7/29/11

බලය කුණුහරපයක් ද?


බලය කියන වචනය ගැන කියන කොට  එකපාරම අපිට මතක් වෙන්නේ ලංකාවේ කුණු කුජීත වෙච්ච පක්ෂ දේශපාලනේ.හැබැයි බලය කියන දේ ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා.දවසක් කොල්ලුපිටියෙදි හදිස්සියේ සෙට් වුන බැචෙක් එක්ක පෙට්ටි කඩයක් ලග ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් ගගහ ඉන්නකොට  සුදු පාට  Toyota Axio  එකක් අරූට Horn පාරක් ගහගෙන ගියා.“උඹ දන්නවද ඒ ගියෙ කවුද කියලා?“ ඌ අහුවම මම නෑ කිව්වා.මතක නැද්ද බං අර “වැද්දි“ අපිට පල්ලෙහා Batch එකේ.මට “ඈ????“ කියවුනා.එහෙම වුනේ කොහොමද බං?කියල මම අහන්නත් කලිං ඌ කියනවා “හිලේ බලේ තමයි බන්“ කියලා.


මේ ප්‍රකාශය සරල කතන්දරයක් නෙවෙයි.දිගට හිතාගෙන ගියාම ඇත්තටම ලංකාවේ බලය තියෙන්නේ ස්ත්‍රියගේ කකුල් දෙක අතරද?කියන ප්‍රකාශයේ ප්‍රශ්නාර්ථය ඉබේම ඉවත් වෙලා යනවා.අද ලංකාවේ ඕනෑම ආයතනයක පළපුරුදු අති දක්ෂ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉහලට යන්න හරිම ලේසියි.නිවාඩු ගන්න ලේසියි.Short leave ගන්න හරිම ලේසියි.තව promotions ,increments , office cars මේවා ඒ හැටි දේවල් නෙවෙයි.වැරදිලාවත් ටිකක් ඇහැට කණට පේන කෙල්ලෙකුට හිසේ ඇම්මක් හැදුනත් ලොක්කගේ ඉදලා ඔක්කොම පැනඩෝල් හොයන්න office එක වටේ දුවනවා.තව අමාරුනම් ලොක්කම car එකේ දාගෙන doctor කෙනෙක් ළගට අරං යනවා. හවසට කෝච්චියට පිරිමි පොරකන තරම් බලන්න හැබැයි පස්සේ බැලුවම වැඩිපුරම වාඩිවෙලා ඉන්නේ ගෑණු. Campus එකේ Batch top වෙන එක කෙල්ලන්ට Easy.සර්ට ඔය ෂර්ට් එක ඇන්දම ලස්සනයි කියල කෙල්ලෙක් කිව්වම ලෙචා ඇදගන්නවා.අර ෂර්ට් එකම පට්ට ගහනවා.කොණ්ඩේ කපන්නෙත් අර කෙල්ල කියන විදිහට.තව ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගම අතේ තියෙන මල්ල හරි පොත් ටික හරි ගන්න ඉස්සල්ලම ඉදිරිපත් වෙන්නේ පිරිමි.තනියම යනකොට Car එකක් මග නැවතිලා නම් කී දෙනෙක් නවත්තලා උදව් කරන්න හදනවද?මහ පාරෙදි කෙල්ලෙක්ගේ phone එක නැතිවුනාම වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ පිරිමි. තව Marketing වලදි ඉක්මනටම targets cover කරන්නේ කාන්තාවන් කියන එක Marketing කරන අය දන්න දෙයක්.



මේක පුරුෂවාදී ප්‍රකාශයක් නෙවෙයි.ටිකක් හිතල බැලුවොත් පේන්න තියෙන දෙයක්.ගොඩක් වෙලාවට මෙහෙම ඉදිරිපත් වෙන පිරිමින් ගෙන් බහුතරයක් කවදහරි දවසක අර කාන්තාව එක්ක සංසර්ගයේ යෙදීමේ සිහිනයකින් පසුවෙනවා.මේ නිසා ඒකට අවශ්‍ය පසුබිම හදනවා.හැබැයි අවසානයේ සමහරු අපේක්ෂා ඉටුකරගන්නවා.බෙහොම අතලොස්සක් විතරක්.බහුතරයක් අද දෙයි හෙට දෙයි අනිද්දා, ඉන් අනිද්දා,මේ weekend එකේ කියල හිතාගෙන බලන් ඉන්නවා.මේ බලා ඉදීම ඇතුලේ දෙන්න වගේ ඉදලා බොහෝ දේවල් කරගන්න අර කාන්තාවට පුළුවන් වෙනවා.බොස් ගෙ උදව්වෙන් promotion එකක් ගන්නවා. Office car එකක් හම්බවෙනවා.තව තව ගොඩක් දේවල් ගන්නවා.අන්තිමේ ඒ ඒ ආයතන වල තීරණ ගැනීමේ කාර්යයේ ප්‍රධාන කොටස්කාරියක් වෙනවා.ඊට පස්සේ ඒ ආයතනවල හෙට දවස???(ඒක වෙනම ඛේදවාචකයක්)

මේක කාන්තාවගේ වැරැද්ද නෙවෙයි මේ System එකේ වැරැද්ද.නැත්තම් සදාචාරයේ වැරැද්ද.සදාචාරෙට සංස්කෘතියට බයේ අවුරුදු ගාණක් තමන්ගේ හැගීම් මරාගෙන ජීවත් වෙන සුචරිතවත් පිරිමියා අතට බලය ලැබුනම ටයි කෝට් ඉරාගෙන ගෝත්‍රික පිරිමියා මතුවෙනවා. ඒ මතුවීම ඇතුලේ බලය කියන කාරණය  ගණිකා වෘත්තියේ යොදවලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න අර ගෝත්‍රිකයා මෙහොතක් වත් පසුබට වෙන්නේ නෑ.මේවගේ තත්වයක් ඇතුලේ ඇත්තටම  බලය තියෙන්නේ කොහෙද?දැන් අර මුලින් ප්‍රශ්ණාර්ථයකින් අවසන් වුන වාක්‍යයේ ප්‍රශ්ණාර්ථය ඉවත් කිරීම ගැන තීරණයක් ගන්න පුළුවන් කම ලැබෙනවා.

8 comments:

  1. සහතික ඇත්ත කතාවක් සහෝදරය... නාරි පානිය ඉදිරියේ දීන නොවෙනු කිව්වට ඔහොම කියන උනුත් දනින් වැටෙනව බන් මේ සමාජෙ..

    ඕවට දුක් නොවී අපි තැනකට එන්න ට්‍රයි එකක් දෙන එක තමයි අපිට කරන්න තියෙන්නෙ

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසී බන්... ඒක ටිකක් හිතල බලපන්

    ReplyDelete
  2. සහතික ඇත්ත. අද තමයි මේ බ්ලොගයට ගොඩ වුනේ. ෆේවරිට් වලට දාගත්තා අනික් පෝස්ට් ටික බලන්න. නියමයි මචෝ හොඳට ලියල තියනවා.
    JH

    ReplyDelete
  3. ගොඩක් තැන්වල, ගොඩක් දේ වල කොලිටිය නැති වෙලා නිකම්ම නිකම් චාටර් වීමක් වෙලා මේ කාරණේ නිසා. ඒත් ඒ චාටර් වීමත් මහ ඉහළින් වන්දනීය වෙලා ගොඩක් තැන්වල. අන්තිමට පුරුෂ නිර්මාණයේ මුග්ධ ව්‍යුහයන් පිරිමින්ටත් වඩා හොඳට ගැහැණු ඉදිරියට ගෙන යනව.

    ReplyDelete
  4. ඕක ලෝකෙට අලුත් දෙයක් නෙමෙය්, මානව ඉතිහාසයෙ ඉන්දන්ම ඕක ඔහොම තමය්, ඒක මිනිස් ස්වභාවය. ගෝත්‍රයේ ඉන්න ශක්තිමත් රනකාමී පිරිමියට තමය් ඔක්කොම ගෑනු ටික සෙට් වෙන්නෙ. එතකොට අර වටේ ඉන්න අපි වගේ පෙන්දො ටික කරන්නෙ වෙන වෙන ක්‍රම වලින් උන්ව අල්ලගන්න හදන එක, උන්ට කෑම හොයල දීල, උන්ගෙ ලමය්න්ට කෑම හොයල දීල, බොරු බොරු මායම් දාල සංසර්ගයට පොලඹවගන්න. සමහර් උන් හව් වෙනව සමහර උන් නැහැ, උනත් නැතත් රනකාමියට වැඩක් නැහැ. මොකද ඌට ඕන තරම් ගෑනු ඉන්න නිසා. ඕකය් ආදරේ සහ බලයෙ ඇත්ත තත්වය, ඉතිහාසයෙදි වැඩියෙන්ම ගෑනු හම්බුනේ ශක්තිමත් පිරිමියට, දැන් ඒකට ආදේශ වෙලා තියෙන්නෙ බලය, වත්කම් වගේ දේවල්. සල්ලිකාරයට කෙල්ලො ලේසියෙන් සෙට් වෙනව, අපි වගේ ගොබ්බයො ඉතින් අර ගල් යුගයෙ උන් වගේ වෙන වෙන ක්‍රම වලින් බොහෝම අමාරුවෙන් කෙල්ලෙක්ව දා ගන්නව, ඔය ඔක්කොම ලිංගිකත්වයට තියෙන කැමැත්ත නිසය්.

    ReplyDelete
  5. කාරණා ඔක්කොම හරි, ඒත් අන්තිම කාරණේ ඇරෙන්න. කාරණේ සරලයි. ඉස්සර කාන්තාවන්ට තලපු පෙලපු කට්ටිය දැන් වෙනස්වෙලා. කාන්තාවන්ට තැන දෙන්න පටන් අරගෙන ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා. කාන්තාවට හොඳට සලකන්න. අත උස්සන්න එපා කියල හිටු කියල මාර්කට් වෙනව. වැඩේ කියන්නෙ ඒක සමහර විට ඕවර් ගිහින්. එහෙම ඕවර් යන්නෙ ජීව විද්‍යාත්මක අවශ්‍යතා නිසා. නැතුව ඕකෙ වෙන සංකීර්ණ මුකුත් දේවල් නෑ කියලයි මටනං හිතෙන්නෙ.

    ReplyDelete
  6. අරවින්ද
    මේ කතාවෙ නොගැලපෙන තැනක් තියෙනවා නේද?
    සඳහන් වෙලා තියෙන හැම උදාහරණයකම වගේ ගෑහැණු කමේ බලය රඳා පවතින්නේ ඊට උඩින් ඉන්න පිරිමි​යෙකුගේ උවමනා එපාකම් පිරිමැහීම මත නේද?

    එතකොට බලය තියෙන්නේ මේ පුංචි පුංචි අමතර වාසි ගන්න ගෑහැණිය අතේද නැත්නම්....?

    කෙසේ වෙතත් සමහර උදාහරණ නම් අසාධාරණ විදිහට අත්දැකීමක් දෙකක් සාමාන්‍යකරණීය කිරීමක් ලෙසයි මට හිතෙන්නේ.

    -ලොකු

    ReplyDelete
  7. මං නං කැමති බොසී ල ට යි.

    ReplyDelete
  8. පිරිමියෙකුගේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනකම් විතරයි ගැණියක් ළඟ බලය පවතින්නේ

    ReplyDelete