4/19/12

හිරුණිකාගේ arrears එක


"ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට සාධාරණයක් ඉටුවෙනකංඑහෙම නැතිවුණොත් මේ ඔක්කොම කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."

මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා අධිකරණ භූමියේදී ඡායාරූප පෙන්වමින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයයි.මේ ප්‍රකාශය ගැන වඩාත්ම ප්‍රමෝදයට පත්වන්නන් අතර බහුතරයක් ඉන්නේ භාරත හිතවාදීන්ට වඩා මහින්ද විරෝධීන්ය.ඒ අය හිරුණිකාව අගය  කරන්නේ භාරතට ඇති ලෙන්ගතුකම නිසා නොව මහින්දට විරෝධය පෑ යුතු නිසාය.මෙම තත්වය තවම හිරුණිකාට වැටහී නැත්ද නැතිනම් වැටහුනේ නැති ගාණට සිටින්නේ දැයි යන්න වෙනම කාරණයකි.කෙසේ වෙතත් විමර්ශනාත්මකව ගත් විට හිරුණිකාට ඇත්තේ arrears එකක් cover කරගැනීමේ අරමුණයි.ඒ තම පියා මැරූ පළීය ගැනීමේ නොතිත් වුවමනාවයි.

එය හුදු පෞද්ගලික අරමුණක් මිස ජනතා හිතවාදී අරමුණක් නොවේ.මන්ද සියලූ මිනීමැරීම් අතුරුදන් වීම් වලට එරෙහිව හිරුණිකා පෙනීසිටින්නේ නම් එය ජනතාවාදී පෙනීසිටීමක් ලෙස පිළිගත හැකිය.එසේනම්  අපර්ණා ෆොන්සේකා , සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන්ද හිරුණිකා කතා කල යුතුය.පාරට බැසිය යුතුය.හලාවත දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය  ඇන්ටනී ප්‍රනාන්දු ගේ දියණිය පෙරටුකොට ගත් යුතුය.ලලිත් - කුගන් ආදි සහ සියලු සුදුවෑන් අතුරුදන් කිරීම් වලට එරෙහිවිය යුතුය.අද වනතුරු භාරත ජීවත්ව සිටියේ නම් හිරුණිකාට මහින්ද දෙවි කෙනෙකි.එසේනම් අද හිරුණිකාට අත්පුඩි ගසන උන්ගෙන් බහුතරයක් දේශද්‍රෝහීන් ලෙස පෙනෙනු ඇති බව නොඅනුමානය.

නමුත් මේ කිසිවක් පිලීබද නොවිමසා හිරුණිකා පාරට බසින්නට ජනතාවට අඩගසයි.මෙලෙස අඩගසන හිරුණිකා පක්ෂ සාමාජිකත්වය ලබාගන්නේ ද රාජපක්ෂ රෙජීමයට සහය දක්වන ශ්‍රීලංකා මහජන පක්ෂයේයි.එයින්ම ඇයගේ තක්කඩි කම පැහැදිලි වෙයි.රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන යාමට වක්‍රමාර්ගිකව සහය දක්වන හිරුණිකාගේ ප්‍රකාශ පිළිබදව මහින්ද විරෝධීන් ප්‍රමෝදයට පත්වීම පශ්චාත් ගාතය පොලවේ ගසාගැනීමකට සමාන වන්නේ එහෙයිනි.


2 comments:

  1. මෙව්වත් එක එක විදිහට ලියපු ටෙලි නාට්‍යම විතරයි...

    ReplyDelete
  2. kalpana.ambrose@gmail.comApril 22, 2012 at 9:30 PM

    True!

    ReplyDelete