6/10/12

සංස්කෘතිය කකුල් දෙක මැද


Culture ගැන chat එකක් ගිය weekend එකේ හවස හදිස්සියෙම කණට වැටුනා දියවන්නාවේ  “මචං“ එකෙදි.බියර් එකක් අරං ගග අයිනට වෙන්න තියෙන සිමෙන්ති බංකුවක වාඩිවෙලා අරමුණකින් තොරව ඈත දියවන්නාවේ කෙළවර විදුලි බුබුලු දිහා බලාගෙන ඉන්නකොට එහා මේසේ දෙන්නෙක් කථා කරනවා

“අළුත් tv චැනෙල් එකක් යනවා උඹ දැක්කද?“අයියෝ මචං So sad සංස්කෘතිය ඉවරයි“
ya why not අර දුමින්දගේ එකක්ලු නේද ?“
“ඔව් ඔව් ඒකේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ,ඒ මදිවට ඇදුම් බාගෙට හෙලුවෙන් මචං..අයියෝ..එක විකාරයක්“
“ඒක මචං දැන් trend එකක්නේ  එක  channel එකක අදිනවට වැඩිය කොටට තව channel එකක අදිනවා ඊට වැඩිය පෙන්නලා තව එකක අදිනවා.“
“ඒ කියන්නේ පෙන්නන තරමට තමයි Hit වෙන්නේ“
yaa මචං සිරාවට“

දැන් මේ කියන සංස්කෘතිය මොකක්ද?මේ කථාබහ ඇතුලේ තියෙන සංස්කෘතිය නම් කුහක ලිංගික සංස්කෘතියකි.නමුත් ගැටුළුව තිබෙන්නේ ඔවුන් සංස්කෘතිය ලෙස හදුනාගෙන තිබෙන්නේ කුමක්ද යන්නයි.අද බොහෝ දෙනෙක් සංස්කෘතිය ලෙස මුලධර්මවාදී ගෝත්‍රික කියවීමක සිටියි.සංස්කෘතිය යනු සීගිරි ගල මෙන් ස්ථාවරව පවතින්නක් නොවන බවත් අධි ශීතකරණයක දමා ආරක්ෂා කළ නොහැක්කක් බවත් තේරුම් ගැනීමට මේ මුලධර්මවාදීන් උත්සහ නොගන්නේ උන්ගේ ඊනියා සමාජ වටිනාකම් ආරක්ෂා කර ගැනීමටය.

අද බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන තැනක් හිමිවන බෞද්ධ කොඩිය බුදු සමයේ නිර්මාණය කළ එකක් නොවේ.බුදුන් වහන්සේ බෞද්ධ කොඩියක් හෝ බුදු පිළිම ගැන අනු දැන වදාරා නැත.නමුත් ඒවා අද බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංග බවට පත්ව තිබේ.එසේම අනික් අතට එදා  කොළ අතු ඇදි යුගයේ සංස්කෘතිය මේ යැයි කෙනෙකුට වැටහුනේ නම් අද වන තුරුත් අප කොළ අතු ඇදීමට සිදුවනු ඇත.

මෙහි ඇති ප්‍රබලම ගැටළුව වන්නේමේ නරුම වාදීන් ලිංගික කටයුත්තේ පමණක් සංස්කෘතික යැයි කියන වටිනාකම් සෙවීමයි.පාර මාරු වන  විට ,පොදු වැසිකිලියක් භාවිත කරන විට , කුණු බැහැර කරන විට  සහ මානුෂීය ගණුදෙනු වලදී නොමැති සංස්කෘතික වටිනාකමක්  ලිංගික කටයුත්තේදී පමණක් සෙවීම හාස්‍යජනක වන්නේ එබැවිනි.

සංස්කෘතිය අතින් අල්ලා කිසිවකුට නවත්වාගත නොහැක්කක් බවත් එය කාලයට පුද්ගලයාට සහ සිතීම් වලට අනුව සාපේක්ෂ බව මේ නරුමවාදීන් නොදන්නවා සේ සිටිති.ඒ ඔවුන්ගේ සිවිල් වටිනාකම් වල පැවැත්ම සදහාය.සරළව ගතහොත් ඔවුන් බඩවියත රැකගන්නේ මේ සත්‍ය වසන් කිරීමෙනි.

3 comments:

  1. ඔතන කේස් එක ලංකාව සංස්කෘතියෙන් දියුණු වෙනව කියල වෙන්නෙ ඇඳුම් පැලඳුම්, කතා බහ වගේ දේවල් වලින් විතරක් වීම කියල මට හිතෙන්නෙ. එහෙම නැතිව සංස්කෘතියෙන් දියුණුයි කියල කියන රටවල තියෙන සංස්කෘතික විඳීම් ලංකාවෙ හොයාගන්න හෙණම අමාරුයි. එහෙම නැත්තං ඒ සුළු පිරිසක් අතර... උන් ඔය චැනල් ගැන දන්නෙවත් නැතිව ඇති ;-)

    ReplyDelete
  2. ඔබ හරි සංස්කෘතිය කියන දේ නවත්තන්න බෑ.... සකස් වෙමින් පවතින්නා වූ කෘතයන් තමයි සංස්කෘතිය කියන්නෙ..ඒවගේම ඒකට පදනම් වෙන්නෙ නිශ්පාධන ක්‍රමය. මම දන්න හැටියට සංකෘතිය එක් එක් පුද්ගලයාගේ සිතීම් වලට සාපේක්ශව නෙමෙයි අතිවෙන්නෙ යම් ප්‍රජාවක් තුල දීර්ඝ කාලීනව එහි නිශ්පාධන ක්‍රම වේදය තුලින් හොඩනගන සමාජ සම්මතයන් සිරිත් විරිත් හා ගතිපැවතුම් වලට මොකද මිනිසා සාමූහික සත්වයෙක් ඒ සාමූහික පැවැත්ම වෙනුවෙන් සදාචාරයන්, සමාජ සම්මතයන් ගොඩ නගාගන්නව. නමුත් මේ හැම දේකටම පදනම වෙන්නෙ නිශ්පාදනක්‍රමයසහ ඒ නිශ්පාධන ක්‍රමයෙ පැවැත්ම තහවරු කර ගැනීම . ඒ වගේම ඒ ඒ යුග වල සංස්කෘතිවල උසස් බව පහත් බව අපිට සාකච්චා කරන්න පුලුවන් එහෙම නැත්තං සංස්කෘතියක තියෙන අසංස්කෘතික බව අපිට සාකච්චා කරන්න පුලුවං..ඒ මගින් අපි අත්තටම සාක්ච්චා කරන්නෙසමාජීය බන්කොලොත් භාවය නැත්තං ඒ නිශ්පාධන ක්‍රමයෙ තියෙන බංකොලොත් භාවය.....

    ඔයා ඇදුමත් එක්ක පටලව ගත්ත ලිංගික කටයුත්ත මට තේරුන්නෑ. ඇන්දුම් කොටට අඳිනව කියන්නෙ ලිංගික කටයුත්තක් නෙමෙයිනෙ.....ඒක ප්‍රදර්ශන කාමය වෙන්න පුලුවං...සහ කාන්තාව මේ කුනු කූජිත ධනේශ්වර ක්‍රමයෙ හෙවත් අසංඅකෘතික සංස්කෘතිය ඇතුලෙ හොඳ මිලක් තියෙන තවත් එක් වෙළඳ (ලිංගික) භාන්ඩයක් විතරයි. ඇත්තටම දැන් තියෙන් සංස්කෘතියට කියන්නෙ අසංස්කෘතිය මිසක් සංස්කෘතිය කියල නෙමෙයි.

    X-Porter

    ReplyDelete
  3. When applied in cool, wet weather, it can cause burning of the leaves and the russeting
    of fruit. Blotches or tunnels usually mean your plant has
    leaf miners. Without fertilizing additives (natural or chemical), plants will be stunted and unhealthy.



    Also visit my web blog; prop

    ReplyDelete