8/17/12

සුගත්ට miss වුන ධම්මිගේ Feelings

“දම්මි සුගත්ව ඇන්දෙව්වා“
 “පවු සුගත්“
“ගෑනු ඔහොමම තමයි“

මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න Comments.මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම

තුන් දෙනෙක්ම දුන්න උත්තර මේ වගේ නිසා.හැබැයි මගේ අදහස ඊට වෙනස්  “සුගත්ට වඩා ධම්මි Forward” ඒකයි ඇත්ත.

ආදම් ඒවා සහ විජය - කුවේණිගේ ඉදලා මේනක - නෙහාරා ට එනකල්  ගෑණු Forward පිරිමියාට සාපේක්ෂව.විජය රාජ්‍ය බලය තහවුරු කරගන්න පාවිච්චි කරන්නේ කුවේණිගේ ඒ Forward කම. විජයට ලිංගිකව ආකර්ශනය වෙන කුවේණි මාර Forward විදිහට තමන්ගේ මුළු වැදි සනුහරේටම පාවලා දෙනවා.එතකොට අනුලා දේවිය තමන්ට කැමති කැමති පුරුෂයින් 32 ක් එක්ක ජීවත් වෙනවා.එතකොට ගජමන් නෝනා ඇලපාතට challenge කරනවා “තුනුවිල බලාපිය අම්මගේ දවාලක“ කියලා.බණ්ඩාරණායක මැරෙණකොට ලොකේ ප්‍රථම අගමැතිනිය විදිහට රට භාරගන්න සිරිමාවෝ Forward වෙනවා.විජය ගේ දේහය ඉස්සරහ චන්ද්‍රිකා කියනවා විජය මැරුණට විජයගේ පාරේ ඉදිරියට යනවා කියලා.අනර්කලී ප්‍රසිද්ධියේ දුමින්ද එක්ක ජීවත් වෙනවා.

මේ විදහට ගත්තම ලංකාවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව Forward වෙනවා.අදටත් මේ තත්වය එහෙමම තමයි මේ නිසා තමයි නිරෝෂා කියන්නේ “මට ගන්න හැකි ඉර හද වුනත් ඔබ දන්නේ නෑ ඒ බව තවත්“ කියලා.මේ තමයි ලංකාවේ Forward කාන්තාව.හැබැයි ලංකාවේ බඩගෝස්තරවාදී ස්ත්‍රීවාදී සංවිධාන තමන්ගේ පැවැත්මට මේ Forward ගතිය හංගලා නැති පුරුෂාධීපත්‍යයක් පෙන්නන්න හදනවා.ඇත්තටම ගත්තොත් ඕක හණමිටි මිත්‍යාවක් පුරුෂාධිපත්‍යයක් ලංකාවේ නෑ.සියලු පුරුෂ ලිංගික තීරණ ස්ත්‍රී ලිංගයට පාලනය කරන්න පුළුවන්.

කොලේ වහල ගේම ගහපු ධමිමිලා නෙවෙයි දැන් ඉන්නේ.අද ධම්මිලා ප්‍රසිද්ධියෙම කියනවා අංගජාතය නැතත් සල්ලි තියෙන එකෙක් බැදගන්න ඕන කියලා.දැන් ධම්මිලා දන්නවා Teenage feelings ආපහු එන්නේ නෑ කියලා.ඒ නිසා ඒකාලේ උපරිම විදිහට enjoy කරලා පස්සේ සල්ලි ටිකක් කසාද බැදගෙන හොදට ජීවත් වෙන එක තමයි බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව. මේ අය Open relationship ගැන, Safe sex ගැන , හොදට දැනුවත්.True  spiritual love කියලා සුජීව ප්‍රසන්නආරච්චි uncle ට මෙයාලව අන්දන්න බෑ.Affair එක break වුනාම පෙම්වතා හොදම යාළුවෙක් කරගන්න මේ Generation එකේ ධම්මිලා හොදට දන්නවා.

මේ Generation එකට තවදුරටත් sex මාර සීන් එකක්  වෙන්නේ නෑ.තාත්තගේ Girlfriend එක්ක වගේම අම්මගේ Boyfriend එක්කත් ගණුදෙනු කරන විදිහ මේ අය දන්නවා.Culture කියලා Sex කරේ තියාගෙන ඉන්න උන්ට මේ system එක දිරවන්නේ නෑ.ඒකට හේතුව වෙන එකක් නෙවෙයි මේ Free එක ගැන තියෙන Jealousy එක.
 

5 comments:

  1. siriwardana.lanka2@gmail.comAugust 17, 2012 at 4:14 AM

    Is this true? I dont think we can simplify things like this. There are so many variations. Man or Woman no two people are alike. So the relationships too are very much different from one another. But there is some deep seated ideas still prevalent in the society Can a married woman in our society go somewhere for at least one night as her wish without telling her husband her whereabouts, come back and continue her marriage I dont think. . But how many of you husbands go anywhere anytime more than one day and comeback and just continue. There is PURUSHADIPATHYA in marriages. The only way to get ardipathya over a male could be going into a relationship without getting married. Reason behind the popularity of that type of relationships could be to get the freedom the women need.
    Dammi sugathwa endewwa nam why she is telling this
    "Sagaraya weni vedanawaka aho hithawatha thani wuna" . .

    ReplyDelete
  2. මේක කියවන ගොඩක් දෙනෙකුට අම්මපා ඇත්ත නේන්නම් කියලා හිතෙනවා ඇති... ඒත් යටි හිත කියනවා ඇති, එහෙම නෙමෙයි අප්ප ඕක කියලා.... අන්න එහෙම හිතෙන්නේ මේ ලිපියේ තියෙන අන්තිම වාක්‍යයක් නිසා වෙන්න ඇති...

    ReplyDelete
  3. සියලු පුරුෂ ලිංගික තීරණ ස්ත්‍රී ලිංගයට පාලනය කරන්න පුළුවන් සහ Affair එක break වුනාම පෙම්වතා හොදම යාළුවෙක් කරගන්න මේ Generation එකේ ධම්මිලා හොදට දන්නවා කියන දෙකට එකඟ වෙනවා. හිත ගත්තු උඩම වාක්‍යය මම ෆේස් බුක් එකේ ශෙයා කළා.

    ReplyDelete
  4. "සියලු පුරුෂ ලිංගික තීරණ ස්ත්‍රී ලිංගයට පාලනය කරන්න පුළුවන්."

    මේක ඇත්ත..හැබැයි ඒක කෙලින් නොකියා කරන තාක්.. :D

    ReplyDelete
  5. දම්මි සුගත්ට ආදරේ වුණා . ඒ වුනාට ගෙදරින් කතාකරලා තිබුන කෙනාව බඳින්න තීරණය කළා . එහෙම නැතුව ඒ කොල්ලට බම්බු ගහගන්න කියල සුගත් එක්ක යාලු වුනානම් ඒ කතාවේ ඇති දේකුත් නැහැනේ . උන් බඳියි ළමයි ඉපදෙයි . වයසට ගිහින් මැරිලා යයි . ඔය ටික ලියන්නද .

    ගැහැණු ෆොර්වර්ඩ් කියනවට වඩා හොඳයි practical කිව්වා නම් . කෙල්ල දාල ගියා කියල අඬන පිරිමි ළමයි වැඩියි වගේ ගෑනු ළමයින්ට වඩා .

    ReplyDelete