2/16/12

ඇන්තනි,රොෂේන් සහ රාගම කිඹුලා



රාගම මහ කිඹුලා මිනිස්සු එකතුවෙලා මරලා දැම්මා.වරද මිනී කෑම.මෙතන දි ප්‍රශ්නේ තියෙන්නේ කිඹුලා කාගෙවත් ගෙදරකට බලහත්කාරයෙන් කඩා වැදිලා මිනිහෙක්ව අල්ලගෙන කෑවේ නෑ.ඌ එදිනෙදා ජීවත්වෙන කෑම සපයාගන්නා පරිසරයට ගිය මිනිහෙක්ව තමයි කිඹුලා තමන්ගේ කුසගින්න නිවා ගන්න  යොදාගන්නේ.

කොහොම වුනත් මිනී කෑමේ වරදට සාහසික විදිහට මරලා දැම්ම රාගම කිඹුලාගේ දිග අඩි 19 (ලෝකේ ඉන්න දිගම කිඹුලාගේ දිග අඩි 21 යි) එතකොට රාගම කිඹුලගේ බර කිලෝ 900 යි (ලෝකේ ඉන්න ලොකුම කිඹුලගේ බරත් කිලෝ 1000 යි) ඉතිං ඒ තරම් සද්දන්තයෙක් මරලා දාන්න හේතුව මිනී මරපු එක.


එහෙම ඒ විදිහට අරගෙන බැලුවම ඊයේ හලාවත ධීවර විරෝධතාවයෙදි  අමු අමුවෙම වෙඩි තියල ඇන්තනිව මරලා දැම්මා.මීට කලින් කටුනායකදි රෝෂේන් චානුකව මරලා දැම්මා.මේ දෙන්නම මැරුනේ අර කිඹුලාට බිලිවුන මිනිහා වගේ කිඹුලාගේ පරිසරයට ගිහිල්ලා නෙවෙයි.අසාධාරණයට එරෙහිව හඩ නගන්න ගිහිල්ලා.


එහෙනම් දැන් සිතිය යුතු කාරණාව වෙන්නේ අර මොළේ නැති කිඹුල කරපු වරදට දැඩි දඩුවම් දුන්න  ජනතාව මොළේ ඇතියැයි සිතෙන අය සිදුකළ දේ ගැන නිහඩව ඉන්නේ ඇයි ද යන්නයි.(මේ කියන්නේ මිනී මරපු උන් සියල්ලම මරාදැමිය යුතුයි කියල නෙවෙයි)අඩුම ගානේ වචනයකින් වත් විරෝධය දක්වන්න වත් බොහෝ අය බිය වීම ඛේදවාචකයක්  කියන කාරණාවයි.

6 comments:

  1. දුකා මාට්ටුද මංදා?

    ReplyDelete
  2. දුකා කෝ?

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත කතාව.අපේ උන් මේ වගේ දෙයකදිවත් එකතු වෙලා වැඩක් කරා නම් හරි.ඒත් මුන් ඒවාට එකෙක්වත් නැහැ.

    ReplyDelete
  4. ඇත්තම තමයි කථාව... දැන් ඉතින් මෝඩ ‍රැළක් වගේ කටයි පුකයි වහගෙන හිටියා හොදටම ඇති...

    ReplyDelete
  5. රට යන අත මචං...

    ප.ලි - අර කෝඩ් එක අයින් කරපං මචං කමෙන්ට් කරනකොට වැටෙන..

    ReplyDelete
  6. (මේ කියන්නේ මිනී මරපු උන් සියල්ලම මරාදැමිය යුතුයි කියල නෙවෙයි)

    මිනීමරුවො මරන්නම ඕනි බං. නැත්නම් ලේ වලට වහ වැටුණු උන්ව යටපත් කලාට වැඩක් නෑ. ආයෙ ඔඵව උස්සන්න පුඵවන් උන හැටිය ගොදුරක් ගන්නව.

    ReplyDelete