2/13/11
2/11/11
මුබාරක් ගෙදර යැවූ facebook කැරැල්ල
අහම්බෙන් පත්වු ඊජිප්තුවේ හොස්නි මුබාරක්ට අහම්බෙන්ම ගෙදර යන්නට සිදුවිය. සන්නද්ධ බලය අතින් ලොව 10 වන තැන සිටි ඊජිප්තු හමුදාවේ සේනාධිනායකයා අන්තර්ජාලයට මෙතරම් දෙයක් සිදුකළ හැකි බව හීනෙකින් වත් නොසිතන්නට ඇති.එහෙත් කරුමෙට මෝල්ගහත් පත්තු වෙනවා යැයි කියමනක් සිංහල කියමන් අතර තිබේ.ඒ අනුව ඊජිප්තු ජනාධිපතිට පත්තුවුයේ වූයේ මෝල්ගහකි.
මෙය අන්තර්ජාලයෙන් රජයකි පෙරළු ලොව මුල්ම අවස්ථාවයි.හොස්නි මුබාරක්ගේ 30 වසරක පාලනය මේ තරම් රට වැසියාට එපාවී සිටි බව මින් පෙර කිසිදු දේශපාලනික හෝ විපක්ෂ බලවේගයකට හදුනා ගත නොහැකිව තිබිණි.වසර තිහ හතලිහ පළපුරුදු දේශපානඥයෝ කසාය බිව් ගොළුවන් සේ සිටියදී අන්තර්ජාලය හරහා ලොව මුල්ම වරට මේ මහා ජන බලවේගය එක් රැස් කරන්නේ පරිඝණක විද්යාඥෙයකි.මේ එහි සත්‍ය කථාවයි.
ඊජිප්තුවේ වීරයා
කලීඩ් සයිඩ් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ විසු 29 හැවිරිදි තරුණයෙකි.පියාගේ මරණයෙන් පසු මව සහ සොහොයුරා සමග ගතකරන කලීඩ් සංගීතයට සහ පරිගණකයට මහත් සේ ප්‍රිය කළ තරුණයෙකි.තමන්ගේම කියා ගීත ඇල්බමයක් එළි දැක්විමේ අහිංසක බලාපොරොත්තුවකින් පසුවන කලීඩ් දිනපතාම සවස් කාලයේ Internet café වෙත ගොස් අන්තර්ජාලය ඇසුරු කිරිම පුරුදුදක් කරගෙන සිටියේ තමාටම කියා අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට තිබු ආර්ථික අපහසුතා නිසාමය.

කෙසේ වුවද කලීඩ් පහරකෑමට ලක්වුන ආකාරය facebook හරහා මුළු ඊජිප්තුව පුරාම පැතිර යාමත් සමග

මේ උද්ඝෝෂණයට පොලිසිය පහර දෙන අතර රට පුරා මෙම විරෝධතා කරුවන්ට පහරදීම සහ ,සයිඩ් ගෙ මරණයය නිසා ඊජිප්තුව කැළඹිලි සහිත තත්වයකට පත්වෙනවා
සටනේ නියමුවා
මේ අන්තර්ජාල විප්ලවයේ නියමුවා වෙන්නේ වයෙල් ගෝනිම් ,30 හැවිරිදි ගෝනිම් දෙදරු පියෙක්. මයිකක්රොසොෆ්ට් සමාගමේ ඊජිප්තුවේ අලවි විධායකවරයා වන්නේ ඔහු .ඔහු කලීඩ් සයිඩ් වෙනුවෙන් නිර්මණය කරනවා වෙනම facebook group එකක් We Are All Khaled Said නමින්.මේකට නොහිතූ තරම් හොද ප්‍රතිචාර ලැබෙනවා.

මේ කාලේ වෙනකොට ටියුනීසියවේ ජනාධිපතිවරයා ජනතා උද්ඝෝෂන වලින් පලවා හැරල ඉවරයි.ඒ උණුසුමත් එක්ක ලැබුණු මේ ප්‍රතිචාර වලින් ජනතාවගේ සැබැ අදහස තේරුම් ගන්න වයෙල් ගෝනිම් ජනවාරි 25 වෙනිදා We Are All Khaled Said සාමාජිකයින්ව කයිරෝ නුවර ටරීර් චතුරස්රයට කැදවනවා.මේ බව මාධ්‍ය වලින් ප්‍රචාරය විමත් සමග තවත් රාජ්‍ය විරෝධි බලවේග,ජනතා සංවිධාන රැසක් ටරීර් චතුරස්රයට රොක් වෙනවා.මේ අතරින් ඇතැම් පිරිස් එන්නේ ටියුනීසියා කොඩි රැගෙන ටියුනිසියා ආදර්ශය පෙරට ගෙනයන බව සංකේතවත් කරමිනි.මේ තමයි අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වෙන ලෝකයේ මුල්ම ජනතා නැගිටිම.
ජනාධිපති හොස්නි මුබාරක්ට ඉවත්වන්නැයි බලකරමින් පුරා දින 18ක් ටරීර් චතුරසුයේ කදවුරු ලාගෙන සිටි පිරිස ලක්ෂ 8කට වැඩියි.පදික වේදිකාවේ සිට මහා මන්දිරය දක්වා අනිකුත් සියලු බේද අත්හැරපු ප්රගතිශීලි පිරිස් මේ ක්‍රියාවට එක්වුනා. මෙලෙස ගිණියම් වු පිරමිඩ දේශය සිසිල් කරන්නට මුබාරක් දැරෑ සියලු උත්සහයන් අසාර්ථක වුයේ එක් රොක් වු ජන සමුහය දේශපාලනික පටු අරමුණකින් තොරවීම නිසාමය
මෙම ශුද්ධ අරගලයේ නියම විරුවා වන කලිඩ් සයිඩ් රටක් සහ රජෙක් පමණක් නොව ලොවක් සසල කරන්නට තරම් ශක්තියක් තමන්ට ඇති බව සිහිනෙකින් වත් නොසිතන්නට ඇති.එහෙත් හෙට බිහිවන නව ඊජිප්තුවේ සැබෑ වීරයා ඔහුය.කලිඩ් සයිඩ් අද ලෝකයටම විරයෙකි. කලිඩ් සයිඩ් සහ වයෙල් ගෝනිම් පිලිබදව ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලිවිය යුත්තේ එහෙයිනි.
2/1/11
Condoms , Panties and lankaenews
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පවත්වාගෙන ගිය කාර්යාලයට පසුගිදා අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තැබුවේය.මෙම ගිණිතැබීම කවුරුන් විසින් සිදු කලේද යන්න පිළිබද නිශ්චිත සාක්ෂි නැත
නමුත් රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පුද්ගලික මාධ්‍ය මෙය වාර්තා කර තිබුනේ ගිණි ගැනීමක් ලෙසිනි.මේ වන විට මේ පිලිබද ජනපති නියමයෙන් පරික්ෂණ පැවැත්වේ.
තත්වය මෙසේ තිබියදී දිනමින පුවත්පත පුහුල් හොරා කරෙන් දැනෙන ආකාරයේ අපුරු ප්‍රවෘත්තියක් පළ කොට තිබේ
“ගිණි ගැනීමට ලක්වු ඊ නිවුස් කාමරයෙන් පාවිච්චි කළ මත්පැන් බෝතල්,කාන්තා යට ඇදුම්,නිල් චිත්‍රපට සහ උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි“
(පෙබරවාරි 01 දිනමිණ මුල් පිටුව)
මින් ඇගවෙන කරුණු කිහිපයකි. එනම් එවැනි දෑ තිබී සොයාගත්තේ නම් ගින්නෙන් විනාශ වු පරිඝණක පද්ධතිය,වසර විස්සකට වඩා පැරණි පුවත්පත් ඇතුලත් පුස්තකාලය සහ අනිකුත් උපකරණ වලට වඩා මෙම ද්‍රව්‍ය දිණමිණට විශේෂ විමයි.මේවා මැජික් විමයි.
මේ ආකාරයේ පුවත් හරහා ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනිමේ සම්ප්රදාය අනුගමනය කරන දිනමිණ දුක Market කිරීමට විපක්ෂයට ඇති අවස්ථාව අවුරා දැමීමට උත්සහ දරයි.අනෙක් පසින් “හොද වැඩේ උන්ට“
'උන්ට ගිණි තිබ්බට පවු නෑ“ යන සංකල්පය දැල්වීමට හෙලුවැලි උත්සහයක යෙදෙයි.
හරි ඒ සියල්ල තිබුණේ යැයි කියමු.මෙහි ඇති ගැටලුව කුමක්ද?ඔවුන් විසින් කුලියට ගත් ස්ථානයක ඒ සියලු දෑ කිරීමට ඔවුන්ට නිදහස නොමැතිද? මතට තිත කියා තිතට මත ක්‍රියාත්මක රටක මේ කුමන විහිලුද?අරක්කු බීම,කොන්ඩම භාවිතය,අකැපද?සංසර්ගය අකැපද?
මේවා හුවා දැක්වීම හරහා පෙනෙන්නේ කුමක්ද?රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන දිනමින මෙවැනි තොරතුරු පළකිරීමෙන් බලාපොරොත්තු වන්නේ අරක්කු බොන,බඩු ගහන උන් ගිණි තබා විනාශ කර දැමුවාට කම් නැත යන අදහස සමාජ ගත කිරීමටද?නැතහොත් වෙනයම් පාර්ශවයක හෙළුව වසා ගැනිමටද?
Subscribe to:
Posts (Atom)