9/23/12

මහා පොත් මංකොල්ලය


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට පැමිණි විදේශීය මාධ්‍ය මිතුරන් කිහිප එක්ක නිදහස් චතුරස්‍රයට ගොස් බෞද්ධාලෝක මාවත දෙසට එන අතර  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආශ්‍රිතව සිටින සෙනග දුටු විදේශීය මිතුරන් ඒ ගැන විමසීය.
මා එතැන ඇත්තේ පොත් ප්‍රදර්ශනයක් බව කී විට ඔවුන් එය අගය කළේය. යුද්ධයෙන් පසු ඇතිව තිබෙන සාමකාමී තත්වය මත ශ්‍රීලාංකිකයින් කියවීමට හුරුවී ඇති බව ඔවුන්ගේ නිගමනය විය.
වෙනත් විකල්ප අදහස් නොකියා “ඔව්“ යනුවෙන් පමණක් පිලිතුරු දීමට මම තීරණය කලේ මෙතරම් පිරිසක් පොතපත කියවන්නේ නම් කොතරම් හොදදැයි යන ෆැන්ටසිමය අදහස තනිව විදගනිමිනි.

මේ පැමිණ සිටින ජනතාව පොත් මංකොල්ලයකට පැමිණි පිරිසක් බව කෙසේ කියන්නද?නිර්මාණකරුවන්ගේ ඇට ලේ මස් නහර සූරා ලාබෙට උරා බීමට පැමිණී පිරිසක් බව පහදා දිය නෙහැකි වුයේ ඔවුන් කළ අගය කිරීම නිසාය.ඇත්තටම මේ පොරකාගෙන පැමිණෙන සියල්ලෝම කියවන්නෝද?නැත කීයක් හරි අඩුවවෙන් ලැබෙන නිසා පොත පත ගෙදර ගෙනියන්නට පැමිණී අයයි.

හොද පොත් තියෙන අලවි සැල් වලට වඩා වට්ටමේ ප්‍රමාණය බලා අලවිසැල් වලට ගොඩවෙන මේ අති මහත් පාඨක බහුතරය ලාබෙටම තියෙන පොත පත තමාට අනවශ්‍ය වුවත් හත්මුතු පරම්පරාවේ කිසියම් කෙනෙකුට කෙදිනක හෝ අවශ්‍ය වේවි යන බලාපොරොත්තු ඇතිව මිටි ගණන් මිලට ගනී.මේ හා සමානම අදහසක් පසුගිය කාලයේදී පැහැදිලිව දකින්නට හැකිවිය.ඒ කපිලවස්තු ධාතු වන්දනා මාන කිරීමේ යුද්ධයයි.මෙහිදී ධාතු වදින්නට පොරකාගෙන ගිය අය සියල්ලෝම ධාර්මික වේ නම් පොලීසියට නිවාඩු දිය හැකිය. එලෙසම  මෙම එන පිරිසෙන් භාගයක් වත් පොත පත කියවන්නේ නම් ජීවත් වීම මීට වඩා පහසු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල පොදු මගී ප්‍රවාහන සේවා වලදී කියවන්නෝ බෙහෝ  දෙනා අපිට මුණගැසෙති.නමුත් මෙම පොත් ප්‍රදර්ශනය අරඹා දැන් දශකයකට වත් වැඩි කාලයක් ගතවී තිබුනද එදිනෙදා මගීප්‍රවාහන සේවා වල දුම්රිය ස්ථාන වල හෝ නිවසේ  කියවන්නෝ වැඩිවී තිබේද?යන්න සිතා බැලිය යුතු කාරණයකි.

කියවන්නා පොත් ප්‍රදර්ශන තිබුනත් නැතත් මිලදීගෙන කියවයි.එම පොතේ සැබැ වටිනාකම දන්නා නිසා නියම මිල ගෙවා සාධාරණය ඉටුකරයි.මේ ආකාරයට තමුන්ගේ නිර්මාණ ලාබෙට කුණු මාළු සේ අලවි වන විට  අති සංවේදී හදවත් ඇති නියම ලේඛකයින්ට හදවත් නැත්තවුන් බලා සිටින්නට වීම තරම් කාලකන්ණි කමක් තවත් තිබේද?

5 comments:

  1. මේක තවමත් තුන්වෙනි ලෝකේ රටක් බව අමතක උනාද?

    ReplyDelete
  2. සහතික ඇත්ත. කට ඇරපන් පොතක් දාන්න....

    ReplyDelete
  3. ලංකාවේ බස් වල පොත් කියවන්න නම් වෙනම කෝස් එකක් කරලා එන්න වෙනවා

    ReplyDelete
  4. මෙහෙම හිත හිත හිටියොත් අපි හැමදාම තුන්වෙනි ලෝකයේ තමයි.එතනින් උඩට යන්න නම් කියවන්න ඕන.ඔව් ඇත්ත ලංකාවේ බස්වල පොත් කියවන්න බෑ තමයි තියෙන තත්වය අනුව මම හිතන්නේ මේ කියන්නේ 138 බස් ගැන නෙවෙයි.ටිකක් ඈත දුවන සුඛෝපභෝගී බස් ගැන වෙන්න ඕන

    ReplyDelete
  5. හපෝ පේන්නැද්ද බන් කියවනෝ වැඩිවෙලා කියල. හැබැයි පොත් නෙවේ

    ReplyDelete