8/6/12

Human Business එක

නිමල් ලක්ෂපතිආරච්චි ගැන මාර දේවල් මේ දවස්වල ලියවෙනවා.නිමල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුව පතුරු ගහපු පලු පැලෙන්න බැනපු උන් පවා නිමල් ගැන දෙන්නේ පට්ට ටෝක්ස්.නිමල්ට වෙලා තියෙන්නෙත් ජෝතිපාලට වුන දේ මැරුණට පස්සේ තමයි ජීවත් කරවන්න හදන්නේ.

නිමල් ගැන ලියවුන කථා අතරේ තිබුන හැම දෙයක්ම නිමල් තමන්ගේ ජීවන වෘත්තිය විදිහට කරපුවා.පඩි අරගෙන යුද්ධ කරන වුන් රණවිරුවන් නෙවෙන්නෙත් මේ නිසා.චින්තන ධර්මදාස ලියල තිබුනා නිමල් කියන්නේ Media sales rep කෙනෙක් කියලා.මේ කථාවට මම මාර විදිහට එකගයි.මේ ලියවෙන කථා හැම එකකම වර්ණනා කරලා තියෙන්නේ නිමල් Job එක විදිහට කරපු දේවල් විතරයි.

එත් සුදර්ශියේ නුග ගහ යට ජොයින්ට් එකට සෙට් වෙන “නිමල් අයියා“ ගැන එකෙක් වත් ලියලා නැත්තේ ඇයි කියන එක මට හිතාගන්න බෑ. නිමල්ගේ ඒ Reality එක ගැන කවුරුත් ලියලා නැත්තේ “නිමල් අයියට“ වඩා නිමල් ලක්ෂපතිආරච්චි කියන Media businessman ව විකුණන්න පුළුවන් නිසා වෙන්න ඇති.මොකද අද වෙනකොට Humanity කියන්නෙත් business එකක් නිසා ඒකේ වෙනසක් ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.

ඇත්ත මේ සිස්ටම් එක ඇතුලේ අපිට මුණ ගැහෙන්නේ මිනිස්සු නෙවෙයි බිස්නස් කාරයෝ ටිකක්.හැම මිනිස් සම්බන්ධකමකම තියේනනේ ගනුදෙනුවක්.දේශපාලකයෝ මිනිස්සුන්ට උදව් කරන්නේ ඡන්දේ ගන්න බලාගෙන.හාමුදුරුවො බණ දෙසන්නේ පිං කැටේ පුරව ගන්න.දෙම්ව්පියෝ දරුවන්ට සලකන්නේ හොදට උගන්නන්නේ කවදහරි තමන්ට සලකයි කියලා බලාගෙන.පිවිතුරු ආදරය කිය කිය කොල්ලො කෙල්ලෝ ආදරය කරන්නේ  sex කරන්න බලාගෙන.කසාද බදින්නේ ඉස්සරහට ජීවිතේ සහයක් බලාගෙන.නිළියෝ ඇමතිවරු එක්ක බුදියගන්නෙත් සල්ලි සහ බලය බලාගෙන.මේක තමයි ඇත්ත.හොදට හිතල බැලුවොත් අපි වටේට පණට පණ දෙන්න ඉන්න උන්ගේ හිත්වල මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා.

අපි වුනත් එහෙමයි.ඇත්තටම අරගෙන බැලුවොත් අපි හැමෝම ආත්මාර්තකාමීයි කුහකයි ඒත් අපි බොරුවට පරාර්ථකාමී වෙන්න හදන එක තමයි දෙබිඩි කම කියන්නේ.නිමල් ගැන පොර ටෝක්ස් දාන ගොඩාක් උන්ට බය නැතුව දෙබිඩ්ඩෝ කියලා කියන්න කියන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි.

2 comments:

  1. නිමල් ලක්ෂපතිඅාරච්චි කියන චරිතෙ ගැන මම දන්නෙ නෑ... ඒත් ඒ චරිතෙ අයින් කරපුවහම පොස්ටුවෙ ඉතුරුවෙන ටිකට ඒකඟයි...

    ReplyDelete
  2. සාතන් අයියා කිව්වා වගේ මමත් ලක්ෂපතිආරච්චිව එච්චර දන්නේ නැ.. දන්නේත් එහෙන් මෙහෙන් කියවපු විවේචන ටිකක් පමණයි.. ඒත් අනිත් සියල්ල සහතික ඇත්ත.. මේ දවස් වල බුකියේ යන එක්තරා ඡායාරූපයක් ඇත.. එහි ඇත්තේ අද සිට වසර 50කට පමණ පසු සිටින් වැඩිහිටියන් [එනම් බොහෝ දුරට අපේ පරම්පරාව] ඔවුන්ගේ ලමයින්ට කියන දෙයකි.. "පුතේ මොනාද මේ ඔයාලා අහන සින්දු.. මේවාත් සින්දුද.. කිසිම තේරුමක් නෑනේ..ඒකට අපේ කාලේ ඒවා.. ඉරාජ්ලා භාතියලා කියපු සින්දුනේ සින්දු කියන්නේ..මාර තේරුමක් ඒ වචන වල තිබුනේ.."
    ඔන්න ඕක තමා වෙන්නේ.. හොඳ ලිපියක්..

    ReplyDelete