5/13/11

බුද්ධ ජයන්තිය සහ t.c.b.s පරපුර



දවසක් සුරියප්පෙරුම මොකක්දෝ ටීවී චැනෙල් එකක කියනවා “ඉස්සර හායි බායි කියලා ටෙලිෆෝන් එක තියන්න පුරුදු වෙලා හිටපු අපි දැං බලන්ඩ අගේට බුදු සරණයි කියන්න පුරුදු වෙලා තියෙන හැටි.ඒකම ඇතිනේ අපේ ධාර්මික අධ්‍යාත්මික හැදියාව කොහොමද කියල මැනගන්ඩ“කියලා.
එහෙනම් ඔය හැම ලොරියෙම වගේ බුදු සරණයි කියල ගහල තියෙනවනේ.ඒත් ඒවගේ හරක් පටවනවනේ මරන්න.මේකේ සුරියප්පෙරුම ඇදලද නැත්තම් අපිට අන්දන්න හදනවද කියන එක ප්‍රශ්නයක්.ඒ කොහොම වුනත් දැන් බුදු සරණයි කියන එක Trend එකක් වෙලා.කෙල්ලෝ කොල්ලෝ අතරේ හුවමාරු වෙන txt massage වල අන්තිමට tcbs කියල type කරන්නේ නිසා.tcbs කියන්නේ වෙන මොකවත් නෙවෙයි “take care budu saranai“ කියන එක txt language එකෙන් කියන හැටි.

දැන් පන්සල් යන්නේ දැහැමි වෙන්නේ trend එකට.එහෙම කිව්වම මේ බුද්ධාලම්බන ප්‍රීතිය පිරි ඉතිරිල යන කාලේ ත්‍රස්තවාදි ප්‍රකාශයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඒක කිව යුතුයි.දැහැමි වෙන එක හරියටම Market කලේ සෝම හාමුදුරුවෝ.උන්වහන්සේ අපේක්ෂා කරපු ප්‍රතිඵල ලැබුනේ මරණින් පස්සේ.උන් වහන්සේ ගේ අපවත් වීමත් එක්ක මහා බෞද්ධ බලවේගයක් ගොඩනැගෙනවා.මේ බලයේ දේශපාලනික වටිනාකමින් වැඩක් ගන්න හිතන කණ්ඩායම් “සෝම හාමුදුරුවෝ මැරුවා“ කියලා ආදාහනේටත් කලින් තමන්ගේ මතු ප්‍රයෝජන උදෙසා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවත් හදාගත්තා.තවත් බලය මදි කියල හිතුන නිසා ඕකට සිංහල මහ ජාතිවාදී paste එකත් දාගත්තා. දැන් සියල්ල හරි.ඔවුන්ගේ අරමුණු ඉටුකරගත්තා.සසර දුකක් කියලා සියල්ල අත්හැරලා මහණ දම් පුරන්න ගිය අපේ යතිවරුන්ටත් මන්ත්‍රී හිමි නමක් වෙලා පාර්ලිමේන්තු වඩින්න ලැබුනා.දැන් අර කිව්ව ධාර්මික රාජ්‍යය බිහි කරලද තියෙන්නේ?

පිරිත් නුල් බදින එකත් දැන් styleඑකක් ‍නේ.අතේ මැනික් කටුව ලග ඉදලා වැලමිට හරියට එනකල් නුල් බෝල පහක් හයක් අතේ බැදගන්නවා.එතකොට සියල්ල හරිද?මේ බොරු ධර්මිෂ්ට බවක් පෙන්නන්නේ ඇයි?මෙහෙම කියනකොට අර සුරියප්පෙරුම වගේ ප්‍රොමෝදයට පත්වෙලා ඉන්න පිරිස් වල ආතල් කැඩෙනවා තමයි.ඒත් මේ නොකියා බෑ.මොකද එයාල තමයි තමුන්ගේ පැවැත්මට මේ වගේ ව්‍යාජ තත්වයන්ට පාර කපන්නේ.
බුදු දහම කියන්නේ styleඑකක් හෝ  trendඑකක් නෙවෙයි.අතිශය මානුෂිය සංකල්පයක්.ලංකාවේ වෙන කිසිම දහමක් මෙහෙම විකිණිලා නෑ.ඒකයි තත්වය.හින්දු ආගමත් එක්ක තරුණයෝ බැදෙන්නේ අවංකවම.ඉස්ලාම් දහමත් එක්ක ඉන්නේ තරුණයෝ trend එකට නෙවෙයි.කතෝලික ක්‍රිස්තියානි  ආගම් වලත් තියේනනේ trend එකක් නෙවෙයි.

බුදු දහම trend එකක් බවට පත් කරල Marketකරන්න යන එකෙන් වෙන්නේ වටිනාකම නැති වෙන එක.ඒකයි ප්‍රශ්නේ.අද තරුණයෝ අල්ලගන්නේ බුදු දහමේ හරයට වඩා බාහිර දේවල්.පිරිත් නුල් ධර්ම චක්‍ර වගේ දේවල් විතරයි. මේ කියන්නේ ආගමික අන්තවාදී බින් ලාඩන් ලා බිහි කරන්න කියන එක නෙවෙයි. රූපලාවන්‍ය කටයුතු කරන පංච කාම සම්පත්තියේ ඇලී ගැලී ඉන්න ගමන් කණට ආතල් දෙන බණ දෙසල hit වෙන්න super star වෙන්න බලන ගනින්නාන්සෙලා නිසා බුදු දහමේ හරය කෙලෙසිලා තියෙන්නේ. 
කූඩු හැදුවට තොරණ ගැහුවට දන්සැල් දුන්නට ගොඩක් ඒවා පිටිපස්සේ තියෙන්නේ ආගමික බලාපොරොත්තු වලට වැඩිය ආතල් ගැනීමේ බලාපොරොත්තු.මේකයි ගැටලුව.උදේට බණ දහම දාන මීඩියා හවසට රෑට අධ්‍යාත්මික ජිවිතයට මොනවද දෙන්නේ.මේනිසා තමයි අද බුදු දහම විකුණන්න පහසුම දේ වෙලා තියෙන්නේ.මේ කියන්නේ ලංකාව බුදුන්ගේ දේශය කියලා හංවඩු ගහල අනිත් ආගම් ටික මකල දාන්න කියන එක නෙවෙයි.බුදු දහමට මුවා වෙලා කරන වංචාව තේරුම් ගත යුතුයි කියන එකයි.


6 comments:

  1. ඇයි අලුතින් පටන් අරන් තියෙන “the longest wish for the nation"

    වානිජකරණය වෙලා හැමදේම. ඉතින් බුදු දහම ගැන කවර කතා ද? හරියට බුදු දහම අදහන අය , ඔය කියන කිසි දෙයක් කරන්නෙ නැහැ. ඒ මිනිස්සුන්ව කාටත් පෙන්නෙත් නැහැ.

    අගනා ලිපියක්.

    ReplyDelete
  2. මේකෙන් ගතයුතු දෙයක් ඇති නමුත් අනිත් අගමුත් මේ වගේම තමයි. අවශ්‍ය නම් මං කියලා දෙන්නම්. නැත්තම් ඔබම ඒ ආගම් ගැන අධ්‍යනයක් කොට ලිපියක් පල කරන්න. (ඔබ මෙතන පවසා ඇති දෙයට වඩා නොපැවසූ දෙයක් ඇත. හැකිනම් සිතට අවංකවම එයද පල කරන්න. විචාරයන් ලබා දෙනවිට එක සියලු පැතිකඩවල් ගෙනහැර දක්වන්න.)

    ReplyDelete
  3. හෙලො.. කියන්න, ආ ඔව් බං , නොදකිං විතරක් .. ඕකි බඩුව බං.. උඹට මම කිව්වනෙ... අරුත් එක සෙට් වෙලා හිටියේ.. ඔව් ඔව් ඌ තමයි.. ඔවුන්ට ඔහොමම තමයි වෙන්න ඕන.. සිරා බං.. නෑ නෑ බිසී නෑ.. මම අර කොණ්ඩෙ කොට කෑල්ල ගෙ ප්‍රොෆයිල් එක බල බලා උන්නේ.. ඕක නම් උස්සනවා මචං.. බලපං බොරු නම්. හරි හරි තියන්නං..
    බයි මචං බුදු සරණයි...

    ReplyDelete
  4. එල මචන්... නියම පෝස්ට් එකක්...තිත්ත වුනත් ඇත්ත කථාව මේක තමයි...

    ඇත්තටම ධාර්මිකයි කියන වුන් නැතුව නෙමෙයි... හැබැයි ඒ ප්‍රමාණෙ බොහොම පොඩ්ඩයි...

    ReplyDelete
  5. ඇත්ත කතාව මේක තමයි බන්.ඒත් අර ගොන් මහ රජ ඉඳලා ගොඩක් එවුන්ට ඕක තේරෙන්නේ නෑනෙ.

    ReplyDelete
  6. "රූපලාවන්‍ය කටයුතු කරන පංච කාම සම්පත්තියේ ඇලී ගැලී ඉන්න ගමන් කණට ආතල් දෙන බණ දෙසල hit වෙන්න super star වෙන්න බලන ගනින්නාන්සෙලා නිසා බුදු දහමේ හරය කෙලෙසිලා තියෙන්නේ"
    ඇත්තටමඑකඟයි.... කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැනත් පොඩ්ඩක් කියන්න............. LOLZZZ

    ReplyDelete