8/20/14

වාරියපොල නංගී වීරවරියක්




වාරියපොල දී තරුණියක් තරුණයෙකුට කම්මුල් පාරක් දීම මේ දිනවල රටේ ජාතික මාතෘකාව වී තිබේ.මෙතුවක් කාලයක් හලාල් වලට එරෙහි වන්නට හම්බයින් පතුරු ගහන්නට වෙන්වී තිබු ෆේස් බුක් ඉඩකඩ වාරියපොල නංගී බඩුවක් කිරීම සදහා  නොමසුරුව වෙන් කර ඇත. 

මෙම සිද්ධිය  මගින් රටේ පුරුෂ ප්‍රාණින්ට පුරුෂ භාවය මතක් කර දෙන්නට වාරියපොල නංගී දක්ෂ වී ඇත.එපමණක් නොව මෙම සිදුවීම ටීවී නාලිකාවලට පත්තර වලට වෙබ් වලට කෝටි ගණන් හම්බකරගන්නට සහ  ඒ මුදල් වලින් එවායේ හිමිකරුවන්ට තමන් කැමති ස්ත්‍රියක් මත සිය ආශාවන් පහ කරන්නට අවස්ථාවක් ද වාරියපොල නංගී ලබාදී  තිබේ.
පංචසීලය රකින සැදැහැවත් ෆේස්බුක් චණ්ඩින්ට අනුව වාරියපොල නංගී වීථි ගණිකාවකි.ඔවුන් කියනා ආකාරයට මෙම තරුණයාට පහරදීම වැරදිය.ඔවුන් කියන විදිහට අර තරුණයාට ඕනෑ එකක් කියා  ස්වයං ආතල් එක ගන්නට ඉඩදී තරුණිය නිහඩව සිටිය යුතුය.


තවද මින් පසු තරුණයින්ට කිසිවක් කිව නොහැකි වන ආකාරයට සියල්ල වසාගෙන ඇදිය යුතුය (හිසේ සිට පාදාන්තය දක්වා වැසී ඇති හිජාබය ඇදි මුස්ලිම් කාන්තාව පතුරු ගැසුවේද මෙම ෆේස්බුක් චණ්ඩින්  විසිනි) මෙම තරුණිය බස් එකකට නැග සිටගෙන සිටින විට පසු පසින් තෙරපන විට ඊට ඉඩදී තරුණිය නිහඩව සිටිය යුතුය.මෙම චණ්ඩින් ගේ පෙම්වතී , අක්කා හෝ නංගී  පාරේ යනවිට  පාරේ ඉන්න එකෙක් “පට්ට කෑල්ල“ යැයි  කිවහොත් “නියමයි මචන් දාපන් පහක්“  කියන්නට මෙම ෆේස්බුක් චණ්ඩින් සුදානම් ද? යන්න මේ තරුණියට ගරහන පිරිමියා අගයන ඊනියා පුරුෂයින්ගෙන් ඇසිය යුතු කාරණාවකි.

ඉතිහාසයේ සිටම මෙරට කාන්තාව පිරිමියාට රැවටී තිබේ.  මෙය ඇරඹෙන්නේ කුවේණි ගෙනි. කුවේණි විජයට රැවටුණේය. රැවටී රාජ්‍යය පවා දුන්නාය.විජය රජවී කුවේණියට බුට් එකදී මධුරාපුරයෙන් කෑල්ලක් ගෙන්වා ගත්තේය.පසුකලක ස්වර්ණා මල්ලවාරච්චි, මාලනී ෆොන්සේකා, අනෝමා ජිනාදරී , පබා, අනර්කලී පමණක් නොව ගයේෂා දක්වා මෙම රැවටීමට හසුව තිබේ.


මේ රැවටීම්  අදටද සිදුවෙයි. ඔබ මෙය කියවන මොහොතේ කාන්තාවන් කී දෙනෙක් මෙරට ලිංගික සුරාකෑම්වලට ලක්වනවා ඇතිද? පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ කියා බේදයක් නැත.

රූමත් කාන්තාවකට ඉහළට යාම සැප පහසුකම් විදීම අපහසු කාරණයක් නොවේ. මහපාරේ සිටින රියදුරු කොන්දොස්තර වරුන්ගේ සහ පොලිස්කාරයාගේ සිට තට්ටු ගණන් උස ගොඩනැගිලි වල ඉන්න ආයතන ප්‍රධානින්ගේ, සභාපති වරුන්ගේ, කරුණාව දයාව කාන්තාවන්ට හිමිය.විශේෂයෙන් පෞද්ගලික රූපවාහිනි ආයතනවල ජනප්‍රිය කියමනක් තිබේ.නිවේදිකාවක් ගොඩ යාමට නම් එක්කෝ මහන්සි විය යුතුය නැතිනම් හාන්සි විය යුතුය. මෙරට බොහෝ තැන්වල වැඩි වශයෙන් සිදුවන්නේ පළමුවැන්න ද දෙවැන්න ද කියා  පැහැදිලි කර ගැනීමේ වලකීම ඔබට භාරය.

කාන්තාවන් රැවටෙන තාක්කල් පිරිමියා ආරක්ෂාවට , සංස්කෘතියට , සමාජ වටපිටාවට, සහ ලැජ්ජාවට  මුවාවී සිය කාර්යය කරගත් බව සියවස් ගණනාවක සිට අප දන්නා කරුණකි. කාන්තාවන් කිහිප දෙනෙක් ඇසුරු කළ පිරිමියා “බඩුකාරයෙක්“ යැයි කියා “පොරක් “ ලෙස පිළිගැනීම සහ පිරිමින් කිහිප දෙනෙක් සමග ලිංගිකව එක්වු කාන්තාව “බඩුවක්“ කර කොන්කර දැමීමෙන් ම මෙරට පිරිමියා පෙළෙන ගෝත්‍රික ලිංගික ව්‍යාධිය පැහැදිලි වෙයි.

ලංකාවේ පිරිමින්ට sex පිළිබදව arrears එකක් තිබේ.  යමක් කමක් ඇති උන්ට  ඇති අපිට නැති හැගීමක්  තිබේ. උපන්දා සිට ලෝකයට ශිෂ්ට බව පෙන්වීමට ගොස් සැගවු වල්කම arrears  වී තිබේ. 



බස්  දුම්රිය වලදී, රෝහල් සහ බැංකු පෝලිම් වලදී කාන්තාවන්ට හේත්තු කරන්නේ නියම ඉන්ද්‍රිය නොව එම arrears එකයි.එදා වාරියපොලදී එම තරුණයා පිරිමසා ගැනීමට ගියේද එම arrears එකය.

එම නිසා  වාරියපොළ නංගී වීර වරියක් වන්නේ කුවේණිගේ සිට ගයේෂා දක්වා කාන්තාව රැවැට්ටු සමස්ථ පිරිමි ජාතියට ම කම්මුල් පාරක් ගැසු නිසාය.ලංකාවේ ගෝත්‍රික පිරිමියාට එම කම්මුල් පාර සිරාවට වැදී ඇත්තේ ද තවදුරටත් අර arrears එක Cover කර ගැනීමට ඉඩ නැති නිසාය. මේ නංගීගෙන් ලාංකිය කාන්තාව ආදර්ශයක් ගතහොත් බස් වල එක අසුනේදී යාබද කාන්තාවගේ ඉගට වැලමිටෙන් ඇන හමාරය.ඉදිරියෙන් ඉන්න කාන්තාවට හේත්තු කර හමාරය. මන්ද මෙම සිද්ධිය ආදර්ශයට ගෙන කම්මුල් පාරකට ලක්විය හැකි නිසාය.මේ නිසා තවදුරටත් arrears  Cover කර ගැනීමට නොහැකි වනු ඇත.ඒ නිසා දැන්ම මැදිහත් වී  උත්සහ කර වරකාපොළ නංගී ට “බඩුවක්“ යන ලේබලය ඇලවිය යුතුය යන සංකල්පයෙන් මෙම නාම මාත්‍රික  අර්ධ පිරිමින් ෆේස් බුක් ඔස්සේ උනන්දු වන ආකාරය පෙනෙයි.මෙම කුහක උත්සාහය අන් කවරකුත් නොව තම arrears එක Cover කර ගැනීමේ ආශාව මිසක අන්  කිසිවක් නොවන බව කිව යුතුය.

(සංවාදයට විවෘතය)








6 comments:

  1. Patta kathawa machan..........100% hari.

    ReplyDelete
  2. ඔබ තරමක් දුරට නිවෑරදිය. අදාල තරුණයා නොමනා විහිළුවක් කල බෑවින් තරුණිය ඔහුට කණට ගෑසීම පට්ටම සධාරණය. නමුත් තරුණයා වරද පිළිගත් පසුත් දිගින් දිගටම කණට ගෑසීමත්, ඈයගේ හෑබිචොල් භාෂාවත්, පඩත්තල කමත් මෙන්ම ඈග පත තිබෙන තරුණයකු තරුණියකගේ මෙවෑනි පහර ලෑබීමක් ඉදිරියේ ඉවසන ආකාරයත් හේතුවෙන් තරුණයාගේ වෑරෑද්ද යට ගොස් තරුණියගේ ක්‍රියා කලාපය සමාජය ඉදිරියේ දෑඩි අප්‍රසාදයට ලක් වීමය.

    අනික් කරුණ නම්, සමාජ ජාලා හා අන්තරජාලයේ මෙම තරුණියව බඩුවක් කිරීමට පෙරම මෑය බඩුවක් වී ඈති බව වාරියපොල නාගරික ප්‍රදේශයේ මෙන්ම කොල්ලුපිටියේ ඈති එක්තරා නයිට් ක්ලබ් එකක වෑඩ කරන/යන එන අය දනිති.

    තවද කාන්තාවන්ට පොදු ස්ථාන වලදී සිදු වන හිරිහෑර වලට විරෝධය දෑක්වීම හා මෙවෑනි ආකාරයට නිර්ලජ්ජිත පහරදීම් අතර විශාල වෙනසක් මා දකිමි.

    ReplyDelete