7/19/12

කවුද Real Star?

රණවිරු රියල් ස්ටාර් තරගයෙන් අයෝමි නදීෂා දිනුවා.පට්ටයි මාර දක්ෂයි.කෙල්ල මරුවට  sing කලා වගේ කථා ඇහුණා. මේ අතරේ වව්නියාව බන්ධනාගාරේ හිටපු එල් ටී ටී ඊ රැදවියෙක් වුන නිමල රූබන් කොළඹට ගෙනෙද්දි හදිසියේ මැරෙණවා.
මේවා වෙන වෙනම වුන සිදුවීම් වුණාට මේ සිද්ධී දෙක ළග ලාංකේය ජනතාවගේ හැසීරීම ගත්තොත් සම්පුර්ණයෙන් පරස්පරයි.අයෝමි ගේ ජයග්‍රහණයට  මරු පට්ට සිරා කියන උන් නිමල රූබන් ගේ මරණයෙදි හැසිරුනේ කොහොමද?නිමල රූබන් කොටියා ඌ මළාට කමක් නෑ කියලයි ගොඩක් උන් කියන්නේ.

දැන් ඕක දිහා ජාතිවාදී කණනාඩිය ගලවල බැලුවම එන් ප්‍රශ්නේ තමයි නවුද ඇත්තටම රණ විරුවෝ කියන එක.රණ විරුවෝ කියන්නේ රස්සාවක් නැති නිසා වෙන කරන්න දෙයක් නැති නිසා කුලියට මිනී මරන්න ගිය උන්ද?එහෙම නැත්තං මරාගෙන මැරෙන්න හරි සත පහක Benefit එකක් නැතුව ඉස්සරහට ගිය උන්ද කිය ප්‍රශ්නේ එනවා.

උත්තරේ මොකක් වුනත් LTTE එකේ යුද්ද කරපු උන් අල්ලලා දැන් පුනුරුත්ථාපනය කරනවා.තව උන් හිරේ.උන් වැඩිය කට දැම්මොත් මරලා දානවා.ඒකයි තත්වේ.මේ අතරේ යුද්ද කරපියව් කියලා උන්ව බලෙන් යුද්දේට යැව්ව උන් ඇමතිවරු වෙලා සැප විදිනවා.මේ අතරේ මිනී මරපු තව පිරිසක් අරං අපි රණ විරුවෝ කියලා උඩිං තියාගෙන සලකනවා.ඒත්  දෙපැත්තේම උන් මිනී මැරුවා.එහෙනම් ඇයි එක පිරිසක් විතරක් පුනුරුත්ථාපනය කරන්නේ.රණ විරුවො කියල සලකන පිරිසත් පුනුරුත්ථාපනය කරන්න අවශ්‍යයි.තමන් යුද්ද කලා කියලා උඩපනින,යුද්දේ කළාට ඡන්දේ ඉල්ලන මහ උන් ටිකත් පුනුරුත්ථාපනය කරන්නවෙනවා.එහෙම නැතුව මේ අපරාධ අඩුකරන්න බෑ

දැන් රණවිරුවන්ගේන් වැඩි පිරිසක් කොළඹ නගරයේ තණ පිඩිලි අල්ල අල්ල ඉදළ නිවාඩුවට ගමේ ගිහින් ගිණියම් නිවාගන්න පොඩි කෙල්ලක් ව දූෂණය  කරළා ඒකට එරෙහි වෙන උන් ඔක්කොම මරාදාල අතේ හිග වුනාම මංකොල්ලයක් කාල ඉන්න උදවිය කියන එක හංගන්න බැරි ඇත්තක්.
ඒක එහෙමම වෙන්න ඉඩ අරිනවට වඩා නිමල රූබන් ලා මළත් Real star වගේ සිහින දෙන එක හොදයි.එතකොට අඩුම ගානේ සිංදු කියන්න try කරන උන් ටිකවත් ඔය වැඩ වලට නොගිහින් රියල් ස්ටාර් වෙන්න try කරනවා.

5 comments:

  1. ඇයි නිදන් හාරන එකත් දැන් කරන්නෙ රණවිරුවො නේද?

    මේකෙ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරල දාපං මචං!

    ReplyDelete
  2. රටක නීතිගත හමුදාවක් සහ කැරලි කරුවන් සමුහයක් එක ගොඩකට දමා කතා කලයුතු නැත.නමුත් කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරනසේම යුද්දයට ඍජුව දයකවූ හමුදා කොටස් වලටත් මනෝ විද්‍යාත්මක උපදේශන ලබාදීම සුදුසුය.රණවිරුවා යනු යුදබිමට ගොස් ආත්මාර්ථකාමිත්වයෙන් තොරව සටන් කරන්නා ලෙස කෙටියෙන් හදුන්වා දිය හැකිය.හමුදාවේ ගබඩා පාලකයෙකු එසේ නැතිනම් තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු රණවිරුවෙකු වන්නේ නැත.රණවිරු රියල් ස්ටාර්ලා බොහෝදෙනාට රණවිරු යන විරුදාවලිය යෙදීම වැරදිය.ඔවුන්ගෙන් බොහෝදෙනා යුද්දය අසලකවත් ඉන්නට නැත.සැබෑ රණවිරුවන් මියගොස් ඇත නැතිනම් අතපය අහිමිව කොහේ හෝ සිටිනවා විය හැකිය.එසේ නැතිනම් තමන්ගේ අතීත මතකයන් තම සිත තුලම තබාගෙන තවමත් හමුදාවේම අප්‍රකටව සේවය කරනවා විය යුතුය.මගේ අදහස අනුව රණවිරුවා යන වදන මත අපේ රටේ දේශපාලකයන් විසින් මලපහ කරන ලදී.යුද්දයෙන් පසු තමන්ගේ නින්දිත අරමුණු වෙනුවෙන් යුද්දය සහ රණවිරුවා යන දෙකොට්ටාශය භාවිතා කිරීම නිසා මිනිසුන්ට යුද්දය මෙන්ම ඒ වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කල මිනිසුන් සම්බන්දවද ඇතිවුවේ අප්‍රසාදයකි.මා යුද අබාධිතයෙකි.මා යුද සේවය තෝරගත්තේ අතේ සතේ නැති නිසා නම් නොවේ.මා යමක් කමක් ඇති දෙමව්පිය යුවලක දරුවෙක් වුනි.රටේ උසස් යයි පිළිගත් පාසලක උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තෙමි.එම විභාගයද සමත්ව සිටියෙමි.මා යුද සේවයට ගියේ මගේ වයසේ තරුණයන් දහස් ගණනින් එකතැන මිය ගිය 1995 වසරේදීය.මගේ වයසේ තරුණ පිරිස මිය යද්දී මා පමණක් සුදු කරපටි රැකියාවක් කර ජීවිතය බේරාගෙන පලක් නැති බව මට සිතුනු බැවින් මා යුද සේවය තෝරාගත් බව කිව යුතුය.අනිත් ඔබ කියන ලෙස කොටි සාමාජිකයන් සේව්ඡාවෙන් සටනට ගියේ නැත ඔවුනටද යම් වැටුපක් ගෙවන ලද අතරම ඔවුන්ගේ පවුල් වලට විශේෂ වරප්‍රසාද ලබා දෙනු ලැබීය.

    ReplyDelete
  3. අපේ පැත්තේ ටවුමට කි.මි.2 විතර ඈතින් ගලන ඇලේ මේ දවස් ටිකක් ඉඳන් මැණික් හම්බුවෙන්න අරන්.., අනේ දෙයියනේ කියලා ඉවුරු කඩලා පස් ගරලා පොල දවසට කීයක් හරි හොයාගෙන කඩපොලට ගිහින් දරුවන්ට ගෑණිට කන්න දෙන උන්, දැන් ඇලේ කිමිදිලා මැණික් හොයනවා, දෙයියනේ කියලා වැලි බාල්දියකින් කාලක් විතර එක පාරකට මැණික් ලු. මෙහෙම ගරාගෙන යද්දී එක දවසක් ටෙන් වීල් 2 එක්ක ප්‍රාඩෝ තුනක් ආවා, ගමේ ගර ගර හී මිනිස්සුව අහසට වෙඩි තියලා එළවලා දැම්මා. මූණ බැඳ ගත්තු කමුදා කාරයෝ සීයක් විතර හිටපු ඒ හරියට අපිට යන්න ලැබුනේ අර ටෙන්වීල් 2යි, ප්‍රාඩෝ ටිකයි ගියාට පස්සේ, දෙයියනේ කියලා අර මැණික් ඉල්ලම් ටික එහෙම ටෙන් වීල් වල දාගෙන ආරස්සාවට අරන් ගිහින්.., ලොකු බේබි..,

    මිනිස්සු දැන් අර පුරුදු විදියට ඉවුරු කඩනවා ගරනවා, ඒත් ඒ මිනිස්සුන්ගේ මූණේ තියෙන්නේ බලාපොරොත්තුවක් නොවේ..,
    හිස් බවක්..!

    හමුදාව ගැන කියවද්දී මට මතක් උනේ මේ කතාව..!

    ReplyDelete
  4. @Ano-July 20, 2012 6:21 AM

    පොන්න කතා කියන්න එපා බං.සුදු වෑන් වලින් උස්සන හින්දා නම කියන්නේ නැහැ කියලා තෝ ඔය කියලා තියෙන්නේ ලු ප්‍රත්‍ය දාගත්ත කතාවක්නේ.නම කියන්නේ නැත්තං තැන කියන්න ඇයි බය වෙන්නේ. මංගලගේ පොන්න ළමා සමාජේ උන් තමා තොපි. නැති කතා හද හද තැන තැන කිව්වම ඒවා ඇත්ත කියලා හිතෙන මෝඩයින්ට තමා උඹලගේ ඔය පොන්න ටෝක් හරියන්නේ. නිකං ගොන් ආතල් දෙන්න එපා.

    ReplyDelete
  5. meka liyana eka ponnayek.yako hemadama uddedi merenawa thamai.ehema kiyala ubata ltte eken arala yanakam dekata nemila inna puluwan unata me rate hema kollatama ehema innabe.

    ReplyDelete