2/13/11

අපරාදේ වැලන්ටයින්


 ආවේ නෑ වැලන්ටයින්
අවුරුදු හතරක් හිටියා බලන්
ලැබුනේ නෑ මල්
හිටපු පෙම්වතිය රැඩිකල්
“ආදරය විකුණන්න මං කැමති නෑ“
අළුත් පෙම්වතී - හරි අහිංසකී
හිටියේ මාස දෙකයි
දවස් දෙක තුනකට කලින්
ඇයත් ගියා යන්න
වැලන්ටයින්
මං උඹට කියන්නමයි හිටියේ
මහන්සි වෙන්න එපා වරු ගණන්
“ ප්‍රේමය මහ බොරුවක් බං“

3 comments:

  1. ඇත්තම කියල තියෙන්නෙ..

    ReplyDelete
  2. සහතික ඇත්ත..

    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පිරා
    ගෙවූ කාලය සිහිනයක්

    ReplyDelete