4/9/11

“පොර“ ගේ “බඩු“ ගැහිල්ල



ඉදලා ඉදලා මටත් මාර මරාල කඩාගෙන වැටෙනවා.මට කිසිම දෙයක් හිතාගන්න දරාගන්න බැරුව යනවා.ඔළුව හැරුණු අතේ ගිහිං නැතිවෙන්න හිතෙනවා.මීඩියා වල පොරක් කියලා හිතාගෙන බුවෙක් ළගදි දවසක රෑ තවත් සෙට් එකක් එක්ක අඩියක් ගහනකොට මාර නයා පාරක් ඇරලා.ඌ ඇරපු නයා පාරේ මාත් කොණක චරිතයක් වෙලා.සුද්ද සිංහලෙන්ම කිව්වොත් මමත් උන්ගේ පාටියේ මධුවිත අතරේ බයිට් එකක් වෙලා.මෙවා අරුම පුදුම අද ඊයේ වුන සිද්ධී නෙවෙයි.සමහර පිරිමි තමන් මාර පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“ “උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි පොරවල් වෙන්නේ.
සමහර විට ඒ තැන් වලදි  කියවෙන සමහර කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත් කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින් ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම ගෙදර බත් කන්නේ“
ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත් පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට් වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“
පිරිමියා “පොර “වීමේත්  ගැහැනිය “බඩුව“ වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක් ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට දෙයක් ඇත.

උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ බඩුවකි
උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි
නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි
උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ ඒ බඩුවයි
රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත රකින්නේ ඒ වේසියයි

සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත් උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට කෑල්ල වේසිය බඩුව වන හෙයිනි.
-රමේෂා -

17 comments:

  1. නියමම පෝස්ට් එකක්.. මේ වගේ හිතාගෙන ඉන්න උන්ට කනේ පාරක් වගේ.. :D

    ReplyDelete
  2. මෙන්න කථා. කියලා දාන්න කන පැලෙන්නම. ඔය වගේ පොරවල් හිතාගෙන ඉන්නේ, ගෑණූ දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත්‍හම මම තමයි පොර කියලා. හැබැයි උෘත් එක්ක නිදාගත්ත ගෑනි ගැන හිතන්නේ ඒකි වේස කං කරනවා කියලා. මූ සුදනා අර ගෑනි දුදනා.

    ReplyDelete
  3. සිරාවට ඈත්ත.
    ගෑනු රවට්ටන ඵක වීරකමන් නෙවෙයි පොන්_ කමක්.
    හෑබෑයි සමහර පිරිමි වගේම අප්ස්ට් ගෑනුත් ඉන්නවා.

    ReplyDelete
  4. 100% ක් ඇත්ත කතාව

    ReplyDelete
  5. Thanks guys... now i really feel some guts.so i'm not going to stop writing ever.

    ReplyDelete
  6. මෙහෙමයි.. පිරිමියාට අභූත චෝදනා කරනවා නම් වැරදියි. ජීව විද්‍යාත්මකව පිරිමියා එහෙම තමයි.
    නමුත් ගැහැණු අයට “බඩුව“ “ගොනා“ වැනි වචන භාවිතය නම් වැරදියි. එහෙම කියන අයම හිතන්න එයත් ඉපදිලා තියෙන්නේ බඩුවකින් නේද ?

    ReplyDelete
  7. හෙහ්, හෙහ්, කණ හරහම ගහල තියෙන්නෙ,...........කණ හරහම,........ නියමයි.

    ReplyDelete
  8. ලිපිය අගයමි. කියා ගන්න, ලියා ගන්න බැරි ගොඩක් දේවල්... හිතට වදින්නම ලියල තියෙනවා...

    - ගැහැණියක්-

    ReplyDelete
  9. එල එල...බොක්ක cool වෙන්න ලියල තියෙනව.

    ReplyDelete
  10. පට්ට පෝස්ට් එක... ඇඩ්රස් නෑ.... කනට කූල්...

    ReplyDelete
  11. කියන්න ඔනි දේ නියමෙට කියල තියනවා..ඔබගේ මේ සිතුවිල්ලටත් ගරු කරන්න ඕනෙ සහෝදරයා

    ReplyDelete
  12. රමේෂා ලියපු කැල්ලට මං මාර ලයික්.. නමුත් පොස්ට් එකත් මාරම සිරා..!

    ReplyDelete
  13. කියල වැඩක් නැහැ.. අනං මනං සුද්දෝදන වචන කැලි, වැල් බයිලා නැහැ.. තේරෙනම භාෂාවෙන් කන අතගාල දීපු ෂොට් 1ක්...

    ReplyDelete
  14. එක යතුරක් තියනවා ඕනම දොරක් අරින්න පුළුවන්... අපි මොකද්ද ඒ යතුරට කියන්නේ.." මචන් මාර යතුර ඕන දොරක් අරින්න පුළුවන් සිරා.. කියල වැඩක් නෑ..." එහෙම නේද?? හිතන්න එක දොරක් තියනවා ඕනම යතුරකින් අරින්න පුළුවන්. අපි මොකද්ද ඒ දොරට කියන්නේ..." නොදකින් චාටර් දොරක් ඕන යතුරකට ඇරෙනවා මෙලෝ රහක් නෑ... මේක තිබ්බට වැඩියේ හොදයි නොතිබ්බ නම්" රමේෂටත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි ඉතින්..:D

    ReplyDelete
  15. SODA gune wethata..


    oyage kuhakathwaya eliyata panna wage deyak thamai mata nam therenne.. oya kiyanna hadapu de hodata therenawa.eth mage liyamanata eka pddak wath set wenne na sahodaraya.

    ReplyDelete