9/28/12

“අහෝ මාලිනී“


 “අහෝ මාලිනී“ - මාලනී ෆෝන්සේකා රගපෑ නවතම චිත්‍රපටයයි.අධ්‍යක්ෂවරයා හෙළි දරව් කිරීමට අපහසු මෙම චිත්‍රපටයේ රූගත කිරීම් තවම සිදුවෙමින් පවතී.මාලනී මීට පෙර රගපෑ අනෙකුත් සියලු චිත්‍රපට වලට වඩා මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙහි රූගත කරන ජවනිකාවෙන් ජවනිකාව තිරගත වීමයි.
1968 පුංචි බබා චිත්‍රපටයෙන් රංගනයට පිවිසි නිසාදෝ “අහෝ මාලිනී “ චිත්‍රපටයෙත් ඇයට ලැබී ඇත්තේ පුංචි බබාගේ චරිතයයි.මෙම චිත්‍රපටයේ මෙතෙක් තිරගත වු ජවනිකා වල ඇය එම චරිතයට උපරිම සාධාරණය ඉටු කරයි.ඇය වරෙක සිය මන්ත්‍රීධුරයෙන් ඉවත් වන බව කියන්නීය.එයට පැහැදිලි හේතුවක් නොදක්වයි.මේ අතර ජනාධීපතිවරයා ඇයගේ ඉල්ලා අස්වීම භාර නොගනී.පසුව ඇය යළී ඉවත් නොවන බව කියයි.සැමදා අධ්‍යක්ෂක වරුන්ට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි මාලනී මෙහිදී කවුරුන් විසින් හෝ අපුරුවට හුසුරුවනු ලබයි.ඇය මන්ත්‍රීවරියක්ව සිටීම සහ නොසිටීමේ බලපෑම ඇත්තේ ඇයටම මිස අපට නොවේ.මිලියන 20ක් වන රට වැසියාට ඇය පාර්ලිමේන්තුවේ  සිටිමේ විශේෂත්වයක් නැත.

 එදා හෙළ සිනමා නිළී රැජිණ ලෙස කිරුලු පැළැන්ද ද  අද ඇයට තිරයේ අහිසංක පෙම්වතිය වීමට අවකාශ නැත.රගපෑම සදහා ඇය දායක කරගත්තද එම නිර්මාණ කරුවෝ ගරු රගපෑම් යටතට නාමාවලියේ නම් ඇතුලු කොට මුදල් නොගෙවා හරී. එවන් තත්වයක් මත මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නොවන්නට ඇයට සිදුවන්නේ ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි ගේ චරිතය සැබෑ ජීවිතයේ දී ද රගපෑමටය.

 මාලනී ඉවත් වු ප්‍රවෘත්තිය පිළිබදව මිරර් ආට්ස් වෙබ් අඩවිය ඇයගෙන් කල විමසීමකදී ඇය පිලිතුරු දී ඇති අයුරින් පැහැදිලි වන්නේ ඇයට මන්ත්‍රී ධුරය ලැබුනු ආකාරය ඇය නොදන්නවා සේම ඉල්ලා අස්වීමට ගැනත් ඇය නොදන්නා බවයි.මාලනී ඉල්ලා අස්වු බවට වන ප්‍රවෘත්තිය අසා මාලිනියගේ සමීපතමයින් සියලු දෙනාම පාහේ අතිශය සතුටට පත්වු බවද මිරර් ආට්ස් වෙබ් අඩවියේ දැක්වේ.
ගැටලුව මෙයයි ඉන් ඉවත් වීම ගැන සතුටට පත්වන අය මාලනී අක්කාට සන්ධ්‍යා රාණී බවට පත් නොවී සිටීමට කර ඇත්තේ කුමක්ද?ඒ ගැන වචනයක් හෝ ප්‍රකාශ කර තිබේද?යන්නයි.එලෙස කලා කරුවන්ගේ සුභ සාධනය හො සංරක්ෂණය සදහා පදනමක් නැති රටක පිදුරු ගහේ හෝ එල්ලෙනවා විනා මාලනීට කළ හැකි අනෙකක් නොවේ.

උපේක්ෂා හෙවත් පබා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යනවා නම් මාලනී ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලැබීම ගැන පුදුම විය යුතු නැත. ගැටළුව වන්නේ ආසියාවේ හොදම රංගන ශිල්පීන් 25 අතර සිටින එකම ශ්‍රීලාංකික රංගන ශිල්පිණිය ගෞරවයට පත් කිරීම වෙනුවට දේශපාලනය තුල රූකඩයක් බවට පත් කිරීමයි.

1 comment: