7/2/11

Facebook යකා


ඉස්සර සිත්තර පත්තරේ තියෙන මිතුරු හමුව හරි ජනප්‍රිය අංගයක් ෆොටෝ එකයි ඇඩ්‍රස් එකයි දාලා විනෝදාංශ වලට මිතුරු ඇසුර කියලා දැම්මම ලියුම් ගොඩක් ලැබෙනවා.ඊට පස්සේ ඒවගෙන් පෙම්වතුන් වෙලා කසාද බැදපු අය සහ නොබැදපු අය ඕන තරම් ඉන්නවා.තව ඉස්සර වන්දනාවක් යනකොට ඇඩ්‍රස් දැමිල්ල හරියට කෙරෙන වැඩක්.අපිට මතක සීමාවේ මේ විදිහට අදුනගන්න යාළුවෝ පෑනේ මිතුරෝ කියල කිව්වේ. 

මේ  pen pals ල හොයල දෙන සමාගම් පවා පස්සේ කාලෙක වෙනම බිහිවෙන්න ගත්තේ මේ මිතුරු ඇසුර කියන එක පුදුමාකාර විදිහට සමාජගත වුන නිසා.මේ අතරේ වාසි හොයාගෙන සල්ලි ගරාගත්ත අයත් හිටියා.එයාලා විවිධ උපක්‍රම භාවිත කළා.මිතුරු සේවා කියල පවත්වාගෙන ගිය මේවගේ මිතුරියන් අදුනගන්න මුදල් ගෙවන්න ඕන.එතකොට තමයි මිතුරියගේ ලිපිනය ලැබෙන්නේ එහෙම ලියුම් ගාණක් ලිවිවට පස්සේ ඒ මිතුරිය මුණ ගැහෙන්න නම් අර ආයතනයට ආයෙත් සල්ලි ගෙවන්න වුනා.ඊට පස්සේ තමයි මුණගැහෙන තැන සහ දිනය වෙලාව අර ආයතනයෙන් ලැබෙන්නේ.ගොඩක් වෙලාවට එහෙම ගිය අය සුද්ද වෙලා ආවේ ඇදිවත විතරක් බේරගෙන. එදා අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා මේ බොරුව කරගෙන යන්න ලේසි වුනා.මේ අතරේ  Radio,TV  ආවා.

TV එක ආපු මුල් දවස්වලත් ඒක යකාගෙ පෙට්ටිය කියලයි හදුන්වලා තියෙන්නේ.ඒ තරමට සමාජයට වින කරන දෙයක් විදිහට තමයි TV එක හදුනාගත්තේ.ඒත් අද වෙනකොට  TV එකට කවුරුත් යකාගේ පෙට්ටිය කියන්නේ නෑ මොකද ඒක ඒ තරමටම සමාජගත වෙලා නිසා.  අදටත්  සමහර TV විරෝධියෝ බැන බැන බලනවා.කොහොම වුනත්  අද බහුතරයක් දෙනාගේ පුර්වාදර්ශය වෙලා තියෙන්නෙත් TV එක.
 
අන්තර්ජාලය ගැනත් මිට අවුරුදු හතර පහකට කලින්  මේ වගේ භීතිකාවක් තිබුනා.ඒත් අන්තර් ජාලය යකෙක් රකුසෙක් නෙවෙයි කියලා දැන් දැන් කවුරුත් තේරුම් ගනිමින් ඉන්නවා.මේ අතරේ මේ සමාජ ජාලකරණය හෙවත්  Social networkingකියන කාරණාවෙදි අන්තර්ජාලය සම්බන්ධයෙන් තහංචි පැනවෙමින් තියෙනවා මේ වෙනකොට. facebook , twitter වලින් ලෝකේ ආණ්ඩු පෙරළනකොට මෙහෙ තහංචි වැටකොටු දාලා ඒවා වහන්න හදනවා. අද වෙනකොට ලංකාවේ ගොඩක් සමාගම්වල  face book Access වෙන්න බෑ   block කරල තියෙන්නේ.ඇයි මේ?

             ලෝකේ ඉස්සරහට යනකොට අපි පස්සට යනවා කියන්නේ මේකට.මෙහෙම කරන අය කියන්නේ face book වලින් සමහරු ගහන්න බඩු හොයාගන්නවලු.ඉතින් ඒකේ වරදක් නෑනේ? Social networking වලට ඔය හැම එකක්ම අයිතියි.එහෙම වුවමනාව තියෙන උන්ගේ කැමැත්ත අනුව එහෙම කරගන්නවා.එහෙම නැතුව ඇත්තටම දුර ඉන්න තමන්ගේ යාළුවෝ ආශ්‍රය කරන්න කැමති අය තමන්ගේ facebook account එකට limited access දාලා use කරනවා.

 ඇත්තටම ගත්තොත් මේ social networking කියන්නේ එක office එකේ මේ  tableඑකේ ඉදලා එහා table එකේ ඉන්න යාලුවට status update කරන එක නෙවෙයි.වෙනම sujbect එකක්.මුලධර්මවාදි අතීත කාමීන්ට නොතේරෙන ඇත්තක් මේක ඇතුලේ තියෙනවා.කාලයක් එකට හිටපු අදවෙනකොට  contact නැති යාළුවො හොයාගන්න එයාලගේ අළුත් තොරතුරු දැනගන්න, අළුත් යාලුවෝ හොයාගන්න,දැනුම අදහස් බෙදාගන්න තියෙන හොදම තැන.කාර්යබහුලත්වයත් එක්ක ලෝකේ තම තමන්ගේ පරාස ඇතුලේ  හුදකලාව ගොඩනැගෙන්න උත්සහදරමින් ඉන්න මිනිස්සුන්ට මේක නියම අස්වැසිල්ලක්.අද මේක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ග්‍රාමිය වැඩක්.ලෝකෙම එකම network එකක එකතු වෙන්න යනකොට අපි හුදකලා වෙන්න හදනවා.

6 comments:

  1. මම ඉස්කෝලෙ 1 වසරෙ හිටිය යාළුවොත් අවුරුදු 20කට පස්සෙ මට මුණගැහෙනවා මූණු පොතේ. ඇත්තටම දැන් මේක ජීවිතයේම කොටසක් වගෙයි

    ReplyDelete
  2. "තව ඉස්සර වන්දනාවක් යනකොට ඇඩ්‍රස් දැමිල්ල හරියට කෙරෙන වැඩක්."

    දැන් නං බැරියැ ෆේස් බුක් ඇඩ්රස් එක ලියල කොළ කෑල්ලක් දාන්න

    ReplyDelete
  3. ඇත්තටම ගොඩක් මුණගැහෙන්න බැරි යාළුවන්ගෙ තොරතුරු හුවමාරුවට මූණු පොත මාර හෙල්ප් එකක් දෙන්නෙ...

    ReplyDelete
  4. යාලුවෝ මුණගැහෙන එක සම්බන්ධකම් පවත්වාගන්න ෆේස්බුක් වැදගත් වෙනවා වගේම තමා ඒකට ඇබ්බැහි වුනාමත්..

    ඒ ඇබ්බැහි වීමට නමකුත් දාලා ‍FAD - Facebook Addiction Disorder කියලා. මේක මානසික රෝගයක් කියලාලු හදුන්වන්නේ. (කොහේ හරි මං කියවපු දෙයක් මේක :D )

    ReplyDelete
  5. FB නිසා මගෙ පොඩි කාලෙ යාලුවො ගොඩක් මට හොයාගන්න පුලුවන් උනා. ගොඩක් අය ලංකාවෙත් නෑ.

    නරක පැත්තට පාවිච්චි නොකර හොදට යොදා ගන්නවනම් ඉතාම ප්‍රයෝජනවත්....

    ReplyDelete
  6. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත...

    ඔය ඊජිප්තු විප්ලවේ කලෙත් ඕකෙන් කියලනෙ කියන්නේ... දැන් ඔන්න ගූගල්+ එකෙත් ඒකම තියෙනව

    ReplyDelete