4/5/11

උඹ ඉදිරියේ මම



මාව ටිකින් ටික හිස් වෙනකොට උඹ මාව පිරෙව්වා.මගේ ඇස් වලින් කදුළු බේරෙන්න බේරෙන්න උඹ මට හිනාවෙන්න ඉගැන්නුවා.මං වියරු වැටෙනකොට උඹ ඇවිත් කිව්වා වියරුව යනකල් උඹව කපලා කපලා දාන්න කියලා.නිල් පාටයි කොළ පාටයි අදුරගන්න බැරිවෙලා මාව අවුල් වෙනකොට උඹ මාව මුද ළගට ගෙනිහිල්ලා ඇහුවා මුද නිල් පාටද කොළ පාටද කියලා.මට උත්තර දිගන්න බැරි වෙනකොට උඹ කිව්වා ඒකට උත්තර හොයන්න එපා මුදටවත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියලා.හිතට රොමැන්ටික් වෙන්න හිතුනම උඹ හිස් පිටුවක් වෙලා මට කිව්වා ඇති වෙනකල් කවි ලියපං කියලා.අද උඹයි උඹයි උඹයි උඹයි උඹයි නැතුව මාව හිස් වෙලා.කදුළු වලින් මාව වැහිලා.වියරුවෙන් ගැහෙනවා.නිල් පාටයි කොළ පාටයි තියා මට මාව අදුරගන්නත් බැරි වෙලා.රොමැන්ටික් මාව අත්හැරල ගිහිං.පෑන තරහවෙලා.ඇත්තටම මම කවුද?ඒ කියන්නේ මා හිස් වුනේ උඹට පුරවන්න.මම ඇඩුවේ උඹට මට හිනාවෙන්න උගන්නන්න.මම වියරු වැටුනේ උඹට මගේ සැනසීම වෙන්න.මම අවුල් වුනේ උඹට මට කියලා දෙන්න.මම රොමැන්ටික් වුනේ උඹේ හිස් පිටු කවියෙන් පුරවන්න.මම ජිවත් වෙලා තිබුනේ උඹේ හිස්තැන් පුරවන්න.අන්තිමේදි බලනකොට මම උඹේ ගැලවුම වෙලා.

-රමේෂා-

2 comments:

  1. අනිත් හැමෝම වගේම ,නුඹ ත් , අන්තිමට රැවටිලා....

    ReplyDelete
  2. අපොයි... අකමැති මාතෘකාවක්... ආදරේ කියන එක ලෝකෙන් අයින් කරන්න බැරිද?....

    ReplyDelete