11/7/11

හෙළුවෙන් මගුල් කෑම


මගුල යන වචනය අද සාමාන්‍ය ව්‍යවහාරයේදී විවිධ අර්ථ ගෙන දෙන ආකාරයට යොදා ගැනේ.“මල මගුල“ , “ඕන මගුලක්“ , “මගුලක් කරනවද? “ යන වචන එදිනෙදා ව්‍යවහාරයේදී අසන්නට ලැබේ.නමුත් අද මගුලක් කිරීම යනු ලොවට තම තත්වය පෙන්වීමට තිබෙන කදිම අවස්ථාවක් වී තිබේ. මෙ නිසා සල්ලි ණයට අරං හෝ පොලියට අරං හැකි ඉහළම ආකාරයට දන්නා ලොකුම හෝටලයේ ලොකුවට මගුල් කෑමට බොහෝදෙනා තුල දැඩි උනන්දුවක් පවතී.මෙලෙස ලොකුවට ලොකු මගුලක් කෑම සදහා මුළු ජීවිත කාලයම ඇපයට තබන ෆැන්ටසි පරම්පරාවේ උන් කඩේ යවන වැඩසටහනක් රූපවාහිනි නාලිකාවක දක්නට ලැබින.

මෙහිදී විවාහ අපේක්ෂක යුවල තරග කරු සහ තරගකාරිය වන අතර ඔවුන් වෙත පැවරෙන ක්‍රියාදාමයන් නියමිත කාලයට පෙර නිම කරමින් තම විවාහ මංගල්‍යය ඉහළ පෙලේ හෝටලයක සුපිරි මට්ටමින් කර ගැනීමට වාසනාව උදා කර ගනිති.මෙහිදී සමහර තරුණ තරුණීයෝ මහපාර දිගේ දුවති , දර පළති,වතුර අදිති,මේ ආදී වශයෙන් අනේකවිධ බැල මෙහෙවර කම් කර අවසානයේදී ජයග්‍රහණය කරති.පසුව එම විවාහ උත්සවයඑකී රූපවාහිනී නාලිකාව මගින් රටට පෙන්නන්නේ මනාලයාගේ සහ මනාලියගේ යට ඇදුමේ සිට අනුග්‍රහය දැක්වූ පාර්ශව වල වෙළද දැන්වීම් සමගිනි.(දැනට නොපෙන්වන්නේ sex කරන ටික පමණකි)

එසේ ගත්කල රටම දකින්නේ පිනට ලබාදුන් සිල්ල සමග ජයට මංගල්‍යය ගන්නා යුවළකි.මෙම යුවළ ලක්ෂ ගණන් වටිනා සළුපිළියෙන් සැරසී සිටියද රට හමුවේ සිය අංගජාත ප්‍රදර්ශණය කරමින් නිරුවතින් සිටිති.මන්ද යට ඇදුමේ සිට සියල්ල සපයා ඇත්තේ නොමිලේ බැවිනි.
 අද රට යන මාවත දෙස විමර්ශනය කිරීමේදි බරපතල ගැටලුව වී ඇත්තේද මෙයයි.කිසිදු දේශපාලනික සංවිඥාන භාවකින් තොර ෆැන්ටසිකරණය වු හිස් ඔළු ගොඩක් පමණක් අද ඉතිරි වී තිබේ.වර්ථමානය වනවිට චීනය වැනි ලොව සීඝ්‍රෙයන් ඉහළට පැමිණෙන රටවල් මෙම රියැලිටි වැඩසටහන් තහනම් කරමින් සිටියි(මෙම යෝජනාව අපිද චීනය අනුගමනය කළ යුතුයි යන්න නොවේ) සාධාරණ වුවද අසාධාරණ වුවද චීන රජය කියා ඇත්තේ මෙම වැඩසටහන් නැරඹීමට චීන ජනයා කැප කරන කාලය අපතේ හැරීමක් ලෙස සලකන බවයි.

ඕනෑම ඌණ සංවර්ධීත රටක Reality සහ Fantasy අතර පරතරයට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි.ඉන් කළ දුටු කළ වල ඉහගන්නා මාධ්‍ය මනුෂ්‍ය ආශාවේ ප්‍රෙමෝදයට මිලක් නියම කරන බව මෙම පශ්චාත් නුතනවාදී යුගයේ මහා අරුමයක් නෙවේ.යථාර්ථයේන් ජනතාව ඈත් කරමින් සිහින අලවි කරන මාධ්‍ය සංස්කෘතිය  ඌණ සංවර්ධිත මානසිකත්වයන් බහුල රටවලටද විශ්මයක් ‍නොවේ.නමුත් ගැටලුව ඇත්තේ එතැන නොවේ කෙසේ හෝ ජයට මගුලක් කා රටට තම ෆැන්ටසිය පෙන්නන්නට ගොස් නිරුවතින් මගුල් කෑමයි.මෙලෙස මිනිස් හැගීම් තුට්ටුවට දෙකට හූරා කමින් තම බඩ වඩාගන්නා මාධ්‍ය සංස් කෘතිය විනාශ කර්මින් සිටින්නේ රටේ ප්‍රගතිශීලි හෙට දවස බව කාටත් පසක් වන විට අශ්වයා පැනගොස් තිබෙන්නට පුළුවන.


No comments:

Post a Comment