5/7/10


              යාපනේ ආතල් ගැනීම හෙවත් ස්වයං වින්දනය

යාපනය දැන් ගොඩාක් අයගේ සිහින නගරය වෙලා.හමොම හිතන්නේ යාපනයේ යන එක ට්‍රෙන්ඩ් එකක් කියලා.යුද්දෙන් විනාස උන(අපිම විනාස කරපූ)දේවල් බලලා,දකුනේ ඉදලා හුරේ දාපු ගේම් එකේ රිසල්ට් බලලා ආතල් ගන්නයි ගොඩක් අය යන්නේ.
කවුරුත් හිතන්නේ නැ යාපනේ පොලවට මිහිදන් වෙලා තියෙන මිනී ගැන,උතුරේ දෙමල තරුනයින්ගේ ,ලමයින්ගේ හෙට දවස ගැන.
දැන් අවුරුදු 20 ත් 30ත් අතර ඉන්න දෙමල තරුනයාගේ මානසිකත්වය ගැන.
ඉස්සර ප්‍රභාකරන් යුද්ද කරන්න ගන්නේ සිංහල දෙමල සුහදතාවය හොදටම තිබුන කාලෙ.ඒ කාලේ යාපනේ තරුනයා පොත පත කියවන හරි සංවෙදී තරුනයෙක්.(සංවෙදී නයකයො නෙවේ)එහෙම තරුනයා සමාජ අසාදරනයට එරෙහි වීම මෙ තරම් බලපැව නම්,අර ඉපදුන දවසෙ ඉදල යුද්දෙ ගැන විතරක් දන්න,සාහිත්යයක් කියල දෙයක් තබා මලපොතේ අකුරක් නොදන්න දමිල තරුනයා මීලගට ආයුද අතට ගත්තොත් මොන වගෙ තත්වයක් උදා වෙයිද?
ප්‍රශ්නය තියෙන්නෙ එතන,හැබැයි තවමත් ඒ තරුනයින්ගේ ප්‍රශ්නය එතනම්යි.සන්වෙදී නායකයො කවුරුත් තවමත් ඒ තරුනයො දිහා බලලා නැහැ.
ඒක බරපතල තත්වයක්.
දන් යාපනයේ මහවිරු සොහොන් ඩොසර් කරල දාල.දන් තන්ගම්මට තමන්ගෙ පුතා වලලපු තැනක් වත් නැහැ මලක් තියල සිහිකරන්න,ඒක මොනතරම් පාපයක්ද?
කිලිනොච්චියෙ සිවකුමාර් ටකරන් මඩුවක පිච්චි පිච්චි ඉද්දි අපි ඒ සී වාහනවල අව් කන්නාඩි දාල උන්ගෙ කැඩුනු බිදුනු ජීවිත දිහා බලලා ආතල් ගන්න යනවා.ඒක හරිද?
මෙ ආතල් ගැනිල්ලට උන් විරුද්ද වෙන දවස අත ලගයි.හැබයි ඒ විරුද්ද වීම එදාට වැඩිය දරුනු වෙවි.එදාට මෙ ආතල් ඔක්කොම ඉවරයි

2 comments:

  1. මම හිතන්නේ මේක කොළඹ දේශපාලනය පාරාජය වීම නිසා හට ගත්ත තත්වයයක්. සිංහල දේශපාලනය පෙර නොවු විරැ පරිදි පාදඩකරණය වීම ඇරඹිම නිසා හට ගන්නා මනෝ විකාර තත්වයක්.
    කාගේ හෝ සොහොන් කොතක් විරැ ස්මාරකයක් බිම දැමිම සමිපුර්ණයෙන්ම මානව හිකවාදි නොවන වැඩක්. නමුත් ඒ හරහා කවුරැ හරි උත්සහා කරනවා නමි නැවත යුද්දෙන් උපන් තරැණයෝ යුද්ධයකට තල්ලු වෙයි කියා එක ලොකු වැරදීමක්. දකුණේ ඉදන් ආතල් එකේ යුද්දේ නරඹපු (එයට විරැද්දව හරි) අපේ දේශපාලනය පරාජවන විට නැවත එය අහිංසන දෙමළා මත පටවා ගොඩ යෑමේ මාර්ගයක් සෙවිමකි.
    අවුරැද් 30ක යුද්ධයෙන් හෙමිබත්ව සිටින දමිළා ඇගට සඑපිළි නැතිවත්. හැතැක්ම ගණනක් කාශ්ඨකේ ගොස් වතුර පනිටිටු ඇද මුඩු බිම සස්රික බිමක් බවට තව අවුරැදු කිහිපයකින් පෙරළනු ඇත. පපඩමි නඑ නිළියෝයි. බඩුකාරයෝයි, කුඩුකාරයෝයි පාර්ලිමේන්තු යවපු පවට දෙපසක සිට මිනි මරා ගන්නා දකුණ ක්‍රමක්‍රමයෙන් අගාධයට යන විට ලේයින් දයදියෙන් සංවිධානයක් බිහිකලා මෙන්ම, ඒ ලේම වගුරා ඒ දහදියම වගුරා ඔවුන් ඊළමි රාජ්‍යය ස්වංපෝෂිත කරනු ඇත. එවිට මෙවන් අරාජික රාජ්‍යහක් සමග ඇති ගනුදෙනු නැවැත්විම ඉතාම පහසුවනු ඇත. තවත් දරැවන් බිල්ලට දීම ඔවුන් නවතා හමාරය. එහෙත් ස්වාධින රාජ්‍යයක් සදහා වන බලාපොරොත්තුව තවම එලෙසමය. එය ජය ගත හැකි ක්‍රම තව එමට ඇත.

    ReplyDelete
  2. පොත පත කියවපු සංවේදී තරුණයෝ ආයුද අතට ගත්තෙ අහවල් එකටද? බස් වල බෝම්බ තියල අහිංසක අම්මල තාත්තල දරු පැටව් මරන්න තරම් මේ තරුණයන්ගේ සංවේදීකම දෝරෙ ගලල තිබුනා.

    ReplyDelete