11/9/12

ආගමික ත්‍රස්තවාදය



ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක් වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම සුරැකීමේ සටනට එලැඹ සිටීයි.

 ශ්‍රීලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තහවුරු කර තිබියදීත් ක්‍රියාත්මක කෙරෙන මෙම බෞද්ධ ත්‍රස්තවාදයේ සැබෑ අරමුණ කුමක්ද?සැබැවින්ම බුදු දහම සුරැකීමද?
 මාක්ස්ට අනුව ආගම වනාහි පීඩිතයාගේ සුසුමයි.හදවතක් නෙමැති ලොකයේ හදවතයි.ආත්මයක් නොමැති තැන ආත්මයයි.ජනතාවගේ මත් ද්‍රව්‍යයයි.ක්‍රිෂ්ණමුර්තිට අනුව ආගමක් මගින් ප්‍රධාන වශයෙන් සිදුකරනුයේ මිනිසුන් අතර බෙදීම් ඇති කිරීමයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී කටුක යථා ස්වභාවය අමතක කිරීමහිලා මිනිසා පාවිච්චි කරන මෙවලම් අතර ආගම ද ජනප්‍රිය  මෙවලමක් බව ක්‍රිෂ්ණ මුර්ති පෙන්වා දෙයි.
 දැන් කාරණාව පැහැදිලිය.ඉහත කී බෞද්ධ ත්‍රස්තවාදයේ අරමුණ කුමක්දැයි හදුනා ගැනීමට මෙම නිර්වචන හොදටම ප්‍රමාණවත් වෙයි.
කිසිදු දවසක තමන් වහන්සේ වෙනුවෙන් පිළිම ඉදිකොට වන්දනා මාන කරන්නට බුදුන් කීවේ නැත.බුදුන් දවස ගස් ගල් අදහන්නන් මිත්‍යාදෘෂ්ටිකයින් වු බව කවුරුත් දන්නා කරුණකි.එවා සත්‍යෙයන් තොර බව බුදුන් පවා අනු දැන වදාරා තිබේ.
 
එසේ නම් ධර්මය රකිනු වෙනුවට පිළිම රකින්නට පොලු මුගුරු අතින් ගැනීම මොන තරම් සාධාරණ වේද?මේ ඉටුවෙමින් තිබෙන්නේ සැබෑ බෞද්ධ වුවමනාවද?මෙරට ගුවන් විදුලි නාලිකා රූපවාහිනි නාලිකා සියල්ලක්ම පාහේ උදේ හවස ප්‍රචාරය කරන ආගමික වැඩසටහන් ගෙන බැලුවහොත් මෙරට ධර්ම රාජ්‍යයක් කිරීමට රතන හිමියෝ පාර්ලිමේන්තුවට වැඩම කරවිය යුතු නැත.එමෙන්ම බොදු බල සේනා වැනි ස්වයං ආතල් සංවිධාන පොලු මුගුරු ගෙන ත්‍රස්තවාදයේ නිරත විය යුතුද නැත.

13 comments:

  1. ඔය බුවාලා හිතන් ඉන්නේ උන් ශුක්‍රාණුවේ කාලේ ඉඳන්ම බෞද්ධ කියලා.. අනේ මන්දා බං. උන්ට කියලා වැඩකුත් නෑ..

    ReplyDelete
  2. මේව නිකන් වෙන දේවල් නෙවේ.රටේ දූෂිත සල්ලිවලින් සැහෙන ගනනක් මිනිසුසුන්ගෙ ඇස් වහන මේ ආගමක ත්‍රස්තවාදයට අයෝජනය කරනව.

    ReplyDelete
  3. එතකොට උන්නැහේ, බුදු පිළිම කඩද්දි . චෛත්‍ය පිටින් ඩෝසර් කරද්දි, හා එහෙයි කියලා කට පියන් ඉන්නද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැන්, ඉදිකිරීමක් කඩා බිඳ දාන්න, රාජ්‍ය ආයතනයකින් අවසර ගන්න ඕනේනෙ. ඉතින් අවසර දීලද? කොහෙද ඕවා වෙලා තියෙන්නේ? ලංකාවේ චෛත්‍යයක් ඩෝසර් කලාද? අවසර ඇතිවද? නැතිවද? නීති මගින් ක්‍රියා කරන්න බැරිද?

      Delete
    2. උන්නැහේ කුරගල ගිහින් තියනවද ?
      දෙවනගල ගිහින් තියනවද ?
      මුහුදු මහා විහාරයට ගිහිං තියේද ?

      එව්වට වෙලා තියන දේ දැක්කද ?

      Delete
  4. පුලුවන් නම් ඉස්ලාම් ත්‍රස්තවාදය ගැනත්, කතෝලික ත්‍රස්ථවාදය ගැනත් ලියමු බලන්න කෂේරුකාව පන තියනවා නං..

    අපි අපිට විරුද්ධව එන බලවේග වලට විරුද්ධව සටන් කරද්දි තොපි වගේ අවජාතකයන්ට හරි අමාරුයි නේද .

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් කෂේරුකාව තියනවා නම් මෙහෙම ලියයිද තමන්ගේම බ්ලොගේ?.... කෂේරුකාව තියන අය කරන්නේ ඇනෝ නමින් අනිත් බ්ලොග් වලට ගිහින් අවජාතක කතා කියලා එන එකනේ...

      Delete
    2. ඔයා මෙතන තිසර කියල ඉන්නවා. මම සිරිපාල කියලා ප්‍රොෆයිල් එකක් හදාගන මෙතන කමෙන්ට් කලොත් මම ඇනේ නෙවෙයි වෙනවද ? ගොං කතා කියන්න එපා මිනිහෝ. තිසර කිව්වට ඔහෙත් ඇනෝම තමයි.

      නබි ගැන හදපු චිත්‍රපටියට ලංකාවේ මුස්ලිම් උදවිය පිස්සු කෙලිද්දි එව්වා ගැන ලිව්වෙ නැති උන්නැහේ..උසාවියට තම්බි ගල්ගහද්දි එව්වා ගැන ලිව්වේ නැති උන්නැහේ දැන් මේ කිසිම දරුණු භාවයක් නැති දේවල් වලට ත්‍රස්ථවාදය කියනවා.. ඒ දේවල් ගැනත් ලියලා පෙන්නන්නකෝ.

      Delete
  5. //කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත//

    බෞද්ධය කියා ගන්න අන්තවාදි පිස්සො ටිකක් ලංකාවේ ඉන්නවා තමා , මේ වෙන කොට රට යන්නේ ඒවා දිරිමත් කරන පැත්තට නිසා ඒක අරුමයක් නෙමෙයි . ඒත් ඔය උපුටලා තියන කැල්ලට නම් මම එකඟ නෑ . ප්‍රධාන ආගම් 4න් තුනකට විතරයි ඕක නිවැරදි !!!!

    ReplyDelete
  6. meka nam thanikarama moda lipiyak.meka sinhalayange rata.anith ratawala buddagama adahannath be.gahanawa.ape ehema ne.eth bawudda urumayan api rekaganna ona.awajathakayanta therune nethi unata.

    ReplyDelete
  7. munta harima amaruwakne tiyenne sinhalayo agama gana, apekam gana rata jatiya gana katakaranokota. api katapiyagena hityanam okkoma hari. topi me widiyata jeewatwela inne issara ape mutun mitto me rata diwi nitaka araksh karapunisa kiyala danaganilla. e kaleth topy wage ponnayo hitya,danuth innawa. eka nawattanna ba.

    ReplyDelete
  8. oya metana baka panditayo wage liyana buwala meka mataka tiyaganilla. ubalage ape atatala kittala, me ratata wenath jateengen akramanayak una hama welawema eka wage satankarala me rata beragatte nattam ada mulu lankawama demala, ekko katolika. e minissu jiwitha parithyaga karala sinhalayanta ratak iturukarala tiyena nisa obala lokkowage blog liyanawa. itihase danne nati hatta. ada elipita satan karala ratak allaganna bari nisa tamai muslim viyaptiyen e tika karanna yanne. tawatikak wakutu wela hodata nidagen hitapalla. kawada ahri ubalage lamainge lamai hari ubalata shapa karai unta ratak iturukarenaha kiyala.

    ReplyDelete
    Replies
    1. buddhagama avihinsawadi nisa uba ohama liwwa misak wena agamakata liyanna ubata hayyak neti ponnayek....

      Delete