10/8/10

කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව


ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නෙවෙයි මම

නාන තොටුපළේ කල් මරන
දිය රෙදි යටින් අනන්තය සොයන
ගැහැණු අංක සොයා කුණුහරුප දොඩන
නිදන කාමරවලට එබිකම් කර දුවන
ග්‍රීස් යකා නෙවෙයි මම

කෙල්ලන්ගේ හොස්ටල්වලට රිංගන
ඔෆීසියේ කකුල් පාගා 'සොරි' කියන
රාත්‍රියට යට ඇඳුම් දඩයමේ යන
උදෑසන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදකින
ස්ත්‍රීවාදියා නෙවෙයි මම

ගෙදර ඔක්කෝටම හොරෙන්
යතුරු හිලටත් කොකා පෙන්නා
කම්පියුටරයේ තිරය ළඟ
මොහොතකට බුදුවෙන
කුණුහරුප බයිස්-කෝප් ලෝලියා මම

මාර සේනා තිරය හරස් කර ඇත
දුෂ්කර ක්‍රියා කළද පල නැත
කමටහන් උදුරාගන ඇත
අසිත තාපස නුඹ කොහේවත් නැත

උන්ගේම උසාවිය උන් මොකුත් දන්නේ නෑ
උන්ගේම නීතිය උන්ට වගේ වගක් නෑ
උන්ගෙන්ම එකෙකුවත් උන්ව පිළිගන්නෙ නෑ
උන්ට මිස මින් මතුවට අපට ලෝකයක් නෑ

-රාවය 18 (2010.10.03)

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

4 comments:

  1. This is what The Govt and the elder generation should atleast try to understand!

    ReplyDelete
  2. මරැ මලයෝ මරැ

    ReplyDelete