2/11/11

මුබාරක් ගෙදර යැවූ facebook කැරැල්ල


අහම්බෙන් පත්වු ඊජිප්තුවේ හොස්නි මුබාරක්ට  අහම්බෙන්ම ගෙදර යන්නට සිදුවිය. සන්නද්ධ බලය අතින් ලොව 10 වන තැන සිටි ඊජිප්තු හමුදාවේ සේනාධිනායකයා අන්තර්ජාලයට මෙතරම් දෙයක් සිදුකළ හැකි බව හීනෙකින් වත් නොසිතන්නට ඇති.එහෙත් කරුමෙට මෝල්ගහත් පත්තු වෙනවා යැයි කියමනක් සිංහල කියමන් අතර තිබේ.ඒ අනුව  ඊජිප්තු ජනාධිපතිට පත්තුවුයේ වූයේ මෝල්ගහකි.
මෙය අන්තර්ජාලයෙන් රජයකි පෙරළු ලොව මුල්ම අවස්ථාවයි.හොස්නි මුබාරක්ගේ 30 වසරක  පාලනය  මේ තරම් රට වැසියාට එපාවී සිටි බව මින් පෙර කිසිදු දේශපාලනික හෝ විපක්ෂ බලවේගයකට හදුනා ගත නොහැකිව තිබිණි.වසර තිහ හතලිහ පළපුරුදු දේශපානඥයෝ කසාය බිව් ගොළුවන් සේ සිටියදී අන්තර්ජාලය හරහා ලොව මුල්ම වරට මේ මහා ජන බලවේගය එක් රැස් කරන්නේ පරිඝණක විද්‍යාඥෙයකි.මේ එහි සත්‍ය කථාවයි.

ඊජිප්තුවේ වීරයා
කලීඩ් සයිඩ් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ විසු 29 හැවිරිදි තරුණයෙකි.පියාගේ මරණයෙන් පසු මව සහ සොහොයුරා සමග ගතකරන කලීඩ් සංගීතයට සහ පරිගණකයට මහත් සේ ප්‍රිය කළ තරුණයෙකි.තමන්ගේම කියා ගීත ඇල්බමයක් එළි දැක්විමේ අහිංසක බලාපොරොත්තුවකින් පසුවන කලීඩ් දිනපතාම සවස් කාලයේ Internet café වෙත ගොස් අන්තර්ජාලය ඇසුරු කිරිම පුරුදුදක් කරගෙන සිටියේ තමාටම කියා අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට තිබු ආර්ථික අපහසුතා නිසාමය.
සුපුරුදු පරිදි පසුගිය වසරේ ජුනි 6 වනදා සුපුරුදු Internet café එකට යන කලීඩ් කිසිවකුට අවහිරයක් නොවන පරිදි සිය කටයුතු කරගෙන යන අතර එම ස්ථානයට කඩාවදින පොලිස් නිලධාරින් දෙදෙනෙක් කලීඩ් ගෙන් කප්පම් ඉල්ලා සිටියි.එහෙත් රැකියාවක් නොකරන කලිඩ් කප්පම් ගෙවිමට අපොහොසත් වු නිසා පොලිස් නිලධාරින් දෙදෙනා ඔහුට පහර දීමට පටන් ගනියි. අන්තර්ජාල මධ්‍යස්ථානයේ වු ටෙරාසෝ මේසය මත කලිඩ්ගේ හිස පොලිස් නිලධාරින් කිහිපවිටක්ම අනිනු දුටු බව අන්තර්ජාල මධ්‍යස්ථානයේ හිමිකරු පවසයි.පසුව කලිඩ් එළියට ඇදගෙන එන පොලිස් නිලධාරින් ඔහු බිම දමා යළි පහර දි පොලිස් මෝටර් රථයක දමාගෙන පලා යයි.අවාසනාවන්ත ලෙස කලීඩ් මියයයි.කලීඩ් මත්ද්‍රව්‍ය ඇතුලත් කුඩා බෑගයක් ගිල දැමු බව පොලිසිය කියයි.
කෙසේ වුවද කලීඩ් පහරකෑමට ලක්වුන ආකාරය facebook හරහා මුළු ඊජිප්තුව පුරාම පැතිර යාමත් සමග
 කලීඩ්ගෙ අවසන් කටයුතු සදහා දහස් ගණනක් ජනයා එකතුවෙනවා.මෙම අමානුෂික ඝාතනයට එරෙහිව මහා ජන රැල්ලක් නිරිමාණය විය.මෙය අනෙකුත් නගර කරාද ලැව් ගින්නක්සේ පැතිර ගියෙය. කලීඩ්ගේ අවසන් කටයුතු සිදුවුන දවසෙම කයිරෝ නුවර පිහිටි අභ්‍යත්තර කටයුතු පිළිබද අමාත්‍ය වරයාට ඉල්ලා අස්වෙන්න කියලා බල කරලා විරෝධතාවක් පවා ඇතිවිය.
මේ උද්ඝෝෂණයට  පොලිසිය පහර දෙන අතර  රට පුරා මෙම විරෝධතා කරුවන්ට පහරදීම සහ ,සයිඩ් ගෙ මරණයය නිසා ඊජිප්තුව  කැළඹිලි සහිත තත්වයකට පත්වෙනවා

  
සටනේ නියමුවා
මේ අන්තර්ජාල විප්ලවයේ  නියමුවා වෙන්නේ වයෙල් ගෝනිම් ,30 හැවිරිදි ගෝනිම් දෙදරු පියෙක්. මයිකක්‍රොසොෆ්ට් සමාගමේ ඊජිප්තුවේ  අලවි විධායකවරයා වන්නේ ඔහු  .ඔහු කලීඩ් සයිඩ් වෙනුවෙන් නිර්මණය කරනවා වෙනම facebook group  එකක් We Are All Khaled Said  නමින්.මේකට නොහිතූ තරම් හොද ප්‍රතිචාර ලැබෙනවා.
මේ නිසාම හිටපු ගමන් වයෙල් ගෝනිම් අතුරුදන් වෙනවා.ඇස් බැද  පහර දී  මහමග දමා ගොස් සිටියදී දින 12කට පස්සේ ගෝනිම් සෙයොගැනෙනවා.ඉන් පසුව වයෙල් ගෝනිම් එක්තරා රූපවාහිනී  නාලිකාවක සම්මුඛ සාකඡ්චාවකදි ඉතා සංවේදි ආකාරයට අදහස් දක්වනවා.කලීඩ් සයිඩ්ගේ මරණය ගැන සහ රටේ තත්වය ගැන කෙරුණු මේ ප්‍රකාශ වලින් අවුරුදු තිහකට අධික කාලයක් පීඩාවට පත්වෙලා හිටපු ඊජිප්තු තරුණ කණ්ඩායම් වලට අමුතු ජවයක් උත්තේජනයක් ලැබෙනවා.එහි ප්‍රතිඵලය වෙන්නේ එම සම්මුඛ සාකඡ්චාව විකාශය වු දින රාත්‍රියේ We Are All Khaled Said කියන facebook group  එකේ සාමාජිකත්වය දස දහස් ගණනකින් ඉහල යාමයි
මේ කාලේ වෙනකොට ටියුනීසියවේ ජනාධිපතිවරයා ජනතා උද්ඝෝෂන වලින් පලවා හැරල ඉවරයි.ඒ උණුසුමත් එක්ක ලැබුණු මේ ප්‍රතිචාර වලින් ජනතාවගේ සැබැ අදහස තේරුම් ගන්න වයෙල් ගෝනිම් ජනවාරි 25 වෙනිදා We Are All Khaled Said සාමාජිකයින්ව කයිරෝ නුවර ටරීර් චතුරස්‍රයට කැදවනවා.මේ බව මාධ්‍ය වලින් ප්‍රචාරය විමත් සමග තවත් රාජ්‍ය විරෝධි බලවේග,ජනතා සංවිධාන රැසක් ටරීර් චතුරස්‍රයට රොක් වෙනවා.මේ අතරින් ඇතැම් පිරිස් එන්නේ ටියුනීසියා කොඩි රැගෙන ටියුනිසියා ආදර්ශය පෙරට ගෙනයන බව සංකේතවත් කරමිනි.මේ තමයි අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වෙන ලෝකයේ මුල්ම ජනතා නැගිටිම.
ජනාධිපති හොස්නි මුබාරක්ට ඉවත්වන්නැයි බලකරමින් පුරා දින 18ක් ටරීර් චතුරසුයේ කදවුරු ලාගෙන සිටි පිරිස ලක්ෂ 8කට වැඩියි.පදික වේදිකාවේ සිට මහා මන්දිරය දක්වා අනිකුත් සියලු බේද අත්හැරපු ප්‍රගතිශීලි පිරිස් මේ ක්‍රියාවට එක්වුනා. මෙලෙස ගිණියම් වු පිරමිඩ දේශය සිසිල් කරන්නට මුබාරක් දැරෑ සියලු උත්සහයන් අසාර්ථක වුයේ  එක් රොක් වු ජන සමුහය දේශපාලනික පටු අරමුණකින් තොරවීම නිසාමය
මෙම ශුද්ධ අරගලයේ නියම විරුවා වන කලිඩ් සයිඩ්  රටක් සහ රජෙක් පමණක් නොව ලොවක් සසල කරන්නට තරම් ශක්තියක් තමන්ට ඇති බව සිහිනෙකින් වත් නොසිතන්නට ඇති.එහෙත් හෙට බිහිවන නව ඊජිප්තුවේ සැබෑ වීරයා ඔහුය.කලිඩ් සයිඩ් අද ලෝකයටම විරයෙකි. කලිඩ් සයිඩ් සහ වයෙල් ගෝනිම් පිලිබදව ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලිවිය යුත්තේ එහෙයිනි.



4 comments:

  1. ලාන්කික අපිට මොකටද ඔය ප්‍රජාතන්ත්‍ර අයිතීන්

    ReplyDelete
  2. නියමයි.. වැදගත් ලිපියක්.. භාෂා භාවිතයත් විශිෂ්ටයි..

    ReplyDelete
  3. ඊජිප්තු ප්ර ශ්ණය ගැන ඇහැ ගහගෙන සිටි මම මේ පෝස්ට් එකේන් නොදැන සිටි කාරනා කීපයකුත් දැන ගත්තා

    ReplyDelete
  4. මුබාරක් අයින් වීම ප්‍රජාත්න්ත්‍රවාදයේ ජයග්‍රහණයක් විදියට දකින අයියලා මේ ලිපි සේව් කරන් ඉන්න. මොකද ඊලඟට එන මුස්ලිම් අන්තවාදය හා බෝම්බ ගැන කතා කරන්න වෙද්දී අපට මේ ලිපි පෙන්නලා තකතීරුකම් ගැන කතා කරන්න වෙයි. මුබාරක් අයින් කලේ ජනතාව නෙමෙයි. ඇමෙරිකාව. සදාම් හුසේන් ටත් ඔය විදියටම කිවුවා. ඒත් සදාම් හිටපු ඉරාකය දැන් ඉරාකය එක්ක බලද්දී සුරපුරයක්. ඊජිප්තුවටත් ඕකම වෙනවට මෙන්න කැට!

    ReplyDelete