10/15/13

දෙදරු මව කීනවලදී කෝච්චියට තල්ලු කරලා

රනිල්, කටුනායක අධිවේගී පාර,  CHOGM එක, TNA එකේ අවුල මේ වගේ හරිම boring දවස් කීපයක් ගතවෙමින් තියෙද්දි එකපාරටම පට්ට feel වෙන සිද්ධියක් වුණා වේයන්ගොඩදී.ඒ පෙර පාසැල් ගුරුවරියක් වුණ අම්ම කෙනෙක් දරු දෙන්නත් එක්ක කෝච්චියට පණිනවා.මේ සිද්ධිය අහපු  දැකපු ගොඩාක් අය කිව්වේ මෙහෙම

“මහ කාලකන්ණි ගෑණියක්“
“යකො අර කිරි සප්පයො දෙන්න මොන වරදක් කලාටද“
“මැරෙන්න ඕනෙම නම් තනියම මැරෙන්න තිබුණනේ“
“පිස්සු ගෑණියෙක්“

අර ජීවත්වෙන්න වාසානාව ලැබුන පුංචි එකා කියන විදිහට මේක හරියට අර ෆිල්ම් එකක කතාවක් වගේ  අම්මා අතේ  ලියුමක් තියෙනවා “මුසල රෑක“ කියලා පටන් ගත්ත, අම්ම දරු දෙන්න එක්ක එනවා ඇවිල්ලා දරුවන්ට කඩෙන් කන්න බොන්න අරං දෙනවා, බස් එකේ එනවා , කෝච්වියේ එනවා, සෙනග අඩු කීනවලදී බහිනවා, ලොකු දුවට පනිමු කියනවා ලොකු දුව බෑ කියනවා,  කෝච්චි 3කටම පනින්න try කරලා හතරවෙනි එකටද කෙහෙද පනිනවා. ලොකු දරුවා අත අතෑරල දුවල පණ බේර ගන්නවා.

මේ සියදිවි හානි කර ගැනීම ආවේගයටම වුන එකක් නෙවෙයි.මේක දේශපාලනිකයි.ආවේගයඅහරි ක්ෂණික් කොපයට හරි  මැරෙන්න පුළුවන් එකපාරයි ඒක වැරදුනොත් ට්‍රයි කරන්න හරි පුළුවන් තව එක පාරයි. ඒත් අර අම්මා  ලියුමක් ලියාගෙන රෑ ඉදලා සැලසුම් කරලා දරුවො අරගෙන කන්න බොන්න දීලා කෝච්චි 3කටම පනින්න ගිහින් වෙලාවෙ හැටියට ගත්තොත් උදේ ඉදල දවල් 1 විතර වෙද්දි මැරෙන්න ට්‍රයි කරලා මැරිලා තියෙන්නේ. මෙහෙම මැරුණට පස්සේ අවසානයේ මියගිය  කාන්තාවගේ සැමියා කට උත්තරේදී කියනවා “එයාට ටිකක් තරහ යන කෙනෙක්“ කියලා.

මේක එහෙම “ටිකක් තරහ යන කෙනෙක් “ කියලා අත පිහිදගන්න පුළුවන් කථාවක් නෙවෙයි. ඒක වුනේ ක්ෂණික කෝපයට නෙවෙයි. එතන වැඩිමහල් දරුවට අවුරුදු 8යි. ඒ කියන්නේ මේ දෙන්නා කසාද බැදල අඩුම ගාණේ අවුරුදු 9 ක් වත් වෙන්න ඕන නේ ලංකාවේ හැටියට. ඒ නිසා මේක කෂණික කෝපය නෙවෙයි.එහෙනෙම් මේ අවුරුදු 9 ඇතුලේ ඒ අම්මට තරහ ගිය එකම අවස්ථාව මේකද නෑ.එහෙනම් මේක ඒ අවුරුදු 9ක දරාගැනීම්වල පුපුරා යාමක් වෙන්න බැරිද? අවුරුදු 9ක් ඒ කාන්තාව ජීවත් වුණේ මොන තරම් පිඩාවකින් ද කියලා මේකෙන්  පැහැදිලි වෙනවා නේද?

මේක දේශපාලනික කාරණාවක් වෙන්නේ ලංකාවේ විවාහය තවමත් දේශපාලනික නිසා. ගෑණු බහුතරයක් කසාද බදින්නේ ආරක්ෂාවට කෙනෙක් ඕන නිසා, නැත්තං ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් ඕන නිසා. ලංකාවේ කාන්තාවකට  දරු දෙන්නෙක් හදාගෙන තනියම ජීවත් වෙන්න සමාජ ආර්ථික වටපිටාවක් දේශපාලනිකව නිර්මාණය වෙලා තිබ්බනං අර අම්ම දරු දෙන්නත් එක්ක කොච්චියට පනින්නේ නෑ. මිනිහා එපානම් මිනිහාගේ දෙමව්ලියො එපානම් අතෑරල ගිහිල්ලා දරු දෙන්නත් හදාගෙන ජීවත් වෙන්න තිබුනා.ඒ කියන්නේ එහෙම බැලුවොත්මේ සමාජ ආර්ථික සහ දේශපාලනික වටපිටාව විසින් මේ අම්මාවයි දරු දෙන්නවයි කෝච්චියට තල්ලු කිරීමක් හැටියට මේක හදුන්වන්න පුළුවන්.



2 comments:

  1. a....mama eka.....

    ReplyDelete

  2. සෑහෙන කාලෙකින් නේද ...? කොහේද උන්නේ ...? ඉඩක් ඇති විටක මේ බ්ලොග් එකට ගොඩවැදී යන්න .......

    එදිනෙදා ජීවිතය | Trance

    ReplyDelete