4/1/11

තවමත් අපි හෙළුවෙන්


ලංකාවේ ගොඩක් දෙනෙක් මැච් බලන්නේ අපි දිනනව බලන්න.එහෙම  ක්‍රිකට් බලල වැඩක් නෑ.ඒක හරි දූපත්වාසී සිතුවිල්ලක්.එදා ශ්‍රිලංකා නවසිලන්ත මැච් එකේදි ඩිල්ශාන් හය හතර ගහනකොට අත්පුඩි ගහපු නවසීලන්ත කාරයෝ හිටියා.මාලිංගයි මෙන්ඩිසුයි විකට් ගනිද්දිත් ඔවුන් අත්පුඩි ගැහුවා.ඒත් ස්ටයිරිස් හාෆ් සෙන්චරිය දාල මුලු ක්‍රිඩාගාරයට බැට් එක උස්සලා ආචාර කළා. කවුරුත් අත්පුඩි ගැහුවේ නෑ.මේක ආසියානු රටවල පොදු තත්වයක්.මේක හරි ගෝත්‍රික තත්වයක්.අපි වනචාරී යුගයේ ප්‍රතිවාදියා මැරෙන තුරු පහර දෙනවා.නමුත් දැන් එහෙම නෑ.ඒ සිතුවිලි සහ ආකල්ප වලින් මිනිසා දියුණු නිසා.එතකොට ස්ටයිරිස්ට අත්පුඩි නොගහ ශ්‍රීලාංකිකයෝ කේන්තියෙන් ඉන්න අතරේ නවසීලන්ත කාරයෝ ඩිල්ෂාන්ට අත්පුඩි ගහනවා.

මේ ජීවිතේ ඇතුලේ කිසිම ගේමක් සදාකාලික නෑ.මීට වැඩිය ගේම් කාරයෝ අද ලංකාවේ ජනතාව අන්දගෙන ඉන්නේ.ජාතිවාදි,දැඩි ත්‍රස්ත විරෝධී ආන්ඩුවක ඇමති වරයෙක් වෙන්න,ඒ ආන්ඩුවේ ප්‍රබලයෙක් වෙන්න ත්‍රස්ත කල්ලියක සන්නද්ධ ප්‍රධානියෙක් වෙලා හිටපු කෙනෙකුට පුළුවන් නම්,හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අය පවා මරාදාපු කල්ලිවල ප්‍රධාන පෙලේ සාමාජිකයන්ට ඒ අත්වලින්ම රණවිරුවන්ට මානෙල් මල් පළන්දන්න පුළුවන් නම්,එදා මානව හිමිකම් වෙනුවෙන් දාඩිය දාගෙන උගුර ලේ රහ වෙනකල් කෑගහපු නායකයින්ට අද මානව හිමිකම් අමතක වෙලා නම් ඇයි අපි තවත් ඇන්දිලා ඉන්නේ.

එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන දියුණු මිනිස්සු විදිහට යථාර්තය පිළීගන්න.වාසි වුනත් අවාසි වුනත් ඒකට අවනත වෙන්න.දෝනි මුරලිට හයක් ගහන කොට අත්පුඩි ගහන්න.ටෙන්ඩුල්කාර් ෆිෆ්ටි අප් කරනකොට චියර් කරන්න.ක්‍රිඩාවේ ජය පරාජය සම සිතින් පිලිගන්න පුළුවන් ආකල්ප අතින් දියුණූ මිනිස්සුන්ට විතරයි.ක්‍රිකට් කියන්නේ තරගයක් මේ තරගෙදි එකම එක තත්පරයක් ඇති තරගෙම වෙනස් කරන්න.දිනන්නේ සාපේක්ෂව ඒ වෙලාවේ දස්කම් දකවන කණ්ඩායම විතරයි.අපි තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි.කවුරු කප් එක ගත්තත් අපිට බලන්න අවශ්‍ය වෙන්නේ හොද තරගයක් විතරයි.


5 comments:

  1. හොද තරගයක් බලන්න කවුරුත් කෑමතියි.අපි නම් ආසා ලංකාව දිනනවට.

    ReplyDelete
  2. එතකොට ඕස්ට්‍රේලියාවේ ප්ලේයර්ස්ලා එහෙම නැත්තේ ඒගොල්ලත් වනචාරී හින්දද? එහෙම නැත්නම් සිතුවිලි සහ ආකල්ප වලින් දියුණු නැති නිසාද? එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියාවත් දූපතක් නිසාද? :D.

    ReplyDelete
  3. සාධාරණ තර්කයක්......

    ReplyDelete
  4. ක්‍රීඩා තරගයක් උනාම කාට හරි සපොර්ට් කරන්න ඕනා , නැත්නම් එකේ ආතල් එක අඩුයි..තමන්ට කොහොමවත් අදාල නති රටවල් අත්‍අර තරග වලට පවා මිනිස්සු මොකක් හරි රටක් සපොර්ට් කරන්න තොර ගන්නේ ඒකයි..නතුව ගෝතිරික අදහසකින් නෙවෙයි

    ReplyDelete
  5. කලාතුරකින් හරි මේ වගේ සටහනක් කියවන්න ලැබිච්ච එකත් සතුටුයි. නියමයි.

    ReplyDelete