5/25/11

ෆැන්ටසියේ සියදිවි නසා ගැනීම


මේ දැන් ජිවත් වෙන්නේ අපි නෙවෙයි.වෙන කවුරුහරි.මේක මෙහෙම කිව්වට පැහැදිලි නෑ.දැන් වටපිට බලන්න Internet café කියල ගහල තියෙන ඒවා පොත් සාප්පු,ග්‍රොසරි බවට පත්වෙලා.නළුවො නිළියෝ නිවෙදකයෝ නිවේදිකාවෝ වෙලා.නිල්මිණි තෙන්නකෝන් ජිවිතේට උපදෙස් දෙනවා.මර්වින් මෙගා ස්ටාර් විනිශ්චය කරනවා.පාඨලි  සිල් ගන්නවා. යෝෂිත නාවික හමුදාවට බැදෙනවා.අනෝජා නිවන් යන්න පාර හොයනවා.සනත් පාර්ලිමේන්තු එනවා.සිරස පන්සල් හදනවා.මෙහෙම කියාගෙන යනකොට අපිට දනෙනවා අපි දැන් වැඩේ වරද්දගෙන ඉවරයි කියලා.

 ඇත්තටම දැන් ජිවත් වෙන්නේ අපිමද?කසාද බැන්දම එක්කෝ පිරිමියා තුල කාන්තාව දියවෙලා යනවා නැත්තම් කාන්තාව තුල පුරුෂයා දියවෙනවා මෙක හරි අවාසනාවන්ත තත්වයක්.කසාද බදින හැම නිළියකගෙන්ම පත්තරකාරයෝ අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි “ඔයාගේ මහත්තයා රගපානවට කැමතිද?“ කියලා එවට ඒ නිළියො උත්තර දෙනවා“එයා අකමැති නෑ ඒත් අකමැතියි කිව්වොත් මම නවත්වනවා“ ඇයි මේ?මොන නිළියද පත්තරකාරයව ප්‍රශ්න කරන්නේ“එයාගේ කැමැත්ත අකමැත්ත මොකටද?මම කියන්නේ මට“ කියලා.ලංකාවේ කෙල්ලෙක් නම් ඔය කසාදය අවස්ථාවටත් එන්නේ පියවර ගානක් පහුකරලනේ.අම්මයි තාත්තයි කැමති කෙනාව තමයි බදින්න වෙන්නේ.වෙඩින් එක ගන්නෙත්,හනිමුන් යන්නෙත් ලොකු තැන්වලට අනිත් අය ගිය විදහට.ඊට පස්සේ මිනිහට ඕන විදිහට ජිවත් වෙන්න වෙනවා.මේකද ජිවිතේ?මම කියන කෙනා ඇයි ජිවත් කරවන්න උත්සහ ගන්නේ නැත්තේ.(මේක අර පුරුෂවාදි ගෝත්‍රිකයින්ට තරමක් කෙන්ති යන කථාවක් වෙනන් පුළුවන්)

 දැන් කසාද බැදල ගෙයක් හදන්නෙත් අපිට ඕන විදිහට නෙවෙයි.දැං යන විදිහට,දැං හදන විදිහට නැත්තං අල්ලපු ගෙදර විදිහට මේ ආදි වශයෙන් එතනදිත් අපිව හංගගෙන අනෙකා මුලික කර ගන්නවා.මෙහෙම අනෙකා මුලික කරගෙන අපි ජිවත්විම හරහා අපි ඇන්දිලා ඉන්නේ.මේ නිසා තමයි ලංකාවේ උගතුන් බහුලවම සිටින දිස්ත්‍රික්කය කියල කියන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප අරං පබා පාර්ලිමේන්තු යන්නේ. අජන්ත මෙන්ඩිස් කියන නිසා කාගිල්ස් අයිස් ක්‍රීම් කන්න වෙනවා.අනර්කලී නියන නිසා වීට් ගාලා මයිල් ටික බාගන්න වෙනවා.භාතිය කියන නිසා කොකා කෝලා බොන්න වෙනවා ප්ලේන්ටිය පැත්තකට දාලා.

මේ අනෙකා තුල තමන් දියවී යාමේ අවස්ථා කිපයක් විතරයි.මේකට මීඩියා වලට බැනලා වැඩක් නෑ.මොකද මීඩියා කියන විදිහට මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා නම් උදේ හවස ප්‍රචාරය කරන බණ ටික අහන්න ඕනේ එහෙම නෑනේ.මේක මීඩියා ගේමක් නෙවෙයි.ඇතුල හිස් අපි උඩින් සළු පිළි ඇදගෙන ෆැන්ටසියේ ජීවත් වෙනවා.මීඩියා කරන්නේ ඒ ෆැන්ටසියට ඕන කරන Tools ටික දෙන එක විතරයි.මේ අනෙකා තුළ ජිවත් විමේ ෆැන්ටසියෙන් එළියට නොඑන තාක්කල් තමන්ව සොයාගැනිමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
 

6 comments:

  1. ඔබ පවසා ඇති කතාව සම්පූර්ණ සත්‍යකි ........
    ඒත් තවමත් පොලොවේ පය ගසා ජීවත් වන මිනිසුන්ද නැත්තෙ නොවේ.

    ReplyDelete
  2. ෆැන්ටසිය ....තාරුණ්‍ය ගිලගනිමින් ඉන්නව කියල හිතුවට එහෙමම නැහැ වගේ. ෆැන්ටසිය තුල ඉදන්ම , යථාර්ථ ලෝකය ගැන අවබෝධයෙන් ඉන්න අය නැහැයි කියන්න බැහැ.

    ෆේස් බුක් එකේ ෆැන්ටසි ගෘෘප් එකත් නැත්තටම නැති වුනා ..ඒකට හේතුව යථාර්ථයට කැමති බහුතරය වෙන්න පුලුවන්.

    හැම මිනිහම ෆැන්ටසියක මොහොතකට හරි හිර වෙන්න කැමති.එතනදි තමන් දියවෙලා ගිහින් , තමන්ගෙ හිතේ පතන අනුන්ව මැවෙන්න පුලුවන්...

    ඔයා වෙනද ලියන කෙනා නෙමෙයි ද ? ලියමන ටිකක් විතර වෙනස් වෙලා....

    ෆැන්ටසිය මෝස්තරයක් වෙන එක නම් වර්තමානයේ බහුලයි තමයි.

    ReplyDelete
  3. අනෙකා තුළ ජීවත්වීමේ ෆැන්ටසිය නිසා තමයි කැතම කැත මිනිස්සු දේශපාලනය අතට අරන් තියෙන්නෙත් මේ ‍රටේ..

    ReplyDelete
  4. අපි හැමෝම මිනිස්සු තුල ශ්‍රේෂ්ඨත්වයක් අපේක්ෂා කරනවා. ඒක ස්වභාවිකයි.

    ඒත් අවශ්‍යතා, ආශාවන්, අපේක්ෂාවන්, බලාපොරොත්තු වගේම ඇලීම්, ගැටීම්, බලාපොරොත්තු බිඳ වැටීම්, ඒවායින් පැන නගින තවත් දහසකුත් එකක් සංකීර්ණතා, සංකූලතා වල හොඳ මිශ්‍රණයක් වන මිනිසුන්ගෙන් ඔවුන් මිනිසුන් මෙන් නොහැසිරේවි යැයි අපේක්ෂා කරන්න අපහසුයි නේද?

    මොනවා උනත් මිනිස්සු කියන්නෙත් තවත් සත්ව කොට්ඨාසයක්. අපි සත්තු විධියට හිටපු කාලය තවමත් අපි ශිෂ්ඨාචාර ගතව(හෝ එසේ කියා ගන්නා) ජීවත් වෙච්චි කාලයට වඩා වැඩියි. ඉතින් කැලෑ නීතිය, තිරිසන් ගති වගේ දේවල් අපෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා යැයි අපි හිතන්නේ කොහොමද?

    ReplyDelete
  5. ay me fantasiyata baninne...??
    http://navifantasy.blogspot.com/

    ReplyDelete
  6. මේක මරු කතාව..

    “I’m not in this world to live up to your expectations and you’re not in this world to live up to mine.”
    - Bruce Lee-

    ReplyDelete