9/18/12

විල්සන්ගේ බටහිර සෙක්ස්



 ස්වාසිලන්තයේ රජු පිලිබදව උපන් ඊර්ශ්‍යාෙවන් පෙළුණු මුළු මහත් ධර්මද්වීපයටම පසුගියදා සිය ප්‍රමෝදය දේශීයකරණය කරගන්නට අවස්ථාවක් උදාවිය.ඒ අගනා අවස්ථාව උදාකර දුන්නේ මහළු නිතිඥයෙකි.මාස කීපයක් තරුණියක් සමග සහවාසය කරමින් අවසානයේ මරණය උරුම කරගත් මෙම  නිතිඥයා
මරණින් මතු නිවන් දැකිය යුතු වන්නේ ස්වයං වින්දනයට තුඩුදෙන කථා පුවතක් ලබාදීම නිසාය.
 මෙම  නිතිඥයාගේ මරණය උදේ හවස පිරිත් අසන ලංකාවේ බහුතරයකට උරුම කරදුන්නේ සංවේගයක් නොවේ.ඊර්ශ්‍යාවකි ප්‍රීතියකි ප්‍රෙමාදයකි.ජාතික පුවත්පත් එකින් එක බටහිර සෙක්ස් යන ඊනියා හැදින්වීමද සමග සංසර්ගීය ජවනිකා දෙබස් අනුසාරයෙන් මවන  ලද්දේ ජාතික මෙහෙවර ඉටුකරමිනි.නීතිඥයාගේ පිහිටෙන් පත්තර මුදලාලිලා තම බඩකට සරිකරගත්තේ ඒ ආකාරයටය.

මේවා කියවු සුචරිතවාදීන් අදාල නීතිවේදියාට බැණ වැදුනේය.“දරුවො ඉන්න තාත්ත කෙනෙක් නේද මේ තමන්ගේ දරුවන්ට වැඩිය පොඩි කෙල්ලෙක් එක්ක මොකක්ද මේ නටල තියෙන නාඩගම“ මේ චොදනා සමාජය ගැන උපන් අනුකම්පාවෙන් කළ ඒවා ලෙස පෙනුනද ඒ වචන තුළ ඇත්තේ ඊර්ශ්‍යාවකි.කේන්තිය සාධාරණය තමන් නොලද අගනා අවස්ථාවක් නීතිඥයා භුක්ති විද තිබේ.එහෙම කථාකරන අයට මෙවන් අවස්ථාවක් ලැබුනොත් එය ප්‍රතික්ෂේප කරන්නේද යන්න විමසිය යුතු කරුණකි.ඒ ලංකාවේ නියුරෝසික ෆැන්ටසි වාදීන්ගේ සවරූපයයි.

පසුව තවත් කරුණු රැසක් හෙළිවිය.ඉන් කියවුනේ අදාල තරුණිය මීට පෙර විවාහ දෙකක් කරගෙන සිටි අයෙකු බවත් වස්තුව සහ දේපල සදහා මෙම නීතිඥයා සමග විවාහ වු බවත්ය.එලෙස බැලූ කල තම ආශාව නිසා ජීවිතයෙන් වන්දිගෙවන්නට සිදුවූයේ නීතිඥවරයාටය.ඔහු ආශාව උදෙසා පෙනී සිටීම සහ ක්‍රියාකිරීම නිසා ජීවිතය අහිමි කරගත් අතර අදාල තරුණිය ප්‍රිතිමත් හෙට දවසක් සදහා වන සිහිනය වෙනුවෙන් මංකොල්ල කෑමක නිරත විය.

එදා “කෙල්ල පව්“කියූ උදවිය අද “නීතිඥයා පවු “ කියා නොකියන්නේ අර කුහක කම නිසාය.තමන් නොලද අගනා අවස්ථාවක් ඔහු භුක්ති විදීම නිසාය.

5 comments:

  1. හරියටම හරි.. කුහකත්වයම තමා..

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන විග්‍රහයක් , ඔය දෙදෙනා අතර ඇත්තටම සිදුවුනේ මොකක්ද කියන එක අපි කවුරුත් දන්නේ නෑ ,ඇත්තටම දැන ගන්න අවශ්‍යත් නෑ , පත්තර කාරයෝ කරන්නේ සුපුදුරු පරිදු අනුනේ කුණු විකුණන එක ,

    ReplyDelete
  3. පත්තර කාරයෝන්ට නගින්නේ නෑ.. එක්කෝ උන් පොන්නයෝ. ටී වී වලටත් අදාලයි....

    ReplyDelete
  4. සිරාම කථාව.. මේක තමයි ඇත්ත... ඔය ලියන උන්ට 18 එකක් දුන්නොත් නිකන් ඉදීවි බල බල.....

    තරහ නැතිව Word Verification අයින් කරමුද?

    ReplyDelete
  5. ඉඩ තියෙන විදිහට ලියමුද අපි ....?

    ReplyDelete