10/7/12

තරගය වෙනස් කළ “ම“ යන්න



  පහුගිය අවුරුදු 5 තුල සිව්වන වරටත් ලෝක ශුරයින් වීමට ලද අවස්ථාවක් ගිලිහී ගියේය. මෙම තරගය පිළිබදව තීරණාත්මක “ම“ අකුරු කීපයක්  තිබේ.එක්කෙනෙක් මහින්දය.අනික් “ම“ යනු අතර මහේල ,මාලිංග සහ මාලන් සැමුවෙල්ස් වෙයි.මේ “ම“ යනු අතරින් වැඩි දෙනෙක් බනින්නේ මහින්දටය.පිටියේ ක්‍රීඩා කලවුන්ට වඩා පරාජයට වග කිව යුත්තේ මහින්ද ද? මහින්ද තරගය නරඹන දර්ශනය රූපවාහිනියේ නොපෙන්නුවේ නම් මේ සියලු චෝදනා මහේල හෝ මාලිංග වෙත එල්ලවෙයි.

“මුන්ට බැරි වුනානේ මේක“ “අරූ නිකම් අවුට් වුනා“ “ගහන්න බෝලේ දානවා“ වැනි කථා කියමින් ,ක්‍රිකට් විශාරදයින් ලෙස චිචාර ලබාදෙන ක්‍රීඩාලොලීන්ගෙන් බහුතරයක් පිත්තක් වත් අතින් අල්ලා නැති බව නම් කිව යුතුය.මේ සියල්ලන්ටම නොතේරෙන ඇත්ත නම් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවයයි.අප සිතන ආකාරයට ශ්‍රීලංකාව ජය ගත යුතුම නම් තරග පැවැත්වී‍මේ තේරුමක් නැත.ක්‍රිස් ගේල් දවා ගත් පමණින් කොදෙව්වන් පරාජය විය යුතු බවට නියමයක්ද නැත.එය ක්‍රීඩාවේ ස්වභාවයයි.කණ්ඩායම් දෙකින් එකක් ජය ගත යුතුම වෙයි.එය ශ්‍රීලංකාව විය යුතු යැයි නියමයක් නැත.එසේ නියමයක් වේ නම් අවසන් තරගය පැවැත්විය යුතු නැත.
 මෙවර  විස්සයි විස්ස තරගාවලිය පුරාම ශ්‍රීලංකාව  ජයග්‍රාහී ලෙස ක්‍රීඩා කලේය. පසුගිය අවස්ථා හතරකදී ශ්‍රීලංකාව පරදා ලෝක ශුරයින් වු ඔස්ට්‍රේලියාව,පාකිස්ථානය සහ ඉන්දීයාව සුපර් එයිට් වටයෙන්ම හැරී යද්දී අප අනුශූරයින් විය.අඛණ්ඩව වසර 5ක් තුළ අවස්ථා හතරකදීම අනුශූරයින් වීම වරක් ශූරතාව දිනා ගැනීමට වඩා ශූරකමක් නොවේද?

ක්‍රිකට්  සහ මහින්ද සාධකය ගතහොත් එතැන ඇත්තේ මිත්‍යාදෘෂ්ටික සංකල්පයකි.රටේ ගොඩනැගී තිබෙන පොදු මහින්ද විරෝධය ක්‍රිකට් තුලින් ප්‍රකාශ කිරීමකි.මේ නිසා මහින්ද බලා සිටීම සහ ක්‍රිකට් පරාජය අතර විද්‍යාත්මක සංකල්පයක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේදී වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමට ජය හිමිවන බව අප දන්නා කරුණකි.මේ ආකාරයට අපේ කණ්ඩායමේ වැරදි වැඩිවු නිසා සංකේතීයව පරාජය හිමිව තිබේ.එම නිසා මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් බැහැරව මෙම සංකේතීය පරාජය සැබෑ පරාජයක් නොවන බව වටහා ගත යුතුය.

6 comments:

  1. නියම පෝස්ට් එක

    ReplyDelete
  2. //අඛණ්ඩව වසර 5ක් තුළ අවස්ථා හතරකදීම අනුශූරයින් වීම වරක් ශූරතාව දිනා ගැනීමට වඩා ශූරකමක් නොවේද?//

    එහෙම හිතන්නට මාත් හරිම කැමතිය... නමුත් "දෙවෙනියා කිසිවෙකුටත් මතක නොහිටී" යන කියමන ඉතිහාසය පුරාම ඔප්පු වී ඇත. විවේචනය කිරීමේ අයිතිය ඕනෑම ක්‍රිකට් ලෝලියෙක් සතුය, එයින් කිසිවක් වෙනස් නොවන අතර සිදුවන්නේ ඔවුන්ගේ දුක සහ සහ කෝපය පිට කරගැනීම පමණි. ආසියාවේ අනෙක් රටවල් වල ක්‍රිකට් ලෝලීන් තම දුක කෝපය පිටකරගන්නා අයුරු දුටුවිට, ලාංකිකයන්ගේ විවේචනය, විචාර, මිත්‍යා විශ්වාස හරිම අහිංසකය.

    ReplyDelete
  3. විවේචනය කරන්න ක්‍රිකට් ගහන්නම ඕනෑ නැත. ඒ පිලිබඳව දැන සිටීම ප්‍රමාණවත්ය.
    මහින්ද සාධකය ගැන කියන්නේ නම් මේ ම යනු වලින් මා වඩාත්ම කැමැති මහින්ද නිසා පැරදුනා යයි සිතන්නටය. ඒ ඔබ කියන ඖරින් මිත්‍යාවක් නිසා නොව රටේ සියලුම ක්‍රීඩාවක්ම ඔවුන් කාබාසීනියා කරමින් සිටින නිසාය.

    ReplyDelete
  4. කියලා වැඩක් නෑ ඇත්ත ඇති සැටියෙන් දැකලා තිබුනෙ ඔබ පමනයි. මමත් හිතෙ අමාරුවට එකක් ලියුවා මේ තියෙන්නෙ ඒක

    ReplyDelete
  5. මහින්ද ඈදා ගැනිමේ කතාව හා එකඟ වෙමි. අන් කරුණු මා ලියා පල කලෙමි.

    ReplyDelete
  6. //ක්‍රිකට් සහ මහින්ද සාධකය ගතහොත් එතැන ඇත්තේ මිත්‍යාදෘෂ්ටික සංකල්පයකි.රටේ ගොඩනැගී තිබෙන පොදු මහින්ද විරෝධය ක්‍රිකට් තුලින් ප්‍රකාශ කිරීමකි.මේ නිසා මහින්ද බලා සිටීම සහ ක්‍රිකට් පරාජය අතර විද්‍යාත්මක සංකල්පයක් නැත.//

    මේකා දාර හූනියමකි. හූනියම් කියන ඒවා විද්‍යාත්මකව විවරණය කිරීමට හෝ අනාවරණය කිරීමට නොහැකිය.

    ReplyDelete