1/3/13

ඇයි ශිරාණි විතරද සියඹලා ගෙනාවේ?



එක් පුද්ගලයෙකු සියඹලා ගෝණියක දමා වෙළදපලට ගෙනයන්නේ අලවි කිරීම සදහාය.නමුත් කපටි වෙළෙන්දා එම සියඹලා ගෝනිය කිරා බලා මෙසේ කියයි “මේ සියඹලාවල බර කිලෝ දෙකක් වුණාට මේකේ ඇටවල බර කිලෝ එකකටත් වැඩියි උන්නැහේ.ඊට පස්සේ මේ ගෝනියේ බරට අඩුකළාම ඔහෙට මේ ගානවත් දෙන්න විදිහක් නෑ.ඒ වුනාට කමක් නෑ හිස් අතින් යවන්න බෑනේ ඔන්න ඔහේ මේක තියාගන්නවා “ යැයි කියා සුළු මුදලක් ගෙවියා අත තබයි.මෙය ඇසූ ගොවියා “ඇටවලට කිලෝවයි ඉතුරු ටික ගෝනියට එතකොට මං සියඹලා ගෙනල්ලම නැද්ද?“යනුවෙන් අසයි


 දැන් රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණයද එයයි.අගවිනිසුරු වරිය දුෂිත බවත් මුදල් වංචා කල බවත් කියා ඇයට එරෙහිව චෝදනා නගන මැති ඇමති වරු සියඹලා ගෙනත් නැත.ඔවුන්ගේ සියඹලාවල බර ඒවට මේවට කැපී ගොස් සොච්චමක් ලැබී තිබේ.ඒ සොච්චම ලබා සතුටු වනවා පමණක් නොව ඉන් නොනැවතී ශිරාණි සියඹලා ගෙනත් ඇතැයි කියා ඇයට චෝදනා කරති.

පවුකාරියට ගල් ගසද්දී වැරදි නොකළ කෙනෙකු පළමු ගල ගැසිය යුතුය.මේ ගල් ගසන සියල්ලන්ම සුචරිතවත් අයද?ඔවුන් මහජන මුදල් තඹ ශතයක්වත් වංචා කර නැතිද?තම සුඛ විහරණය සදහා අයුතු ලෙස බලය යොදවා නැතිද?ප්‍රශ්ණය එයයි.තවද අගවිනිසුරු වරිය පක්ෂග්‍රාහීව තීන්දු ලබා දුන්නේ නම් සරත් ෆොන්සේකා මහතා සමිබන්ධයෙන් ලබාදුන් තීන්දු කාගේ හෝ වුවමනාවට ලබාදුන් ඒවා නොවන්නේද?

කලකදි රහ කලකදි වහ වීම මේ රජයට අරුම පුදුම දෙයක් නොවේ.මහින්දට රජකම දෙන්නට දරදිය ඇද්ද ජවිපෙට,මංගල සමරවීරට,වු දේම යුද්ධය දිනාදී මහින්ද විරුවකු කළ ෆොන්සේකාට සිදුව තිබේ.එයම පුර්වාදර්ශයට ගනිමින් ශිරාණිටද එම උරුමයම අත් වෙමින් පවතී.

සුපර්ස්ටාර් ලා බිහිවන ආකාරයට ක්ෂණිකව විරුවන් තනන්නටත් ඔවුන් ද්‍රොහීන් කරන්නටත් අවශ්‍ය කරන බලය රජයට ලබාදුන්නේද අප විසිනි.ඒ අනුව ගත් කල අපේ වල අප විසින්ම කපාගෙන තිබේ.දැන් රට ඇත්තේ දැඩි අස්ථාවර මට්ටමකය.අධීකරණය සහ ව්‍යවස්ථාදායකය අතර වන මෙම ගැටුම රට තුළ භයානක තත්වයක් නිර්මාණය කිරීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන් පාඨ නැති විපක්ෂය ශිරාණි සිය සටන් පාඨය කරගෙන බඩ වියත රැකගනිමින් සිටියි.දශමයකින් වත් වැරදි නොකළ සියල්ලෝ ඇය දූෂීත බව කියමින් හඩ නගමින් සිටිති. සීතාම්බර පට හැද සිටින සාධු චරිත ශිරානිගේ හෙළුවට පමණක් ඇගිලි දිගුකරමින් සිටියි.

2 comments:

  1. ලැජ්ජා නැති ඇමතිවරු.. නඩු අහන රටක... තවත් කුමන කතාද...

    ReplyDelete
  2. May I simply just say what a relief to find
    someone that actually understands what they are talking about online.
    You definitely know how to bring an issue to light and make it important.

    More people should look at this and understand
    this side of your story. I can't believe you aren't more popular since you certainly
    possess the gift.
    Also visit my weblog - vuelos a hongkong

    ReplyDelete