3/25/11

මගේ LOVE එක



අතීත කථාවෙදි හාවා ඉබ්බට හැමදාම පැරදුනා.නැත්තං ඉබ්බා හාවව හැමදාම රැවැට්ටුවා.ඒත් එතන තිබුන ඇත්ත සීන් එක කවුරුත් දන්නේ නෑ.හාවා ඉබ්බට සෑහෙන්න ලව් කලා.හාවට ඕන වුනේ ඉබ්බා දිනනව දකින්න.හාව කළේ ඉබ්බට නොදැනෙන්න බොරු නින්දක් මවාගෙන ගහක කදකට සෙට් වෙලා ඇහැ පියා ගන්න එක.ඉබ්බා හිමින් හිමින් හාවා පහු කරගෙන යනකොට හාවා මිමිණුවා“මම උඹට සෑහෙන්න ආදරෙයි“ඉබ්බට වැදගත් වුනේ දිනුම් කණුව විතරයි.එයා හිතුවේ හාවා මහ මෝඩයෙක් කියලා.හාවගේ ආදරේ තේරුම් ගන්න බැරි තරමට ඉබ්බට තරගේ සීරියස්.ඉතින් ඉබ්බා දිනුවා.හාවා පැරදුනා.පුංචි කථාවක් වුනාට ඒක මට මාරයි.ඒ මමත් හැමදාම හාවා වෙලා උඹ ඉබ්බා වුන නිසා.



-රමේෂා



2 comments:

  1. ඇත්තටම ... ඒත් කෙනෙක්ට නොතේරෙන ආදරයක් හිතේ තියන් ඉන්න එක වගේ දුක දෙයක් තවත් නැතිව ඇති....

    ReplyDelete
  2. ඇත්තටම ඉබ්බා දිනුම්ද...?

    ReplyDelete