12/3/10

Wireless LOVE


 අපි දන්න ඉතිහාසය අරගෙන බැලුවම අපිට මුණගැහෙන මුල්ම පෙම් හසුන ලියන්නේ උත්තිය කුමාරයා කැළණිතිස්ස රජ තුමාගේ අග මෙහෙසියට.ඒ කියන්නේ විහාර මහ දේවියගේ අම්මට.ඒ ලියුම රජ බිසවට යවන්නේ සවාමීන් වහන්සේ නමක් අතේ.ඒ තල්පත අහුවුනාට පස්සේ කැළණි තිස්ස රජතුමා ඒ ස්වාමීන් වහන්සේ උණු තෙල් කටාරමක ගිල්වනවා.ඉතිහාසය කියන විදිහට ඊට පස්සේ මුහුද කම්පා වෙනවා .ඒ නිසා විරාමහා දේවිය මුහුදට බිලි වෙනවා.ඔහොම ඔහොම කථාව යනවා.ඊට පස්සේ දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවට පෙම් හසුන් ලියන්න ඇති.තව පස්සේ කාලෙක ඇලපාත මුදලි ගජමන් නෝනට ලියන්න ඇති.තව කාලෙක දම්මි සුගත් පෙම් හසුන් හුවමාරු කරගන්නවා අපිටත් මතකයි.

මෙහෙම කාලෙන් කාලෙට ආපු පෙම් හසුන්වල තිබුනා වෙනම සාහිත්‍යයක්.ඔය කැසට් කෑලි ජනප්‍රිය වෙන්න කලින් පෙම් හසුන් වල ලිව්වේ කවි.ස්වයං නිර්මාණ.ප්‍රේමණිය සිතුවිලි හිතට එක්කොට පෙම්වතුන් ඒවා ගලපල ලස්සනට ලිව්වා.එක ග්‍රාමීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියගේ මුහුන රා මුට්ටියකටත්  සමාන කරපු අවස්ථා තිබුනා.ඒ අවංක හැගීම් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්.ගොඩක් ඒවා වචන විතරක් වුනාට ඒවයේ තිබුන රසය ඒ කාලේ අය දන්නවා.

“මධු මල ලෙස මුදු මගේ පියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි“

මේ 70 දශකයේ පෙම් හසුන් වල වැඩිපුරම ලියවුන ගීය කිව්වොත් නිවැරදියි.මිල්ටන්ලා,ජෝතිපාල ලා හදවත් පසාරු කරගෙන ඇතුලට කිදා බහින්නේ මේ ප්‍රේමණිය අදහස් තාලෙට ගායනා කරල.මේ ගීත අතරින් ගොඩක් ඒවට  අද වගේ Visuals තිබ්බෙ නෑ(චිත්‍රපට ගිත වලට ඇරෙන්න). Visuals හදාගත්තේ ශ්‍රාවකයා.තමන්ට කැමති දර්ශන තලයක,තමා සහ තමන්ගේ පෙම්වතිය දාලා විෂුවල් එක හදාගත්තේ අපිමයි.මේ නිසා මේ සිංදු ජිවිත ඇතුලේ ඇත්තටම ජීවත් වුනා.

මේ පෙම් හසුන් සාහිත්‍යය 90 දශකයටත් එනවා.ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ අතරේ සමහර ටිකක් අකුරු ලස්සන ලියන්න දන්න එකාට වැඩ වැඩියි.අනිත් උන්ට ලියුම් ලියලා දෙන්න තියෙනවා.(ඒ කාලේ මටත් තිබුනා ඔය කරදරේ)ගොඩක් එහෙම ලියවෙන එක්ම ලියුම නම විතරක් වෙනස් කරලා තව එකෙකුට දෙන වෙලාවල් පවා තිබුනා.මේකෙත් තිබුනා හරි අපූරු සාහිත්‍යයක්.

පස්සේ කාලෙක ජංගම දුරකථන තමයි මේ ප්‍රේම සාහිත්‍යයට තිත තියන්නේ.ජංගම දුරකථන අතිශය සාමාන්‍ය වුනාට පස්සේ මේ “ලව් ලෙටර්“ සංස්කෘතිය කෙළවර වෙනවා.

ඊට පස්සේ එන්නේ sms ප්‍රේම සංස්කෘතිය.මේක ඇතුලේ අර ප්‍රේම සාහිත්‍යය නෑ.singlish වලින් තමයි අදටත් ගොඩක් දෙනෙක් ආදර පණිවිඩ යවන්නේ ලංකාවේ.මේ නිසා ඉතා කෙටි වචන මාලාවක් තුල කියන්න ඕන දේ කියන්න වෙනවා.( English වලින් කියනවට වැඩිය   singlish කියන්න ගියාම අකුරු සහ වචන වැඩිපුර ලියන්න වෙනවා)මේ නිසා ඉතා සීමා සහිතව තමයි මේ sms ප්‍රේම සංස්කෘතියෙදි  ආදරය හුවමාරු වෙන්නේ.

gdk aadarei oyata.oya mage Gwithe” මෙහෙම කියනකොට ඒ ආදරය ඒ හැගීම ඒ විදිහටම දැනෙනවද කියන එක ගැටලුවක්.ඒ කොහොම වුනත් දැන් ගොඩක් දෙනෙක් මේ වැඩේට පුරුදු වෙලා.      lv u 2…….”  ”cn u cl me ma swthrt “ මේ විදිහට ඉංග්‍රිසියත් දැන් වෙනස් වෙලා  txt languageඑකක් විදිහට..

කාලෙන් කාලෙට ලෝකෙ වෙනස් වෙන කොට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන ඒක ඇත්ත.භාෂාව ඇදුම් පැලදුම් වගේම ඇතුලේ ඉන්න මිනිහත් වෙනස් වෙන්න ඕන.ආකල්පමය පැත්තෙන් ගල් යුගයටත් එහා ජිවත් වෙන ගමන්  එලියෙන් Wireless වෙලා වැඩක් නෑ. Brand එක පේන්න underwear එක අදින කාලේ ඩෙනිමට යටින් අමුඩ අදින්න එපා.ඒක භයානක වැඩක්.මේ මොඩලය ඇතුලේ රොමියෝ ජුලියට් ල නෑ.දම්මි සුගත් ලා නෑ. තියෙන්නේ බැදිම් නැති සංස්කෘතියක්.ඕන වෙලාවක අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕන. සදාකාලික කිසිදු බැදීමක් නෑ.ඒ කියන්නේ ඇත්තටම අපි Wireless වෙලා.




3 comments:

  1. mey sms premaya indiyawata kochchara prashnayak welada kiyala balanna mey news eka kiyawala balannako..

    http://www.medindia.net/news/Indian-District-Bans-Cell-Phones-For-Single-Girls-77157-1.htm

    A local council in northern India has banned unmarried women from carrying mobile telephones to halt a series of illicit romances between partners from different castes, media reports said Wednesday.

    The Baliyan council in Uttar Pradesh state decided to act after at least 23 young couples ran away and got married over the last year against their parents' wishes.
    "The panchayat (assembly) was convinced that the couples planned their elopement over their cell phones," village elder Jatin Raghuvanshi told the Calcutta Telegraph.

    The rules of inter-caste marriages are complicated and extremely rigid in many rural communities in India, with some lovers even murdered in "honour killings" by relatives trying to protect their family's reputation.

    "All parents were told to ensure their unmarried daughters do not use cell phones. The boys can do so, but only under their parents' monitoring," said Satish Tyagi, a spokesman for the village assembly.

    Caste discrimination is banned in India but still pervades many aspects of daily life, especially outside the cities.

    Traditional Hindu society breaks down into brahmins (priests and scholars), kshatriya (soldiers), vaishya (merchants) and shudra (labourers). Below the caste system are the Dalits, formerly known as "Untouchables".

    Caste categories often determine Indians' life prospects, and conservative families will only marry within their own caste sub-division.

    ReplyDelete
  2. ලව් එකත් ඩිජිටල් වෙලා.අපි මේ කාල වකවානු දෙක අතර ඉන්න හින්ද ගොඩක් මේ වෙනස දැනුනට ඉදිරි පරම්පරාවට මේකෙ වෙනසක් දැනෙන එකක් නෑ.

    ReplyDelete
  3. SMS වැඩේටවත් ෆෝන් ‍එකෙන් ප්‍රේම කිරිල්ලටවත් මම එච්චර කැමති නැහැ. ඒත් මචං SMS වල ප්‍රේමණීය බවක් නැහැ කියල කියන්නත් බැහැ. පෙම් හසුන් වල තිබුන ගතිය තියෙන්න නැතුව ඇති. ඒත් ටීවි වලට ඉපදුනු අපේ පරම්පරාව අකුරු 140 ඇතුලත වෙනම රසයක් විඳින්න හුරුවෙලා. සමහර විට මෙහෙම දෙයක් කඩදාසි භාවිතය ප්‍රසිද්ධ වෙනකොටත් වෙන්න ඇති.

    අනිත් එක වාණිජකරණයට ලක්වෙලා හැම දෙයක්ම commodity එකක් බවට පත්වෙනකොට මනුෂ්‍ය ස්වාභාවය විසින් 140 ඇතුලේ ආදරයට තේරුමක් දෙන්න උත්සහ කරයි. හැඩගැහෙන්න උත්සහ කරයි. වෑර්ලස් ආදරය ඇතුලෙත් දම්මි සුගත්ල ඉන්නව මචං. උන් ගැන ලියවෙන සාහිත්‍යයක් සමහර විට දැනුත් ඇවිත් ඇති. තව කාලයක් ගියාට පස්සෙ අපිට ඒක අඳුන ගන්න පුලුවන් වෙයි.

    උඹ හිතන තරම්ම මේ ගැන ඍණාත්මකව හිතන්න මම කැමති නැත්තෙ ඒකයි.

    ReplyDelete