10/10/10

Vehicle culture





ලංකාවේ මහපාරට ටිකක් බැහැල බැලුවම පැහැදිලිව පේන දෙයක් මේක.BMW,JAGUAR,PRADO,BENZ, MONTERO වගේ සැප වාහනවල ඉදිරි අසුනේ යන කාන්තාව සුරූපිනියක්.ඊට පස්සේ තියෙන VIOS,LANCER,CIVIC,COROLLA වගේ වාහනවල ඉදිරි අසුනේ යන කාන්තාව ටිකක් ලස්සනයි.ඒත් SWIFT,MARUTI,වල සිට මෝටර් බයිසිකලය දක්වා  වාහනවල ගමන් ගන්න කාන්තාව අතිශය සාමාන්‍යයි.
 

මේකෙන් කියවෙන්නේ මොකක්ද?මේ සංස්කෘතිය මොකක්ද?මේ ගැන ඔබේ මතය කියන්න.අපි සංවාදයක් පටන් ගමු.Comments වල  ඔබේ අදහස ලියන්න.


11 comments:

  1. ඒ වාගෙම ඒ bmw,benz වල ඉස්සරහින් යන පිරිමිය බොහෝ විට වයසක එක්කෙනෙක්.ඕක ලෝකෙ කොයිරටෙත් සාමාන්‍ය දෙයක්.සල්ලිවලට මොනවද කරන්න බැරි.

    ReplyDelete
  2. අයියේ ඔයාට තියෙන්නේ පුෂ් බයික් එකක් නේද?

    ReplyDelete
  3. Obviously, those who can afford BMWs, BENZes etc have enough money to spare for facials, hair-do, make-up and designer garments.

    Get a woman riding on a TVS and spend Rs 10,000 or so on facials, hair-do, make-up and designer garments, you will see what I mean.

    ReplyDelete
  4. අටවක පුත්තු පොතේ තියෙනවා...
    ලස්සන කියන්නෙ පන්ති වරප්‍රසාදයක් කියල :)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔබට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය නම් ඔබ තෝරාගත යුත්තේ මරුටි,ස්විෆ්ට්, හෝ මොටර් බයිසිකලයකි.

    ReplyDelete
  7. mata aapu comments 2k

    # ammfazlan @Rishan_s money is da only reason! can do plastic surgeories, polishen up in beauti palours.

    # shammi muthuvel - Actually you are true to some extent..the persons who travel in high end models tend to be the richest so the women seated there would be also rich..they visit par lours regularly,
    may be the alternate days,the second higher end visits parlour fortnight,but the normal class of maruti and motor bikes seldom take care of their beauty ,,,so they happens to be like that ..but in heart, they who are in the lower end is more beautifying ...am i correct rishan? coz they turn to be more humanitarian

    ReplyDelete
  8. The average working women including gov., servants hv to do a lot of work within limited time. Because of the law income they cant afford domestic helpers . Everything has to be done only with their two hands only. Due to this AWIWEKAYA they are not happy. There are dreams of their own. No way of fulfilling. . Most of them are living busy unhappy lives. They are suffering from stress illnesses too. The role of a woman is designed for her already when she comes to this world. She has to follow it whether she likes it or not. No time to look after herself as she always put her husband and children first. I think men hv to help her to improve her looks .

    ReplyDelete
  9. මට තියෙන්නේ මීට වඩා වෙනස් අදහසක්. විශේෂයෙන්ම ලස්සන කියන එක අර්ථදැක්වීමත් මේකට සම්බන්ධයි. ජනප්‍රිය වහරේ තියෙන ලස්සන (රූපය පිළිබඳ වැඩිපුර උනන්දුවී රැකගන්නා ලස්සන) වැඩිපුර තියෙන්නේ මගේ තර්කයට අනුව නම් ඔය කියන ඉහළ මධ්‍යම පාන්තික අය අතරේ නෙවෙයි. මගේ නිරීක්ෂනයට අනුව මරුටි, කො‍‍රොල්ලා වගේ වාහන භාවිතා කරන්නන් අතර තමයි ලස්සන කාන්තාවන් වැඩි. ඉහළ පෙලේ වාහන භාවිතා කරන අය අතරේ රූපය ලස්සන අය හිටියා වුනත් බොහෝමයක් ඉන්නේ බතල ගෙඩි වගේ සීට් එක පුරා චොප්ප වෙලා ඉන්න අය. අනෙක් අතට ඔවුන් තමන්ගේ රූපය ගැනත් සාපෙක්ෂව සැළකිලිමත් වෙලා තියෙනවා කියලා කියන්න අමාරුයි. මගේ නිරීක්ෂයන්ට අනුව (රිසර්ච් කරලා නැහැ) ඒසී බස්වල යන්න පෙළගැහිලා ඉන්න පිරිසයි, මෝටර් සයිකල් භාවිතා කරන පිරිස අතරත් ලස්සන යැයි සමාජ සම්මත කාන්තාවන් බොහෝමයක් ඉන්නවා.

    සල්ලි හා රූපය අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා කියලා භෞතික තර්කයක් හැටියට ඉදිරිපත් කළා වුණත්, වත්මන් සමාජය, පංති ස්වභාවය, මාධ්‍ය, ගැන හිතලා බැළුවම ඒක සියයට සියයක්ම නිවැරැදියි කියලා මම හිතන්නේ නැහැ.

    මට අවශ්‍යයි ඉහළ දක්වලා තියෙන පදනම් ප්‍රකාශයට අභියෝග කරන්න.(රංඩුවෙන්න නෙවෙයි :D) විශේෂයෙන් වත්මන් මාධ්‍ය, වෙළඳපොල ස්වභාවය, නාගරීකරණය වගේ කරුණු මේ තර්කයට පදනම් වෙලා නැහැ..

    ReplyDelete
  10. Sometimes the women at home are said that they are free and tension less...rather women who go for work tends to be tensed ..but the reverse is true ..at least working class of women are afford to spend for them-self,since they have their own income, despite the household women are held as captives of work and they have to look for money from their earning member of the family ....and more than this she is questioned by them that you seldom go out so why to waste money on cosmetics ?....so looks which are mattered for gets diminished in her arena ...when one women gets into her 30's she has been pushed into a mental state that everything is over for her and she has to be satisfy with what she has ...and she never thinks beyond that ..this is the wave length of a mediocre housewives in the mid income sector.... at-last she is thrown in self pity or depression and she never regains till the end of her life

    ReplyDelete
  11. ජගුවර් හෝ මොන්ටේරෝ සමගම අපිට ලස්සන ගැන යම් වෙනත් ඉගියක් ලැබෙනවා. ඒ කියන්නේ අපේ කැමැත්ත මිළ වැඩි වාහන වෙනුවෙන් ඇති බවේ අවිඥානිකත්වය එහි වාඩිවී යන කෙනාටත් ලබා දෙනවා. මෙයත් එක් හේතුවක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ අපි බලාපො‍රොත්තු වෙනවා ඒ වගේ වාහන වල යන්නේ ලස්සන යැයි කිවහැකි අය කියලා.. ඒ නිසාම මේ ප්‍රශ්නය මත් කරන කෙනොගේ අවඡානිකත්වයත් (අපේ එක සේම) වුනා ද දන්නෙත් නැහ. එසේ නොවන මතු කරල තියෙන සාදාරණා කාරනා වලටත් මමත් එකගයි (මුදල් හා වේලාව) ඒ නිසා සංක කියන කාරනයත් එක්කම බැලුවොත් ලස්සන කියන්නේ මේ ක්‍රමය මත අතුරල තියෙන මිනිසුන් වෙන් කරන්න හදපු තවත් එකක්..

    මීට වඩා වෙනත් පැත්තක් ගැනත් හිතෙනවා. මේ වාහන වල යන ගැහනු අය ඇත්තටම ලංකාවේ දී භාවිතා වන්නේ භාණ්ඩ වශයෙන් කියලයි මම හිතන්නේ. ඔවුන් අලෙවි කරන්නේ රෑපය නිසා ඔවුන් ලස්සනට සිටිය යුතුමයි. තමන්ට (පිරිමියාට) අයිති වාහනේ (දේඵල) ඉදිරියෙන් තබාගෙන යන ආකර්ෂණීය දේපලක් තමයි මේ ගැහණු අය. ඔවුන් තම අලෙවිකරන කාර්යය සිදු කරන්නේ තම ස්වාමියා පන්තිය වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානතම කාර්යය බවට පත් වන්නේ මේ "ලස්සනව සිටීමේ" කාර්යයි.

    ඉන්ටර්සිටි වල යන ගැහනුන්ගේ රැකියාවේ මුඛ්‍ය රාජකාරිය තුල "ලස්සනව සිටිම" නැහ. එය ද්විතීයකයි හෝ තෘතීයකයි. නමුත් පිලිගැනිමේ නිලදාරිනිය හෝ ලේකම්වරිය කියන එකේ 2වන අවස්තාව ලෙස ලස්සනව සිටීම අව්ශ්‍ය වෙනවා.

    නමුත් ලයිෆ්ටයිම් ලස්සනව සිටීම අර වැනි වාහන වල ගමන් කරන්නියන්ගේ ජීවන පැවැත්මට බලපාන රාජකාරියක්ව තිබෙනවා.
    - Show quoted text -

    ReplyDelete