ ප්‍රදර්ශනය කරන්නට ඔබ කැමති වන්නේද... එතන ඔබ තුළ සභ්‍යත්වයක් නැත... ඔබ මුස්ලිම් විය හැකිය.. නැතිනම් කිතුණු විය හැකිය... නැතිනම් හින්දු විය හැකිය... බවුද්ධ විය හැකිය... එහෙත් කිසි කළෙක ආගමික නායකයෙකු ලෙස සලකන්නන්ට අගෙවුරව නොකරන්න... ඔබේ ආගමික නායකයා එසේ සටහන් කරන ලද පින්තූර එසේ නම් ඔබ මේ විදියට පලකරන්න... සිංහලයෙකු ලෙස පමණක් සිතන්න... කිසි විටෙක ජාති වාදී හිත් හා ආගම්වාදී හිත් වලින් යුක්තව ඔබේ හෙලුව ලෝකයා හමුවේ නොපෙන්වන්න... එවිට ඔබට අන් අයම හූ කියනු ඇත... තමන්ගේ නිරුවත එළිපිට පෙන්වීමට පෙර මදක් සිතන්න....

    ReplyDelete
  5. සම්පූර්ණයෙන්ම එකඟයි අරා...

    ReplyDelete
  6. It's genuinely very complex in this active life to listen news on TV, thus I just use the web for that purpose, and obtain the hottest information.
    Feel free to surf my webpage : vuelos a china

    ReplyDelete